ඒ දින තවම මට මතකයි
කිසිදින අමතක නොම වෙයි
සොයුරගෙ ලේ මිහිතලෙ වැටුණා මතකයි
තුන් සිංහලයේ ලේ දැන් කුපිතයි
මා සිතුවෙ ඔබ මගෙ සොයුරන් විලසයි
තේරුණෙ මට සොයුරගෙ විලාපය ඇසුණු විටමයි
ඇසකට දෙඇසද අතකට දෙඅතද
වෛරය කිසිදින නිම නොමවෙයි
මියගිය විට සොල්දාවෙකුන් බිහිවෙයි
තව සිය දහස් ගණනක් රට වෙනුවෙන්
රට වෙනුවෙන් දිවි පුදනා සොල්දාදුවා නැහැ කිසිදින තනිවන්නේ
යළි යලී උපදියි මරණය පරදයි නැගිටියි යළි ඔබ මළවුන්ගෙන්
රට වෙනුවෙන් ජීවය පුදන්න මව්පෙම සැමදා ඔබ හද රැදුනේ
මව් පෙව් ලේ කිරි වල ණය ගෙව්වේ
අභිමානය ඔබ වෙයි හැඟුමන් පැතුමන් සිතුමන් සැම ඔබ බිලි දුන්නේ
ඒ හදතුල ඇතිවන ජීවයෙ ගින්දර කිසිදින අනිකෙකු නොම දන්නේ
සතුරන් පරදයි ජීවිත සුරකියි ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ
රෝස මලක් පුදන්නද පරවින් දකීවි මවගේ කඳුළැල් නොවැටෙන්නේ
ඒ ජීවය උතුම්ය ආත්මය උතුම්ය ජීවිය රකිනා දෙවියන් එය දන්නේ
යම් දින අප සිනහව ඔබ හට උපහාර අප සැම දින ඔබ සමගින්නේ
ආලය කරන්න සෙනෙහස ලබන්න සිතුවිලි නැගෙනවා හද පතුලේ
මේ ජීවිතෙ විදින්න කාලය ගෙවන්න පෙම්බස් දොඩන්න අප දන්නේ
අඳුරු රාත්‍රිය පාලුයි සවස සිටියෙ තනිවයි සිටියා මුර කර සතුරන්ගේ
ඒ ශක්තිය මිතුදම හදතුල සැමදින නැත මුදලට රට පාවන්නේ
රැකගනිමී මගෙ රට ලක්මව් නාමෙන් මගෙ මව හට මා ගෞරව වී
දිවි පුදමී ඔබ හට ආදර මව්නී රැකගනිමී ඔබ දිවි වුව දී
නැත කැළලක් තැවුමක් පසුබැස්මක් හිත් අවුලක් එය මා හොදින් දනී
එක ජීවයක් බිලි ගන්නෙ තව ජීවිත දහසක් රකින්න
රටේ සාමය රකින එය දෙවියන් දනී
සිතෙ රැදුනා විලාප ඇසුනා මිලාන හඬවල් මහ රෑ ඡායා ඇදී
හිත බිඳුනා මා හද නැගුණා ශක්තිය හදතුල මා පෙරට යමී
යම් දිනයක හිරු පායයි හීනය අවසානයි
පෙරට තැබූ පය නොගනිමු සතුරට බිය වැදී
නැත වෙනසක් පෙර මෙන් සටන් වදිමු එක මෙන්
දුටුගැමුනු විජයබාහු තවමත් මෙ අපී
තුන් සිංහලයද තුන් හමුදාවද නැත වෙනසක් යමු මුළු හදින් බැඳී
නැතිවුණු සෙබළු නාමෙන් පරදමු දේශ ප්‍රේමෙන්
බිය නැතිවුනු පුතු බලා සිටී