අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මචන් පෞද්ගලික විශ්ව විද්යාල සම්බන්දව මෙකයි මචන්.... ලංකාවේ රජය රාජය විශ්ව විද්යාල කප්පාදු කරලා..පෞද්ගලික විශ්ව විද්යාල සදහා ප්‍රතිපාදන වෙන් කලාම මොකද වෙන්නෙ? 6%ක් වෙන් කරන්න බැරි ආණ්ඩු ගැන මොන කතාද...එහෙම නැතුව pvt කැම්පස්වලට විරුද්දව නෙමේ බන්:yes:
    1. මේ විරුද්දත්වය "ආත්මාර්ථකාමී කම" කියලත් අර්ථ දක්වන්න පුලුවන්.
    2. පෞද්ගලීකකරණය කියන සංකල්පය දියුණු වෙන රටකට ගොඩක් හොද දෙයක්. ඒ පිළිබඳ අවබෝධයක් නැති අය ඒකට අකුල් හෙලනවා.
    3. රාජ්‍ය අංශයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමෙන් රාජ්‍ය ආදායම් වැඩි කරගන්න පුළුවන්. ආදායමක් බලාපොරොත්තුවෙන් මුදල් වැය කිරීම "වියදමක්" විදියටම දකින්නෙ නැතිව, "ආයෝජනයක්" විදියට දකින්න තරම් ප්‍රඥාවක් ඊට අකුල් හෙලන අය තුල නොතිබීම අවාසනාවක්.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ජොසී;18567696 said:
    1. දේශපාලනයට ආවඩන තාක් කල් රටට වන සෙතක් නෑ. පටු අරමුණු වෙනුවෙන් දේශපාලනය කරන සමාජ හා දේශපාලන ක්‍රමයක් ලංකාවෙ තියෙන්නෙ. ජනතාව බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන්න ඕනෙ. බහුතරය තම වාසිය තකා වැඩ කරන අය වුනාම, නුසුදුස්සන් වැජඹෙනවා. මම පෞද්ගලිකව ඒ ක්‍රමයට කැමති නෑ. ඔබේ මතයේ එල්බගෙන සිටීම ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. අපි ඒකට හානි කරන්නෙ නෑ.​
    2. කොහොමද කියන්නෙ මම සිගරට් බොනවා කියලා?
    :angry::angry::angry::angry::angry::angry:
    තමුන්ගෙ මිම්මෙං හැමෝවම මනින්න එපා.
    හැමෝම එක වගේ නෑ. සමාජය විශමයි.​

    1.ලංකාවේ දේශපාලනයට යැවිය යුත්තේ සුදුස්සන් පමණි...එසේ නොමැති තාක් කල් නිර්දන පංතිය දුක් විදියි. නුසුදුස්සන් වැජබෙයි

    2.උදාහරණයකට බන් ගත්තේ.බොන්නේ නැත්තම් ගනන් ගන්න එපා කියන දේවල්:D:D:D
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ජොසී;18567718 said:
    1. මේ විරුද්දත්වය "ආත්මාර්ථකාමී කම" කියලත් අර්ථ දක්වන්න පුලුවන්.
    2. පෞද්ගලීකකරණය කියන සංකල්පය දියුණු වෙන රටකට ගොඩක් හොද දෙයක්. ඒ පිළිබඳ අවබෝධයක් නැති අය ඒකට අකුල් හෙලනවා.
    3. රාජ්‍ය අංශයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමෙන් රාජ්‍ය ආදායම් වැඩි කරගන්න පුළුවන්. ආදායමක් බලාපොරොත්තුවෙන් මුදල් වැය කිරීම "වියදමක්" විදියටම දකින්නෙ නැතිව, "ආයෝජනයක්" විදියට දකින්න තරම් ප්‍රඥාවක් ඊට අකුල් හෙලන අය තුල නොතිබීම අවාසනාවක්.
    1.ආත්මාර්ථකාමී කමක් නෙමේ බන්.තියන දේ රැක ගන්න ඔනේ අලුත් දේ නිර්මාණය කරන්න කලින්

    2.පෞද්ගලීකකරණය කිරීමෙන් ,,,,,,,,,අප පෞද්ගලීකකරණය කරන දෙයා, අප හැම දෙනාටම බාවිත කිරිමට හැකිවෙ නම් පෞද්ගලීකකරණය කිරීම සුදුසුයි....එත් මචන් එක එහම වෙන්නෙ නැති එකයි වැඩේ

    3.තියන දෙයක් බිද වට්ටවා අයොජයනය කිරිම මහ මොඩ වැඩක්

    thanujaka

    Well-known member
  • අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදනයක් රාජ්‍ය අංශයට කරන්න බැරිනං එකට අනිවාර්යයෙන් පෞද්ගලික අංශය දායක කරගන්න ඕනේ.
    දුර පාලාත් වලට ගියාම ඉස්පිරිතාල වල දොස්තරලා නෑ..
    ඉතිං රජයට බැරිනං වෛද්‍යවරුන්ගේ අවශ්‍ය පුරප්පාඩු පුරවන්න ඒකට පුද්ගලික අංශයේ දායකත්වය අරගන්න ඕනේ.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ශිෂ්‍ය භික්ෂූන් කොටුව දුම්රිය පොළේ උද්ඝෝ

    PortProtest1_600px_15_14.jpg

    මෙම වසරේ 2015 විශ්වවිද්‍යාලවලට බඳවා ගැනෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය කප්පාදු කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩල සාමාජීකයන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටී.

    භික්ෂු කප්පාදුව නවතා විශ්වවිද්‍යාලයට ප‍්‍රමාණවත් භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාවක් බඳවා ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩල දිගින් දිගටම පරිපාලනයෙන් ඉල්ලීම් කළද එවාට නිසි පිළිතුරු ලබා නොදීම නිසා මෙම විරොධතාවයට අවතිර්ණ වූ බවයි.:no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ශිෂ්‍ය අරගලය පටන් ගන්න ඕන විශ්වවිද්‍යාලය ඇතුලෙන් සහෝදරයා.. ඇතුලෙ දාහක් වැරදි තියාගෙන ආණ්ඩු වලට එරෙහිව පාරට බහින එක තේරුමක් නැහැ.. විශ්වවිද්‍යාලය ගැන අවුරුදු ගානක් අහල දැකල මේ කියන්නෙ .. ඔයාල ආණ්ඩුවෙන් අද්යාපනයට වෙන් කරන මුදල මදියි කියල කියල ආණ්ඩුවට විරුද්දව පාරට බහිනවා.. එත් ඔයාල දන්නේ නැහැ ආණ්ඩුවෙන් ඔයාල වෙනුවෙන් වෙන් කරන මුදලෙනුත් 50% ට වැඩි කොටසක් විශ්වවිද්‍යාලය ඇතුළෙන්ම මංකොල්ල කනවා කියල.. ඔයාල හිතන්නේ ඔයාලට ලැබෙන අද්‍යාපනය වගකිවයුතු ආකාරයෙන් ලැබෙනවා කියලනම් එක විහිළුවක්.. ඔයාලගේ කරපිටින් එළියේ ඉන්න දේශපාලකයෝ එයාලගේ පටු අරමුණු ඉෂ්ටකරගන්න අතරේ ඔයාල පාරවල් ගානේ ගුටි කාල ආණ්ඩුවෙන් වෙන්කරගන්න මුදලක් වෙත්නම් ඒ මුදල් විශ්වවිද්‍යාලය ඇතුලෙන් මංකොල්ල කෑමකට ලක්වෙනවා.. ඔයාල නිස්කාරනේ ගුටිකාලා කදුළු ගෑස් කාල හිර කුඩු වල තැපල ජීවිතේ නාස්තිකරගන්නවා.. මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම එක ගැන සන්තෝසයි.. ඔයාල ඇඳිලා තියන තරම ඔයාල විසින්ම අවබෝදකරගත යුතුයි.. ශිෂ්‍ය ව්‍යාපාර තිබිය යුත්තේ අද්‍යාපනය නගාසිටුවාගන්න මිසක් දේශපාලනේට කඩේ යන්න නෙවෙයි.. එත් වක්‍රාකාරව හෝ සෘජුවම වෙන්නේ ඒකමයි .. ගහමරා ගන්නේ නැතුව සංවාදයක් කරමු.. :love::love::love:
     
    • Like
    Reactions: ජොසී

    ශ්‍රී සම්බුද්ද ශාසනයේ චිරස්ථිතිය උදෙසා සහ නිර්වාණය අරමුණු කරගෙන භික්ෂුවක් වෙන්න තීරණය කරන කෙනෙකුට මොකටද උපාදි??? රැකියාවල්..??? එතනින් එහාට ගියාම මන්ත්‍රී කම්..???රටටත් සම්බුද්ධ ශාසනයටත් හෙන ගහල තියෙන්නේ බහුතරයක් පුද්ගලයින් තමුන්ගේ වගකීම මොකක්ද කියල හරි ආකාරව අඳුනගෙන නැතිකමයි..
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදනයක් රාජ්‍ය අංශයට කරන්න බැරිනං එකට අනිවාර්යයෙන් පෞද්ගලික අංශය දායක කරගන්න ඕනේ.
    දුර පාලාත් වලට ගියාම ඉස්පිරිතාල වල දොස්තරලා නෑ..
    ඉතිං රජයට බැරිනං වෛද්‍යවරුන්ගේ අවශ්‍ය පුරප්පාඩු පුරවන්න ඒකට පුද්ගලික අංශයේ දායකත්වය අරගන්න ඕනේ.

    පුද්ගලික අංශයේ රොහල් තියෙන්නෙ දුර පලාත් වලද මචන්....අනේ බන්....නිකමට හොයල බලපන් මචන් ....ඔය පැති වල මිනිසුන්ට පුද්ගලික රොහල් ඇත්තෙත් නැ...යන්න සල්ලිත් නැ මචන්.....

    SriLankaEastCoast2013.jpg

    ලන්කාවෙ දුශ්කර නෙමේ නගර වලත් ඉන්නවා මචන් පුද්ගලික රොහල් වලට යන්න බැරි මිනිසුන් ඔන තරම්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මම පිටින් ඉඳල දැකපු විදිය කියන්න පුළුවන් ..
    එත් ගොඩක් කියන්න තියෙනවා ..
    තව මාස 2කින් පස්සේ මගේ වඩාත් ඉවර වෙලා කොටන්න ඕනේ .. :lol:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    හරි රාජ්‍ය විශ්ව විද්‍යාල වලට කරන්න ඕනි වැඩ ටික කියල හිටපන්කො අපි වගේ සාමාන්‍ය ජනතාවට දැනගන්නත් එක්ක....

    1.ආත්මාර්ථකාමී කමක් නෙමේ බන්.තියන දේ රැක ගන්න ඔනේ අලුත් දේ නිර්මාණය කරන්න කලින්

    2.පෞද්ගලීකකරණය කිරීමෙන් ,,,,,,,,,අප පෞද්ගලීකකරණය කරන දෙයා, අප හැම දෙනාටම බාවිත කිරිමට හැකිවෙ නම් පෞද්ගලීකකරණය කිරීම සුදුසුයි....එත් මචන් එක එහම වෙන්නෙ නැති එකයි වැඩේ

    3.තියන දෙයක් බිද වට්ටවා අයොජයනය කිරිම මහ මොඩ වැඩක්

    1. තියන දේ නැති වෙන්න නෙවේ නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්නෙ. රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන්න බැරි හෝ තමන් කැමති උපාධි පාඨමාලාව හදාරන්න ළකුණු මදි වෙන ඔබේම සහෝදර ශිෂ්‍යයන්ට මුදල් ගෙවා අදාල පාඨමාලා හදාරන්න. එතන තියෙන්නෙ විශ්ව විද්‍යාල වල ධාරිතාව හා පරාසය වැඩි කිරීමක් මිසක්, කප්පාදුවක් නෙවෙයි.
    2. හැමෝටම භාවිත කරන්න පුළුවන්. භාවිත කරනවට මුදල් ගෙවන්න ඕනෙ. මොකද රජය විසින් පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවන්නෙ ආයෝජනයක් විදියට සහ රාජ්‍ය අංශයේ මුදල් රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල වලට වියදම් කල යුතුව තියන නිසා. දැන් කියන්න එපා හැමෝටම සල්ලි නෑ කියලා. ඒක අසාධාරණයි කියලා. මෙතනදී බලාපොරොත්තු වෙන්නෙ මූලික වශයෙන් රජයට මුදල්. විදේශ ශිෂ්‍යයන්ට පවා මුදලට අධ්‍යාපණය දෙන තත්වයක් ඇති කරන්න පුළුවන් මේ හරහා.
    2.1. අයවැයෙන් 6%ක් වෙන් කරන්න කියලා කෑ ගහන කා ලඟ වත් 100% කියන එකේ ප්‍රමාණය වැඩි කරගන්න එකට යෝජනා නෑ, පදනම් විරහිතව 6%ක් ඉල්ලනවා 6% කියන්නෙ කොච්චරක්ද කියලා වත් නොදැන. පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්නෙ 100% කියන එකේ වටිනාකම වැඩි කරන්න. එහෙමයි රටක් දියුණු වෙන්නෙ. නැත්තං හැමදාම එක තැන.
    3. තියන දේ වැටෙන්නෙ නෑ ඒවායේ ක්‍රියාවලිය නිසි ලෙස පවතිනවා නම්. කිසිම තැනක යෝජනා වෙලා වත් නැහැ තියන දෙයක් නැති කරනවා කියලා. බොරු රැල්ලක් මේ ඇති වෙලා තියෙන්නෙ.
     
    thanujaka

    Well-known member
  • පුද්ගලික අංශයේ රොහල් තියෙන්නෙ දුර පලාත් වලද මචන්....අනේ බන්....නිකමට හොයල බලපන් මචන් ....ඔය පැති වල මිනිසුන්ට පුද්ගලික රොහල් ඇත්තෙත් නැ...යන්න සල්ලිත් නැ මචන්.....

    SriLankaEastCoast2013.jpg

    ලන්කාවෙ දුශ්කර නෙමේ නගර වලත් ඉන්නවා මචන් පුද්ගලික රොහල් වලට යන්න බැරි මිනිසුන් ඔන තරම්

    හා හා හා..
    පටලවගන්න එපා...
    දුර පළාත් වල පෞද්ගලික රෝහල් නැති බව ඕන බබෙක් දන්නවනේ..
    මම කිව්වේ පුද්ගලික රෝහල් ගැන නෙමෙයි..
    පෞද්ගලික අංශයෙන් උපාධි අරං එන වෛද්‍යවරුන්ට රජයේ සේවයට අනියුක්ත කරගැනීම ගැන..
    මුලින්ම රජයේ කැම්පස් වල ශිෂ්‍යයන්ට අවස්ථාව දීල, ඊට පස්සේ තවත් පුරප්පාඩු තියෙනවනං එක සම්පූර්ණ කරන්න පෞද්ගලික අංශයෙන් වෛද්‍යවරුන් අනියුක්ත කරගන්න තියෙන්නේ..
    පත්වීම් දෙනකොට ප්‍රමුඛස්ථානය රජයේ කැම්පස් වලට් දීල පුරප්පාඩු වලට පෞද්ගලික අංශයෙන් ගන්න ඕනේ කියන එකයි මම කියන්නේ..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මෙම වසරේ 2015 විශ්වවිද්‍යාලවලට බඳවා ගැනෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය කප්පාදු කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩල සාමාජීකයන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටී.

    භික්ෂු කප්පාදුව නවතා විශ්වවිද්‍යාලයට ප‍්‍රමාණවත් භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාවක් බඳවා ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩල දිගින් දිගටම පරිපාලනයෙන් ඉල්ලීම් කළද එවාට නිසි පිළිතුරු ලබා නොදීම නිසා මෙම විරොධතාවයට අවතිර්ණ වූ බවයි.:no:
    භික්ෂූන් වහන්සේ කීවම ශ්‍රී ලාංකීය ජන සමාජය තුල තියෙන්නෙ අති මහත් ගෞරවයක්. ඒ අයගෙන් සාමාන්‍ය බෞද්ධ ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ශික්ෂණයක්. නමුත් අද සමාජයේ එන්න එන්නම භික්ෂූන් වහන්සේට හිමි ගෞරවය නැති කිරීමට ඇතැම් චීවර ධාරීන් කටයුතු කරනවා. ඔවුන්ගෙන් පිළිබිඹු වෙන්නෙ සාමාන්‍ය ජනතාවගේ හික්මීමටත් වඩා අඩු හික්මීමක්. ආවේගකාරී, විප්ලවවාදී මුහුණුවරක් භික්ෂූන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැම දෙයක්ම ඉවසීමෙන් කරන්නත් පුළුවන්. ඇයි ඔය අයට බැරි වුනේ අරගල නොකර, වෙනයම් මාර්ගයකින් ඕකට පිළිතුරු සොයන්න?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශිෂ්‍ය අරගලය පටන් ගන්න ඕන විශ්වවිද්‍යාලය ඇතුලෙන් සහෝදරයා.. ඇතුලෙ දාහක් වැරදි තියාගෙන ආණ්ඩු වලට එරෙහිව පාරට බහින එක තේරුමක් නැහැ.. විශ්වවිද්‍යාලය ගැන අවුරුදු ගානක් අහල දැකල මේ කියන්නෙ .. ඔයාල ආණ්ඩුවෙන් අද්යාපනයට වෙන් කරන මුදල මදියි කියල කියල ආණ්ඩුවට විරුද්දව පාරට බහිනවා.. එත් ඔයාල දන්නේ නැහැ ආණ්ඩුවෙන් ඔයාල වෙනුවෙන් වෙන් කරන මුදලෙනුත් 50% ට වැඩි කොටසක් විශ්වවිද්‍යාලය ඇතුළෙන්ම මංකොල්ල කනවා කියල.. ඔයාල හිතන්නේ ඔයාලට ලැබෙන අද්‍යාපනය වගකිවයුතු ආකාරයෙන් ලැබෙනවා කියලනම් එක විහිළුවක්.. ඔයාලගේ කරපිටින් එළියේ ඉන්න දේශපාලකයෝ එයාලගේ පටු අරමුණු ඉෂ්ටකරගන්න අතරේ ඔයාල පාරවල් ගානේ ගුටි කාල ආණ්ඩුවෙන් වෙන්කරගන්න මුදලක් වෙත්නම් ඒ මුදල් විශ්වවිද්‍යාලය ඇතුලෙන් මංකොල්ල කෑමකට ලක්වෙනවා.. ඔයාල නිස්කාරනේ ගුටිකාලා කදුළු ගෑස් කාල හිර කුඩු වල තැපල ජීවිතේ නාස්තිකරගන්නවා.. මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම එක ගැන සන්තෝසයි.. ඔයාල ඇඳිලා තියන තරම ඔයාල විසින්ම අවබෝදකරගත යුතුයි.. ශිෂ්‍ය ව්‍යාපාර තිබිය යුත්තේ අද්‍යාපනය නගාසිටුවාගන්න මිසක් දේශපාලනේට කඩේ යන්න නෙවෙයි.. එත් වක්‍රාකාරව හෝ සෘජුවම වෙන්නේ ඒකමයි .. ගහමරා ගන්නේ නැතුව සංවාදයක් කරමු.. :love::love::love:

    :yes::yes::yes::yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සංවාදය අවසන් කරලා ගියා වගේ. අවුලක් නෑ. මේ දේවල් කතා කරන්න ආයෙ එන්න.
    Rep+++
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජොසී;18567903 said:
    1. තියන දේ නැති වෙන්න නෙවේ නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්නෙ. රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන්න බැරි හෝ තමන් කැමති උපාධි පාඨමාලාව හදාරන්න ළකුණු මදි වෙන ඔබේම සහෝදර ශිෂ්‍යයන්ට මුදල් ගෙවා අදාල පාඨමාලා හදාරන්න. එතන තියෙන්නෙ විශ්ව විද්‍යාල වල ධාරිතාව හා පරාසය වැඩි කිරීමක් මිසක්, කප්පාදුවක් නෙවෙයි.
    2. හැමෝටම භාවිත කරන්න පුළුවන්. භාවිත කරනවට මුදල් ගෙවන්න ඕනෙ. මොකද රජය විසින් පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවන්නෙ ආයෝජනයක් විදියට සහ රාජ්‍ය අංශයේ මුදල් රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල වලට වියදම් කල යුතුව තියන නිසා. දැන් කියන්න එපා හැමෝටම සල්ලි නෑ කියලා. ඒක අසාධාරණයි කියලා. මෙතනදී බලාපොරොත්තු වෙන්නෙ මූලික වශයෙන් රජයට මුදල්. විදේශ ශිෂ්‍යයන්ට පවා මුදලට අධ්‍යාපණය දෙන තත්වයක් ඇති කරන්න පුළුවන් මේ හරහා.
    2.1. අයවැයෙන් 6%ක් වෙන් කරන්න කියලා කෑ ගහන කා ලඟ වත් 100% කියන එකේ ප්‍රමාණය වැඩි කරගන්න එකට යෝජනා නෑ, පදනම් විරහිතව 6%ක් ඉල්ලනවා 6% කියන්නෙ කොච්චරක්ද කියලා වත් නොදැන. පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්නෙ 100% කියන එකේ වටිනාකම වැඩි කරන්න. එහෙමයි රටක් දියුණු වෙන්නෙ. නැත්තං හැමදාම එක තැන.
    3. තියන දේ වැටෙන්නෙ නෑ ඒවායේ ක්‍රියාවලිය නිසි ලෙස පවතිනවා නම්. කිසිම තැනක යෝජනා වෙලා වත් නැහැ තියන දෙයක් නැති කරනවා කියලා. බොරු රැල්ලක් මේ ඇති වෙලා තියෙන්නෙ.

    අන්තරේ හැමදාමත් ශිෂ්‍යයින් පෙලගස්සුවේ දේශපාලන අරමුනුවෙනුවෙන්.. අන්තරේ හැමදාමත් ශිෂ්‍යයින්ගේ ඔලු හැදුවේ රජය උඹලාට රස්සාවල් දෙන්න ඕන කියල හිතන්න.. අන්තරේ නිතරම ශිෂ්‍යයින්ගේ ඔලු හැදුවේ පුද්ගලික විශ්වවිද්‍යාල උඹලගේ හතුරෙක් කියල හිතන්න.. මේ හැමදේටම විශ්වවිද්‍යාල ආචාර්යවරු නිහඬ වෙලා මේ සියල්ල අනුමත කරනා ලීලාවෙන් පසු උනේ එයාලට ලැබෙන සියලු වරප්‍රසාද සහ සිරිසේ තමුන්ගේ වැඩක් කරගෙන නිදහසේ විශ්විද්යාලයෙන් ලැබෙන වැටුප ආරක්ෂා කරගන්නනම් මේ මෝඩ සිසුන් තවදුරටත් සිටිය යුතු නිසා..රජයේ විශ්වවියාල ඇතුලේ තියන උප සංස්කෘතිය ඇතුලේ තියෙන්නේ තනිකරම ඇන්දිල්ලක්..
     
    • Like
    Reactions: Rockstar777

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    අන්තරේ කියන්නේ මහ පොන්න රැලක්. උන්ට මාර අමාරුයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් උපාදිධාරීන් බිහි කරන එක ගැන. මම නම් කියන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ඉගෙනගන්න උන් මුන් වගේම සුදුසුකම් සහිත පිරිසක් කියල , මුන්ව දෙමව්පියෝ දුක්මහන්සි වෙලා ඉගෙනගන්න යනවා , මුන් අන්තර් බන්තර් හදාගෙන ජේ වී පි එකේ ලනුකාල ඉගෙන ගන්නේ නැතුව පිකටින් කරනවා

    ඹවු මචන් උඹලා ලෙඩ උනාම බෙහෙත් ගන්න යන්නේ ඒ පොන්නයින්ගන් ගෙවල් හදාගන්න ප්ලැන් ගහන්නේ පොන්නයින්ගන්...දත් පෙන්නන යන්නේ පොන්නයින්ට නඩුවක් කතා කරන්න යන්නේ පොන්නයින්ට පොඩ්ඩක් හිතලා බලපන් කට අරින්න කලින්