මේ වගේ වීඩියෝ කලිනුත් දැකල තිබ්බත් මේක දැක්කම මට ඒක ෆීල් උනා වැඩියි
මගෙ පොඩි එකාත් මේ වයසෙ නිසා එයාට අපි කන්න දෙන්න කොච්චර මහන්සි වෙනවද වියදම් කරනවද කියල හිතද්දි මේ පොඩි එවුන්ට එහෙම කැපවෙලා කරන්න කවුරුත් නෑනෙ කියල හිතෙද්දි උන් ගැන මාර දුකක් එනවා
මම අහල තියෙනවා18න් පස්සෙ ඒ ළමයි අනාත නිවාසෙන් එළියට දානව කියල
අපිට පොඩි කාලෙ ඉදන් උගන්වලා ටියුෂන් යවලා තව වයස අවුරුදු 25 වෙනකනුත් training යනකොටත් වියදම් දැරුවේ අපේ දෙමව්පියො
එච්චර ඉගෙන ගෙනත් ජොබ් ගන්න තවත් මාස 6 ක් විතර ගෙදරින් පිනට කාල උන්න හැටි මතකයි
හරි හමන් ඉගෙනීමක් නැතුව , තමන්ගෙ කියල කිසිම කෙනෙක් වත් නැතුව, රස්සාවක් කරන්න තරම් කුසලතාවයකුත් නැතුව, තමන්ට කියල ඉන්න හිටින්න තැනක්වත් නැතුව වහලකුත් නැතුව ජීවිතෙ ගැට ගහගන්න මේ ළමයි කොච්චර දුකක් විදිනවා ඇද්ද
මෙයාලට අවුරුදු 18 න් පස්සෙ මොකද වෙන්නෙ කියල හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්න
Last edited: