අන්තවාදී_මුස්ලිම්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අන්තවාදී_මුස්ලිම්

    මක්කම යනු මකුලාරාමයයි. පුණ්න හිමියන් ධර්ම ප්‍රචාරණට සුනාපරන්තයට (මැදපෙරදිගට) වැඩියා.

    ඒ රටවල පුරාවිද්‍යා ගවේෂණයකට ඉඩ හසර ලැබුණොත් යටපත් වී තිබෙන බෞද්ධ ඉතිහාසය මතුකර ගත හැකියි | හෑගොඩ විපස්සී හිමි

    අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගුරුවරයා ලෙස සැලකුවේ ධර්මයයි. මෙයින් පෙන්නුම් කරන්නේ අපට ඉහළින් යුක්තිය, ධර්මය, නීතිය තබා ගත යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙරවදනේ සඳහන් කරන්නෙත් ධර්මිෂ්ට සමාජයක් බිහිකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණ හා වගකීම බවයි. ඇත්ත වශයෙන්ම ජාතික ගීය වෙනස් කිරීමට යෝජනා ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැර ක්‍රියා කරන බවයි. මෙය බරපතළ කාරණයකි. තමන්ගේ මතිමතාන්තර කුමක්වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට අයිතියක් නැහැ.
    ඳ රිසානා නාෆීක් නමැති ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණියක් හිස ගසා මරා දැමුනා. එම සිදුවීමත් එම නීති ගැනත් අත්තවාදය ගැනත් සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. මුස්ලිම් ජාතිකයින් හා දැඩි සහෝදරත්වයකින් බැඳී මතෛක් අප ගතකළ ඉතිහාස තොරතුරු මොනවාද හාමුදුරුවනේ?
    මුස්ලිම් ජාතිය ඉස්ලාමීය ආගමත් සමග ගොඩ නැගෙන්නක්. මුස්ලිම් ආගමට බැඳීමත් සමග ආගමත් ජාතියත් එකක් බවට පත්වෙනවා. මේ තත්ත්වය කවර වූ ජාතිකයෙකුට වුවද එක සමානයි. ඉස්ලාම් ආගම වැළඳගත් දා සිට ඔවුන් මුස්ලිම් ජාතිකයන්.
    විශේෂයෙන් අරාබිකරය පදනම් කරගනිමින් නව ජාතිකත්වයක් හා ආගමක් වශයෙන් මෙහි ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා.
    ක්‍රිස්තු පූර්ව 8 වන ශතවර්ෂයේදී පමණ ප්‍රථමවරට වෙළෙඳාම සඳහා ලංකාවට පැමිණි මුස්ලිම් ජාතිකයින් පිළිබඳව කියැවෙනවා. නමුත් ඒ ජාතික කාන්තාවන් මෙරටට පැමිණි බවට තොරතුරු අනාවරණය වන්නේ නැහැ.
    ඉන් පැහැදිලිව කිව හැක්කේ සිංහල කාන්තාවන් විවාහ කරගැනීම මගින් ඔවුන් ලංකාව පුරා පැතිර ගොස් තිබෙන බවයි. කුළු බඩු, මැණික්, රිදී වැනි දේ වෙළෙඳාමට පැමිණි ඔවුන් අවසානයේ ලංකාව තුළම පදිංචි වී වෙළෙඳාමේ යෙදෙන්නට පටන් ගැනෙනවා.
    ථෙරවාදී බුදු දහම පවතින රටක් වශයෙන් ලංකාව තුළ ඕනෑම ආගමිකයෙක්ට සිටිය හැකියි. නමුත් ඔවුන්ගේ මූලික ආගමික සිද්ධාන්ත මෙරට ක්‍රියාත්මක වුණේ නැහැ. ගල් ගසා මරා දැමීම, හිස ගසා මැරීම වැනි දරුණු නීති ක්‍රියාත්මක නොවන්නේ ඔවුන් මෙරටදී මෙරට ‍පොදු නීතිය තුළම ක්‍රියාත්මක වීම නිසයි. පවුකාරයාට ගල් ගසන කෲර වද හිංසාව බෞද්ධ අනන්‍යතාවය තුළ ගොඩ නැගුනේ නැහැ.
    එහෙත් අද වන විට අන්තවාදී මුස්ලිම් ජාතිකයන් බෞද්ධ උරුමයන් විනාශ කරන බවට චෝදනා නැගෙන්න පටන් අරන්. නමුත් මෙවැනි සිදුවීම් පිටුපස සිටින්නේ සාම්ප්‍රදායික මුසල්මානුවන් නොවෙයි කියනවා.
    රහතන් වහන්සේ වැඩ සිටි කූරගල හොරොව්පතාන කිරණාගල රජ මහා විහාරය ආදී ඓතිහාසික සිද්ධස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයේ යොදවා සිටියදීත් අයුතු ලෙස පරිහරණය කරන්න පෙළැඹිලා සිටින්නේ බෞද්ධ ජනතාවගේ සිත් සතන් පාරවන ආකාරයටයි. මේ ආකාරයට බෞද්ධ සිද්ධස්ථාන සංහාරයකට ලක් කරමින් තමන්ගේ අණසක පතුරුවා ගැනීමට උත්සාහ දැරීම නිසා සහජීවනය විනාශ විය හැකියි.
    අන්තවාදී ක්‍රියාවන් පිළිබඳව ලෝකයපුරා සාකච්ඡාවක් පවතිනවා.
    ඳ එදා අරාබිකරය බෞද්ධ රාජ්‍යයන් බවට පත්ව තිබූ බවට මතයක් පවතිනවා.
    ප්‍රාග් බෞද්ධ යුගයේදී මැදපෙරදිග අරාබිකරයේ සුවිසල් බෞද්ධ වෙහෙර විහාරස්ථාන තිබුණු බවට සඳහන් වෙනවා. අද ඒ සියල්ල විනාශ කර දමා තිබෙනවා.
    බුදුන්ගේ කාලයේ සුනාපරන්ත රට ලෙස හැඳින්වූයේ මැදපෙරදිගයි. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදු දහම පැතිරුණු රටක්. ඒ කියන්නේ හයවැනි සියවස් කාලයේදී පමණ බුද්ධ ධර්මය අදහන බෞද්ධ ජනතාව ජීවත්වූ ප්‍රදේශයක්.
    මජ්ජිම නිකායේ පුණ්නෝවාද සූත්‍රයේදී පුණ්න හිමියන් ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා සුනාපරන්ත හෙවත් මැදපෙරදිග රටට යාමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටි බව සඳහන් වෙනවා. පුණ්න හිමියන් ගිහි කළ සුනාපරන්ත රට සිට වෙළෙඳාම පිණිස පැමිණ බුදු රජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ පැහැදීම නිසා මහණ බව ලබා රහත් ඵලය ලබා ගත් හිමිනමක්.
    පුණ්න හිමියන් තමන්ගේ දේශයට යාමට අවසර ඉල්ලුවත් බුදුරජාණන් වහන්සේ දරුණු මිනිසුන් ඉන්න එම ප්‍රදේශයට නොයන ලෙස අවවාද කරනවා. නමුත් පුණ්න හිමියන් පවසන්නේ බැන්නට කමක් නැහැ. ඒ රටේ මිනිස්සු ගහන්නෙ නැහැනේ ආදී වශයෙනුයි. මේ කතා බහ අවසානයේ බුදුරජාණන් වහන්සේ පුණ්න හිමියන්ට පවසන්නේ සුනාපරන්ත රටේ ධර්ම ප්‍රචාරය සඳහා සුදුසු පුණ්න මහ රහතන් වහන්සේ බවයි.
    අට්ඨ කතාවේ සඳහන් වන ආකාරයට පුණ්න මහ රහතන් වහන්සේ සුනාපරන්ත රටේ ධර්ම ප්‍රචාරයට වැඩම වීමෙන් අනතුරුව අම්බහට්ඨ විහාරය සමුද්‍රගිරි විහාරය, මාතුලගිරි විහාරය හා මකුලාරාමය කියන වෙහෙර විහාර ඉදිකරනවා.
    ඉන් අනතුරුව උන්වහන්සේගේ ආරාධනයෙන් සුනාපරන්ත රටට වැඩම කර තිබෙනවා. ඒ අනුව ප්‍රථම අරාබි භික්ෂුන් වහන්සේ වන්නේ පුණ්න මහ රහතන් වහන්සේය.
    ඳ අපේ හාමුදුරුවනේ බුද්ධ ඉතිහාසයේ දැක්වෙන මෙම කරුණු තහවුරු කර ගැනීමක් සිදුව නැද්ද?
    ග්‍රන්ථ පරිශීලනය ඇසුරින් ආචාර්ය පරවාහැර පඤ්ඤානන්ද හිමි ශාස්ත්‍රීය අධ්‍යයනයක් සිදුකළා. සුනාපරන්ත දේශය කියන්නේ මැදපෙරදිග බවත් එම ප්‍රදේශයේ දියුණු බෞද්ධ පරිසරයක් තිබුණු බවත් ඉන් හෙළිවුණා.
    එදා මකුලාරාමය අද මක්කම කියන ඔවුන්ගේ මහා පූජනීය ස්ථානය බවට පත්වෙලා. ඒ රටවල පුරාවිද්‍යා ගවේෂණයකට ඉඩ හසර ලැබුණොත් යටපත් වී තිබෙන බෞද්ධ ඉතිහාසය මතුකර ගත හැකියි.
    ලෝකයේ උසම බුදු පිළිමය ඇෆ්ගනිස්ථානයේ ඉදිකිරීමට පෙළැඹවීමක් ඇතිවූයේ නම් එම ප්‍රදේශවල බෞද්ධ ජනතාව විශාල වශයෙන් සිටින්න ඇති. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ බෞද්ධ රටවල් වූ මේ රටවල බෞද්ධයන් සිටි බවට සාක්ෂි කිසිවක් නැති කිරීමට ඔවුන් පෙළැඹිලා.
    පිළිම වඳින්න එපා කියමින් බෞද්ධ සංකේත විනාශ නොකළ යුතුයි. තමන්ගේ ආගම දහම අනුව පිළිම වන්දනා නොකර සිටීම කළත් ඇයි වෙනත් ආගමික මත විනාශ කර ඉතිහාසය වළදමන්න උත්සාහ දරන්නේ.
    ලංකාවෙත් වසර 2300ක් ඉපැරණි බෞද්ධ ඉතිහාසයක් මේ ආකාරයෙන් විනාශ කිරීමට මූලධර්මවාදී අන්තවාදී ඇතැමෙක් උත්සාහ දරන බව ඉතිහාසය අධ්‍යයනයෙන් පෙනී යනවා.
    මහාචාර්ය විමල විජේසූරිය මහතා 1988දී පැහැදිලිව පෙන්වා දී තිබෙනවා ඔවුන් ඉතිහාසය වෙනස් කරන ආකාරය.
    9-10 වසරවල ඉස්ලාම් ධර්මය ‍පොත්වල මෙවැනි කරුණු ඇතුළත් කිරීම මගින් සිදු වෙන්නේ සැලසුම් සහගතව ඉතිහාසය විකෘති වීමයි. එතුමාගේ ශ්‍රී ලංකාවේ අරාබි ජනයා සහ ඉස්ලාම් සංස්කෘතිය ග්‍රන්ථයේ විජේසූරිය මහතා මේ කරුණු දක්වා තිබෙනවා.
    අදත් මේ විදියටම ‍පොත්වල රට පිළිබඳ නැති ඉතිහාසයක් උගන්වනවා. සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට එකම ඉතිහාසයක් ඉගැන්විය යුතුයි. එක් එක් ජාතීන්ට රටේ ඉතිහාසය දැන ගැනීම නිසා අවැඩක් සිදු වෙන්නේ නැහැ. එය හීනමානයට කරුණක් නොවෙයි. පෙළ‍පොත්වලින් වැරදි තොරතුරු ළමා මනසට ඇතුළුවීම නිසා පසුකාලීන ගැටුම් ඇති වෙන්නේ ඉතිහාසය නොදැන කටයුතු කිරීම නිසයි.
    ඳ මුස්ලිම් සහෝදරත්වය විනාශ කරන අන්තවාදය පැතිරවීම වැළැක්විය හැක්කේ කෙසේද?
    රටට ‍පොදුවේ බලපාන එක නීති පද්ධතියක් අවශ්‍යයි. සංවිධානවලට ඕන ආකාරයට ලාංඡන නිකුත් කරන්න බැරි ආකාරයට නීති සකස් විය යුතුයි.
    නමුත් කියන්න කනගාටුයි සිතන අප මේ කාරණා කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ. සංවිධානය ගොඩ නැගුණා වගේ අන්තවාදීන් විසින් ත්‍රස්තවාදය බිහි කරන තුරු දේශපාලකයින් බලා නොසිට කටයුතු කළ යුතුයි.
    තිස් අවුරුදු යුද්ධයෙන් බැට කෑ ලංකාවට තවත් යුද්ධ අවශ්‍ය නැහැ. බොදු බල සේනා සංවිධානය ජනතාව අවදිකරමින් සිටීම අගය කළ යුතුයි. නමුත් නොයෙක් කුඩා සංවිධාන මේ ව්‍යසනය පාදක කරගනිමින් ඉස්මතු වීමට උත්සාහ කිරීම භයානකයි. ඔවුන් අනුකරණය කිරීමට පමණක් පෙළැඹිලා. බොදු බල සේනා සංවිධානයේ මග පෙන්වීම යටතේ සංවිධානය වීමයි වැදගත්. ඉන් අනවශ්‍ය ගැටුම් ඇතිවීම වළක්වා ගතහැකියි.
    කෙසේ හෝ සාමකාමී පරිසරයක් වෙනුවෙන් කටයුතු කිරීමේදී දේශපාලනඥයින් දේශපාලන අවධියෙන් කටයුතු කළ යුතුයි.

    රත්මලාන ධර්ම පර්යේක්ෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමි

    රන්මලී සෝමසිරි
    (උපුටා ගැනීම ලක්බිම )
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පුණ්න හාමුදුරුවො ඉන්දියාවෙ ඉඳල හැතැම්ම දාස් ගානක් ගෙවාගෙන මැදපෙරදිගට වැඩියද ? අනේ සාදු ! :)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පුණ්න හාමුදුරුවො ඉන්දියාවෙ ඉඳල හැතැම්ම දාස් ගානක් ගෙවාගෙන මැදපෙරදිගට වැඩියද ? අනේ සාදු ! :)

    උබ දවසක කියයි බුදු හාමුදුරුවෝ කියල කෙනෙකුත් ඉන්න විදිහක් නෑ කියල ..අනේ සාදු ! :)
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උබ දවසක කියයි බුදු හාමුදුරුවෝ කියල කෙනෙකුත් ඉන්න විදිහක් නෑ කියල ..අනේ සාදු ! :)

    dataRfCSdfNZ0LFPrHSm0ublXdzhdrDFhtmHhN1u-gMTCx_OqAIATCfAzP4u6woqQ-TjZ4Yzu2LuJSDHqicSQo-8BTBYKDQ2PLgZB7ANkuAvXQstFgFuQAaGZ0G7_zps1uwfgemj.png



    මක්කමෙ ධර්මය ස්තාපිත කරන්න ගිය දුරක්. රටවල් කීයක් පහුකරගෙනද ගිහිල්ල තියෙන්නෙ. ඒකයි මං සාදු සාදු කිව්වෙ.ඉතිං ඒකෙ මොකද්ද වැරැද්ද ? :rolleyes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    dataRfCSdfNZ0LFPrHSm0ublXdzhdrDFhtmHhN1u-gMTCx_OqAIATCfAzP4u6woqQ-TjZ4Yzu2LuJSDHqicSQo-8BTBYKDQ2PLgZB7ANkuAvXQstFgFuQAaGZ0G7_zps1uwfgemj.png



    මක්කමෙ ධර්මය ස්තාපිත කරන්න ගිය දුරක්. රටවල් කීයක් පහුකරගෙනද ගිහිල්ල තියෙන්නෙ. ඒකයි මං සාදු සාදු කිව්වෙ.ඉතිං ඒකෙ මොකද්ද වැරැද්ද ? :rolleyes:

    Ane ban uba bauddayek da? nathnam mithya dushtikayekda? maha rahathan wahanse namakata irdi balayen onama thanakata wadinna puluwan :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උබ දවසක කියයි බුදු හාමුදුරුවෝ කියල කෙනෙකුත් ඉන්න විදිහක් නෑ කියල ..අනේ සාදු ! :)

    බුදුහාමුදුරුවෝ කියල තියෙනව මචං කව්රුවත් කිව්ව පලියට දෙයක් විස්වාස කරන්න එපාය කියල.
    බුදුහාමුදුරුවෝ හිටියා ආසියාවේ ගොඩක් රටවලට බුදුදහම පැතිරුණා.
    හැබැයි අන්ධ විස්වාසය මත මුළු ලෝකෙටම බුද්ධාගම ගියා කියල අනා ගන්න එපා. තව ඉස්සරහට කියයි යුරෝපේ, ඇමරිකාවේ හිටං බුද්ධාගම තිබ්බා කියල.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Ane ban uba bauddayek da? nathnam mithya dushtikayekda? maha rahathan wahanse namakata irdi balayen onama thanakata wadinna puluwan :yes:

    මොන බොරුද බං ඕවා. මම බෞද්ධයෙක්. මිත්‍යාදුෂ්ටික කියන්නේ ඔය වගේ බොරු පිළිගන්න උන්ට. ඕවා ආගම උසස්කොට සලකන්න ගොතපු කතා. මක්කම ගියා නං යුරෝපේ, දකුණු ඇමරිකාවේ ගියේ නැත්තේ ඇයි ?
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මොන බොරුද බං ඕවා. මම බෞද්ධයෙක්. මිත්‍යාදුෂ්ටික කියන්නේ ඔය වගේ බොරු පිළිගන්න උන්ට. ඕවා ආගම උසස්කොට සලකන්න ගොතපු කතා. මක්කම ගියා නං යුරෝපේ, දකුණු ඇමරිකාවේ ගියේ නැත්තේ ඇයි ?

    එතකොට එහෙ බාමියන් බුදුපිළිම තියෙන්නේ කොහොමෙයි බන්
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මොන බොරුද බං ඕවා. මම බෞද්ධයෙක්. මිත්‍යාදුෂ්ටික කියන්නේ ඔය වගේ බොරු පිළිගන්න උන්ට. ඕවා ආගම උසස්කොට සලකන්න ගොතපු කතා. මක්කම ගියා නං යුරෝපේ, දකුණු ඇමරිකාවේ ගියේ නැත්තේ ඇයි ?

    තෝ ශුක්‍රානු කිත්තෙක්නෙ:lol:
     
    • Like
    Reactions: sagee123

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Ane ban uba bauddayek da? nathnam mithya dushtikayekda? maha rahathan wahanse namakata irdi balayen onama thanakata wadinna puluwan :yes:

    එතකොට ඉරානෙ ඉරාකෙ සිරියාව වගේ රටවල් කෙරෙහි උන්වහන්සේගෙ අනුකම්පාවක් තිබිලම නැද්ද බං ? ඇරත් හොඳ වෙලාවට තමයි එතනින්වත් නැවතිල තියෙන්නෙ. තව පොඩ්ඩක් එහාට ගියානං එහෙම කෙලින්ම අප්‍රිකාවෙම තමයි නවතින්නෙ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මං කලින් කිව්ව දේවල් වලට උඹල තරහ ගන්න එපා .එකෙක් මට කුණුහරපෙනුත් බැනල තිබ්බ.උඹලගෙ ටිකක්වත් ඇස් අරවන්න තමයි මම මේව කිව්වෙ. නැතුව කාවවත් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි. මේ සිද්ධියෙ ඇත්ත කතාව මන් දැන් කියන්නං.

