අනාත ළමයි 18 න් පස්සෙ

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113

    මේ වගේ වීඩියෝ කලිනුත් දැකල තිබ්බත් මේක දැක්කම මට ඒක ෆීල් උනා වැඩියි
    මගෙ පොඩි එකාත් මේ වයසෙ නිසා එයාට අපි කන්න දෙන්න කොච්චර මහන්සි වෙනවද වියදම් කරනවද කියල හිතද්දි මේ පොඩි එවුන්ට එහෙම කැපවෙලා කරන්න කවුරුත් නෑනෙ කියල හිතෙද්දි උන් ගැන මාර දුකක් එනවා
    මම අහල තියෙනවා18න් පස්සෙ ඒ ළමයි අනාත නිවාසෙන් එළියට දානව කියල
    අපිට පොඩි කාලෙ ඉදන් උගන්වලා ටියුෂන් යවලා තව වයස අවුරුදු 25 වෙනකනුත් training යනකොටත් වියදම් දැරුවේ අපේ දෙමව්පියො
    එච්චර ඉගෙන ගෙනත් ජොබ් ගන්න තවත් මාස 6 ක් විතර ගෙදරින් පිනට කාල උන්න හැටි මතකයි

    හරි හමන් ඉගෙනීමක් නැතුව , තමන්ගෙ කියල කිසිම කෙනෙක් වත් නැතුව, රස්සාවක් කරන්න තරම් කුසලතාවයකුත් නැතුව, තමන්ට කියල ඉන්න හිටින්න තැනක්වත් නැතුව වහලකුත් නැතුව ජීවිතෙ ගැට ගහගන්න මේ ළමයි කොච්චර දුකක් විදිනවා ඇද්ද
    මෙයාලට අවුරුදු 18 න් පස්සෙ මොකද වෙන්නෙ කියල හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්න
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    සමහරුන්ව විවාහ කරලා දෙනවා සමහරුන්ව වැඩපොලවල් වලට දානවා වෘත්තීය පුහුණුව වලට යවනවා සමහරු පැනලා යනවා. ආයතනයෙ පාලනාධිකාරියේ හැටියට තමයි.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නුවර මන් දන්න තැනක් තියෙනවා උන්ට නම් හොඳ සැප. සතියකට සැරයක් පීට්සා පාවා ලැබෙනවා. කතා කරන්නේ ඉංග්‍රීසි විතරයි. වටපිටාව එහෙම හරිම clean. නත්තල් එහෙම හොදට සමරනවා එයාලා.

    ඔය ඉතින් පිටින් බැලුවම පෙන විදිහ.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    නුවර මන් දන්න තැනක් තියෙනවා උන්ට නම් හොඳ සැප. සතියකට සැරයක් පීට්සා පාවා ලැබෙනවා. කතා කරන්නේ ඉංග්‍රීසි විතරයි. වටපිටාව එහෙම හරිම clean. නත්තල් එහෙම හොදට සමරනවා එයාලා.

    ඔය ඉතින් පිටින් බැලුවම පෙන විදිහ.

    NGO walin run karana pot ekak wenna athi oya kiyanne. hama thanama ehema na ban.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    අපොයි බන්. හැබැයි මරලා දාන්නේ නැතුව මෙහෙම තැනකට දෙන එක නම් ලොකු දෙයක්.
    කොහෙද බන් මේ? මේ තැන Contact කරගන්න විදියක් තියෙනවද?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy

    මේ වගේ වීඩියෝ කලිනුත් දැකල තිබ්බත් මේක දැක්කම මට ඒක ෆීල් උනා වැඩියි
    මගෙ පොඩි එකාත් මේ වයසෙ නිසා එයාට අපි කන්න දෙන්න කොච්චර මහන්සි වෙනවද වියදම් කරනවද කියල හිතද්දි මේ පොඩි එවුන්ට එහෙම කැපවෙලා කරන්න කවුරුත් නෑනෙ කියල හිතෙද්දි උන් ගැන මාර දුකක් එනවා
    මම අහල තියෙනවා18න් පස්සෙ ඒ ළමයි අනාත නිවාසෙන් එළියට දානව කියල
    අපිට පොඩි කාලෙ ඉදන් උගන්වලා ටියුෂන් යවලා තව වයස අවුරුදු 25 වෙනකනුත් training යනකොටත් වියදම් දැරුවේ අපේ දෙමව්පියො
    එච්චර ඉගෙන ගෙනත් ජොබ් ගන්න තවත් මාස 6 ක් විතර ගෙදරින් පිනට කාල උන්න හැටි මතකයි

    හරි හමන් ඉගෙනීමක් නැතුව , තමන්ගෙ කියල කිසිම කෙනෙක් වත් නැතුව, රස්සාවක් කරන්න තරම් කුසලතාවයකුත් නැතුව, තමන්ට කියල ඉන්න හිටින්න තැනක්වත් නැතුව වහලකුත් නැතුව ජීවිතෙ ගැට ගහගන්න මේ ළමයි කොච්චර දුකක් විදිනවා ඇද්ද
    මෙයාලට අවුරුදු 18 න් පස්සෙ මොකද වෙන්නෙ කියල හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්න

    මටත් ඕකම හිතුනා බන් .. පොඩි එකා අඩනකොට ගෙදර හැමෝම දුවගෙන එනවා ඇයි කියලා බලන්න..එත් මේ බබාලා කොච්චර අඩුවත් මොකෙක් වත් බලන්නේ නැ .. පව් බන් .. පුළුවන් අයට හදා ගන්න දෙන්න ඕනේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කාලෙකට කලින් අනාත නිවාසෙක හැදිච්ච ළමයෙක් ලියපු බ්ලොග් එකක් කියෙව්වා මතකයි. ෆේස්බුක් පෝස්ට් සෙට් එකක්ද මම දන්නෙ නෑ. කොහොමහරි ඒකෙ තිබ්බ විදිහට 18 පිරුන දවසට පහුවෙනිදා එළියට බහින්න වෙනවා. එතකොට තව දුරටත් ළමා නිවාසෙන් මොකුත් හම්බෙන්නේ නෑලු.

    ගොඩක් වෙලේට වෙන්නෙ කලින් එතනින් පිටවෙලා ගිය කවුරුහරි එක්ක සෙට් වෙලා එතෙන්ට යන එකලු.

    බඳින්න කැමති නම් 18 වෙනකොට කාවහරි සෙට් කරලා බන්ඳලා දෙනවලු.

    ඒ කෙල්ල කියලා තිබ්බ විදිහට ගොඩක් ළමයි ඉන්නෙ එතන වැඩ කරන උගන්වන අය ගැන වෛරෙන්. ඉතින් නරකට යන ගතිය වැඩීලු. මොකක් හරි වැරැද්දක් කළාම දඬුවම් දෙනවලු. සමහර වෙලේට වෙන ළමා නිවාසෙකට මාරු කරලා දානවලු.

    කොහොමත් මේ ළමයින්ට හරි හමන් අධ්‍යාපනයක් රැකවරණයක් ලැබෙන්නේ නෑ. වැඩ කරන මිනිස්සුත් බනිනවා බල්ලන්ට බළල්ලුන්ට වගේ. පව්.

    කාලයක් අපි අවුරුද්දකට සැරයක් දෙකක් බඩු ගිහිල්ලා දෙනවා ඒ වගේ තැනකට. එතනදි උනත් අපි වෙනස් දේවල් ගෙනත් දෙන්න ඇහුවම එතන අය කැමති නෑ. හේතුව මම දන්නෙ නෑ.

    mekada koheda page eka.

    https://www.facebook.com/permalink....hPP5DbzR3E1tHi3VEZeP4vha1l&id=100063548230374

    මම දැන් පේජ් එක බැලුවා ඒක තමයි.

    ඒ කෙල්ල ලොකු ගේමක් දෙනවා වගේ 18න් එළියට යන අයට පිහිටක් වෙන්න.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,621
    1
    51,341
    113
    ප*යාගල
    sorry.com
    නුවර මන් දන්න තැනක් තියෙනවා උන්ට නම් හොඳ සැප. සතියකට සැරයක් පීට්සා පාවා ලැබෙනවා. කතා කරන්නේ ඉංග්‍රීසි විතරයි. වටපිටාව එහෙම හරිම clean. නත්තල් එහෙම හොදට සමරනවා එයාලා.
    කාලෙකට කලින් අනාත නිවාසෙක හැදිච්ච ළමයෙක් ලියපු බ්ලොග් එකක් කියෙව්වා මතකයි. ෆේස්බුක් පෝස්ට් සෙට් එකක්ද මම දන්නෙ නෑ. කොහොමහරි ඒකෙ තිබ්බ විදිහට 18 පිරුන දවසට පහුවෙනිදා එළියට බහින්න වෙනවා. එතකොට තව දුරටත් ළමා නිවාසෙන් මොකුත් හම්බෙන්නේ නෑලු.

    ගොඩක් වෙලේට වෙන්නෙ කලින් එතනින් පිටවෙලා ගිය කවුරුහරි එක්ක සෙට් වෙලා එතෙන්ට යන එකලු.

    බඳින්න කැමති නම් 18 වෙනකොට කාවහරි සෙට් කරලා බන්ඳලා දෙනවලු.

    ඒ කෙල්ල කියලා තිබ්බ විදිහට ගොඩක් ළමයි ඉන්නෙ එතන වැඩ කරන උගන්වන අය ගැන වෛරෙන්. ඉතින් නරකට යන ගතිය වැඩීලු. මොකක් හරි වැරැද්දක් කළාම දඬුවම් දෙනවලු. සමහර වෙලේට වෙන ළමා නිවාසෙකට මාරු කරලා දානවලු.

    කොහොමත් මේ ළමයින්ට හරි හමන් අධ්‍යාපනයක් රැකවරණයක් ලැබෙන්නේ නෑ. වැඩ කරන මිනිස්සුත් බනිනවා බල්ලන්ට බළල්ලුන්ට වගේ. පව්.

    කාලයක් අපි අවුරුද්දකට සැරයක් දෙකක් බඩු ගිහිල්ලා දෙනවා ඒ වගේ තැනකට. එතනදි උනත් අපි වෙනස් දේවල් ගෙනත් දෙන්න ඇහුවම එතන අය කැමති නෑ. හේතුව මම දන්නෙ නෑ.

    mekada koheda page eka.

    https://www.facebook.com/permalink....hPP5DbzR3E1tHi3VEZeP4vha1l&id=100063548230374

    මම දැන් පේජ් එක බැලුවා ඒක තමයි.

    ඒ කෙල්ල ලොකු ගේමක් දෙනවා වගේ 18න් එළියට යන අයට පිහිටක් වෙන්න.
    මම නුගෙගොඩ වැඩ කරද්දි එතන තියෙන ලමා කාර්යන්ශෙට ආව දවසක් ඔය වගෙ සෙට් එකෙක්. කෙල්ලො කොල්ලො .
    ලස්සන කෙල්ලො ටිකක් හිටිය පව් කියලත් හිතුනා.ඔය වගෙ ලමයි හදාගන්න අරගන්න එකත් හරිම Dangerous මොකද ජාන වලින් මොනව එනවද දන්නෙ නෑනෙ. අපෙ සීයා එහෙම ලමයෙක් හදන්න අරගෙන අවු 15න් (1980 era).
    ඌ 18 වෙද්දිම සීයගෙ පවුම් 5ක මාලයක් අරගෙන පැනල ගිහින්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය වගෙ ලමයි හදාගන්න අරගන්න එකත් හරිම Dangerous මොකද ජාන වලින් මොනව එනවද දන්නෙ නෑනෙ.
    මම නම් හිතන්නෙ ජාන වලට වඩා ගතිගුණ වලට නම් බලපාන්නෙ වටපිටාව ඇසුරු කරන උන් කියන එක.
    ඔය වගේ ළමයෙක් අරන් හදාගන්නකොටත් බන් හදාගන්න මිනිහට වඩා අමාරු වටේ පිටේ එවුන්ට. මම දැකලා තියෙනවා ඔය හදාගත්තු එකෙක්නේ කියලා ගම්වල එවුන් ඒ වගේ ළමයින්ව පහත් කරනවා. :no: :no:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,621
    1
    51,341
    113
    ප*යාගල
    sorry.com
    මම දැකලා තියෙනවා ඔය හදාගත්තු එකෙක්නේ කියලා ගම්වල එවුන් ඒ වගේ ළමයින්ව පහත් කරනවා. :no: :no:
    Atta . අපෙ සීයගෙයි ආච්චිගෙයි Family දෙකේම හදාගත්ත ලමයි 4 විතර ඉන්න්ව. අද ඔක්කොම ඉන්නෙ Italy/Aussie . හොදට හැදිච්ච අපි විතරයි මෙහේ හිගන්නො වගේ ඉන්නෙ. අරුන් Aussie ගිහින් කියල අම්මට කිව්ව්ම අපෙ අම්මත් ඔය කතාවම කියනව
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕක තමයි මන් කියන්නෙ ගබ්සාව නීතිගත කරන්න ඕන කියලා. මේ ලමයින්ට ඉපදුන දවසෙ ඉදන් මැරෙනකන්ම දුක තමයි. සතියට සැරයක් පීසා දුන්නා කියලා උන්ගෙ අනාගතේ ගොඩ එන්නෙ නෑනෙ. අනික ලංකාව වගේ රටක අවු 18න් පස්සෙ මෙලො දෙයක් නැතිව කොල්ලෙක් කොහොම ජීවිතේ ගොඩදාගන්නද.