අධික රස්නය උතුරුමැද පාසල් වහයි (kapapiyawu thawa kala)

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අධික රස්නය උතුරුමැද පාසල් වහයි (kapapiyawu thawa kala)

    අධික රස්නය උතුරුමැද පාසල් වහයි
    2016 අපේ‍්‍රල් මස 29 14:47:28 | . , දයාරත්න ඇඹෝගම
    Tweet
    නැවත දන්වන තුරු උතුරුමැද පළාතේ පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් සියලුම පාසල් ලබන සඳුදා සිට පස්වරු 12 ට අවසන් කරන බව උතුරුමැද අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ.එම්.එන්.ඩබ්ලිව්. ඒකනායක මහත්මිය පැවසුවාය.
    අධික උෂ්ණත්වය නිසා දරුවන් කිහිපදෙනෙකුම ක්ලාන්ත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ඇය සඳහන් කළාය.
    අද පස්වරු 2 වන විට අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ක් ද පොළොන්නරුවේ සෙල්සියස් අංශ 35 ක් කොළඹ සෙල්සියස් අංශක 33 ක් ද වේ.
    මීට පෙර අනුරාධපුරයේ සෙල්සියස් අංශක 38 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
    වවුනියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 38 ක් වේ. මෙය දිස්ත්‍රික්කවල වාර්තා වන ඉහළම උෂ්ණත්වය වේ. යාපනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 32 ක් වේ.
    අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ සිසුන් 12 දෙනෙකු ක්ලාන්ත වී අසනීප වු බව වාර්තා වෙයි.


    http://www.lankadeepa.lk/index.php/top_story/410255
     
    • Like
    Reactions: Kn Shaggy

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වෙන්දට අප්‍රෙල් මාසයම දිගටම මෙහෙම රස්නය නැහැනෙ,මැයි වත් රස්නේ ඉවර වෙයිද මන්දා..:no::dull:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    පුදුම රස්නයක් තමයි තියෙන්නේ fan දාලාත් දහදිය දානවා. බැරිම තැන රෑ 1-2 ට නානවා. සමේ රෝග විතරක් නෙමේ කණුත් ඇහෙන්නේ නැතුව ගියා ආව්වේ ඉදලා. වතුර දාලා දාලා කන හොද කරගත්තේ
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    ගොඩාක් රස්නේ දැනෙන්න ප්‍රධාන හේතුව වායුගෝලයේ ආරද්‍රතාවය වැඩිවීම. ඒකයි රෑටත් මෙච්චර රස්නේ දැනෙන්නේ. ෆැන් දැම්මත් වැඩක් නෑ. එකම විකල්පය AC...ඒත් බිල් ගෙවන්න සල්ලි කෝ?:(:(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පුදුම රස්නයක් තමයි තියෙන්නේ fan දාලාත් දහදිය දානවා. බැරිම තැන රෑ 1-2 ට නානවා. සමේ රෝග විතරක් නෙමේ කණුත් ඇහෙන්නේ නැතුව ගියා ආව්වේ ඉදලා. වතුර දාලා දාලා කන හොද කරගත්තේ

    kana ahene natuwa yanawada bun ..
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    මෙහෙත් පට්ට රස්නෙයි බන්. මෙච්චර රස්නෙ කාලයක් ජීවිතේටම තිබ්බද කියල මතක නැ
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මටත් මේ දැනුත් ඉන්න බැරුව මචන් ඉන්නෙ.මෙහෙට දැන් ටිකකට කලින් වැස්සත් එක්ක ඒත් මේ රස්නි අඩුවෙන්නෙ නෑනෙ:frown::growl::dull: