අන්_මත_නොඉවසන_නලින්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්_මත_නොඉවසන_නලින්

    නලින් කියන්නේ අන් මත නොඉවසන කෙනෙක්. එයාගේ මතයේ නැත්තන් නිවටයිලූ. මෙන්න මේ වගේ කෙනෙක් තමයි චම්පික මහත්තයට චරිත සහතික දෙන්නේ

    පසුව ලියමි,. පච නලියා රීලාම් වාදයට වැඩ කරපු කෙනෙක් වගේයි දැනෙන්නෙ!. මෙය සොයා දුන් දර්ශන සොහොයුරාට තුති,

    ඊළාම් අයිතිය

    උතුරේ දෙමළ ජනතාව වෙන්වී තමන්ගේ ම රාජ්‍යයක් ගොඩනගා ගැනීම සඳහා කැමැත්ත, 1977 මැතිවරණයේ දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ජන්දය දීමෙන් පළකර ඇත. අද ද්‍ර.එ.වි.පෙ ක්‍රියා කරන්නේ එම කැමැත්තට පටහැනිව ය. එහෙත් එපමණින් ම වෙන්වීමට දෙමළ ජනතාවට ඇති උවමනාව නැති වී යැයි කිව නොහැකිය. ලන්ඩනයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති කමිටුව වැනි සංවිධාන ද්‍ර.එ.වි පෙරමුණට බාහිරව මතු වන්නේ එම අවශ්‍යතාවය දෙමළ ජනතාවට තිඛෙන බැවිනි. දෙමළ ජනතාවට එසේ වෙන්වීමට කැමැත්තක් තිබූ පමණින් ම ඔවුන්ට එවැනි අයිතියක් තිබේද? වෙන්වීමෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබේද? වෙන්විය යුත්තේ කිනම් පන්තියක නායකත්වය යටතේද? ධනපති පන්තියේ නායකත්වය යටතේ වෙන් වේ නම් එසේ වෙන් වීම කරණකොටගෙන දෙමළ ජනතාවට යහපතක්වේද? අයහපතක් වේ නම් වෙන්වීමට විරුද්ධ විය යුතුද? යනාදී ප්‍රශ්න අද ධනපති විරෝධී දේශපාලන තලයෙහි සාකච්ජා වෙමින් පවතී.

    මේ රටේ දෙමළ කථා කරන ජනතාව සිංහල ජනතාවත් සමග ම ධනපති ක්‍රමය යටතේ සූරාකෑමට ලක්ව සිටී. එයට අමතරව ඔවුන් ජාතික වශයෙන්ද පීඩනයට පත්වේ. රැකියාවන් ලබාගැනීමේ දී, විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී දෙමළ ජනතාවට අවාසි වන අන්දමට කරුණු සිදු වේ. වතුකරයේ දෙමළ ජනතාව ජීවත් වන්නේ මනුෂ්‍යයනට ඔබින ආකාරයකට නොවේ.

    දෙමළ ජනතාවට විශේෂ වරප්‍රසාද ලැබී ඇතැයි යන්න සිංහල ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ධනපති සන්නිවේදන මාධ්‍යයන් විශාල උත්සාහයක් දරා ඇත. මිෂනාරි අධ්‍යාපන ක්‍රමය යටතේ යාපන අර්ධද්වීපයේ උසස් පාඨශාලා ඇතිවීමත්∙ එමගින් උසස් අධ්‍යාපනයක් ලැබීමේ පහසුකමත්දෙමළ ජනතාවට අත්වූ බවත් සැබෑ ය. ඒ හේතුකොටගෙන ඉංග්‍රීසි පාලන සමයෙහි රැකියාවක් ලබා ගැනීමේ දී දෙමළ ජනතාවට යම් වාසිගත තත්ත්වයක් ඇතිවිය. එහෙත් මෙහි දී අප විශේෂයෙන් මතක තබාගත යුත්තක් නම් එම වාසිය අත්වූයේ ඉංග්‍රීසි උගත් දෙමළ ජනතාවට බවය.

    එසේ නම් ඇත්තටම සිදුවූයේ සිංහල ජනතාවට වඩා දෙමළ ජනතාවට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉඩකඩ සපයා තිබීම ය. මෙහි අසාධාරණයක් වී නම් “නිදහස” ගැනීමෙන් පසුව සිංහල කථා කරන පළාත්වල ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන පාසල් වඩ වඩා ඇති කිරීමට පාලකයන්ට අවස්ථාව තිබුණි. නැත්නම් ඉංග්‍රීසිය දෙවන භාෂාවක් ලෙස මනාව ප්‍රගුණ කරවමින් සිංහලෙන් හා දෙමළෙන් ජනතාවට තම තමන්ගේ වැඩ කටයුතු කර ගැනීම සඳහා පහසුකම් ඇති කරලීමට තිබුණි.

    එහෙත් ඔව්හි එසේ නොකළහ. එදත් අදත් කවදත් ඉංග්‍රීසි ඉගෙනීමට ලැබුණේ, ලැඛෙන්නේ ටික දෙනකුට පමණ ය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ මුවාවෙන් ඉංග්‍රීසි ඉගැන්වීම තවත් සීමා කරනු ලැබී ය. රජයේ සියලු කටයුතු සිංහලෙන් කරන බවට සිංහල ජනතාවට ප්‍රතිඥා දුන් නමුත් අද වනතුරුත් එය ඉටු වී නොමැත. සිංහලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවෝ ඉංග්‍රීසි උගතුන්ගේ ගැරහුමට ලක්වෙති. සිංහල මාධ්‍යයෙන් උපාධියක් ලද්දෙකුට වඩා ඉංග්‍රීසියෙන් කථා කිරීමට හැකි සාමාන්‍ය පෙළ පොදු අධ්‍යන සහතිකය ලද්දෙකුට රැකියාවක් ලබාගැනීමේ ඉඩකඩක් ඇත.

    දෙමළ ජනතාවට හිමිව තිබී යැයි කියූ වරප්‍රසාදය සිංහල ජනතාවට ලබා දීමේ මුවාවෙන් සිදු වී ඇත්තේ කුමක්ද? එක් පැත්තකින් දෙමළ උගත් තරුණයන් පීඩනයට ලක් කිරීම ය. අනෙක් පැත්තෙන්, උපරිම වශයෙන් සිංහලයෙන් පමණක් උගත් තරැණයන් මධ්‍යම හා පහළ ශ්‍රේණිවල රැකියාවන්ට සීමා කිරීම ය.
    අධ්‍යාපනය පළල් කිරීම, විශ්ව විද්‍යාල හා තෘතීය අධ්‍යාපනය වැඩි කොටසකට ලබාදීම, රැකියාවන් ලබාදීම ආදිය ඉටු කිරීමේ හැකියාවක් කිසිම ධනපති ආණ්ඩුවකට නැත. එම නොහැකියාව වසා ගැනීම සඳහා සෑම ධනපති පක්ෂයක් ම විටින් විට සිංහල ජනතාව අතර ජාතිවාදය අවුස්සා ඇත. ඒ අතර සෑම ජන කොටසක්ම පීඩනයට ලක් කෙරේ.

    එක් භූගෝලීය ප්‍රදේශයක ජීවත් වන, එක් සංස්කෘතියකට හිමිකම් කියන, එක් භාෂාවක් කථාකරන ජනතාවක් ලෙස දෙමළ ජනතාව ඔවුන් “දෙමළ” නිසා ම අමතර පීඩනයකට ද ලක්ව සිටිති. එසේ නම් ඔවුන්ව පීඩනයට පත් කරන රාජ්‍යයෙන් වෙන්වීමට ඔවුන්ට අයිතියක් නැත්ද?

    අවුරුදු දහස් ගණනකට උඩදී සිංහලයන් එම පළාත්වල පදිංචිව සිටීම නිසා ඓතිහාසික වශයෙන් මේ පෙදෙස්වල උරුමය සිංහලයන්ට අයත් විය යුතු බව සමහරු කියති. මෙම ඓතිහාසික සාධකය කෙතරම් දුරට සත්‍යයක්දැයි නොදනිමි. එහෙත් දෙමළ ජනතාව සිංහලයන්ට කලින් උතුරේ පදිංචිව සිටි බැව් පෙන්වීමට ද සාධක ඇති බව තවත් අය කියති. මෙම ප්‍රශ්නයට විසඳුමක් ඉතිහාසඥයින්ගෙන් බලාපොරොත්තු විය නොහැක. උතුරේ කවද කවුරුන් පදිංචි වීද යන්න දැන ගැනීම තුළින් අපට කුමක් ලබාගත හැකිද? රටක හෝ ප්‍රදේශයක මුල් පදිංචි කරුවන්ට එම රට හෝ ප්‍රදේශය අයිති විය යුතුය යන තර්කය ඔස්සේ රාජ්‍ය බිහි කිරීමට හැකි යයි සිතීම ඉතාමත් හාස්‍යජනක ය.

    රාජ්‍ය බිහිවන්නේ යම් යම් අවශ්‍යතාවයන් යටතේ ය. එහි පසුබිම මූලික වශයෙන් ආර්ථික උවමනාවන් ය. බාහිර සූරාකෑමකින් නිදහස්වීම මෙන් ම අභ්‍යන්තර සූරාකෑමකට ඉඩ සලසා දීම ද එම උවමනාවන් අතර වේ. එහි දී එක් පීඩනයකට එරෙහිව සටන් වදින අතර තවත් පීඩනයකට මුල පිරීම ද සිදුවේ.
    දෙමළ ජනතාව අද පීඩනයකට විරුද්ධව සටන් වැදී ඇත. එහි දී නායකත්වයගෙන ඇත්තේ කිනම් පන්තියක් ද යන ප්‍රශ්නය මෙහිදී පැන නගී. ද්‍ර.එ.වි.පෙ. ධනපති පක්ෂයක් ලෙස එම නායකත්වයෙහි එක්තරා ප්‍රමාණයකට තවමත් රැඳී ඇත. එහෙත් දෙමළ ජනතාවගේ ධනපති පන්තියට අද වෙන්වීමක් අවශ්‍යද? වෙන්වීම අවශ්‍ය කිනම් කොටසකටද? කිනම් පංතියකට ද? ඔවුන්ට නායකත්වය සපයන්නේ කවුරුන්ද?

    බොහෝ මාක්ස්වාදී පක්ෂ දෙමළ ජනතාවගේ ස්වයං නීර්ණයන අයිතිය පිළිගනියි. දෙමළ ජනතාවට අවශ්‍ය නම් වෙන්වීමේ අයිතිය ද ඔවුන්ට ඇති බව මෙම පක්ෂ නොයෙක් විට කියා ඇත. එහෙත් බොහෝ විට අපට මෙවැනි තර්කයක් ද මෙම පක්ෂ මගින් ඉදිරිපත් කරනු දක්නට ලැබී ඇත. “ධනපති පන්තියේ නායකත්වය යටතේ හෝ සුළු ධනේෂ්වර නැගිටීමක් ලෙස ඇතිවන සටනකින් දෙමළ ජනතාවට විමුක්තියක් නොලැබේ. එබැවින් දෙමළ ජනතාව කළ යුත්තේ දකුණේ පෑගෙන සිංහල ජනතාව සමග එක් වී සටන් කිරීම ය.” බැලූ බැල්මට මෙවැනි ප්‍රකාශන සාධාරණ ය. එහෙත් එක්සත් සටනක් කරන්නේ කෙසේද යන්න ගැන අදහසක් පවා නැති විටෙක එවැනි ප්‍රකාශන හුදු ප්‍රකාශන බවට පත් වේ. දෙමළ ජනතාවට වෙන්වීමට අයිතියක් ඇතැයි පිළිගනිමින් එම අයිතිය ක්‍රියාත්මකව පිළිනොගන්නා බවක් ඉන් අදහස් වේ. මෙය උගුරට හොරා බේත් කෑමට තැත් කිරීමකි.

    ඒකපාක්ෂිකව ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කිරීමට සැරසෙන ලන්ඩන් කමිටුවට ජනතා පදනමක් තිබේදැයි දැන ගැනීමට සැරසීම මෙම පක්ෂවල තවත් ලක්ෂණයක් බවට පත්ව තිබේ. ජනතා පදනමක් තිබේද නැද්ද යන්න මැන ගන්නේ කෙසේද? ද්‍ර.එ.වි.පෙ. ඊළාම් ප්‍රකාශ කිරීමට විරුද්ධ බැවින් අප ද එය සුළුකොට තැකිය යුතු ය යන්න ප්‍රශ්නයෙන් පැන යාමේ තවත් මගකි. ආණ්ඩුව සමග සම්මුති ගසාගත් ද්‍ර.එ.වි.පෙරමුණෙන් පක්ෂපාතී සහතිකයක් ලබා ගත හැකි විමුක්තිකාමී සංවිධානයක් තිබිය හැකිද? මේ සියල්ල නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සෙවීමට සමානය.

    දෙමළ ජනතාව වෙන්වීමට අදහස් කර ඇත්නම් ඒ අයිතිය ඔවුන්ට තිඛෙන බව ප්‍රකාශ කිරීමට ධනපති විරෝධී පක්ෂ බිය වන්නේ ඇයි? ඒ අයිතිය වෙනුවෙන් කිසිම කොන්දේසියක් පැනවිය නොහැකිය. වෙන්වීමෙන් වන ආදීනව ගැන අනවශ්‍ය අවධානයක් යෙදීම, ජනතා පදනම ගැන කරුණු සෙවීම, ද්‍ර.එ.වි.පෙරමුණේ අදහස පසුපස යාම අවසාන වශයෙන් සිංහල ජාතිවාදයට යටවීමකි.

    දෙමළ ජනතාවගේ විරෝධය, සිංහල ජාතියේ නාමයෙන් තමන් පීඩනයට ලක් කරන ආණ්ඩුවට මිස, සිංහල ජනතාවට නොවේ. සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් එකට නිවහල් විය හැකි ය. එහෙත් එයට පළමුව දෙමළ ජනතාවට වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුය.

    නලින් ද සිල්වා.

    මේවගේ නපුංසලා චම්පිකලා ගැන කියන කතා විශ්වාස කරන්න පුළුවන්ද
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හරියට එළකිරියේ ඉන්න ප්‍රබුද්ධ දේශපාලන දැනුමක් තියෙන දේශප්‍රේමීන් වගේ :D ලොල්ම තමා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිංහල බෞද්ධ අධිපති කතිකාව තුළ නිරතුරුව මතු කෙරෙන ජනප‍්‍රිය ප‍්‍රශ්නයක් වන්නේ ‘‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක්ද? යන්න යි. මේ ප‍්‍රශ්නයට බොහෝ පිළිතුරු දෙනු ලැබ ඇතත් ප‍්‍රශ්නය දිගින් දිගටම අසනු ලැබේ. දැන් මේ ප‍්‍රශ්නය බොහෝ දෙනා විසින් අසනු ලැබුවත්, මුලින්ම මේ ප‍්‍රශ්නය ඇසුවේත් එය ජනප‍්‍රිය කරනු ලැබුවේත් මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. ඒසේම මේ ප‍්‍රශ්නය වඩාත්ම සවිස්තරාත්මකව සහ සංගතව ඉදිරිපත් කරනු ලැබුවේ ද ඔහු විසිනි.

    පහත පළ වන්නේ 1982 දී මහාචාර්ය නලින් ද සිල්වා විසින් යථාර්ථ නැමැති සඟරාවට ලියූ ලිපියකි. එම ලිපිය 1994 දී රාවය පුවත්පතේ නැවත පළ කොට තිබුණි.

    ඊළාම් අයිතිය

    උතුරේ දෙමළ ජනතාව වෙන්වී තමන්ගේ ම රාජ්‍යයක් ගොඩනගා ගැනීම සඳහා කැමැත්ත, 1977 මැතිවරණයේ දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ජන්දය දීමෙන් පළකර ඇත. අද ද්‍ර.එ.වි.පෙ ක්‍රියා කරන්නේ එම කැමැත්තට පටහැනිව ය. එහෙත් එපමණින් ම වෙන්වීමට දෙමළ ජනතාවට ඇති උවමනාව නැති වී යැයි කිව නොහැකිය. ලන්ඩනයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති කමිටුව වැනි සංවිධාන ද්‍ර.එ.වි පෙරමුණට බාහිරව මතු වන්නේ එම අවශ්‍යතාවය දෙමළ ජනතාවට තිඛෙන බැවිනි. දෙමළ ජනතාවට එසේ වෙන්වීමට කැමැත්තක් තිබූ පමණින් ම ඔවුන්ට එවැනි අයිතියක් තිබේද? වෙන්වීමෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබේද? වෙන්විය යුත්තේ කිනම් පන්තියක නායකත්වය යටතේද? ධනපති පන්තියේ නායකත්වය යටතේ වෙන් වේ නම් එසේ වෙන් වීම කරණකොටගෙන දෙමළ ජනතාවට යහපතක්වේද? අයහපතක් වේ නම් වෙන්වීමට විරුද්ධ විය යුතුද? යනාදී ප්‍රශ්න අද ධනපති විරෝධී දේශපාලන තලයෙහි සාකච්ජා වෙමින් පවතී.

    මේ රටේ දෙමළ කථා කරන ජනතාව සිංහල ජනතාවත් සමග ම ධනපති ක්‍රමය යටතේ සූරාකෑමට ලක්ව සිටී. එයට අමතරව ඔවුන් ජාතික වශයෙන්ද පීඩනයට පත්වේ. රැකියාවන් ලබාගැනීමේ දී, විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී දෙමළ ජනතාවට අවාසි වන අන්දමට කරුණු සිදු වේ. වතුකරයේ දෙමළ ජනතාව ජීවත් වන්නේ මනුෂ්‍යයනට ඔබින ආකාරයකට නොවේ.

    දෙමළ ජනතාවට විශේෂ වරප්‍රසාද ලැබී ඇතැයි යන්න සිංහල ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ධනපති සන්නිවේදන මාධ්‍යයන් විශාල උත්සාහයක් දරා ඇත. මිෂනාරි අධ්‍යාපන ක්‍රමය යටතේ යාපන අර්ධද්වීපයේ උසස් පාඨශාලා ඇතිවීමත්∙ එමගින් උසස් අධ්‍යාපනයක් ලැබීමේ පහසුකමත්දෙමළ ජනතාවට අත්වූ බවත් සැබෑ ය. ඒ හේතුකොටගෙන ඉංග්‍රීසි පාලන සමයෙහි රැකියාවක් ලබා ගැනීමේ දී දෙමළ ජනතාවට යම් වාසිගත තත්ත්වයක් ඇතිවිය. එහෙත් මෙහි දී අප විශේෂයෙන් මතක තබාගත යුත්තක් නම් එම වාසිය අත්වූයේ ඉංග්‍රීසි උගත් දෙමළ ජනතාවට බවය.

    එසේ නම් ඇත්තටම සිදුවූයේ සිංහල ජනතාවට වඩා දෙමළ ජනතාවට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉඩකඩ සපයා තිබීම ය. මෙහි අසාධාරණයක් වී නම් “නිදහස” ගැනීමෙන් පසුව සිංහල කථා කරන පළාත්වල ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන පාසල් වඩ වඩා ඇති කිරීමට පාලකයන්ට අවස්ථාව තිබුණි. නැත්නම් ඉංග්‍රීසිය දෙවන භාෂාවක් ලෙස මනාව ප්‍රගුණ කරවමින් සිංහලෙන් හා දෙමළෙන් ජනතාවට තම තමන්ගේ වැඩ කටයුතු කර ගැනීම සඳහා පහසුකම් ඇති කරලීමට තිබුණි.

    එහෙත් ඔව්හි එසේ නොකළහ. එදත් අදත් කවදත් ඉංග්‍රීසි ඉගෙනීමට ලැබුණේ, ලැඛෙන්නේ ටික දෙනකුට පමණ ය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ මුවාවෙන් ඉංග්‍රීසි ඉගැන්වීම තවත් සීමා කරනු ලැබී ය. රජයේ සියලු කටයුතු සිංහලෙන් කරන බවට සිංහල ජනතාවට ප්‍රතිඥා දුන් නමුත් අද වනතුරුත් එය ඉටු වී නොමැත. සිංහලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවෝ ඉංග්‍රීසි උගතුන්ගේ ගැරහුමට ලක්වෙති. සිංහල මාධ්‍යයෙන් උපාධියක් ලද්දෙකුට වඩා ඉංග්‍රීසියෙන් කථා කිරීමට හැකි සාමාන්‍ය පෙළ පොදු අධ්‍යන සහතිකය ලද්දෙකුට රැකියාවක් ලබාගැනීමේ ඉඩකඩක් ඇත.

    දෙමළ ජනතාවට හිමිව තිබී යැයි කියූ වරප්‍රසාදය සිංහල ජනතාවට ලබා දීමේ මුවාවෙන් සිදු වී ඇත්තේ කුමක්ද? එක් පැත්තකින් දෙමළ උගත් තරුණයන් පීඩනයට ලක් කිරීම ය. අනෙක් පැත්තෙන්, උපරිම වශයෙන් සිංහලයෙන් පමණක් උගත් තරැණයන් මධ්‍යම හා පහළ ශ්‍රේණිවල රැකියාවන්ට සීමා කිරීම ය.
    අධ්‍යාපනය පළල් කිරීම, විශ්ව විද්‍යාල හා තෘතීය අධ්‍යාපනය වැඩි කොටසකට ලබාදීම, රැකියාවන් ලබාදීම ආදිය ඉටු කිරීමේ හැකියාවක් කිසිම ධනපති ආණ්ඩුවකට නැත. එම නොහැකියාව වසා ගැනීම සඳහා සෑම ධනපති පක්ෂයක් ම විටින් විට සිංහල ජනතාව අතර ජාතිවාදය අවුස්සා ඇත. ඒ අතර සෑම ජන කොටසක්ම පීඩනයට ලක් කෙරේ.

