අධිවේගී මාර්ගයේ යන අයට අනතුරු ඇඟවීමක්..!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අධිවේගී මාර්ගයේ යන අයට අනතුරු ඇඟවීමක්..!

    පහත දැක්වෙන කථාව ගොසිප් සයිට් එකේ තිබුණා...

    මම පසුගියදා අධිවේගී මාර්ගයේ නිවසකරා ගමන් කරමින් සිටියදී අනතුරකට මුහුණ පැවෙමි.පාරට සුනඛයෙක් පැන්න අතර මා එම සතාගේ ජීවිතය බේරා ගැනීමට තැත් කල නමුත් අවාසනාවකට මාගේ රථය අධිවේගී මාර්ගයේ අයිනෙන් සිටුවා ඇති යකඩ වැටෙහි ගැටුණි.

    මාගේ වාහනය රක්ෂණ කල ඇත්තේ සෙලින්කෝ රක්ෂණ සමාගමේ වන අතර රියඅනතුරට මුහුණ දුන් පසු මා පළමුව අධිවේගී මාර්ගයේ හදිසි ඇමතුම් අංකයට දන්වා, දෙවනුව රක්ෂණ සමාගමේ හදිසි ඇමතුම් අංකයට දැන්වුයෙමි. ඉන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග සහයක මහත්වරුන්ගේ සහය ඇතිව අනතුරට ලක්වූ රථය ආසන්න පොලිස් ස්ථානය වෙත ඇදගෙන ගියේමි.

    පසුව ඔවුන් රිය අනතුර නිසා මාර්ගයට සිදුවූ හානිය තක්සේරු කල අතර මාහට දන්වා සිටියේ එය ආසන්න වසයෙන් දෙලක්ෂ පනස්දාහක් පමණ වන බවය. අනතුරින් හානිවුයේ එක් යකඩ බාර් එකක් පමණක් වන නිසා මේ තක්සේරුව පිළිගත නොහැකි බව මාගේ හැගීමයි. එසේම මෙම මුදල ගෙවන තෙක් ඔවුන් මාගේ වාහනය නිදහස් නොකරන බවටද දන්වා සිටියේය.

    මා පොලිස් වාර්ථාව,අධිවේගී මාර්ගයට සිදුවූ හානියේ තක්සේරුව ඈතුලු අනෙකුත් අදාළ ලිපි ලේඛන රක්ෂණ සමාගම වෙත යොමු කල අතර සතියකට පසු රක්ෂණ සමාගම "මාර්ගයට සිදුවූ හානියේ" තක්සේරුව පිළිගත නොහැකි තරම් අසාධාරණ නිසා ඒ සදහා සම්පුර්ණ මුදල ගෙවීම ප්‍රතික්ෂේප කළා. එයට හේතුව අධිවේගයේ වැටට වූ අලාභය ලෙස 20%ක මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියේ අධිභාරයක් ලෙස එකතු කර, එයට තවත් 20%ක මුදලක් කොන්ත්‍රාත්කරුගේ ලාභය ලෙසද එකතු කර ගණනය කර තිබීමයි.

    සති දෙකකට පමණ පසුව එම අලාභ මුදල සඳහා චෙක්පතක් ලබාගත හැකි වූ අතර රු. 70,000ක මුදලක් මා හට ගෙවීමට සිදුවිය.

    මාගේ අදහසද වනුයේ මාර්ග සංවර්ධන අධිකාරියේ අලාභය ඇස්තමේන්තු කර තිබූ ආකරය අසාධාරණ බවයි. නමුත් රක්ෂණ සමාගම විසින් තුන්වන පාර්ශවයක් සඳහාද මිලියනයක් දක්වා වන්දියක් ගෙවීමට බැඳී පවතී

    මා විසින් රක්ෂණ සමාගමට දන්වා සිටියේ මාගෙන් සිදුවූයේ සුළු අලාභයක් වන අතර අනෙකුත් අලාභ මුදල මාර්ග සංවර්ධන අධිකාරියේ ගනණය කිරීම් නිසා පැමිණි මුදලක් බවයි

    මා විසින් මෙම විස්තරය ඔබ වෙත ඉදිරිපත් කිරීමට තීරණය කලේ මෙවැනි දේකට ඔබටද මුහුණ දීමට සිදුවිය හැකි නිසයි.

