අධිවේගී මාර්ගයේ යන අයට අනතුරු ඇඟවීමක්..!
පහත දැක්වෙන කථාව ගොසිප් සයිට් එකේ තිබුණා...
මම පසුගියදා අධිවේගී මාර්ගයේ නිවසකරා ගමන් කරමින් සිටියදී අනතුරකට මුහුණ පැවෙමි.පාරට සුනඛයෙක් පැන්න අතර මා එම සතාගේ ජීවිතය බේරා ගැනීමට තැත් කල නමුත් අවාසනාවකට මාගේ රථය අධිවේගී මාර්ගයේ අයිනෙන් සිටුවා ඇති යකඩ වැටෙහි ගැටුණි.
මාගේ වාහනය රක්ෂණ කල ඇත්තේ සෙලින්කෝ රක්ෂණ සමාගමේ වන අතර රියඅනතුරට මුහුණ දුන් පසු මා පළමුව අධිවේගී මාර්ගයේ හදිසි ඇමතුම් අංකයට දන්වා, දෙවනුව රක්ෂණ සමාගමේ හදිසි ඇමතුම් අංකයට දැන්වුයෙමි. ඉන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග සහයක මහත්වරුන්ගේ සහය ඇතිව අනතුරට ලක්වූ රථය ආසන්න පොලිස් ස්ථානය වෙත ඇදගෙන ගියේමි.
පසුව ඔවුන් රිය අනතුර නිසා මාර්ගයට සිදුවූ හානිය තක්සේරු කල අතර මාහට දන්වා සිටියේ එය ආසන්න වසයෙන් දෙලක්ෂ පනස්දාහක් පමණ වන බවය. අනතුරින් හානිවුයේ එක් යකඩ බාර් එකක් පමණක් වන නිසා මේ තක්සේරුව පිළිගත නොහැකි බව මාගේ හැගීමයි. එසේම මෙම මුදල ගෙවන තෙක් ඔවුන් මාගේ වාහනය නිදහස් නොකරන බවටද දන්වා සිටියේය.
මා පොලිස් වාර්ථාව,අධිවේගී මාර්ගයට සිදුවූ හානියේ තක්සේරුව ඈතුලු අනෙකුත් අදාළ ලිපි ලේඛන රක්ෂණ සමාගම වෙත යොමු කල අතර සතියකට පසු රක්ෂණ සමාගම "මාර්ගයට සිදුවූ හානියේ" තක්සේරුව පිළිගත නොහැකි තරම් අසාධාරණ නිසා ඒ සදහා සම්පුර්ණ මුදල ගෙවීම ප්‍රතික්ෂේප කළා. එයට හේතුව අධිවේගයේ වැටට වූ අලාභය ලෙස 20%ක මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියේ අධිභාරයක් ලෙස එකතු කර, එයට තවත් 20%ක මුදලක් කොන්ත්‍රාත්කරුගේ ලාභය ලෙසද එකතු කර ගණනය කර තිබීමයි.
සති දෙකකට පමණ පසුව එම අලාභ මුදල සඳහා චෙක්පතක් ලබාගත හැකි වූ අතර රු. 70,000ක මුදලක් මා හට ගෙවීමට සිදුවිය.
මාගේ අදහසද වනුයේ මාර්ග සංවර්ධන අධිකාරියේ අලාභය ඇස්තමේන්තු කර තිබූ ආකරය අසාධාරණ බවයි. නමුත් රක්ෂණ සමාගම විසින් තුන්වන පාර්ශවයක් සඳහාද මිලියනයක් දක්වා වන්දියක් ගෙවීමට බැඳී පවතී
මා විසින් රක්ෂණ සමාගමට දන්වා සිටියේ මාගෙන් සිදුවූයේ සුළු අලාභයක් වන අතර අනෙකුත් අලාභ මුදල මාර්ග සංවර්ධන අධිකාරියේ ගනණය කිරීම් නිසා පැමිණි මුදලක් බවයි
මා විසින් මෙම විස්තරය ඔබ වෙත ඉදිරිපත් කිරීමට තීරණය කලේ මෙවැනි දේකට ඔබටද මුහුණ දීමට සිදුවිය හැකි නිසයි.
මේ කථාවෙන් පෙනෙන්නේ අධිවේගී මාර්ගයේ බල්ලන්ගෙන් තොරව පවත්වාගෙන යාම මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් වුවත් ඔවුන් එය නොසළකා අසාධාරණ ලෙස මුදල් ගරා ගන්නා බවයි.
අධිවේගී මාර්ගයේ වැට ගැල්වනයිස් යකඩ/වානේ වලින් සාදා ඇති අතර නිෂ්පාදන වියදම හා සවි කිරීමේ වියදම ඉතා ඉහළ අගයක් ගනී. පළමු අනතුරින් වූ අලාභය මිලියන 1.2 පමණ වන බවද අසන්නට ලැබිණි.
දැනට සිදුවී ඇති සියළු මේ ආකාරයේ අනතුරු වල අලාභ ඇස්තමේන්තු ලක්ෂ 5 ඉක්මවන ඒවා බව දැනගන්නට ඇත.
මීට අමතරව වාහනය සිර කර තබාගැනීම ඉතාම අසාධාරණ බව පැහැදිළිය.
තම අලාභ ඇස්තමේන්තුව රක්ෂණ සමාගම වෙත යැවීමේ වැඩපිළිවෙලක්ද නැති බව පෙනේ. මෙයින් සිදු වන්නේ "අතින් කයිට්" වීමයි.
අධිවේගී මාර්ගයේ යන සියළු දෙනා රක්ෂණ නීති රීති සහ ඔම්බුඩ්ස්මන් වරයෙකුගේ සහය ලබා ගන්නා ආකාරය, රක්ෂණ නීති උපදෙස් ලබා ගන්නා ආකාරය ගැන දැනුවත් වීම අවශ්‍ය වේ. අවම 3 වන පාර්ශවයේ රක්ෂණාවරණයක්ට වුවත් රු. මිලියන 1 දක්වා වන්දි ගෙවීමට හැකි වුවත් රක්ෂණ සමාගම් සමඟ ගණුදෙනු එතරම පහසු නැත.
තවද මගේ දැනුමෙහි හැටියට, පාරට පැන්න බල්ලෙක්ව බේරන්න උත්සාහකර අනතුරක් සිදුවුවහොත් එම අනතුරෙහි සම්පූර්ණ වගකීම රියදුරා භාරගතයුතුය. මෙය ලංකාවේ නීතිපොතෙහිද ඇතුලත් වන අතර අධිවේගයට පමනක් නොව සාමාන්‍ය මාර්ගයටද අදාල නීතියකි.
පාර පනින බල්ලන්ව බේරන්න ට යාම අපහසු ක්‍රියාවක් වන අතර එසේ කිරීමට උත්සාහ කිරීම ඉතාමත් අනතුරුදායක ක්‍රියාවකි.
තවත් කාරණයක් - බල්ලෙක් පාර පනින විට අනතුරක් දැක්කේ නම් ඌ බොහෝ විට කරන්නේ තමා ආ මඟ ඔස්සේ පසුබැසීමයි. මේ නිසා වාහනයේ ගමන් දිශාව වෙනස් කරන විට මෙය සිහිතබා ගන්න.