අන්තරය තහනම් කරන්න
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවට යාමට බලාපොරොත්තු වන බව සමස්ථ ලංකා සිසු හැරවුම් ව්‍යාපාරය සඳහන් කරයි.
විශ්ව විද්‍යාල සිසුන්ගේ අයිතිවාසිකම් හා සරසවි ආචාර ධර්ම කෙලෙසමින්ද සරසවියට ඇතුළු වන නවක සිසු සිසුවියන් වෙතින් තම කාමුක ආශාවන් සහ අනෙකුත් අවශ්‍යතා සංතෘප්ත කර ගැනීම සඳහා නවක වද භිතිකාව පතුරුවමින්ද මේ වන විට මෙරට ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය අගාධවට ඇදගෙන යාමට කටයුතු කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වහාම තහනම් සංවිධානයක් කිරීමට අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සියලූ කටයුතු සූදානම් කොට ඇතැයිද ඔවුන් පවසයි.
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ නීතිමය රාමුවට සම්පූර්ණයෙන්ම පැටහැනිව පටු දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවන ලද සංවිධානයක් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සරසවි සිසුන් උසි ගන්වමින් ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ න්‍යායපත‍්‍රයට අනුය කටයුතු කරන බවද පවසන එම ව්‍යාපාරය අන්තරය තහනම් කිරීම උදෙසා දියත් කිරීමට සූදානම් වන අධිකරණ ක‍්‍රියාවලිය සඳහා මහා සංඝ රත්නයේ ආශිර්වාදයද, රජයේ සහ මහජනතාවගේ සහයෝගයද බලාපොරොත්තු වන බව කියා සිටී.