උන් ඉන්ටර් එද්දී එකට හිටපු යාළුවො සීනියර් පොසිශන් වල 
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පැය 6 කට පෙර
රටක අනාගතය තීරණය කරන ප්‍රධානතම සාධක වලින් එකක් වන්නේ නිසි අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බව නොරහසකි.
තම දරුවාට නිසි අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් මව්පියන් ඉතා කැපවීමෙන් කටයුතු කරනු ලබන අතර ඒ වෙනුවෙන් ඔවුන් දරනු ලබන කාලය, මුදල සහ ශ්‍රමය අතිවිශාලය.
කෙසේ වුවත් රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින ප්‍රමාදය සහ ගැටළු සහගතභාවය හේතුවෙන් දරුවන් මෙන්ම දෙමව්පියන්ද දැඩි අසීරූතාවයකට ලක්ව ඇති බව වර්තමානයේ ඇසෙන්නට ලැබෙන කරුණක් වී තිබේ.
2020 වර්ෂයේදී ගෝලීයව බලපාන ලද කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටකම අධ්‍යාපන කේෂ්ත්‍රයට දැඩි බලපෑම් එල්ල විය.
ළමුන්ගේ අධ්‍යාපන රටාව පවා වෙනස් වීමට එය එක් හේතුවක් වූ අතර බොහෝ විට මාර්ගගත අධ්‍යාපන රටාවට හුරුවීමට දරුවන්ට සිදුවිය.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ද තදින් බලපානු ලැබූ අතර ඊට සමගාමිව රට මුහුණ දුන් ආර්ථික කඩා වැටීම හමුවේ නිසි පරිදි පාසැල් සහ විශ්වවිද්‍යාල කටයුතු පවත්වා ගෙන යෑමට ද නොහැකි විය.
මේ හේතුවෙන් පාසැල් අධ්‍යාපනය තුළ ළමුන්ට මුලික වශයෙන් අනිවාර්ය වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කල් දැමුණු අතර එම තත්ත්වය දරුවන්ට මෙන්ම දෙමව්පියන්ට මානසික වශයෙන් බලපෑමක් එල්ල කරන්නට විය.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට විශ්වවිද්‍යාල වරම් හිමිකර ගන්නා සිසුවෙකු හෝ සිසුවියක් සිය මූලික උපාධිය අවසන් කරන්නේ වයස අවුරුදු 25 සිට 27 අතර දක්වා වන කාල පරාසය තුළ දී බව හඳුනා ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාවට සමගාමීව ලෝකයේ ප්‍රධාන රටවල් කිහිපයක අධ්‍යාපන ක්‍රමවේදය සැකසී ඇති ආකාරය පිළිබඳව බීබීසි සිංහල සේවය විසින් කරුණු සොයා බැලීමක් සිදුකරන ලදී.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඡායාරූප ශීර්ෂ වැකිය,
ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාලවරම් හිමිකර ගන්නා සිසුවෙකු හෝ සිසුවියක් සිය මූලික උපාධිය අවසන් කරන්නේ වයස අවුරුදු 25 සිට 27 අතර දක්වා වන කාල පරාසය තුළ දී බව හඳුනා ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ අසල්වැසි රට වන ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහණය සහිත රට වේ.
ඉන්දියාවේ ළමුන්ට වයස අවුරුදු 2කේ සිට 6 දක්වා පෙර පාසැල් අධ්‍යාපන රටාවට ඇතුළත් කිරීමට හැකියාව ලැබේ.
පෙර පාසැල් අධ්‍යාපනයෙන් පසු දරුවෙකුට වයස අවුරුදු 6 වන විට පහළ ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාවේ.
දරුවාට වයස වයස අවුරුදු 11 වන විට ඉහළ ප්‍රාථමික අධ්‍යාපන රටාවට ඇතුළත් වීමට අවස්ථාව ලැබේ.
ඉහළ සහ ඉහළ ද්විතීක අධ්‍යාපනය දරුවාට වයස අවුරුදු 13 වන විට ආරම්භ වන අතර අවුරුදු 18 වන විට විශ්ව විද්‍යාල ප්‍රවේශයට අදාළ තරග විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව මුලික අධ්‍යාපන ක්‍රමය අවසන් වේ.
ඉන් පසුව එම තරග විභාගයෙන් සමත්වන දරුවන්ට ඔවුන් ලබා ගන්නා සමාර්ථ අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් විය හැක.
ඒ ඒ විෂයන් සඳහා වසර 3 සිට 4ක් දක්වා කාල සීමාවන් තුළදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කිරීමට හැකිවේ.
එසේවුවද වෛද්‍ය පිඨය සඳහා ඇතුළත්වන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වීමට වසර 5ක් ගතවේ.
ඒ අනුව සාමාන්‍යයෙන් ඉන්දියාවේ දරුවෙකු වයස අවුරුදු 21-23 අතර වන වයස් සීමාව වන විට ඔහුගේ හෝ ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට හැකියාව ලැබේ.
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය ජාතික ක්‍රමවේදයක් අනුව සකසා තිබේ.
එහිදී දරුවෙකුට වයස අවුරුදු 4 සිට 6 දක්වා පෙර පාසැල් අධ්‍යාපනය ලබා දෙනු ලැබේ. ඉන් පසුව වයස අවුරුදු 6 සිට 11 දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙනු ලබන අතර වයස අවුරුදු 12 සිට 18 දක්වා ද්විතීක අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කොට ඇත.
අවුරුදු 18 සම්පුර්ණ වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ දරුවන් හට උසස් අධ්‍යාපනයට යොමු වීමට අවස්ථාව උදාවේ.
එහිදී ඔවුන්ට අවුරුදු 4ක කාල සීමාවක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට සිදුවන අතර දරුවෙකුගේ වයස අවුරුදු 22-23 විට විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව ඇත.
ජපන් අධ්‍යාපන ක්‍රමය පෙර පාසල් අධ්‍යාපනයෙන් ආරම්භ වන අතර ඉන් පසුව වසර 6ක කාලයක් ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරේ.
ඉන් පසුව වසර 6ක කාලයක් ද්විතීයික අධ්‍යාපනය (පහළ ද්විතීයික වසර 3ක් සහ ඉහළ ද්විතීයික අධ්‍යාපනය වසර 3ක්) මගින් පුළුල් පරාසයක උසස් අධ්‍යාපනයකට මග පාදනු ලබයි.
ජපානයේ දරුවෙකු වයස අවුරුදු 18 වන විට සිය පාසැල් අධ්‍යාපනය නිමා කරනු ලබන අතර ඉන් පසුව වසර 03 සිට 05 දක්වා කාලයක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනු ලබයි.
ජපානයේ පවතින අධ්‍යාපන ක්‍රමය අනුව වයස අවුරුදු 21 සිට 23 දක්වා කාල පරාසය තුළදී ඔවුන්ට සිය උසස් අධ්‍යාපන කටයුතු නිම කිරීමට අවස්ථාව පවතී.

ලොව සාර්ථකම අධ්‍යාපන ක්‍රමවේදය සහිත රටවල් අතරින් එකක් ලෙස හඳුන්වනු ලබන ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් 05 කි.
ඒ අනුව,
01. මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය (අනිවාර්ය අධ්‍යාපනය ආරම්භ කිරීමට පෙර සිසුන්ට සපයනු ලැබේ)
02. පෙර ප්‍රාථමික අධ්‍යාපනය (අවුරුදු 6-වයස ළමුන් සඳහා වසර 1ක කාලයක්)
03. මූලික අධ්‍යාපනය (වයස අවුරුදු 7-16 අතර ළමුන් සඳහා අනිවාර්ය අවුරුදු 9 අධ්‍යාපනය)
04. උසස් ද්විතීයික අධ්‍යාපනය (වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව / සාමාන්‍ය උසස් ද්විතීයික අධ්‍යාපනය - වසර 03 ක කාලයක්)
05. උසස් අධ්‍යාපනය (විශ්වවිද්‍යාල / ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන අධ්‍යාපනය - වසර 02 සිට 05 දක්වා)
ෆින්ලන්තයේ වෛද්‍ය පිඨය හැරුණු කොට සෙසු විශ්ව විද්‍යාල පාඨමාලා හදාරනු ලබන සිසු සිසුවියන්ට තමන්ට වයස 21 වන විට සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව උදාවේ.
වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වන්නේ වයස අවුරුදු 24 වන විටයි.
ලොව හොඳම අධ්‍යාපන ක්‍රමවේදය සහිත රට ලෙස හඳුන්වනු ලබන්නේ ඩෙන්මාරක් රාජ්‍යයයි.
ඩෙන්මාර්කයේ අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් 05 කට බෙදා ඇත. පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික හා පහළ ද්විතියික අධ්‍යාපනය, ඉහළ ද්විතියික අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව සහ උසස් අධ්‍යාපනය යනුවෙන් බෙදා තිබේ.
ඩෙන්මාර්ක් හි දරුවන් සිය ඉහළ ද්විතියික අධ්‍යාපනය ඔවුන්ගේ වයස අවුරුදු 17-19ත් අතර වයස් සීමාව වන විට අවසන් කරනු ලැබේ.
ඉන් පසුව ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව සහ උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමට අවස්ථාව උදාවේ.
තමන් තෝරා ගනු ලබන එම අධ්‍යාපන ක්‍රමය තුළ ඔවුන්ගේ වයස අවුරුදු 22 සිට 24 දක්වා කාලය තුළදී අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට හැකියාව ලැබේ.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඩෙන්මාර්කයේ අධ්‍යාපන ක්‍රමය පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික හා පහළ ද්විතියික අධ්‍යාපනය, ඉහළ ද්විතියික අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව සහ උසස් අධ්‍යාපනය යනුවෙන් බෙදා තිබේ.
ශ්‍රී ලංකාවේ දී අධ්‍යාපනය අවසන් කිරීමට අනෙක් රටවලට වඩා වැඩි කාලයක් ගතවෙනවා ද?
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පැය 6 කට පෙර
රටක අනාගතය තීරණය කරන ප්‍රධානතම සාධක වලින් එකක් වන්නේ නිසි අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බව නොරහසකි.
තම දරුවාට නිසි අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් මව්පියන් ඉතා කැපවීමෙන් කටයුතු කරනු ලබන අතර ඒ වෙනුවෙන් ඔවුන් දරනු ලබන කාලය, මුදල සහ ශ්‍රමය අතිවිශාලය.
කෙසේ වුවත් රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින ප්‍රමාදය සහ ගැටළු සහගතභාවය හේතුවෙන් දරුවන් මෙන්ම දෙමව්පියන්ද දැඩි අසීරූතාවයකට ලක්ව ඇති බව වර්තමානයේ ඇසෙන්නට ලැබෙන කරුණක් වී තිබේ.
විභාග කල් යෑම සහ වයස් ගතවීම
2020 වර්ෂයේදී ගෝලීයව බලපාන ලද කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටකම අධ්‍යාපන කේෂ්ත්‍රයට දැඩි බලපෑම් එල්ල විය.
ළමුන්ගේ අධ්‍යාපන රටාව පවා වෙනස් වීමට එය එක් හේතුවක් වූ අතර බොහෝ විට මාර්ගගත අධ්‍යාපන රටාවට හුරුවීමට දරුවන්ට සිදුවිය.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ද තදින් බලපානු ලැබූ අතර ඊට සමගාමිව රට මුහුණ දුන් ආර්ථික කඩා වැටීම හමුවේ නිසි පරිදි පාසැල් සහ විශ්වවිද්‍යාල කටයුතු පවත්වා ගෙන යෑමට ද නොහැකි විය.
මේ හේතුවෙන් පාසැල් අධ්‍යාපනය තුළ ළමුන්ට මුලික වශයෙන් අනිවාර්ය වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කල් දැමුණු අතර එම තත්ත්වය දරුවන්ට මෙන්ම දෙමව්පියන්ට මානසික වශයෙන් බලපෑමක් එල්ල කරන්නට විය.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට විශ්වවිද්‍යාල වරම් හිමිකර ගන්නා සිසුවෙකු හෝ සිසුවියක් සිය මූලික උපාධිය අවසන් කරන්නේ වයස අවුරුදු 25 සිට 27 අතර දක්වා වන කාල පරාසය තුළ දී බව හඳුනා ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාවට සමගාමීව ලෝකයේ ප්‍රධාන රටවල් කිහිපයක අධ්‍යාපන ක්‍රමවේදය සැකසී ඇති ආකාරය පිළිබඳව බීබීසි සිංහල සේවය විසින් කරුණු සොයා බැලීමක් සිදුකරන ලදී.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඡායාරූප ශීර්ෂ වැකිය,
ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාලවරම් හිමිකර ගන්නා සිසුවෙකු හෝ සිසුවියක් සිය මූලික උපාධිය අවසන් කරන්නේ වයස අවුරුදු 25 සිට 27 අතර දක්වා වන කාල පරාසය තුළ දී බව හඳුනා ගෙන තිබේ.
ඉන්දියාව
ශ්‍රී ලංකාවේ අසල්වැසි රට වන ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහණය සහිත රට වේ.
ඉන්දියාවේ ළමුන්ට වයස අවුරුදු 2කේ සිට 6 දක්වා පෙර පාසැල් අධ්‍යාපන රටාවට ඇතුළත් කිරීමට හැකියාව ලැබේ.
පෙර පාසැල් අධ්‍යාපනයෙන් පසු දරුවෙකුට වයස අවුරුදු 6 වන විට පහළ ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාවේ.
දරුවාට වයස වයස අවුරුදු 11 වන විට ඉහළ ප්‍රාථමික අධ්‍යාපන රටාවට ඇතුළත් වීමට අවස්ථාව ලැබේ.
ඉහළ සහ ඉහළ ද්විතීක අධ්‍යාපනය දරුවාට වයස අවුරුදු 13 වන විට ආරම්භ වන අතර අවුරුදු 18 වන විට විශ්ව විද්‍යාල ප්‍රවේශයට අදාළ තරග විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව මුලික අධ්‍යාපන ක්‍රමය අවසන් වේ.
ඉන් පසුව එම තරග විභාගයෙන් සමත්වන දරුවන්ට ඔවුන් ලබා ගන්නා සමාර්ථ අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් විය හැක.
ඒ ඒ විෂයන් සඳහා වසර 3 සිට 4ක් දක්වා කාල සීමාවන් තුළදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කිරීමට හැකිවේ.
එසේවුවද වෛද්‍ය පිඨය සඳහා ඇතුළත්වන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වීමට වසර 5ක් ගතවේ.
ඒ අනුව සාමාන්‍යයෙන් ඉන්දියාවේ දරුවෙකු වයස අවුරුදු 21-23 අතර වන වයස් සීමාව වන විට ඔහුගේ හෝ ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට හැකියාව ලැබේ.
ඕස්ට්‍රේලියාව
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය ජාතික ක්‍රමවේදයක් අනුව සකසා තිබේ.
එහිදී දරුවෙකුට වයස අවුරුදු 4 සිට 6 දක්වා පෙර පාසැල් අධ්‍යාපනය ලබා දෙනු ලැබේ. ඉන් පසුව වයස අවුරුදු 6 සිට 11 දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙනු ලබන අතර වයස අවුරුදු 12 සිට 18 දක්වා ද්විතීක අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කොට ඇත.
අවුරුදු 18 සම්පුර්ණ වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ දරුවන් හට උසස් අධ්‍යාපනයට යොමු වීමට අවස්ථාව උදාවේ.
එහිදී ඔවුන්ට අවුරුදු 4ක කාල සීමාවක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට සිදුවන අතර දරුවෙකුගේ වයස අවුරුදු 22-23 විට විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව ඇත.
ජපානය
ජපන් අධ්‍යාපන ක්‍රමය පෙර පාසල් අධ්‍යාපනයෙන් ආරම්භ වන අතර ඉන් පසුව වසර 6ක කාලයක් ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරේ.
ඉන් පසුව වසර 6ක කාලයක් ද්විතීයික අධ්‍යාපනය (පහළ ද්විතීයික වසර 3ක් සහ ඉහළ ද්විතීයික අධ්‍යාපනය වසර 3ක්) මගින් පුළුල් පරාසයක උසස් අධ්‍යාපනයකට මග පාදනු ලබයි.
ජපානයේ දරුවෙකු වයස අවුරුදු 18 වන විට සිය පාසැල් අධ්‍යාපනය නිමා කරනු ලබන අතර ඉන් පසුව වසර 03 සිට 05 දක්වා කාලයක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනු ලබයි.
ජපානයේ පවතින අධ්‍යාපන ක්‍රමය අනුව වයස අවුරුදු 21 සිට 23 දක්වා කාල පරාසය තුළදී ඔවුන්ට සිය උසස් අධ්‍යාපන කටයුතු නිම කිරීමට අවස්ථාව පවතී.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඡායාරූප ශීර්ෂ වැකිය,
ජපන් අධ්‍යාපන ක්‍රමය පෙර පාසල් අධ්‍යාපනයෙන් ආරම්භ වන අතර ඉන් පසුව වසර 6ක කාලයක් ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරේ.
ෆින්ලන්තය
ලොව සාර්ථකම අධ්‍යාපන ක්‍රමවේදය සහිත රටවල් අතරින් එකක් ලෙස හඳුන්වනු ලබන ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් 05 කි.
ඒ අනුව,
01. මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය (අනිවාර්ය අධ්‍යාපනය ආරම්භ කිරීමට පෙර සිසුන්ට සපයනු ලැබේ)
02. පෙර ප්‍රාථමික අධ්‍යාපනය (අවුරුදු 6-වයස ළමුන් සඳහා වසර 1ක කාලයක්)
03. මූලික අධ්‍යාපනය (වයස අවුරුදු 7-16 අතර ළමුන් සඳහා අනිවාර්ය අවුරුදු 9 අධ්‍යාපනය)
04. උසස් ද්විතීයික අධ්‍යාපනය (වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව / සාමාන්‍ය උසස් ද්විතීයික අධ්‍යාපනය - වසර 03 ක කාලයක්)
05. උසස් අධ්‍යාපනය (විශ්වවිද්‍යාල / ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන අධ්‍යාපනය - වසර 02 සිට 05 දක්වා)
ෆින්ලන්තයේ වෛද්‍ය පිඨය හැරුණු කොට සෙසු විශ්ව විද්‍යාල පාඨමාලා හදාරනු ලබන සිසු සිසුවියන්ට තමන්ට වයස 21 වන විට සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව උදාවේ.
වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වන්නේ වයස අවුරුදු 24 වන විටයි.
ඩෙන්මාර්කය