අධිවේගයේ මහ අනතුරක්.. ලොරියක හැපී සංචාරක බසයක් කුඩු..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක බෙලිඅත්ත අතර ප්‍රදේශයේදී කොළඹ දෙස සිට මත්තල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ සිමෙන්ති පැටවූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු රුසියානු ජාතික විදේශකයින් 12 දෙනෙකු තුවාල ලබා බෙලිඅත්ත රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී බස් රථයේ රියදුරු මිය ගොස් ඇත.​

    මරණකර වයස අවුරුදු 29 ක් වූ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ. මෘත ශරීරය බෙලිඅත්ත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.​

    බස් රථයේ ගමන් ගත් විදේශ ජාතිකයින් 07 දෙනෙකු තංගල්ල රෝහලට මාරු කර යවා ඇත. අපරැක්ක දක්ෂිණ අධිවේගී මාර්ග අනු පාලක ස්ථානය මඟින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.​