සංකාර සහ සංකත සමාන නැහැ. පිටකයට අනුව 2ක්. සාමාන්‍ය තේරෙන විදියට අනුවත් 2ක්.
පිටකයට අනුව නම් සංකාර යටතට කාය වචී මනෝ තමයි තුලින් තමයි ඉතිරි සියලු සංකාර විස්තර වෙන්නෙ. මොකද සංකාර යනු සිතුවිලි නිශ්පාදනය වගේ ක්‍රියාවලියක්
ප්‍රඥා ජීවිත යන ඉන්ද්‍රිය ආශ්වාදයට යොදා ගන්නවා නම් ඒකෙ පිනවෙන්නෙ නැති කොටස පෙන්වන්න පුලුවන්.
ත්‍රිපිටකේ කොහේවත් නැහැනෙ මේක පරමාර්ථය, මේක ලෝකය කියලා.තේරවාදයට අනුව රූපය කියන පරමාර්ත දර්මය..ඔය කියන දර්මය, ඇත (ඉන්ඩිපෙන්ඩෙන්ට්ලි, හේතු වලින් තොරව ) -> ඇත කිව්වත් නැත (ඉන්ඩිපෙන්ඩෙන්ට්ලි, හේතුවලින් තොරව ) -> නැත කිව්වත් අන්ත දෙකට යන්නෙ...දෙකෙම රුපය නිච්ච කියන අවස්තා දෙක -> අවිජ්ජාව..
මෙතන කියන්නෙ නැ, රුපය කියන පරමාර්ත දර්මය නැ කියල...
Walking meditation karana heti hariyata kiyala denne kauda.awidinakota mokeda sihiya pihitawanne.walking meditation eken rahat wenne kohomada?
ත්‍රිපිටකේ කොහේවත් නැහැනෙ මේක පරමාර්ථය, මේක ලෝකය කියලා.
ඔයා කියන තර්කයෙ විදියට, මේ සූත්‍රයේ බුදුහාමුදුරුවො ඇත කියන නිසා බුදුහාමුදුරුවොත් වැරදිද?..
හැබැයි තව සූත්‍රයක් මම දැක්කා සියල්ල ඇත සහ සියල්ල නැත යන දෙකයි අන්ත දෙක කියලා.
සන්කත කියන්නෙ මොනවද?, සන්ස්කාර සන්කතයක් නොවන්නෙ අයි?
ප්‍රජ්නා, ජීවිත අපිට අහුවෙන්නෙ වත් නැති එවනෙ..ඒව කොහොමද ආශ්වාදයට සම්බන්ද වෙන්නෙ?
අභිදර්මය කියන්නෙ පරමාර්ථ ධර්ම කියලා පිටකයෙ සදහනක් තියෙනවද? මම දැකලා නැහැ.අභිදර්මයම කියන්නෙම...පරමාර්ත දර්මවල විග්‍රහය තමයි...දම්ම සන්ගනියෙ, විභන්ග ප්‍රකරනයෙ, ඔය හැමදේම ස්කන්ද වශයෙන්, දාතු වශයෙන්, නොයෙක් ආකරයෙන් පෙන්නනේ ඕවනෙ...
පරමාර්ත දර්ම ඇත කියන තැන ඉදගෙන දර්මයේ ස්වබවය ඇත , නැත වෙන ස්වාභවය මම ඔතන කිව්වෙ...බුදු හාමුදුවො පෙන්වන විදිහට..
ඔයගේ විග්‍රහයට අනුව...එකක බුදු හමුදුරුවො ඇත, කියනව...තව තැනක ඇත, නැත දෙකම අන්ත කියනව...මේක කොහොමද..ඔයගේ විග්‍රහය අනුව පැහදිලි කරන්නෙ?
මෙන්න මේ දෙකට උත්තරය දුන්න නම්..ඔබගේ අදහස වඩාත් දුරට තේරුම් ගන්න පුලුවන් වෙයි?
අභිදර්මය කියන්නෙ පරමාර්ථ ධර්ම කියලා පිටකයෙ සදහනක් තියෙනවද? මම දැකලා නැහැ.
තුන්වෙනි පස්නය- බුදු හාමුදුරුවො ඔය විදියට නෙවෙයි දේශනා කරලා තියෙන්නෙ පිටකය අනුව.
උන්වහන්සේ දේශනා කරන්නෙ. ලොව පණ්ඩිතයින් විසින් ඇත/නැත කියනව නම් ඒක නිවැරදියි. නමුත් සියල්ල ඇත/ සියල්ල නැත කියනව නම් ඒක වැරදියි කියන කාරණය.
මේ සූත්‍ර බලන්න:
කච්‌චානගොත්‌ත සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 2. අහාර වර්ගය
කච්චාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි. සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි. කච්චාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි. “අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වෙයි. අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය.” කියා යි.
පුප්‌ඵ සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 5. පුප්‌ඵ වර්ගය
මහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම වේදනාවක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය ඇතැ යි කියමි. සංඥාවක් ... අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම සංස්කාර ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම විඥානයක් පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යැ, මම ද එය ඇතැ යි කියමි.
කවුරුවත් උත්තර දීල නැති පාටයි රෝෂ් මහත්තය"උන්වහන්සේ දේශනා කරන්නෙ.
1. ලොව පණ්ඩිතයින් විසින් ඇත/නැත කියනව නම් ඒක නිවැරදියි.
2. නමුත් සියල්ල ඇත/ සියල්ල නැත කියනව නම් ඒක වැරදියි කියන කාරණය."
Q1. දැන්, ඔතන 1 කියන ඇත නැත කියන රුපය, 2 තියෙන් සියල්ලට අයිති වෙන්නෙ නැති ද?
කලින් ප්‍රශ්න දෙක අයෙත් අහන්නම්:
Q2. සන්කත කියන්නෙ මොනවද?, සන්ස්කාර සන්කතයක් නොවන්නෙ අයි?
Q3. ප්‍රජ්නා, ජීවිත අපිට අහුවෙන්නෙ වත් නැති එවනෙ..ඒව කොහොමද ආශ්වාදයට සම්බන්ද වෙන්නෙ?


කවුරුවත් උත්තර දීල නැති පාටයි රෝෂ් මහත්තය
A1 (Q1) -
මෙතන context එක හරියට ගන්න ඕනි... ලොව පණ්ඩිතයින් විසින් ඇත/නැත කියන්නෙ ඒ ඒ පණ්ඩිතයින්ගෙ domains වලට අදාළ සම්මත. ඔබතුමා පිටකය කියෙව්වොත් මේක තියෙන්නෙ මෙන්න මෙහෙම:
මහණෙනි, ලොව පණ්ඩිතයන් විසින් යමෙක් නැතැ යි සම්මත නම් මම ද එය නැතැ යි කියමි. මහණෙනි, ලොව යමෙක් පණ්ඩිතයන් විසින් ඇතැ යි සම්මත නම් මම ද එය ඇතැ යි කියමි.
[යං භික‍්ඛවෙ, නත්‍ථිසම‍්මතං ලොකෙ පණ‍්ඩිතානං අහම‍්පි තං නත්‍ථීති වදාමි. යං භික‍්ඛවෙ, අත්‍ථිසම‍්මතං ලොකෙ පණ‍්ඩිතානං අහම‍්පි තං අත්‍ථීති වදාමි.]
නමුත් බුදුහාමුදුරුවො ඔතන කියන සියල්ල වෙනම domain එකක. ඒ කවර සියල්ලක් ද කියල වෙනම කියල තියෙනවනෙ.
ඉතිං ඔතන 1කේ කියන රූපය 2කේ තියෙන සියල්ලට අයිතිද කියල අහන ප්‍රශ්නය වැරදියි මගෙ හිතේ..
Q2, Q3 වලට ලියන්න කම්මැලියි![]()
එහෙම බුදුන් කියන domain එකක් කියල එකක් නැහැ, මම domain කියල අදහස් කලේ ඒ ඒ පණ්ඩිතයට අදාළ විෂය, ඕනෑම ලෝක සම්මතයක් ගන්න පුළුවන්. සම්මත කියලනෙ සුත්‍රයෙ තියෙන්නෙ.
අනිවාර්යෙන්ම ලෝක සම්මත, ඔය පහෙන් ඇර වෙන ලෝක සම්මතයක් form වෙන්න පුළුවන් වෙන ක්‍රමයක් ඔබතුමාට කියන්න පුලුවන්ද?"මහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම වේදනාවක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය ඇතැ යි කියමි. සංඥාවක් ... අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම සංස්කාර ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම විඥානයක් පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යැ, මම ද එය ඇතැ යි කියමි."
දැන් මෙතන, පන්ඩිතයන් පෙන්නන, රූප, වේදන...සහ එවයේ තිය්ලක්ශනය...ලෙකයේ පවතින ඕනැම සම්මතයක් කියලද හිතන්නෙ?, බුදුන් කියන පරමාර්ත දර්ම කියලද හිතන්නෙ?
අනිවාර්යෙන්ම ලෝක සම්මත, ඔය පහෙන් ඇර වෙන ලෝක සම්මතයක් form වෙන්න පුළුවන් වෙන ක්‍රමයක් ඔබතුමාට කියන්න පුලුවන්ද?
රූප, වේදනා ... කියන ඔය පහ පරමාර්ථ ධර්ම බව ඇත්ත නමුත් මෙතන කියන්නෙ ත්‍රිලක්ෂණයෙන් යුත් ඒ පහ සම්මත වූ අවස්ථා.
වචන වල කිසිම වෙනසක් නැහැ, මම ඉස්සෙල්ල කිව්ව වගෙ ගන්න context එක අනුව තමයි වෙනස, සම්මත හැටියට ඇත/නැත කියන්න පුළුවන් සහ එහෙම ගන්න වෙනව හැබැයි පරමාර්ථ හැටියට ඇත/නැත කියන්නේ අන්ත.දැන් මේක ඔබතුමා කියන විදිහට බුදුන් පෙන්නන දේන් වෙනස් වෙන්නෙ කොහොමද?