අනිච්චා වත සංඛාරා

hpalpola

Well-known member
  • අනිච්චා වත සංඛාරා කියපු ගමන් සිංහල මිනිස්සු බව වෙනවා. මොකද මරණ ගෙවල්වල බැනර් ගහලා තියෙන්නෙ ඔය පාඨය කියලනෙ. ඇත්තටම ඉතින් සක්‍ර දෙවියො මේ පද ඇතුළත් ගාථාව කියන්නෙ මරණ මංචකයකදි තමයි. ඒ බුදුරජාණන්වහන්සේගේ පිරිනිවන් මංචකයෙදි.

    මේ පාඨය විවිධ ආකාරයෙන් මිනිස්සු අර්ථ දක්වනවා. මොන විදියකට අර්ථ දැක්වුවත් මෙතනදි කියන්නෙ හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන දේ පවතින්නේ නැහැ කියන එක. අනිච්ච, වත, සංඛාර කියන වචන වලට බුදු දහම ඇතුලෙ අර්ත නිරුක්ති තියෙනවා. ඒව අපි බණට අහනවානේ.

    ඒත් මහපොලොවෙ පය ගහලා ජීවත් වෙන මිනිස්සුන්ට මේ පාඨය සතුටින් ඉන්න ලොකු උදව්වක් කරන ගාථා පාඨයක්. ඇයි ඒ? අපි දන්නවා නම් අපි මැරෙනවා කියලා, නැත්නම් මැරෙන බව දැනන් ජීවත් වෙනවා කියන්නෙම සතුටින් ජීවත් වෙන්න මාර්ගයක්. අපි මැරෙනවා කියන්නෙ අනිත් අයත් මැරෙනවා කියන එක. දැන් මේ ගාථා පාඨය ම කී තැනකදි කී සැරයක් අපිට කියවන්න ලැබිලා ඇත්ද කියලා හිතලා බලන්න නිකමට. පහුගිය කාලේ රූපවාහිනියෙ නාට්‍යයකුත් ගියා මේ පාඨයේ නමින්.

    අපි ඇහෙන් දකින කනින් අහන අල්ලන විඳින හැම දෙයක් ම අපි ඇතුළුව හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ. ඒ කියන්නෙ සංඛාර.

    අපේ ප්‍රියයකුගේ ආදරණියකකුගේ සදාකාලික හෝ තාවකාලික වෙන්වීමකදී අපිට දැනෙන දුක, මේ ගාථා පාඨය පිළිබඳව අවබෝධයෙන් දැන ගැනීම නිසා නැති කර ගන්න පුළුවන්. හිතලා බලන්න, අද අපිට වැඩියෙන්ම දුක් විඳින්න වෙලා තියෙන්නෙ එක්කො කැමැති කෙනෙක් වෙන්වීම නිසා නැත්නම් කැමැති දෙයක් නැතිවීම නිසා. මේ ‘දේ’ කියන එක හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙලා නම් පවතින්නෙ නැහැ. යකඩත් මල කඩ කාලා විනාශ වෙලා යනවානේ දවසකදි. මේ සත්‍යය අවබෝධ නොවුන කෙනෙක් කවදාවත් සතුටින් ජීවත් වෙන්නෙ නැහැ. එයා සතුට ලැබෙයි කියලා හිතන් මොන දේ කලත් අනිච්චා වත සංඛාරා කියන දේ අවබෝධ කරගන්න තුරු දුක ම තමයි.

    එහෙම බලද්දි මේ ගාථා පාඨය ඉතා කෙටි වුනත් ලබා දෙන පණිවිඩය හරිම ගැඹුරුයි. එකම දේ අපිට ඒක අවබෝධ කර ගන්න බැරි එක විතරයි.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    2,268
    3,121
    113
    අනිච්චා වත සංඛාරා
    උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
    ඒසං වූප සමෝසුවෝ
     
    • Like
    Reactions: Lovtus and NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    3,331
    2,112
    113
    EARTH
    අනිච්චා වත සංඛාරා කියපු ගමන් සිංහල මිනිස්සු බව වෙනවා. මොකද මරණ ගෙවල්වල බැනර් ගහලා තියෙන්නෙ ඔය පාඨය කියලනෙ. ඇත්තටම ඉතින් සක්‍ර දෙවියො මේ පද ඇතුළත් ගාථාව කියන්නෙ මරණ මංචකයකදි තමයි. ඒ බුදුරජාණන්වහන්සේගේ පිරිනිවන් මංචකයෙදි.

    මේ පාඨය විවිධ ආකාරයෙන් මිනිස්සු අර්ථ දක්වනවා. මොන විදියකට අර්ථ දැක්වුවත් මෙතනදි කියන්නෙ හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන දේ පවතින්නේ නැහැ කියන එක. අනිච්ච, වත, සංඛාර කියන වචන වලට බුදු දහම ඇතුලෙ අර්ත නිරුක්ති තියෙනවා. ඒව අපි බණට අහනවානේ.

    ඒත් මහපොලොවෙ පය ගහලා ජීවත් වෙන මිනිස්සුන්ට මේ පාඨය සතුටින් ඉන්න ලොකු උදව්වක් කරන ගාථා පාඨයක්. ඇයි ඒ? අපි දන්නවා නම් අපි මැරෙනවා කියලා, නැත්නම් මැරෙන බව දැනන් ජීවත් වෙනවා කියන්නෙම සතුටින් ජීවත් වෙන්න මාර්ගයක්. අපි මැරෙනවා කියන්නෙ අනිත් අයත් මැරෙනවා කියන එක. දැන් මේ ගාථා පාඨය ම කී තැනකදි කී සැරයක් අපිට කියවන්න ලැබිලා ඇත්ද කියලා හිතලා බලන්න නිකමට. පහුගිය කාලේ රූපවාහිනියෙ නාට්‍යයකුත් ගියා මේ පාඨයේ නමින්.

    අපි ඇහෙන් දකින කනින් අහන අල්ලන විඳින හැම දෙයක් ම අපි ඇතුළුව හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ. ඒ කියන්නෙ සංඛාර.

    අපේ ප්‍රියයකුගේ ආදරණියකකුගේ සදාකාලික හෝ තාවකාලික වෙන්වීමකදී අපිට දැනෙන දුක, මේ ගාථා පාඨය පිළිබඳව අවබෝධයෙන් දැන ගැනීම නිසා නැති කර ගන්න පුළුවන්. හිතලා බලන්න, අද අපිට වැඩියෙන්ම දුක් විඳින්න වෙලා තියෙන්නෙ එක්කො කැමැති කෙනෙක් වෙන්වීම නිසා නැත්නම් කැමැති දෙයක් නැතිවීම නිසා. මේ ‘දේ’ කියන එක හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙලා නම් පවතින්නෙ නැහැ. යකඩත් මල කඩ කාලා විනාශ වෙලා යනවානේ දවසකදි. මේ සත්‍යය අවබෝධ නොවුන කෙනෙක් කවදාවත් සතුටින් ජීවත් වෙන්නෙ නැහැ. එයා සතුට ලැබෙයි කියලා හිතන් මොන දේ කලත් අනිච්චා වත සංඛාරා කියන දේ අවබෝධ කරගන්න තුරු දුක ම තමයි.

    එහෙම බලද්දි මේ ගාථා පාඨය ඉතා කෙටි වුනත් ලබා දෙන පණිවිඩය හරිම ගැඹුරුයි. එකම දේ අපිට ඒක අවබෝධ කර ගන්න බැරි එක විතරයි.
    සංකාරා = ඇස කන නාසය දිව චර්මය කියන සෙන්සර් වලින් ගන්න Data සංස්කරණය කිරීම. (උදා- කාන්තා රූපයක් සෙන්සර් වලට අහු වුනාම, පොන්සියන්ට, ගෑනුන්ට ආසාවක් නැති ඒ රූපය පට්ට සෙස්සි, කෙලින්වෙන එකක් ලෙස සිත විසින් සංකල්පිත ලෙස සංස්කරණය කිරීම)

    වත = ක්‍රියාවලිය,

    අනිච්ච = ඉතින් අර සංස්කරණ ක්‍රියාවලිය මගින් බාහිර දේවල් වල නැති ආශ්වාදයක් සංකල්පිතව කොච්චර හැදුවත් සිත පිනවලා තෘප්තිමත් කරන්න බැහැ. ඒක නිකන් පතුල නැති බාල්දියකිිිින් වතුර අදිනවා වගේ වැඩක්. ඇස කන....හම සාගරයක් කිව්වේ ඒකයි.

    මට බනින්නෙ නැතිව මීට වඩා හොද අර්ථකථනයක් තියෙනවා නම් දාගෙන පලයන්.
     
    • Like
    Reactions: Lovtus and NRTG

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,080
    1,223
    113
    සංකාරා = ඇස කන නාසය දිව චර්මය කියන සෙන්සර් වලින් ගන්න Data සංස්කරණය කිරීම. (උදා- කාන්තා රූපයක් සෙන්සර් වලට අහු වුනාම, පොන්සියන්ට, ගෑනුන්ට ආසාවක් නැති ඒ රූපය පට්ට සෙස්සි, කෙලින්වෙන එකක් ලෙස සිත විසින් සංකල්පිත ලෙස සංස්කරණය කිරීම)

    වත = ක්‍රියාවලිය,

    ඔතන ඔය බෝල්ඩ් කරල තියෙන සියල්ලත් සන්කාර නම් ?

    අනිච්ච = ඉතින් අර සංස්කරණ ක්‍රියාවලිය මගින් බාහිර දේවල් වල නැති ආශ්වාදයක් සංකල්පිතව කොච්චර හැදුවත් සිත පිනවලා තෘප්තිමත් කරන්න බැහැ. ඒක නිකන් පතුල නැති බාල්දියකිිිින් වතුර අදිනවා වගේ වැඩක්. ඇස කන....හම සාගරයක් කිව්වේ ඒකයි.

    මට බනින්නෙ නැතිව මීට වඩා හොද අර්ථකථනයක් තියෙනවා නම් දාගෙන පලයන්.

    පිනවලා ඉවර කරන්න බැ කියන සිතත් අනිච්චයි නම්?
     
    • Like
    Reactions: NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    3,331
    2,112
    113
    EARTH
    ඔතන ඔය බෝල්ඩ් කරල තියෙන සියල්ලත් සන්කාර නම් ?

    පිනවලා ඉවර කරන්න බැ කියන සිතත් අනිච්චයි නම්?

    සංස්කාර කියන එක ත්‍රිපිටකයෙ කොටස් 3කට වෙන්කරලා define කරලා තියෙනවා...

    කාය සංස්කාර
    වචී සංස්කාර
    මනෝ සංස්කාර

    අරිහත් වුනත් ඔය සේරම තිියෙනවනෙ.

    අරිහත් වුනත් කනවා බොනවා කතා කරනවා හිතනවා

    එකම දේ කෙලෙස් නැති එක.

    අනිත්‍යයි කියන එක හැමෝම දන්නවනෙ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,080
    1,223
    113
    සංස්කාර කියන එක ත්‍රිපිටකයෙ කොටස් 3කට වෙන්කරලා define කරලා තියෙනවා...

    කාය සංස්කාර
    වචී සංස්කාර
    මනෝ සංස්කාර

    අරිහත් වුනත් ඔය සේරම තිියෙනවනෙ.

    අරිහත් වුනත් කනවා බොනවා කතා කරනවා හිතනවා

    එකම දේ කෙලෙස් නැති එක.

    අනිත්‍යයි කියන එක හැමෝම දන්නවනෙ

    නිවන ඇර අනෙක් සියල්ලම ( ඔය කිව්ව 3ත් ඇතුලුව ) සන්සකාර වලටනෙ. ඒ කියන්නෙත් සිතත් සන්ස්කාරයක්..සිතත් සන්ස්කාරයක් නම්, ඔබ කිව්ව සන්සකාර, අනිච්ච අර්ත දැක්වීම ගැලපෙන්නෙ නැනෙ?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    3,331
    2,112
    113
    EARTH
    නිවන ඇර අනෙක් සියල්ලම ( ඔය කිව්ව 3ත් ඇතුලුව ) සන්සකාර වලටනෙ. ඒ කියන්නෙත් සිතත් සන්ස්කාරයක්..සිතත් සන්ස්කාරයක් නම්, ඔබ කිව්ව සන්සකාර, අනිච්ච අර්ත දැක්වීම ගැලපෙන්නෙ නැනෙ?

    ඔයා සංස්කාර සහ අනිච්ච කියා අදහස් කරන්නෙ මොකටද?

    මම සංස්කාර කියන්නෙ සිතිවිලි වලට - පිටකයේ තියෙන විදියට
    මම අනිච්ච කියන්නෙ සුමුද්‍ර සුත්‍රයේ විදියට ඇස-කන සියල්ල පිනවලා තෘප්තිමත් කරන්න බැහැ කියන අරුතෙන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,252
    55,059

    Niccha kiyala gatta hindane anichha.nichha kiyala gatta ekama avidyawak ne?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    3,331
    2,112
    113
    EARTH
    Niccha kiyala gatta hindane anichha.nichha kiyala gatta ekama avidyawak ne?

    පිටකයේ සදහන් හැටිියට

    යමක් ඇත - නැත කියන එක නෙවෙයි අවිද්‍යාව

    අවිිද්‍යාව කියන්නෙ චතුරාර්ය සත්‍ය නොදැනීම

    පුප්‌ඵ සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 5. පුප්‌ඵ වර්ගය

    මහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම වේදනාවක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය ඇතැ යි කියමි. සංඥාවක් ... අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම සංස්කාර ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම විඥානයක් පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යැ, මම ද එය ඇතැ යි කියමි
     
    • Like
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,080
    1,223
    113
    ඔයා සංස්කාර සහ අනිච්ච කියා අදහස් කරන්නෙ මොකටද?

    මම සංස්කාර කියන්නෙ සිතිවිලි වලට - පිටකයේ තියෙන විදියට
    මම අනිච්ච කියන්නෙ සුමුද්‍ර සුත්‍රයේ විදියට ඇස-කන සියල්ල පිනවලා තෘප්තිමත් කරන්න බැහැ කියන අරුතෙන්

    සබ්බෙ සන්කාර අනිච්චා....

    සබ්බෙ සන්කාර = සියලුම් සන්කත = රුප 28, චිත්ත 89, චයිතසික 52 (නිවන හැර සියලු පරමාර්ත දර්ම)

    ඔයා කියන කාය, මනො, වචී කියන තුන ඔය කියපු සෙට් එකෙන් සබ් සෙට් එකක් විතරයි...සියලුම නෙවේ..

    එතකොට, අපි හිතමු, අපිට අහුවෙන්නෙත් නැති ප්‍රජ්නා හරි ජීවිත ඉන්ඩ්‍රිය වගේ, අනිච්ච චයිතසික දෙකක්... ඔය දෙක අනිච්චයි කියන එක ඇස කන පිනවල තෘප්තිමත් කරන්න බැ කියන එකෙන් පැහදිලි කරන්නෙ කොහොමද?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    5,599
    1
    2,296
    113
    the universe
    ඔයා සංස්කාර සහ අනිච්ච කියා අදහස් කරන්නෙ මොකටද?

    මම සංස්කාර කියන්නෙ සිතිවිලි වලට - පිටකයේ තියෙන විදියට
    මම අනිච්ච කියන්නෙ සුමුද්‍ර සුත්‍රයේ විදියට ඇස-කන සියල්ල පිනවලා තෘප්තිමත් කරන්න බැහැ කියන අරුතෙන්
    සිතිවිලි වලටත් සංඛාර කියනව..මෙතන නන් රූප, සිත්,සිතුවිලි ඔක්කොටම සංඛාරා අනිච්ඡා කියන්නෙ
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,080
    1,223
    113
    පිටකයේ සදහන් හැටිියට

    යමක් ඇත - නැත කියන එක නෙවෙයි අවිද්‍යාව

    අවිිද්‍යාව කියන්නෙ චතුරාර්ය සත්‍ය නොදැනීම

    පුප්‌ඵ සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 5. පුප්‌ඵ වර්ගය

    මහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම වේදනාවක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය ඇතැ යි කියමි. සංඥාවක් ... අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම සංස්කාර ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම විඥානයක් පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යැ, මම ද එය ඇතැ යි කියමි

    තේරවාදයට අනුව රූපය කියන පරමාර්ත දර්මය..ඔය කියන දර්මය, ඇත (ඉන්ඩිපෙන්ඩෙන්ට්ලි, හේතු වලින් තොරව ) -> ඇත කිව්වත් නැත (ඉන්ඩිපෙන්ඩෙන්ට්ලි, හේතුවලින් තොරව ) -> නැත කිව්වත් අන්ත දෙකට යන්නෙ...දෙකෙම රුපය නිච්ච කියන අවස්තා දෙක -> අවිජ්ජාව..

    මෙතන කියන්නෙ නැ, රුපය කියන පරමාර්ත දර්මය නැ කියල...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    3,331
    2,112
    113
    EARTH
    සබ්බෙ සන්කාර අනිච්චා....

    සබ්බෙ සන්කාර = සියලුම් සන්කත = රුප 28, චිත්ත 89, චයිතසික 52 (නිවන හැර සියලු පරමාර්ත දර්ම)

    ඔයා කියන කාය, මනො, වචී කියන තුන ඔය කියපු සෙට් එකෙන් සබ් සෙට් එකක් විතරයි...සියලුම නෙවේ..

    එතකොට, අපි හිතමු, අපිට අහුවෙන්නෙත් නැති ප්‍රජ්නා හරි ජීවිත ඉන්ඩ්‍රිය වගේ, අනිච්ච චයිතසික දෙකක්... ඔය දෙක අනිච්චයි කියන එක ඇස කන පිනවල තෘප්තිමත් කරන්න බැ කියන එකෙන් පැහදිලි කරන්නෙ කොහොමද?
    සංකාර සහ සංකත සමාන නැහැ. පිටකයට අනුව 2ක්. සාමාන්‍ය තේරෙන විදියට අනුවත් 2ක්.

    පිටකයට අනුව නම් සංකාර යටතට කාය වචී මනෝ තමයි තුලින් තමයි ඉතිරි සියලු සංකාර විස්තර වෙන්නෙ. මොකද සංකාර යනු සිතුවිලි නිශ්පාදනය වගේ ක්‍රියාවලියක්

    ප්‍රඥා ජීවිත යන ඉන්ද්‍රිය ආශ්වාදයට යොදා ගන්නවා නම් ඒකෙ පිනවෙන්නෙ නැති කොටස පෙන්වන්න පුලුවන්.

    සිතිවිලි වලටත් සංඛාර කියනව..මෙතන නන් රූප, සිත්,සිතුවිලි ඔක්කොටම සංඛාරා අනිච්ඡා කියන්නෙ
    පිටකයෙ සංකාර කියන්නෙ සිතුවිලි වලට. රූප වලට සංකාර කියන තැනක් මම දැකලා නැහැ.
    ------ Post added on May 9, 2024 at 9:37 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,252
    55,059
    113
    Walking meditation karana heti hariyata kiyala denne kauda.awidinakota mokeda sihiya pihitawanne.walking meditation eken rahat wenne kohomada?