අධිවේගයේ ප්‍රමිතියට අභියෝග කරමින් රියදු&

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අධිවේගයේ ප්‍රමිතියට අභියෝග කරමින් රියදු&

    දක්ෂිණ අධිවේගයේ ප්‍රමිතියට අභියෝග කරමින් රියදුරෙක් වන්දි ඉල්ලයි!


    දක්ෂිණ අධිවේගී මාර්ගය නිසි ප්‍රමිතියකට ඉදි නොකිරීම නිසා සිදුවූ රිය අනතුරක් හේතුවෙන් තම මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බැවින් හානි පූර්ණය සඳහා රුපියල් මිලියන පනහක වන්දියක් ඉල්ලා දෙහිවල ගල්වල පාරේ පදිංචි අනුර දර්ශන පෙරේරා නමැත්තා මානව හිමිකම් කොමිෂන් සභාවට පෙත්සමක් ඉදිරිපත්කොට තිබේ.


    අනුර දර්ශන පෙරේරා මහතා පැදවූ මෝටර් රථය පසුගිය දෙසැම්බර් මස 29 වැනි දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේදී වැසි සහිත කාලගුණයක් පවතින අතරතුරදී අනතුරට ලක්වී ඇති අතර, එම අනතුර නිසා අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ හතළිස් හත්දහසක දඩයක් නියම වී ඇත.



    එම අනතුරට හේතුව නිසි ප්‍රමිතියට මාර්ගය සාදා නොතිබිමේ හේතුවෙන් වැසි ජලය හා සමග මාර්ගය මත තෙල් විසිරී තිබිම හේතුවෙන් එම අනතුර සිදුවූ බව අනුර ප්‍රියදර්ශන මහතා චෝදනා කරයි. ඒ අනුව තමාගෙන් දඩ මුදලක් ඉල්ලීම අසාධාරණ බව පෙන්වා දෙන ඔහු අධිවේගී මාර්ගය නිසි ප්‍රමිතියකට ඉදි නොකිරීම හා නඩත්තු නොකිරීම යටතේ අධිවේගී මාර්ග පාලන අධිකාරියටත්, අධිවේගී මාර්ග ‍පොලිසියටත් පෙත්සම මගින් චෝදනා ගොනු කොට තිබේ



    nethfm
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    nadu daana eka eka deyak, dan oka mu kohomada oppu karanne. eeta passe nikan lawyers la posath karana ekai thamange kaale nasthi wena ekai thaami wenne. wena ratawal wala nam hithanna puluwan sadaranayak wei kiyala. me lankawe nam ithn deiyyange me pihita thamai
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පට්ට..යකෝ ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා වගේ වැඩක් නේ. ලක්ෂ 140ක් වැටකට :dull::dull:
     

    AnuradhaRa

    Well-known member
  • හැබැයි වැස්ස වෙලාවටනං පාර ලෙස්සනව තමා.. අපි දැනගන්ඩ ඕන පරිස්සමින් ඩ්‍රයිව් කරන්ඩ.. ටයර් එහෙම ගෙවිල තිබුණද දන්නෙ නෑ..
    පාරෙ තෙල් තිබුණ කතාව මොකක්ද?
    පාර හදල තියෙන විදියත් වැරදියි කියනවද? ඒකනං පිලිගන්ඩ අමාරුයි..

    හැබැයි ඉතිං අධිවේගී පාරෙ ගිහිං ඔහොම දඩ කන්ඩ වෙනවනං මල මඟුලයි :shocked:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අධිවේගී මාර්ගය හෙන ආදායමක් උපයන නිසා කඩාකප්පල් කරන්න හදනවද මන්දා බං. කලින් ඕකට පැනලා නපුංසකයෝ ටිකක් ගල් ගැහුවා. දැන් බර ගණන් වල දඩ ගහනවා,. එකෙන් මේකෙන් ඔකේ යන්න මිනිස්සු බය වෙනවා. :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අධිවේගී මාර්ගය හෙන ආදායමක් උපයන නිසා කඩාකප්පල් කරන්න හදනවද මන්දා බං. කලින් ඕකට පැනලා නපුංසකයෝ ටිකක් ගල් ගැහුවා. දැන් බර ගණන් වල දඩ ගහනවා,. එකෙන් මේකෙන් ඔකේ යන්න මිනිස්සු බය වෙනවා. :dull:

    :)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අධිවේගී මාර්ගය හෙන ආදායමක් උපයන නිසා කඩාකප්පල් කරන්න හදනවද මන්දා බං. කලින් ඕකට පැනලා නපුංසකයෝ ටිකක් ගල් ගැහුවා. දැන් බර ගණන් වල දඩ ගහනවා,. එකෙන් මේකෙන් ඔකේ යන්න මිනිස්සු බය වෙනවා. :dull:

    ඊට පස්සේ කියයි ඕකත් අසාර්ථක වැඩක් කියලා.