    මේ කථාවෙන් පෙනෙන්නේ අධිවේගී මාර්ගයේ බල්ලන්ගෙන් තොරව පවත්වාගෙන යාම මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් වුවත් ඔවුන් එය නොසළකා අසාධාරණ ලෙස මුදල් ගරා ගන්නා බවයි. :no:

    අධිවේගී මාර්ගයේ වැට ගැල්වනයිස් යකඩ/වානේ වලින් සාදා ඇති අතර නිෂ්පාදන වියදම හා සවි කිරීමේ වියදම ඉතා ඉහළ අගයක් ගනී. පළමු අනතුරින් වූ අලාභය මිලියන 1.2 පමණ වන බවද අසන්නට ලැබිණි.

    දැනට සිදුවී ඇති සියළු මේ ආකාරයේ අනතුරු වල අලාභ ඇස්තමේන්තු ලක්ෂ 5 ඉක්මවන ඒවා බව දැනගන්නට ඇත. :baffled:

    මීට අමතරව වාහනය සිර කර තබාගැනීම ඉතාම අසාධාරණ බව පැහැදිළිය.

    තම අලාභ ඇස්තමේන්තුව රක්ෂණ සමාගම වෙත යැවීමේ වැඩපිළිවෙලක්ද නැති බව පෙනේ. මෙයින් සිදු වන්නේ "අතින් කයිට්" වීමයි.

    අධිවේගී මාර්ගයේ යන සියළු දෙනා රක්ෂණ නීති රීති සහ ඔම්බුඩ්ස්මන් වරයෙකුගේ සහය ලබා ගන්නා ආකාරය, රක්ෂණ නීති උපදෙස් ලබා ගන්නා ආකාරය ගැන දැනුවත් වීම අවශ්‍ය වේ. අවම 3 වන පාර්ශවයේ රක්ෂණාවරණයක්ට වුවත් රු. මිලියන 1 දක්වා වන්දි ගෙවීමට හැකි වුවත් රක්ෂණ සමාගම් සමඟ ගණුදෙනු එතරම පහසු නැත.

    තවද මගේ දැනුමෙහි හැටියට, පාරට පැන්න බල්ලෙක්ව බේරන්න උත්සාහකර අනතුරක් සිදුවුවහොත් එම අනතුරෙහි සම්පූර්ණ වගකීම රියදුරා භාරගතයුතුය. මෙය ලංකාවේ නීතිපොතෙහිද ඇතුලත් වන අතර අධිවේගයට පමනක් නොව සාමාන්‍ය මාර්ගයටද අදාල නීතියකි.

    පාර පනින බල්ලන්ව බේරන්න ට යාම අපහසු ක්‍රියාවක් වන අතර එසේ කිරීමට උත්සාහ කිරීම ඉතාමත් අනතුරුදායක ක්‍රියාවකි.

    තවත් කාරණයක් - බල්ලෙක් පාර පනින විට අනතුරක් දැක්කේ නම් ඌ බොහෝ විට කරන්නේ තමා ආ මඟ ඔස්සේ පසුබැසීමයි. මේ නිසා වාහනයේ ගමන් දිශාව වෙනස් කරන විට මෙය සිහිතබා ගන්න.
     
    • Like
    Reactions: damithdilhan

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේකනේ බන්
    ආණ්ඩුවට සල්ලි නැති උනාම ඔහොම තමයි..
    මීට පස්සේ එහෙම සීන් එකක් උනොත් හෙමීට මාරුවෙලා යන්න තමයි වෙන්නේ ..
    බල්ල ආපහු හැරිලා දුවන එක ගැන නම් කියන්න තියෙන්නේ..පාර මැදට වෙලා එදපු එකෙක් නම් ඌ දුවන පැත්ත,
    ඉස්සරහට පනියිද පස්සට පනියිද පැත්තට පනියිද හිතා ගන්න බෑ ... එකනේ අපි ඌට බල්ල කියන්නේ...
     
    Last edited:

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan driver lage formula akak theyanawa...

    harak puken balu homben

    kiala....
    aaka use kaloth balu harak anathuru godak walakwaa ganna puluwan wei....
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වැඩේ කැතයි, ඔහොම ගියොත් මිනිස්සු ඇධිවේගී මාර්ග භාවිතා කරන එක ගොඩක් අඩුවේවි.

    වාහනයක් පදවන විට මෙන්න මේ වැකිය මතකයේ තබා ගන්නා

    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    ඒ කියන්නේ වහනයක් පදවන විට පාර හරහා හරකෙක් පැන්නොත් අනිවා ඒ හරකගේ පස්ස පැත්තෙන් තමයි වාහනය ධාවනය කරන්න ඔනේ, මොකද හරකා ගොඩක් දුරට ආපහු හැරිලා දුවන්නේ නැහැ, ඌ පාර මරු උනොත් අනිවා එහා පැත්තටම මරු වෙනවා, හැබැයි බල්ලා ඒ වගේ නෙමෙයි බල්ලෙක් පාර මාරු වෙනකොට මොකක් හරි වාහනයක් ඉස්සරහට අවොත් අනිවා ඌ හැරිලා දුවනවා, ඒක නිසා අනිවා අපි වාහනය ධාවනය කරන්න ඕනේ බල්ලගේ හොම්බ පැත්තට, එතකොට ගොඩක් දුරට අනතුර වලක්වා ගන්න පුළුවන්.

    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    සැමදා මතකයේ තබා ගන්න...
    මේය උදේ සවස කියවීමෙන් බල්ලන් සහ ගවයන් පාර පැනීම නිසා සිදුවන අනතුරු බොහෝදුරට වලක්වා ගැනීමට හැකිය.

    අමතක වෙනවනම් කොලයක් ප්‍රින්ට් කරලා වාහනේ ඉස්සරහා රියදුරු අසුනට පේන තැනක ගහගන්න, අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි,

    සැයු: පිස්සු බල්ලන් හා පිස්සු හරක් සඳහා මෙය වලංගු නොවේ
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමත් අදි වේගයෙන් යනකොට බල්ලො පූසෝ බේරන්න වාහනේ එහෙට මෙහෙට හරවන එක නීති විරෝදී වැඩක්. ඒ වෙලාවට යට කරගෙන යනවා මිසක් වෙන වැඩ කරන්න යන්න හොඳ නෑ.
     
    Mar 9, 2010
    432
    16
    0
    වැඩේ කැතයි, ඔහොම ගියොත් මිනිස්සු ඇධිවේගී මාර්ග භාවිතා කරන එක ගොඩක් අඩුවේවි.

    වාහනයක් පදවන විට මෙන්න මේ වැකිය මතකයේ තබා ගන්නා

    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    ඒ කියන්නේ වහනයක් පදවන විට පාර හරහා හරකෙක් පැන්නොත් අනිවා ඒ හරකගේ පස්ස පැත්තෙන් තමයි වාහනය ධාවනය කරන්න ඔනේ, මොකද හරකා ගොඩක් දුරට ආපහු හැරිලා දුවන්නේ නැහැ, ඌ පාර මරු උනොත් අනිවා එහා පැත්තටම මරු වෙනවා, හැබැයි බල්ලා ඒ වගේ නෙමෙයි බල්ලෙක් පාර මාරු වෙනකොට මොකක් හරි වාහනයක් ඉස්සරහට අවොත් අනිවා ඌ හැරිලා දුවනවා, ඒක නිසා අනිවා අපි වාහනය ධාවනය කරන්න ඕනේ බල්ලගේ හොම්බ පැත්තට, එතකොට ගොඩක් දුරට අනතුර වලක්වා ගන්න පුළුවන්.

    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    සැමදා මතකයේ තබා ගන්න...
    මේය උදේ සවස කියවීමෙන් බල්ලන් සහ ගවයන් පාර පැනීම නිසා සිදුවන අනතුරු බොහෝදුරට වලක්වා ගැනීමට හැකිය.

    අමතක වෙනවනම් කොලයක් ප්‍රින්ට් කරලා වාහනේ ඉස්සරහා රියදුරු අසුනට පේන තැනක ගහගන්න, අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි,

    සැයු: පිස්සු බල්ලන් හා පිස්සු හරක් සඳහා මෙය වලංගු නොවේ

    අප්පටසිරි සිරා කතාව, සම්පුර්ණ ඇත්තනේ ඔයි. අදම ප්‍රින්ට් කරලා ගහගන්න ඕනේ
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩේ කැතයි, ඔහොම ගියොත් මිනිස්සු ඇධිවේගී මාර්ග භාවිතා කරන එක ගොඩක් අඩුවේවි.

    වාහනයක් පදවන විට මෙන්න මේ වැකිය මතකයේ තබා ගන්නා

    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    ඒ කියන්නේ වහනයක් පදවන විට පාර හරහා හරකෙක් පැන්නොත් අනිවා ඒ හරකගේ පස්ස පැත්තෙන් තමයි වාහනය ධාවනය කරන්න ඔනේ, මොකද හරකා ගොඩක් දුරට ආපහු හැරිලා දුවන්නේ නැහැ, ඌ පාර මරු උනොත් අනිවා එහා පැත්තටම මරු වෙනවා, හැබැයි බල්ලා ඒ වගේ නෙමෙයි බල්ලෙක් පාර මාරු වෙනකොට මොකක් හරි වාහනයක් ඉස්සරහට අවොත් අනිවා ඌ හැරිලා දුවනවා, ඒක නිසා අනිවා අපි වාහනය ධාවනය කරන්න ඕනේ බල්ලගේ හොම්බ පැත්තට, එතකොට ගොඩක් දුරට අනතුර වලක්වා ගන්න පුළුවන්.

    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    සැමදා මතකයේ තබා ගන්න...
    මේය උදේ සවස කියවීමෙන් බල්ලන් සහ ගවයන් පාර පැනීම නිසා සිදුවන අනතුරු බොහෝදුරට වලක්වා ගැනීමට හැකිය.

    අමතක වෙනවනම් කොලයක් ප්‍රින්ට් කරලා වාහනේ ඉස්සරහා රියදුරු අසුනට පේන තැනක ගහගන්න, අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි,

    සැයු: පිස්සු බල්ලන් හා පිස්සු හරක් සඳහා මෙය වලංගු නොවේ

    රියදුරා හරකෙක් නම් මක්කෙයි කොරන්නෙ?????
    :rolleyes::rolleyes::rolleyes:
     
    anudu

    Member
    May 27, 2007
    104
    2
    0
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    oka den digata kiyanna gihin maru wela winasayak kara ganee wage :P:rofl:
     
    Mar 9, 2010
    432
    16
    0
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    අන්න හරි හොදට මතුරපන් එතකොට හරි:lol::lol::lol::lol::lol:
     
    anudu

    Member
    May 27, 2007
    104
    2
    0
    හපොයියා;11875789 said:
    අන්න හරි හොදට මතුරපන් එතකොට හරි:lol::lol::lol::lol::lol:

    ඔව් බන් මම මේ ඇස් වහගෙන උඩ බලාගෙන පාඩම් කරනවා. අදම වෑන් එකේ බුදු සරණයි බෝඩ් එක ළඟින් මේකෙ ස්ටිකර් එකක් අලවනවා
     
    anudu

    Member
    May 27, 2007
    104
    2
    0
    sri_lanka_highway.jpg
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔව් බන් මම මේ ඇස් වහගෙන උඩ බලාගෙන පාඩම් කරනවා. අදම වෑන් එකේ බුදු සරණයි බෝඩ් එක ළඟින් මේකෙ ස්ටිකර් එකක් අලවනවා
    ඒ පාර උඩ බලාගෙන ගිහිල්ල අනිවා හැප්පෙනවා..
    ඕක පාඩම් කරගෙන යනකොට පුසෙක් එහෙම පාර පැන්නොත් මොකද කරන්නේ