අධිවේගයේ ප්රමිතියට අභියෝග කරමින් රියදු&
දක්ෂිණ අධිවේගයේ ප්රමිතියට අභියෝග කරමින් රියදුරෙක් වන්දි ඉල්ලයි!
දක්ෂිණ අධිවේගී මාර්ගය නිසි ප්රමිතියකට ඉදි නොකිරීම නිසා සිදුවූ රිය අනතුරක් හේතුවෙන් තම මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බැවින් හානි පූර්ණය සඳහා රුපියල් මිලියන පනහක වන්දියක් ඉල්ලා දෙහිවල ගල්වල පාරේ පදිංචි අනුර දර්ශන පෙරේරා නමැත්තා මානව හිමිකම් කොමිෂන් සභාවට පෙත්සමක් ඉදිරිපත්කොට තිබේ.
අනුර දර්ශන පෙරේරා මහතා පැදවූ මෝටර් රථය පසුගිය දෙසැම්බර් මස 29 වැනි දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම ප්රදේශයේදී වැසි සහිත කාලගුණයක් පවතින අතරතුරදී අනතුරට ලක්වී ඇති අතර, එම අනතුර නිසා අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ හතළිස් හත්දහසක දඩයක් නියම වී ඇත.
එම අනතුරට හේතුව නිසි ප්රමිතියට මාර්ගය සාදා නොතිබිමේ හේතුවෙන් වැසි ජලය හා සමග මාර්ගය මත තෙල් විසිරී තිබිම හේතුවෙන් එම අනතුර සිදුවූ බව අනුර ප්රියදර්ශන මහතා චෝදනා කරයි. ඒ අනුව තමාගෙන් දඩ මුදලක් ඉල්ලීම අසාධාරණ බව පෙන්වා දෙන ඔහු අධිවේගී මාර්ගය නිසි ප්රමිතියකට ඉදි නොකිරීම හා නඩත්තු නොකිරීම යටතේ අධිවේගී මාර්ග පාලන අධිකාරියටත්, අධිවේගී මාර්ග පොලිසියටත් පෙත්සම මගින් චෝදනා ගොනු කොට තිබේ

nethfm