අනාත්ම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    යම් කිසි පුද්ගලයො දෙන්නෙක් ගත්තොත්, ඒ දෙන්නටම සදාකාලිකව අනන්‍ය වෙච්ච කිසිම දෙයක් නෑ..
    අපේ හිතත් (මනසත්) එහෙමයි.. අපේ හිත කියන දේත් ස්ථිර දෙයක් හැටියට ගන්ඩ එපා. හිත කිව්වම කෙනෙක්ගෙ චරිත ස්වභාවය, ඔහු ජීවිතය තුළින් ලබා ගත් අත්දැකීම්වල මතකය, මේ හැම දෙයක්ම අයිතියි..
    ගොඩක් අය හිතනව කෙනෙක්ගෙ ලක්ෂණ සියල්ලම අයින් කළාම, එයාටම අනන්‍ය වෙච්ච දෙයක්, නැත්තං ආත්මයක් ඉතුරු වෙනව කියල.. ආත්මය කියන්නෙත් ස්ථිර දෙයක් නෙමේ.. ඒකත් යම් යම් අත්දැකීම් මතකයන් එකතු වෙලා හැදුන දෙයක්...
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0

    භවයෙන් භවයට මාරු වෙවී යනකොට, මේ භවයෙ කෙනෙක්ගෙ තියෙන ලක්ෂණ ටික ටික අඩුවෙල, කවද හරි නැත්තටම නැති වෙන්ඩ පුලුවං.. එතකොට කලිං තිබුණ අනන්‍යතාවෙ එයාට දැං තියෙනවද ? අලුත්ම පුද්ගලයෙක් දැං ඉන්නෙ.. කලින් භවයක ඉඳල ස්ථිරව ඉදිරියට ගේන අනන්‍යතාවයක් (ආත්මයක්) නෑ..

    අනේ මහත්තයෝ පැහැදිලි කොරානම් ඔය "භවයෙන් භවයට මාරුවෙන්නෙ" කවුද, මොකද්ද කිඅයලා. ඒක ද අර තරුව? ගාමක බලය ද භවයෙන් භවයට මාරුවෙන්නෙ?
     
    • Like
    Reactions: topkollek

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    ජිංතක ජිල්ලබකිට;19487836 said:
    අනේ මහත්තයෝ පැහැදිලි කොරානම් ඔය "භවයෙන් භවයට මාරුවෙන්නෙ" කවුද, මොකද්ද කිඅයලා. ඒක ද අර තරුව? ගාමක බලය ද භවයෙන් භවයට මාරුවෙන්නෙ?

    පැහැදිලි කරන්ඩ ඕන නිසයි මම එහෙම ගත්තෙ.. උඹට ඕනෙනං වෙන නමක් දාගනින්.. ප්‍රශ්නයක් නෑ.. බුද්ධාගමේ ඒකට කියන හොඳ වචනයක් ඇති.. මම දන්නෙ නෑ..
    ඔය තරුව නිමිල යන එක තමා රහත් වෙනව කියන්නෙ.. එහෙම කිව්වොත් තේරෙයිද ?
     
    මේක මම කියවල තියෙන, අහල තියෙන, බුදු බණේ නම් තියෙන්නෙ මෙහෙම. එක භවයක් පෙර නොතිබීම ඇති වුනා. ඒක ඉතුරු නැතිවම නැතිවුනා. ඊලඟට තවත් භවයක් පෙර නොතිබීම ඇතිවුනා. ඒකත් ඉතුරු නැතිවම නැතිවුනා. එක භවයකින් තව භවයකට යන පුද්ගලයෙක්, ආත්මයක්, සත්වයෙක්, අන්තරාභවිකයෙක් හෝ Hidden Agent කෙනෙක් නැහැ.

    එහෙම යම් භවයකින් තවත් භවයකට වෙනස් වෙවී හෝ නොවී යන යමක්, බලයක්, අන්තරාභවිකයෙක් ඇත්තේ යයි කියන්නා හොර පාරෙන් ආත්මවාදය බුදුබණට එකතු කරන්නට හදන්නෙකි.
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    පැහැදිලි කරන්ඩ ඕන නිසයි මම එහෙම ගත්තෙ.. උඹට ඕනෙනං වෙන නමක් දාගනින්.. ප්‍රශ්නයක් නෑ.. බුද්ධාගමේ ඒකට කියන හොඳ වචනයක් ඇති.. මම දන්නෙ නෑ..
    ඔය තරුව නිමිල යන එක තමා රහත් වෙනව කියන්නෙ.. එහෙම කිව්වොත් තේරෙයිද ?

    තරුව = විඤ්ඤාණය
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    ජිංතක ජිල්ලබකිට;19488058 said:
    එක භවයකින් තව භවයකට යන පුද්ගලයෙක්, ආත්මයක්, සත්වයෙක්, අන්තරාභවිකයෙක් හෝ Hidden Agent කෙනෙක් නැහැ.

    මම තරුවක් උපමාවට ගත්තෙ පුද්ගලයෙක්වත්, ආත්මයක්වත්, සත්වයෙක්වත්, අන්තරාභවිකයෙක්වත් හෝ Hidden Agent කෙනෙක්වත් ගැන කියන්ඩ නෙමේ.. ඒකට වෙනම අර්ථයක් තියෙන්නෙ.. ඒක නැතුව මට මේ කතාව අනිත් අයට කියන්ඩ අමාරුයි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජිංතක ජිල්ලබකිට;19488058 said:
    මේක මම කියවල තියෙන, අහල තියෙන, බුදු බණේ නම් තියෙන්නෙ මෙහෙම. එක භවයක් පෙර නොතිබීම ඇති වුනා. ඒක ඉතුරු නැතිවම නැතිවුනා. ඊලඟට තවත් භවයක් පෙර නොතිබීම ඇතිවුනා. ඒකත් ඉතුරු නැතිවම නැතිවුනා. එක භවයකින් තව භවයකට යන පුද්ගලයෙක්, ආත්මයක්, සත්වයෙක්, අන්තරාභවිකයෙක් හෝ Hidden Agent කෙනෙක් නැහැ.

    එහෙම යම් භවයකින් තවත් භවයකට වෙනස් වෙවී හෝ නොවී යන යමක්, බලයක්, අන්තරාභවිකයෙක් ඇත්තේ යයි කියන්නා හොර පාරෙන් ආත්මවාදය බුදුබණට එකතු කරන්නට හදන්නෙකි.

    ඕක මටත් හෙන පටලැවිල්ලක් බන්. අනාත්මයි කියනව එත් දිගට යන සංසාරයක් ගැනත් කියනව :baffled: ඔය කියන Hidden Agent කෙනෙක් නැතිව ඕක පැහැදිලි කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් මටත් :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    ජිංතක ජිල්ලබකිට;19488212 said:
    විඥානය භවයකින් භවකට යනව නොනැසී? මේක බුදු බණ නම් නෙවෙයි! :D

    විඥානය ඇතිවෙන්නේ ආයතන 6ක. ඒකට එම ආයතන නැතුව ඇතිවෙන්න බැහැ.:yes:

    එහෙනං උඹම හොඳ වචනයක් කියපං ඒකට.. ඔච්චර අගේ කරන්නෙ නැතුව..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඕක මටත් හෙන පටලැවිල්ලක් බන්. අනාත්මයි කියනව එත් දිගට යන සංසාරයක් ගැනත් කියනව :baffled: ඔය කියන Hidden Agent කෙනෙක් නැතිව ඕක පැහැදිලි කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් මටත් :oo:

    යමක් පවතිනවා කියල ගන්න එක තමයි අවුල. එහෙම පවතින යමක් නොපෙනෙන හෝ පෙනෙන Essence එකක් නැහැ. එහෙත් යම් හේතුවක් නිස පලයක් ඇතිවුනා. හේතුව පලයද? නැහැ. හේතුව නිසා පලය ඇතිවුනා.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    එහෙනං උඹම හොඳ වචනයක් කියපං ඒකට.. ඔච්චර අගේ කරන්නෙ නැතුව..

    තමුන්නාන්සේ ඉස්සෙල්ලා කිව්ව භවයකින් භවයට යන්නෙ ගාමක බලය කියල. ඒක තමයි අර තරුව කිව්වා. ඊට පස්සේ දැන් කියනවා විඥානය කියලා. නමුත් බුදු බණේ නම් කියන්නේ විඥානය ඇතිවෙනවා ඇස කන නාසය දිව මන සහ සරීරය කියන ආයතන වල. ඒ එක්කම ඒ ඒ විඥාන නැති වෙනවා අරමුණු නැතිවෙනකොට. නැති දෙයකට වචන දාන්න කියල මට කිව්වට වැඩක් නැහැ නේ?:D
     
    Last edited: