අධිවේගී මාර්ගයේ....

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    අධිවේගී මාර්ගයේ....

    දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්වූ අපගේ පාඨකයෙකුට ඉන් පසුව මුහුණ දීමට සිදුවූ දේ දෑ පිලිබදව අපට දැන ගන්නට ලැබී තිබෙනවා.අප එය මෙතැන සටහන් තබන්නේ ඔබටත් මෙවැන්නකට මුහුණ දීමට ඉඩ ඇති නිසයි.ඔහු අපට යොමු කල විස්තරය පහත පරිදිය.

    මම පසුගියදා අධිවේගී මාර්ගයේ නිවසකරා ගමන් කරමින් සිටියදී අනතුරකට මුහුණ පැවෙමි.පාරට සුනඛයෙක් පැන්න අතර මා එම සතාගේ ජීවිතය බේරා ගැනීමට තැත් කල නමුත් අවාසනාවකට මාගේ රථය අධිවේගී මාර්ගයේ අයිනෙන් සිටුවා ඇති යකඩ වැටෙහි ගැටුණි.

    මාගේ වාහනය රක්ෂණ කල ඇත්තේ සෙලින්කෝ රක්ෂණ සමාගමේ වන අතර රියඅනතුරට මුහුණ දුන් පසු මා පළමුව අධිවේගී මාර්ගයේ හදිසි ඇමතුම් අංකයට දන්වා, දෙවනුව රක්ෂණ සමාගමේ හදිසි ඇමතුම් අංකයට දැන්වුයෙමි. ඉන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග සහයක මහත්වරුන්ගේ සහය ඇතිව අනතුරට ලක්වූ රථය ආසන්න පොලිස් ස්ථානය වෙත ඇදගෙන ගියේමි.

    පසුව ඔවුන් රිය අනතුර නිසා මාර්ගයට සිදුවූ හානිය තක්සේරු කල අතර මාහට දන්වා සිටියේ එය ආසන්න වසයෙන් දෙලක්ෂ පනස්දාහක් පමණ වන බවය. අනතුරින් හානිවුයේ එක් යකඩ බාර් එකක් පමණක් වන නිසා මේ තක්සේරුව පිළිගත නොහැකි බව මාගේ හැගීමයි. එසේම මෙම මුදල ගෙවන තෙක් ඔවුන් මාගේ වාහනය නිදහස් නොකරන බවටද දන්වා සිටියේය.

    මා පොලිස් වාර්ථාව,අධිවේගී මාර්ගයට සිදුවූ හානියේ තක්සේරුව ඈතුලු අනෙකුත් අදාළ ලිපි ලේඛන රක්ෂණ සමාගම වෙත යොමු කල අතර සතියකට පසු රක්ෂණ සමාගම "මාර්ගයට සිදුවූ හානියේ" තක්සේරුව පිළිගත නොහැකි තරම් අසාධාරණ නිසා ඒ සදහා සම්පුර්ණ මුදල ගෙවීම ප්‍රතික්ෂේප කළා. එයට හේතුව අධිවේගයේ වැටට වූ අලාභය ලෙස 20%ක මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියේ අධිභාරයක් ලෙස එකතු කර, එයට තවත් 20%ක මුදලක් කොන්ත්‍රාත්කරුගේ ලාභය ලෙසද එකතු කර ගණනය කර තිබීමයි.

    සති දෙකකට පමණ පසුව එම අලාභ මුදල සඳහා චෙක්පතක් ලබාගත හැකි වූ අතර රු. 70,000ක මුදලක් මා හට ගෙවීමට සිදුවිය.

    මාගේ අදහසද වනුයේ මාර්ග සංවර්ධන අධිකාරියේ අලාභය ඇස්තමේන්තු කර තිබූ ආකරය අසාධාරණ බවයි. නමුත් රක්ෂණ සමාගම විසින් තුන්වන පාර්ශවයක් සඳහාද මිලියනයක් දක්වා වන්දියක් ගෙවීමට බැඳී පවතී

    මා විසින් රක්ෂණ සමාගමට දන්වා සිටියේ මාගෙන් සිදුවූයේ සුළු අලාභයක් වන අතර අනෙකුත් අලාභ මුදල මාර්ග සංවර්ධන අධිකාරියේ ගනණය කිරීම් නිසා පැමිණි මුදලක් බවයි

    මා විසින් මෙම විස්තරය ඔබ වෙත ඉදිරිපත් කිරීමට තීරණය කලේ මෙවැනි දේකට ඔබටද මුහුණ දීමට සිදුවිය හැකි නිසයි.


    source from gossip9
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Mun mara hora thakkadiyo tikak ne .Grrrrr
    Dan ethakota Mokada road ekata Ballo penala vehicle ekata wuna alabe gewanne :P ??
    me accident eka wune Road ekata ballo penapu nisa ne,eke wagakima ganna Oni highway eke porawal ma ne......

     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Mun mara hora thakkadiyo tikak ne .Grrrrr
    Dan ethakota Mokada road ekata Ballo penala vehicle ekata wuna alabe gewanne :P ??
    me accident eka wune Road ekata ballo penapu nisa ne,eke wagakima ganna Oni highway eke porawal ma ne......


    Ballek neweyi minihek pannath highway eke happan yanna puluwan. kisi waraddak naha. unwa beranna gihin parata damage karoth eke waradda elawapu ekage.
     
    • Like
    Reactions: pc kush

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ballek neweyi minihek pannath highway eke happan yanna puluwan. kisi waraddak naha. unwa beranna gihin parata damage karoth eke waradda elawapu ekage.

    tho wage ponziyek hitiyanam happan yanna thibba :lol: pala kalakanniya yanna... :growl: