අනාගතය දුටු මහා ප්‍රාඥයා - 3

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අනාගතය දුටු මහා ප්‍රාඥයා - 3

    Xcp6XKm.jpg

    ලියනාඩෝ ඩා වින්චි සහ ඔහුගේ සොයාගැනීම් ,නිර්මාණ ගැන පළවන ලිපි පෙලේ තුන්වැන්න තමයි මේ ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ.මෙම ලිපිය ඔස්සේ ඩා වින්චි සැලසුම් කල යුද ටැංකිය ගැන සාකච්ඡා කෙරෙනු ඇති.

    ලොව බිහිවූ බුද්ධිමතුන් අතර ලියනාඩෝ ඩා වින්චිට ප්‍රමුඛස්ථානයක් හිමිවන්නේ "ලොවින් එකෙක් එක් දේකට වෙයි සමතා" යන කියමන ඔහු විසින් අසත්‍යයක් කල නිසාම නොව ඔහු ජීවත්ව සිටි සමයට වඩා ඉදිරිය දුටු පුද්ගලයෙක් නිසාය.ඉතාලි ජාතිකයෙක් වන ඩා වින්චි චිත්‍ර කලාව,ගෘහ නිර්මාණ ශිල්පය,ඉන්ජීනේරු විද්‍යාව,උද්භිත විද්‍යාව,තාරකා විද්‍යාව,භූවිද්‍යාව,ව්‍යහවිද්‍යාව,ගණිතය,සිතියම් විද්‍යාව,සාහිත්‍යය,ලේඛන කලාව,ඉතිහාසය,විද්‍යාව,සංගීතය සහ ප්‍රතිමා නිර්මාණය සම්බන්ධව උනන්දුව දැක්වූ අයෙක් මෙන්ම ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධව මනා දැනුමක් තිබූ අයෙකි.ඔහු ජීවත්වූයේ යුරෝපයේ පුනරුද(14-17 ශතවර්ෂ අතර කාලය) සමයේය.ඔහු පදිංචිව සිටියේ ඉතාලියේ ෆොලෝරන්ස්(යුරෝපා පුනරුද සමය ඇරඹෙන්නේ මෙම නගරයෙන් බවයි පිළිගැනෙන්නේ) නගරයේය.ඒ ක්‍රි.ව.1452-ක්‍රි.ව.1519 අතර කාලයේය.ඩා වින්චිගේ මරණයෙන් පසු ඔහුගේ පරිකල්පන හැකියාවට තරමක් හෝ ආසන්නයට පැමිණි අයෙක් බිහිවන්නේ 19 ශත වර්ෂයේදීය.ඔහු නිකොලා ටෙස්ලාය.නමුත් ඩාවින්චිගේ බහුශ්‍රැතබාවයට අභියෝග කල හැකි අයෙක් ඉන්පසු ලෝකයේ පහල නොවූ තරම්ය.


    YDQ6wXj.jpg
    නිකොලා ටෙස්ලා​




    මෙම ලිපියෙන් විමසා බැලෙන්නේ ලියනාඩෝ ඩා වින්චි විසින් සැලසුම් කල යුධ ටැංකිය සම්බන්ධවයි.​




    ලියනාඩෝ ඩා වින්චිගේ යුද ටැංකිය​


    IOQgqKj.jpg


    මෙම යුද ටැංකිය සැලසුම් කිරීම සිදුවන්නේ ක්‍රි.ව. 1487 එවකට ඉතාලියේ මිලාන් නගරයේ ආදිපාදව සිටි ලුඩොවිකො ස්ෆෝසාගේ අනුග්‍රහය මතයි.

    ඩා වින්චි විසින් ආදිපාද ස්ෆෝසා වෙත යැවු ලිපියේ මෙසේ සඳහන් ව තිබේ.​

    “I can make armored cars, safe and unassailable, which will enter the closed ranks of the enemy with their artillery, and no company of soldiers is so great that it will not break through them. And behind these our infantry will be able to follow quite unharmed and without any opposition.”

    ආරක්ෂා සහිත සහ සතුරන්ගේ ප්‍රහාරවලින් හානියක් නොවන සන්නද්ධ රථ තාමට නිපදවිය හැකිබවත් කිසිම හමුදාවකට ඒතුලට කඩාබිදගෙන යා නොහැකිබවත් යුද ටැංකි පිටුපසින් අපගේ පාබල හමුදාවලට කිසිදු සතුරු ප්‍රතිවිරෝධයකින් තොරව යා හැකිබවත් ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.


    PXSHHbm.jpg

    Ludovico Sforza


    මෙම යුද ටැංකිය සැලසුම් කර තිබුණේ සංග්‍රාම භූමියට පිවිස අංශක 360 සීමා වේ සිටින සියලුම සතුරන් එහි තුවක්කුවලින් වෙඩි තබා විනාශ කල හැකි අයුරිනි.​
    සැමවිටම වාගේ ඩා වින්චි තම නිර්මාණ සැලසුම් කිරීමේදී අදහස් ලබා ගත්තේ ස්වභාවධර්මයෙනි.ඔහුගේ යුද ටැංකිය පවා පදනම් වන්නේ ඉබ්බෙක්ගේ පිටකටුව මතයි.​



    ලියනාඩෝ ඩා වින්චිගේ යුද ටැංකිය ක්‍රියාකරන අයුරු

    පහත දැක්වෙන වීඩියෝවෙන් ඩා වින්චිගේ යුද ටැංකිය ක්‍රියා කරන අයුරු පෙන්වා දෙයි.ඔහුගේ නිර්මාණය කොතරම් අනර්ඝ එකක් දැයි වීඩියෝව අවසානයේදී ඔබට පෙනේවි.​




    පළමු ලෝක සංග්‍රාමය එනම් ඩා වින්චි ජීවත්ව සිටි කාලයේ පටන් වසර 400ක් පමණ ගතවන තෙක් ඔහුගේ මෙම නිර්මාණ සැලැස්මට සමාන හෝ ඊට ආසන්න දෙයක් නිර්මාණය නොවීය.ශත වර්ෂ ගණනාවක් ගත වූ පසුත් පළමු ලෝක යුද සමයේ යුද ටැංකිවලට වඩා ඩා වින්චිගේ යුද ටැංකි සැලැස්ම සාර්ථක මෙන්ම ප්‍රබල එකක් විය.විශේෂයෙන්ම ඩා වින්චිගේ යුද ටැංකියෙ තිබූ ආනත වූ සන්නාහය ඔහුගේ බුද්ධියේ තරම පෙන්වන්නකි.

    මෙය පහත උදාහරණය මගින් පැහැදිලි කර ගත හැකිය.එහි දැක්වෙන ඝනකාභ(A,B) සන්නාහ තහඩු යැයි සිතන්න.එම තහඩු දෙකම සමාන දිග,පළල සහ උසින් යුක්තය.B තහඩුව අංශක 45ක් ඇල වී තිබේ.එම ආනතිය නිසා උණ්ඩයකට තහඩුව හරහා යෑමට අමතර දුරක් ගමන් කරන්නට සිදුවේ.අමතර සන්නාහයක් යොදා ගැනීම හෝ ඝනකමින් වැඩි සන්නාහයක් යොදාගෙන බර වැඩි කරගන්නවා වෙනුවට මෙය සාර්ථක උපක්‍රමයකි.සරල නමුත් ඵලදායි මෙම සැලැස්ම මගින් උණ්ඩයක් ඇතිකරන බලය වෙනතකට හැරවිය හැකිය.

    aat6gxC.jpg




    පහත දැක්වෙන පළමු ලෝක යුද සමයේ යුද ටැංකිය දෙස බලන්න.එහි විශාල ප්‍රදේශයක් පැතලි හැඩයක් ගන්නා අතර සෘජුවම එන උණ්ඩයකට එහි සන්නාහය බිදගෙන යා හැකිය.​

    QSeCmxe.jpg




    ලියනාඩෝ ඩා වින්චි ජීවත් වූ සමයේ සංග්‍රාම භූමියෙන් සොයාගත හැකිවූ යුද ටැංකිවලට සම කල හැකි එකම දෙය වූයේ හස්තීන් මත නැගුණු මිනිසුන්ය(උපරිම තිදෙනෙක්).සතුන්ට හිංසා කිරීම ගැන ඩා වින්චි තුල පැහැදීමක් නොතිබුණු අතර ඔහුගේ යුද ටැංකි සංකල්පය නිර්මාණය වූයේ ඊට පිළියමක් ලෙසද විය හැකිය.

    kadQMcZ.jpg
    යුද ටැංකිය ඇතුලත​




    මෙම යුද ටැංකිය ක්‍රියාත්මක වූයේ මිනිසුන් සිව්දෙනෙකුගේ අත් වලිනි.පැඩල කැරකවීමෙන් එය ගමන් කරන ලද අතර ඔවුන්ගේ පහසුව වෙනුවෙන් ඊට ගියර් පද්ධතියක්ද එක් කර තිබිණි.නමුත් මෙය භූමියේදී අඩු වේගයකින් ගමන් කරන්නට හේතුවකි.යුද ටැංකිය තුල සිටි අනෙක් මිනිසුන් ඒ තුල සවිකර තිබු තුවක්කුවලින් සතුරන්ට ප්‍රහාර එල්ල කරන්නට යොදවා තිබෙන්නේට ඇති.එම තුවක්කු සියලුම දිශාවලට පහර දිය හැකිසේ රඳවා තිබිණි.(අංශක 360)

    jsmUAdm.jpg


    ycSxZDe.jpg


    4QtpRE6.jpg


    abY2Z5n.jpg


    asbymig.jpg





    ලියනාඩෝ ගේ යුද ටැංකියේ දෝෂ​

    තමාගේ සැලසුම දුෂ්ඨ අදහස් ඇතිවුන්ට හෝ සතුරන්ට නතු වුවහොත් යන සැකය මත ඩා වින්චි යුද ටැංකියේ සැලැස්මට හිතාමතාම දෝෂයන් ඇතුලු කලාද යන්න පැහැදිලි නැත.ඔහුගේ සැලැස්මට අනුව යුද ටැංකියක් නිර්මාණය කලේ නම් එහි රෝදවලට සම්බන්ධවන ප්‍රධාන යෂ්ඨි 2ක වැරදි දිශාවලට කැරකවේ.එවිට ඒවා එකිනෙකට විරුද්ධව ක්‍රියා කර ප්‍රථිපලයක් ලබා නොදෙයි.ඩා වින්චි යුද්ධයට අකැමැත්තක් දැක්වූ අයෙක් වු නිසා ඔහු හිතාමතාම එහි දෝෂයක් නිර්මාණය කරන්නට ඇතැයිද සිතිය හැකිය.ඒ කෙසේ වෙතත් එය නොදැනුවත්කමින් සිදුවූ දෝෂයක් යැයි කිව නොහැක්කේ ලොව ප්‍රථම ස්වබලයෙන් ක්‍රියාකරන රථය ,ප්‍රථම constantly variable transmission, සරලව කිව හොත් ගියර් පද්ධතියක් සහ ප්‍රථම අවලම්බක ඔරලෝසුව ඩාවින්චි විසින් සැලසුම් කර තිබීමත් යාන්ත්‍ර විද්‍යාව සම්බන්ධව එතරම් දැනුමක් සහිත අයෙක් අතින් මෙතරම් කුඩා දෝෂයක් සිදුවීම සිදු නොවිය හැකි තරම්ය.

    මෙම යුද ටැංකි සැලැස්මේ ඊට ආවේණික දෝෂ තිබේ.එහි රෝද රථයේ බර දරා ගැනීමටත් තෙතමනය සහිත බිමක ගමන් කිරීමටත් නොහැකි තරම් තුනීය.එවැනි තුනී ඝනකමෙන් අඩු රෝද පහසුවෙන් පොලොවේ එරී යා හැකිය.නූතන යුද ටැංකි මෙම ප්‍රශ්නය මගින් විසදා ගත්තේ 20වන ශත වර්ෂයේදීය.




    ඩා වින්චිගේ යුද ටැංකිය ප්‍රතිනිර්මාණය​

    මෙම රථය ධාවන කරවීම ලේසි පහසු කාර්‍යක් නොවන බව මෙම වීඩියෝපටය නැරඹීමෙන් ඔබට අවබෝධ වේවි.​





    2VNNfaU.png
    Assassin's Creed Brotherhood වීඩියෝ ක්‍රීඩාවේ එන ඩාවින්චිගේ යුද ටැංකිය​



    ඊළඟ ලිපියෙන් ඩා වින්චිගේ තවත් නිර්මාණයක් වන කැටපෝලය ගැන කතාකරමු.



    හතරවන කොටස



    Source:Leonardodavincisinventions.com

    -HarshaLulzSec-
     
    Last edited: