ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ශ මහතා සහ අධානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අධානි මහතා අතර හමුවක් පැවත්වීමට නියමිත බව වාර්තා වේ. ඉංදීය ආරංචි මාර්ග සදහන් කරන්නේ කොලඹ වරායේ බටහිර පර්‍යන්තය පිලිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවය. තවද ඉංදීය ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙමෙ සාකච්ඡවේදී බොහෝවිට බටහිර පර්‍යන්තය හා සම්බන්ද බලශක්ති, පුනර්ජනනීය බලශක්ති සහ ඒ සම්බන්ද ව්‍යාපෘති ගැනද සාකච්ඡාවනු ඇති බවයි.