    අපේ රටේ කල්පිටියෙ මක්කම කියන ස්තානයෙ බුදුන් වහන්සේගෙ සිරිපතුල් ලාන්චනයක් පිහිටවල තිබූ බව ඔබ දන්නවනෙ. ඒ කාලෙ බුදු පිලිම වන්දනාවක් තිබ්බෙ නැති නිසා මිනිස්සු වැඳුම් පිදුම් කලේ සිරි පතුල් ලාන්චන වලට.බුදු පිලිම නිර්මානය උනෙ පස්සෙ කාලෙක. ඉතින් ඒ කාලෙ අරාබි වෙලෙන්දොත් නිතර අපේ රටට ආව වෙලඳාම් කටයුතු වලට. ඒ අවස්තාවලදි ඔවුන් දැක්ක අපේ අය සිරිපතුල් වන්දනාව කරනව.නමුත් අරාබිකරයෙ කිසිම ආගමක් දර්මයක් ඒ කාලෙ තිබුනෙ නෑ.ඉතින් ඔවුන්ටත් උවමනාවක් අසාවක් ආව එහෙත් මේ වගේ දෙයක් තියෙනවනම් හොඳයි කියල.ඊට පස්සෙ ඔවුන් සිරිපතුල් ගලක් මෙහෙන් අරන් ගිහිල්ල එහෙ තැනක තැන්පත් කරල ඊට වැඳුම් පිදුම් කලා.ඒ ස්තානයට ඔවුන් කිව්වෙත් මක්කම යන නමමයි. පසු කාලීනව අරාබිකරයේ ඉස්ලාම් ආගම පැතිරීමත් සමගම එතෙක් ඔවුන් වැඳුම් පිදුම් කල තැන් ක්‍රමයෙන් ඉස්ලාම් පූජ්‍යස්ථාන බවට පත්වුනා. අදටත් ඔවුන් වන්දනා කරන්නේ අපේ රටෙන් රැගෙන ගිය සිරිපතුලටමයි.

    එදා සුනාපරන්තය කියල කිව්වෙ අද කල්පිටිය අවට ප්‍රදේශයටයි.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Ane ban uba bauddayek da? nathnam mithya dushtikayekda? maha rahathan wahanse namakata irdi balayen onama thanakata wadinna puluwan :yes:

    machan, mamath bauddha, habai oya wage katha nam mama wishwaa krnne na. nirwanaya kiaynne bala labaganna ekak nemei, nawatha ipadeemak na kiyana eka awaboda karaganimak. saahithya kiyanne thawa ekak. deyak warnana krla boru dala liyana eka e kale karapu wadak, katha rasawath wenna. ehema una kiyala eka aththa wenne na. buddgame miracles na.
    aththatama lajjai buddagamata karana winashaya ada inna hamuduruwaru saha palakayo, eetath wadiya naraka de aluth paramparawath buddagame waradi konin allaganna eka. aththtama owa buddagame ewa nemei, saahithya nathnam hindu abasha.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එතකොට ඉරානෙ ඉරාකෙ සිරියාව වගේ රටවල් කෙරෙහි උන්වහන්සේගෙ අනුකම්පාවක් තිබිලම නැද්ද බං ? ඇරත් හොඳ වෙලාවට තමයි එතනින්වත් නැවතිල තියෙන්නෙ. තව පොඩ්ඩක් එහාට ගියානං එහෙම කෙලින්ම අප්‍රිකාවෙම තමයි නවතින්නෙ.

    දැන් උබද එක තීරණය කරන්නේ ..!!
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    එතකොට ඉරානෙ ඉරාකෙ සිරියාව වගේ රටවල් කෙරෙහි උන්වහන්සේගෙ අනුකම්පාවක් තිබිලම නැද්ද බං ? ඇරත් හොඳ වෙලාවට තමයි එතනින්වත් නැවතිල තියෙන්නෙ. තව පොඩ්ඩක් එහාට ගියානං එහෙම කෙලින්ම අප්‍රිකාවෙම තමයි නවතින්නෙ.

    ha ha nailed it sonny
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    https://en.wikipedia.org/wiki/Religion_in_pre-Islamic_Arabia


    //arab before islam

    1. Idol-worshippers or polytheists. Most of the Arabs were idolaters. They worshipped numerous idols and each tribe had its own idol or idols and fetishes. They had turned the Kaaba in Makkah, which according to tradition, had been built by the Prophet Abraham and his son, Ismael, and was dedicated by them to the service of One God, into a heathen pantheon housing 360 idols of stone and wood.

    2. Atheists This group was composed of the materialists and believed that the world was eternal.

    3. Zindiqs They were influenced by the Persian doctrine of dualism in nature. They believed that there were two gods representing the twin forces of good and evil or light and darkness, and both were locked up in an unending struggle for supremacy.

    4. Sabines. They worshipped the stars.

    5. Jews When the Romans destroyed Jerusalem in A.D. 70, and drove the Jews out of Palestine and Syria, many of them found new homes in Hijaz in Arabia. Under their influence, many Arabs also became converts to Judaism. Their strong centers were the towns of Yathrib, Khayber, Fadak and Umm-ul-Qura.

    6. Christians. The Romans had converted the north Arabian tribe of Ghassan to Christianity. Some clans of Ghassan had migrated to and had settled in Hijaz. In the south, there were many Christians in Yemen where the creed was originally brought by the Ethiopian invaders. Their strong center was the town of Najran.

    7. Monotheists There was a small group of monotheists present in Arabia on the eve of the rise of Islam. Its members did not worship idols, and they were the followers of the Prophet Abraham. The members of the families of Muhammad, the future prophet, and Ali ibn Abi Talib, the future caliph, and most members of their clan – the Banu Hashim – belonged to this group.//
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    dataRfCSdfNZ0LFPrHSm0ublXdzhdrDFhtmHhN1u-gMTCx_OqAIATCfAzP4u6woqQ-TjZ4Yzu2LuJSDHqicSQo-8BTBYKDQ2PLgZB7ANkuAvXQstFgFuQAaGZ0G7_zps1uwfgemj.png



    මක්කමෙ ධර්මය ස්තාපිත කරන්න ගිය දුරක්. රටවල් කීයක් පහුකරගෙනද ගිහිල්ල තියෙන්නෙ. ඒකයි මං සාදු සාදු කිව්වෙ.ඉතිං ඒකෙ මොකද්ද වැරැද්ද ? :rolleyes:

    ඉරාන් වලට යනකන් බොහෝ කාලයක් බුදු දහම කොහොමත් තිබ්බා. ඕක මහ දුරක් නෙමේ බන් ඒ කාලේ පයින් ඇද්ද ඇදිලි වලට. බෞද්ද රටක් වෙච්ච ජපානෙට දුරයි ඔයිටත් වඩා. අනික මේ ලගක් වෙනකන්ම බන් හම්බයෝ මක්කම පයින් ඇද්දේ ලෝකේ හැම රටකම වගේ ඉදලා

    කොහොම උනත් මම දන්න විදිහටනම් අරාබිකරේ ඔය කියන ප්‍රදේශේ බුදු දහම තිබ්බයි කියන්නනම් පවතින සාදක ප්‍රමානවත් නෑ. තිබ්බත් දැන් ඉන්න සත්තුන්ගේ හැටියට අනිවා ඒ කාලේ ඔහෙ උන්න උන් ඔටුවොයි මිනිස්සුයි වෙන්කරගන්න පුලුවන් වෙන්න ඇත්තේ මොල්ලියෙන් විතරයි. කාලකන්නි හැත්තට මොන ආගම්ද ඉතින්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් අර අන්තිමට කියල තියෙන දේ නිකං අභව්‍ය දෙයක් වගේද පේන්නෙ ?
    ඔව්....
    හේතුව ඔබ ඉතිහාසය නොදැනීම....

    බෞද්ධ රජෙක් වන කණිෂ්ක ගේ රාජ්‍යෙය් පැතිරීම සහ ඇලෙක්සැන්ඩර් ගේ සටන් ඉතිහාසය සහ පසුබිම කියවන්න...
    එතකොට තේරෙයි බුද්ධ ධර්මය කොච්චර දුරට ව්‍යාප්තව තිබුණ ද කියලා....