🛢
සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන මැක්ලරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරිය සහ කංචන විජේසේකර විවාහපත් වීමට නියමිතයි
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ළඟදීම විවාහපත් වීමට නියමිත බව වාර්තා වේ.
තරුණ අමාත්‍යවරයකු වන ඒ මහතා සමග අතිනත ගන්නා වාසනාවන්තිය වන්නේ ෂෙහාරා ද සිල්වා මෙනවියයි. ඇය මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයකු වන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති රොහාන් ද සිල්වා මහතාගේ දියණියයි.
ෂෙහාරා ද සිල්වා මේ වනවිට මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරයි.
මෙරට ඛනිජතෙල් බෙදාහැරීමේ ව්‍යාපාරික කටයුතු සඳහා මෑතකදී ‘සිනොපෙක්’ නම් චීන සමාගම සමග ගිවිසුමක් අත්සන් තැබුණු අතර සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ මැක්ලරන්ස් සමාගමයි.
Congratulations Kanchana Wijesekera - කංචන විජේසේකර
McLarens Group
Copied:- Facebook