    එක් භූගෝලීය ප්‍රදේශයක ජීවත් වන, එක් සංස්කෘතියකට හිමිකම් කියන, එක් භාෂාවක් කථාකරන ජනතාවක් ලෙස දෙමළ ජනතාව ඔවුන් “දෙමළ” නිසා ම අමතර පීඩනයකට ද ලක්ව සිටිති. එසේ නම් ඔවුන්ව පීඩනයට පත් කරන රාජ්‍යයෙන් වෙන්වීමට ඔවුන්ට අයිතියක් නැත්ද?

    අවුරුදු දහස් ගණනකට උඩදී සිංහලයන් එම පළාත්වල පදිංචිව සිටීම නිසා ඓතිහාසික වශයෙන් මේ පෙදෙස්වල උරුමය සිංහලයන්ට අයත් විය යුතු බව සමහරු කියති. මෙම ඓතිහාසික සාධකය කෙතරම් දුරට සත්‍යයක්දැයි නොදනිමි. එහෙත් දෙමළ ජනතාව සිංහලයන්ට කලින් උතුරේ පදිංචිව සිටි බැව් පෙන්වීමට ද සාධක ඇති බව තවත් අය කියති. මෙම ප්‍රශ්නයට විසඳුමක් ඉතිහාසඥයින්ගෙන් බලාපොරොත්තු විය නොහැක. උතුරේ කවද කවුරුන් පදිංචි වීද යන්න දැන ගැනීම තුළින් අපට කුමක් ලබාගත හැකිද? රටක හෝ ප්‍රදේශයක මුල් පදිංචි කරුවන්ට එම රට හෝ ප්‍රදේශය අයිති විය යුතුය යන තර්කය ඔස්සේ රාජ්‍ය බිහි කිරීමට හැකි යයි සිතීම ඉතාමත් හාස්‍යජනක ය.

    රාජ්‍ය බිහිවන්නේ යම් යම් අවශ්‍යතාවයන් යටතේ ය. එහි පසුබිම මූලික වශයෙන් ආර්ථික උවමනාවන් ය. බාහිර සූරාකෑමකින් නිදහස්වීම මෙන් ම අභ්‍යන්තර සූරාකෑමකට ඉඩ සලසා දීම ද එම උවමනාවන් අතර වේ. එහි දී එක් පීඩනයකට එරෙහිව සටන් වදින අතර තවත් පීඩනයකට මුල පිරීම ද සිදුවේ.
    දෙමළ ජනතාව අද පීඩනයකට විරුද්ධව සටන් වැදී ඇත. එහි දී නායකත්වයගෙන ඇත්තේ කිනම් පන්තියක් ද යන ප්‍රශ්නය මෙහිදී පැන නගී. ද්‍ර.එ.වි.පෙ. ධනපති පක්ෂයක් ලෙස එම නායකත්වයෙහි එක්තරා ප්‍රමාණයකට තවමත් රැඳී ඇත. එහෙත් දෙමළ ජනතාවගේ ධනපති පන්තියට අද වෙන්වීමක් අවශ්‍යද? වෙන්වීම අවශ්‍ය කිනම් කොටසකටද? කිනම් පංතියකට ද? ඔවුන්ට නායකත්වය සපයන්නේ කවුරුන්ද?

    බොහෝ මාක්ස්වාදී පක්ෂ දෙමළ ජනතාවගේ ස්වයං නීර්ණයන අයිතිය පිළිගනියි. දෙමළ ජනතාවට අවශ්‍ය නම් වෙන්වීමේ අයිතිය ද ඔවුන්ට ඇති බව මෙම පක්ෂ නොයෙක් විට කියා ඇත. එහෙත් බොහෝ විට අපට මෙවැනි තර්කයක් ද මෙම පක්ෂ මගින් ඉදිරිපත් කරනු දක්නට ලැබී ඇත. “ධනපති පන්තියේ නායකත්වය යටතේ හෝ සුළු ධනේෂ්වර නැගිටීමක් ලෙස ඇතිවන සටනකින් දෙමළ ජනතාවට විමුක්තියක් නොලැබේ. එබැවින් දෙමළ ජනතාව කළ යුත්තේ දකුණේ පෑගෙන සිංහල ජනතාව සමග එක් වී සටන් කිරීම ය.” බැලූ බැල්මට මෙවැනි ප්‍රකාශන සාධාරණ ය. එහෙත් එක්සත් සටනක් කරන්නේ කෙසේද යන්න ගැන අදහසක් පවා නැති විටෙක එවැනි ප්‍රකාශන හුදු ප්‍රකාශන බවට පත් වේ. දෙමළ ජනතාවට වෙන්වීමට අයිතියක් ඇතැයි පිළිගනිමින් එම අයිතිය ක්‍රියාත්මකව පිළිනොගන්නා බවක් ඉන් අදහස් වේ. මෙය උගුරට හොරා බේත් කෑමට තැත් කිරීමකි.

    ඒකපාක්ෂිකව ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කිරීමට සැරසෙන ලන්ඩන් කමිටුවට ජනතා පදනමක් තිබේදැයි දැන ගැනීමට සැරසීම මෙම පක්ෂවල තවත් ලක්ෂණයක් බවට පත්ව තිබේ. ජනතා පදනමක් තිබේද නැද්ද යන්න මැන ගන්නේ කෙසේද? ද්‍ර.එ.වි.පෙ. ඊළාම් ප්‍රකාශ කිරීමට විරුද්ධ බැවින් අප ද එය සුළුකොට තැකිය යුතු ය යන්න ප්‍රශ්නයෙන් පැන යාමේ තවත් මගකි. ආණ්ඩුව සමග සම්මුති ගසාගත් ද්‍ර.එ.වි.පෙරමුණෙන් පක්ෂපාතී සහතිකයක් ලබා ගත හැකි විමුක්තිකාමී සංවිධානයක් තිබිය හැකිද? මේ සියල්ල නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සෙවීමට සමානය.

    දෙමළ ජනතාව වෙන්වීමට අදහස් කර ඇත්නම් ඒ අයිතිය ඔවුන්ට තිඛෙන බව ප්‍රකාශ කිරීමට ධනපති විරෝධී පක්ෂ බිය වන්නේ ඇයි? ඒ අයිතිය වෙනුවෙන් කිසිම කොන්දේසියක් පැනවිය නොහැකිය. වෙන්වීමෙන් වන ආදීනව ගැන අනවශ්‍ය අවධානයක් යෙදීම, ජනතා පදනම ගැන කරුණු සෙවීම, ද්‍ර.එ.වි.පෙරමුණේ අදහස පසුපස යාම අවසාන වශයෙන් සිංහල ජාතිවාදයට යටවීමකි.

    දෙමළ ජනතාවගේ විරෝධය, සිංහල ජාතියේ නාමයෙන් තමන් පීඩනයට ලක් කරන ආණ්ඩුවට මිස, සිංහල ජනතාවට නොවේ. සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් එකට නිවහල් විය හැකි ය. එහෙත් එයට පළමුව දෙමළ ජනතාවට වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුය.

    නලින් ද සිල්වා.

    උපුටා ගැනීම: http://demalageprashnaya.wordpress.com/2013/09/15/දෙමළාට-දෙමළ-වීම-නිසාම-තිබ/
     
    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙමළ ජනතාවගේ විරෝධය, සිංහල ජාතියේ නාමයෙන් තමන් පීඩනයට ලක් කරන ආණ්ඩුවට මිස, සිංහල ජනතාවට නොවේ. සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් එකට නිවහල් විය හැකි ය. එහෙත් එයට පළමුව දෙමළ ජනතාවට වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුය.

    ඔය තියෙන්නේ නලින්ගේ ඉලව්වේ ජාතික චින්තනය, දෙමලගේ ස්ව‍ය්ං තීරණ අයිතිය පිලිගන්නලු
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දෙමළ ජනතාවගේ විරෝධය, සිංහල ජාතියේ නාමයෙන් තමන් පීඩනයට ලක් කරන ආණ්ඩුවට මිස, සිංහල ජනතාවට නොවේ. සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් එකට නිවහල් විය හැකි ය. එහෙත් එයට පළමුව දෙමළ ජනතාවට වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුය.

    ඔය තියෙන්නේ නලින්ගේ ඉලව්වේ ජාතික චින්තනය, දෙමලගේ ස්ව‍ය්ං තීරණ අයිතිය පිලිගන්නලු

    මෙහෙම ගියොත් ජාතීන් විතරක් නෙවේ ආගම්, ,කුල වශයෙන් ,පාට පක්ෂ වශයෙනුත් ,දිග පළල වශයෙනුත් සෑම දෙනාටම වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුයි කියලා තව එකෙක් කියාවි :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙහෙම ගියොත් ජාතීන් විතරක් නෙවේ ආගම්, ,කුල වශයෙන් ,පාට පක්ෂ වශයෙනුත් ,දිග පළල වශයෙනුත් සෑම දෙනාටම වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුයි කියලා තව එකෙක් කියාවි :yes:

    :yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙහෙම ගියොත් ජාතීන් විතරක් නෙවේ ආගම්, ,කුල වශයෙන් ,පාට පක්ෂ වශයෙනුත් ,දිග පළල වශයෙනුත් සෑම දෙනාටම වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුයි කියලා තව එකෙක් කියාවි :yes:

    ඕක තමයි අවුල. හැබයි අර විඩියොවක මේ නලියා චම්පික මහත්තයට පලු යන්න බනිනවා. එයා පෙඩරල් මතේ ලු හිටියේ අරකය මේකය කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කුහක ගිනි පුක් සොන්නයෙක් තමයි ඕකා
    ඔය වගේ කැරියන් සරණ ගිය උනුත් ඉන්නව බං එලකිරියේත් ඉන්නව
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන්නම් මට හොදටම පිස්සු වගේ, පොඩ්ඩක් හිටපල්ලකෝ මම බලනකන් අපි ඔක්කොම පිස්සන් කොටුවේ එක එක කාමර වල ඉදන්ද මේ එළකිරියේ යන ඒවාට කොටන්නේ කියලා. එහෙම නැත්නම් මේ නලින්ලා, චම්පිකලා, විරවන්ශාලා, රාජිතලා, ගම්මන්පිලලා, මරවින්ලා, අනුරලා, මංගලලා, රවීලා............නම් දිගට.. දිගට..... දිගටම................... ගලාගෙන යයි.......... මුන් ඔක්කොම ශුවර් එකට ඉන්නේ පිස්සන් කොටුවේ එක එක කාමර වල කාලෙන් කාලෙට වාට්ටුව මාරු වෙනවා එකයි ඔය එක එක කතා කියන්නේ.

    අපරාදේ ප්‍රභාකරන් මැරුවේ ඌ විතරද කොහෙද එළියේ හිටපු එකම එකා................
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නලින් කියන්නේ කව්ද කියල දන්නෝ දනිති :yes: වීරවංශගේ සයිට් එකේ උඩ දාන තවත් පොරක් තමයි නලින් :lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    කුහක ගිනි පුක් සොන්නයෙක් තමයි ඕකා
    ඔය වගේ කැරියන් සරණ ගිය උනුත් ඉන්නව බං එලකිරියේත් ඉන්නව

    මහාචාර්ය කිව්ව ගමන් බයවෙලා සාදු නාද දෙන මැන්ටල් ඩයල්නුත් ඉන්නවනෙ බන් :P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම උසස් පෙලට ඉගෙන ගත්තෙ ගණිත විෂයධාරාවෙන්.
    ඒකාලෙ මම කැමතිම මහාචාර්ය වරයා තමාමේ
    ඇත්තටම පට්ටම බුද්ධියක් තිබුණෙ
    මම ඒ කාලෙ මෙයාගෙ දේශණ හොය හොයා ඇහුව ඒ තරම් සුපිරියි විෂයට අදාලව කල දේශණ
    පස්සෙ ටිකෙන් ටික මේ මනුස්සයට මක් උනාද මන්ද
    වයසට යන්න යන්න පිස්සු වගේ මොනාද කියවනව
    දැන්නම් පිස්සුවේ උපරිමයද මන්දා
    බුද්ධාගම දෙවියො දේශපාලනය විද්‍යාව ඔක්කොම පැටලිලා මේ මනුස්සයට දැන්
    පව් අප්පා..........
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    :yes: