අනාගතය දුටු මහා ප්‍රාඥයා - 2
පොරොන්දු වුනා වගේම ලියනාඩෝ ඩාවින්චිගේ සොයාගැනීම් ගැන විස්තරව ඇතිව කතා කරන්න ආරම්හය ගන්න තමයි මේ සූදානම් වෙන්නේ.
ඩා වින්චිගේ යුද යන්ත්‍ර දුටුවිට සමහරුන්ට ඔහු ලේ පිපාසිත යුදකාමියෙක් ලෙස පෙනෙන්නට පුලුවනි.නමුත් සත්‍යය එය නොවේ.එවැනි නිර්මාණ සිදුකරන්නට ඔහුව පොළඹන්නට හේතු තිබේ.ඔහු කැටපෝලය,විශාල හරස් දුන්නක්,යුද ටැංකියක්,හුමාලයෙන් ක්‍රියාත්මක වන කාලතුවක්කුවක් සහ තවත් ආයුද සැලසුම් කර තිබේ.
ලියනාඩෝ යුද්ධය ප්‍රියකල අයෙක් හෝ මිනිසුන්ට සතුන්ට හානි කිරීම අගය කල අයෙක් නොවේ.ඔහු ඇත්තවශයෙන්ම ඉතිහාසයේ මාංශ ආහාරයෙන් වැළකුණු අයෙකි.ඔහු වෙළඳ පොලෙන් නිතරම කූඩු කර තිබූ පක්ෂීන් මිලටගෙන ඔවුන්ගේ පියාපත්වල ව්‍යුහය අධ්‍යනය කර නිදහස් කර හැර තිබේ.වරක් ඔහු මෙසේ කියා තිබේ.
අවාසනාවකට ලියනාඩෝ ඩා වින්චි ඔහුගේ ලේපිපාසිත සහ බලයට කෑදර අනුග්‍රාහකයන්ගේ යටත් වැසියෙක් විය.(ඔහු එසමයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුවද ධනවතෙක් නොවීය.ඔහුගේ සිසුන් කිහිපදෙනාද නඩත්තු කරන්නට සිදුවූයේ ඔහුටය )මේ නිසා ඔහුගේ විශිෂ්ඨ බුද්ධිය යොදාගෙන මිනිසුන්ට දැඩි හානි පැමිණවිය හැකි යන්ත්‍ර සහ අවි නිර්මාණය කරන්නට ඔහුට සිදුවන්නට ඇති.
ඔහු ජීවත්ව සිටි සමයේ ඉතාලිය තුල ස්වාධීන ක්‍රියා කරන නගරමය රාජ්‍ය කිහිපයක් තිබිණි.ඒ සෑම එකකටම අවශ්‍ය වූයේ අනෙකාගේ භූමිය සහ බලය අත්පත් කරගැනීමටයි.තාක්ෂණික සහ හමුදාමය බලය වැඩිපුර තිබූ රාජ්‍යය ප්‍රබල විය.
ඩා වින්චිට අනුග්‍රහය දැක්වූ දරුණුතම පුද්ගලයා වූයේ සෙසාර් බොර්ගියාය.ඔහු විසින් ක්‍රි.ව.1500 මුල් කාලයේ වසර කිහිපයක් තමාගේ හමුදා වාස්තු විද්‍යාඥයා සහ ඉන්ජිනේරුවා ලෙස ලියනාඩෝ ඩාවින්චි ව සේවයේ යොදවන ලදි.බොර්ගියා වෙනුවෙන් ඩා වින්චි තැනූ යන්ත්‍ර පහරදෙන්නට මෙන්ම ආරක්ෂා වන්නටද භාවිතා කල හැකිවිය.ඉන් එකක් වූයේ ලොව ප්‍රථම මැෂින් තුවක්කුවයි.
ඔහුගේ අනෙකුත් යුද යන්ත්‍ර අතර කිමිදුම් ඇඳුම තිබිණි.එය යොදාගෙන කිමිදී වෙරළාසන්නයේ තිබෙන(නොගැඹුරු )යාත්‍රාවලට පහර දිය හැකිය.ඔහුගේ ද්විත්ව ස්ථර සහිත නෞකාව මුහුද යටින් එල්ල වන ප්‍රහාරයකින් සිදුවන හානියෙන් නෞකාව ගිලී යාම වළක්වයි.ඔහු නිපදවූ පොකුරු බෝම්බ මගින් එකවර සතුරන් රැසක් තුවාල කිරීම හෝ මරා දැමීම කල හැකි විය.ඩා වින්චිගේ යුද ටැංකිය සතුරන් මධ්‍යයට ගොස් ඔවුන් බියට පත් කර ,එහි වෙඩි බලයෙන් ඔවුන්ව විනාශ කිරීමේ හැකියාව තිබිණි.තවද ඔහුගේ දැවැන්ත හරස් දුන්න යොදාගෙන පුපුරණද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යාර සිය ගණනක් දුරට විදිමේ හැකියාව තිබිණි(ඒවා ඝට්ටනය වීමෙන් පුපුරා යන ලෙස නිර්මාණය කර තිබිණි.).
තමන්ගේ මෙවැනි යුදමය යන්ත්‍ර සහ අවි සැලසුම් ගැන ඔහු සතුටු නොවූබව ප්‍රකට කරුණකි.ඔහුගේ සැලසුම් දුෂ්ඨ චේතනා සහිත උන් අතට පත්වීමෙන් සිදුවිය හැකි අනතුර ගැන දන්නා ඩා වින්චි එම සැලසුම්වලට මූලික දෝෂයන් හිතා මතාම ඇතුලත් කරන ලදි.මෙම දෝෂ අහම්ඹෙන් මතුවූ ඒවා යැයි සිතීම දුෂ්කර වන්නේ ඩා වින්චිගේ අතිසූක්ෂම නිර්මාණවන ස්වයංක්‍රීයව ධාවනය වන රථය සහ රොබෝව ආදියේ සැලසුම් අධ්‍යනය කිරීමෙනි.ඔහුගේ සමහර යන්ත්‍රවල ගියර් පද්ධතියේ දෝෂ තිබිණි.නමුත් ඒවා යාන්ත්‍ර විද්‍යාව සහ යාන්ත්‍රික පද්ධති ගැන අවබෝධයක් තිබූ අයෙකුට පහසුවෙන් අඳුනාගත හැකි මට්ටමේ දෝෂ විය.
එලෙස දෝෂ සහිත නිර්මාණය වූයේ යුද ටැංකියයි.එහි රෝද එකිකෙට විරුද්ධ අතට ක්‍රියා කල නිසා ඉදිරියට ගමන් කල නොහැකිවිය.මෙම දෝෂ ඩා වින්චි විසින් හිතා මත කල ඒවා හෝ අතපසුවීමකින් සිදුවු ඒවා වන්නට ඇති.
ලියනාඩෝ ඩාවින්චි ගේ තරුණ කාලය අලලා නිර්මාණය කල Da Vinci's Demons නම් ටෙලි කතා මාලාව තුල ඔහුගේ නිර්මාණ රැසක් ක්‍රියාවේ යොදවන අයුරු පෙන්වා තිබේ.කුතුහලය දනවන මෙම කතා මාලාවේ අධියර 2ක්(කොටස් 18ක්) මේවන විට අවසන්ව තිබේ.
Assassin's Creed නම් වීඩියෝ ක්‍රීඩාවේදී ද ලියනාඩෝ ඩා වින්චි ගැන සඳහන් කරයි.එහි දෙවන කොටස වන Assassin's Creed II හිදී පටන් ක්‍රීඩකයාට ඩා වින්චිගේ ග්ලයිඩරය,මැෂින් තුවක්කුව,යුද ටැංකිය ආදී උපකරණ,යන්ත්‍ර සහ අවි භාවිතා කරන්නට අවස්ථාව හිමිවේ.(මම නම් ගේම් ගහන්නේ නෑ)
Assassin's Creed II හි භාවිතාවන ඩා වින්චිගේ අවි සහ යන්ත්‍ර
Source:Leonardodavincisinventions.com
-HarshaLulzSec-

ලියනාඩෝ ඩා වින්චිගේ යුද යන්ත්‍රණ සහ යුද්ධය සම්බන්ධ සොයා ගැනීම්
ඩා වින්චිගේ යුද යන්ත්‍ර දුටුවිට සමහරුන්ට ඔහු ලේ පිපාසිත යුදකාමියෙක් ලෙස පෙනෙන්නට පුලුවනි.නමුත් සත්‍යය එය නොවේ.එවැනි නිර්මාණ සිදුකරන්නට ඔහුව පොළඹන්නට හේතු තිබේ.ඔහු කැටපෝලය,විශාල හරස් දුන්නක්,යුද ටැංකියක්,හුමාලයෙන් ක්‍රියාත්මක වන කාලතුවක්කුවක් සහ තවත් ආයුද සැලසුම් කර තිබේ.
ලියනාඩෝ යුද්ධය ප්‍රියකල අයෙක් හෝ මිනිසුන්ට සතුන්ට හානි කිරීම අගය කල අයෙක් නොවේ.ඔහු ඇත්තවශයෙන්ම ඉතිහාසයේ මාංශ ආහාරයෙන් වැළකුණු අයෙකි.ඔහු වෙළඳ පොලෙන් නිතරම කූඩු කර තිබූ පක්ෂීන් මිලටගෙන ඔවුන්ගේ පියාපත්වල ව්‍යුහය අධ්‍යනය කර නිදහස් කර හැර තිබේ.වරක් ඔහු මෙසේ කියා තිබේ.
"මිනිසුන් විසින් සතුන්ව ඝාතනය කරන තාක්,ඔවුන් එකිනෙකා මරා ගනීවි"
"The time will come when men such as I will look upon the murder of animals as they now look upon the murder of men"
අවාසනාවකට ලියනාඩෝ ඩා වින්චි ඔහුගේ ලේපිපාසිත සහ බලයට කෑදර අනුග්‍රාහකයන්ගේ යටත් වැසියෙක් විය.(ඔහු එසමයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුවද ධනවතෙක් නොවීය.ඔහුගේ සිසුන් කිහිපදෙනාද නඩත්තු කරන්නට සිදුවූයේ ඔහුටය )මේ නිසා ඔහුගේ විශිෂ්ඨ බුද්ධිය යොදාගෙන මිනිසුන්ට දැඩි හානි පැමිණවිය හැකි යන්ත්‍ර සහ අවි නිර්මාණය කරන්නට ඔහුට සිදුවන්නට ඇති.
ඔහු ජීවත්ව සිටි සමයේ ඉතාලිය තුල ස්වාධීන ක්‍රියා කරන නගරමය රාජ්‍ය කිහිපයක් තිබිණි.ඒ සෑම එකකටම අවශ්‍ය වූයේ අනෙකාගේ භූමිය සහ බලය අත්පත් කරගැනීමටයි.තාක්ෂණික සහ හමුදාමය බලය වැඩිපුර තිබූ රාජ්‍යය ප්‍රබල විය.
Cesare Borgia
ඩා වින්චිට අනුග්‍රහය දැක්වූ දරුණුතම පුද්ගලයා වූයේ සෙසාර් බොර්ගියාය.ඔහු විසින් ක්‍රි.ව.1500 මුල් කාලයේ වසර කිහිපයක් තමාගේ හමුදා වාස්තු විද්‍යාඥයා සහ ඉන්ජිනේරුවා ලෙස ලියනාඩෝ ඩාවින්චි ව සේවයේ යොදවන ලදි.බොර්ගියා වෙනුවෙන් ඩා වින්චි තැනූ යන්ත්‍ර පහරදෙන්නට මෙන්ම ආරක්ෂා වන්නටද භාවිතා කල හැකිවිය.ඉන් එකක් වූයේ ලොව ප්‍රථම මැෂින් තුවක්කුවයි.
මැෂින් තුවක්කුව
ඔහුගේ අනෙකුත් යුද යන්ත්‍ර අතර කිමිදුම් ඇඳුම තිබිණි.එය යොදාගෙන කිමිදී වෙරළාසන්නයේ තිබෙන(නොගැඹුරු )යාත්‍රාවලට පහර දිය හැකිය.ඔහුගේ ද්විත්ව ස්ථර සහිත නෞකාව මුහුද යටින් එල්ල වන ප්‍රහාරයකින් සිදුවන හානියෙන් නෞකාව ගිලී යාම වළක්වයි.ඔහු නිපදවූ පොකුරු බෝම්බ මගින් එකවර සතුරන් රැසක් තුවාල කිරීම හෝ මරා දැමීම කල හැකි විය.ඩා වින්චිගේ යුද ටැංකිය සතුරන් මධ්‍යයට ගොස් ඔවුන් බියට පත් කර ,එහි වෙඩි බලයෙන් ඔවුන්ව විනාශ කිරීමේ හැකියාව තිබිණි.තවද ඔහුගේ දැවැන්ත හරස් දුන්න යොදාගෙන පුපුරණද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යාර සිය ගණනක් දුරට විදිමේ හැකියාව තිබිණි(ඒවා ඝට්ටනය වීමෙන් පුපුරා යන ලෙස නිර්මාණය කර තිබිණි.).
තමන්ගේ මෙවැනි යුදමය යන්ත්‍ර සහ අවි සැලසුම් ගැන ඔහු සතුටු නොවූබව ප්‍රකට කරුණකි.ඔහුගේ සැලසුම් දුෂ්ඨ චේතනා සහිත උන් අතට පත්වීමෙන් සිදුවිය හැකි අනතුර ගැන දන්නා ඩා වින්චි එම සැලසුම්වලට මූලික දෝෂයන් හිතා මතාම ඇතුලත් කරන ලදි.මෙම දෝෂ අහම්ඹෙන් මතුවූ ඒවා යැයි සිතීම දුෂ්කර වන්නේ ඩා වින්චිගේ අතිසූක්ෂම නිර්මාණවන ස්වයංක්‍රීයව ධාවනය වන රථය සහ රොබෝව ආදියේ සැලසුම් අධ්‍යනය කිරීමෙනි.ඔහුගේ සමහර යන්ත්‍රවල ගියර් පද්ධතියේ දෝෂ තිබිණි.නමුත් ඒවා යාන්ත්‍ර විද්‍යාව සහ යාන්ත්‍රික පද්ධති ගැන අවබෝධයක් තිබූ අයෙකුට පහසුවෙන් අඳුනාගත හැකි මට්ටමේ දෝෂ විය.
එලෙස දෝෂ සහිත නිර්මාණය වූයේ යුද ටැංකියයි.එහි රෝද එකිකෙට විරුද්ධ අතට ක්‍රියා කල නිසා ඉදිරියට ගමන් කල නොහැකිවිය.මෙම දෝෂ ඩා වින්චි විසින් හිතා මත කල ඒවා හෝ අතපසුවීමකින් සිදුවු ඒවා වන්නට ඇති.
යුද ටැංකිය
ඊළඟ ලිපි කිහිපයේදී ඩා වින්චිගේ පහත නිර්මාණයන් ගැන සාකච්ඡා කරනු ඇති.
යුද ටැංකිය
කැටපෝලය
හරස් දුන්න
කැටපෝලය
හරස් දුන්න
Da Vinci's Demons
ලියනාඩෝ ඩාවින්චි ගේ තරුණ කාලය අලලා නිර්මාණය කල Da Vinci's Demons නම් ටෙලි කතා මාලාව තුල ඔහුගේ නිර්මාණ රැසක් ක්‍රියාවේ යොදවන අයුරු පෙන්වා තිබේ.කුතුහලය දනවන මෙම කතා මාලාවේ අධියර 2ක්(කොටස් 18ක්) මේවන විට අවසන්ව තිබේ.
Assassin's Creed
Assassin's Creed නම් වීඩියෝ ක්‍රීඩාවේදී ද ලියනාඩෝ ඩා වින්චි ගැන සඳහන් කරයි.එහි දෙවන කොටස වන Assassin's Creed II හිදී පටන් ක්‍රීඩකයාට ඩා වින්චිගේ ග්ලයිඩරය,මැෂින් තුවක්කුව,යුද ටැංකිය ආදී උපකරණ,යන්ත්‍ර සහ අවි භාවිතා කරන්නට අවස්ථාව හිමිවේ.(මම නම් ගේම් ගහන්නේ නෑ)
Assassin's Creed II හි භාවිතාවන ඩා වින්චිගේ අවි සහ යන්ත්‍ර
එහෙනම් ඩා වින්චිගේ යුධ ටැංකිය ගැන කතා කරන ඊළඟ ලිපියෙන් හමුවෙමු.
Source:Leonardodavincisinventions.com
-HarshaLulzSec-
Last edited: