අධි බලැති ඥාණක්කා #Gota

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇටන්ඩන් කෙනෙක්ට ජනාධිපති වඳිනව. මොන ලැජ්ජ නැති වැඩක්ද අයිසේ @nicjosh83
     
    • Haha
    Reactions: dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mahjinda-gnanakka-photo

    පසුගිය දිනවල අගමැති මහින්ද රාජපක්ෂ අනුරාධපුරයේ සංචාරය කරන අතරවාරයේදී ‘ඥාණක්කා‘ නමින් හැඳින්වෙන සමාජ මාධ්‍ය තුළ කලකට ඉහත ආන්දෝලනාත්මකව පුවත් මැවූ කාන්තාව හමුවුණ බවත් ඇය අගමැතිවරයාට ආශිර්වාද කළ බවටත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

    ඥාණක්කා යනු වත්මන් රජය බලයට පත්වීමට පෙර ජනපතිවරයාට හා අගමැතිවරයාට මුලින්ම අනාවැකි පළ කළ කාන්තාව බවටත් ඇයගේ ගුප්තවේදී උපදෙස් මත යම් යම් තීරණ ගැනීම් මෙන්ම යම් යම් ගුරුකම් සිදුකිරීමට රාජපක්ෂ පවුල කටයුතු කළ බවත් ඒ නිසාම ඉහළ ජයග්‍රහණයක් අත්කරගත් බවත් පසුගිය කාලයේ පැතිරුණ කටකතාවල කියැවිණි.


    මේ හේතුවෙන් ඇයට විශාල සැලකිලි ලැබී ඇති බවත් නිවාස වාහන ආරක්ෂාව ඇතුළු වරප්‍රසාද හිමිවී ඇති බවත් කියැවිණි.
    අගමැතිවරයා අනුරාධපුරයේ යන අතරේ ඇය හමුවී යාම අමතක නොකරන්නට ඇතිය යන අනියත සැකයද මේ නිසා ජනිත විය. කෙසේ වෙතත් අන්තර්ජාලයේ සත්‍ය අසත්‍ය තොරතුරු විමසන Factcrescendo Sri Lanka
    කණ්ඩායම මගින් මෙම ඡායාරූපය ගැන විමර්ශනය කර ඇති අතර මේ ඡායාරූපයේ පෙනී සිටින්නේ එකී ඥාණක්කා නොවන බව ඔවුන් පවසා තිබේ.
    ‘අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අගමැති ප්‍රමුඛ පිරිස ‘ඥාණා අක්ක’ට වඳින බවට පළ වූ ඡායාරූපයේ සිටින්නේ, අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වූ කිරි අම්මාවරුන්ගේ දානය අවස්ථාවේදී සිටි ඉන්දු පෙරේරා නමත්තියකගේ ඡායාරුපයක් බවයි. ‘

    ඔවුන් පවසා තිබේ.