අනිත්‍ය

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචන්ලා,

    දන්න කෙනෙක් "අනිත්‍ය" කියන එක හරියටම විස්තර කරල දෙනවද?
    (වෙනස් වෙනවා කියන එකද? විනාශ/ඉවර වෙනවා කියන එකද)

    Edit:
    බුදුන් උනත් අනිථ්‍ය කීයන්නෙ?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,894
    67,139
    113
    Not nithya.means not permanent.winasa wenawa wenas wenawa eka widiyakata tiyenne ne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    යමකින් තව දේකට වෙනස් වෙනවට කියන්නෙ විපරිනාමයට පත්වෙනවා කියලා. යමක් සෑම ක්ෂනයක් ක්ෂනයක් පාසම විපරිනාමයෙන් විපරිනාමයට පත්වෙවි බිඳි බිඳි විනාශයට නිරන්තරයෙන්ම පත්වෙනව නම් නිත්‍ය නොවන ස්වභාවක පවතිනව නම් අන්න ඒකට අනිත්‍යයි කියලා කියනවා. ස්වමීන්වහන්සේ නමකගෙන් අහලා බලපන් මීට වඩා හොඳට උබට තේරෙන විදිහට කියලා දේවි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන්ලා,

    දන්න කෙනෙක් "අනිත්‍ය" කියන එක හරියටම විස්තර කරල දෙනවද?
    (වෙනස් වෙනවා කියන එකද? විනාශ/ඉවර වෙනවා කියන එකද)

    මෙකයි සියලුම ස්ංස්කාර දර්මයන් අනියයි කියලා කියනවා.

    අනිත්තය කියන්නේ සරලවම "වෙනස් විම".

    කිසිම දෙයක් වෙනස් වන එක නවත්වන්න බැහැ තමයි එකට කියන්නේ අන-චිච්ච. :yes:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මේ අහන්නෙ ධර්මය පැත්තෙන් ද ?
    එහෙම නම් අනිත්‍ය කියල කියන්නෙ හිතේ වෙනස් වීම.
    මෙහෙම හිතන්න.. අපි හොඳටම රස්නෙ දවසක අයිස්ක්‍රීම් එකක් කනවා
    දාඩිය දාගෙන ඇවිත් අයිස්ක්‍රීම් එකේ පලවෙනි හැන්ද කන්න ගත්ත ගමන් මාර සනීපයි
    දැන් දෙවෙනි අයිස්ක්‍රීම හැන්ද කනවා.. සනීපයි
    ඒත් පලවෙනි හැන්දත් දෙවෙනි හැන්දත් අතර රස දැනෙන විදියෙ (කික් එකේ ) වෙනසක් තියෙනවා නේද ?
    තුන්වෙනි හැන්දත් පලවෙනි හැන්දත් අතර රස වෙනස්
    පලවෙනි හැන්දත් අන්තිම හැන්දත් අතර රස වෙනස්.
    දැන් අපිට බලෙන් ම අයිස්ක්‍රීම් ටබ් එකම කවනවා.. රසක් දැනෙනවද.. එපා වෙනව ද ?
    කොහොමද මේ හැන්දෙන් හැන්ද රස වෙනස් උනේ ?
    එහෙම රස වෙනස් වෙන විදියට අයිස්ක්‍රීම් හදන්න පුලුවන් ද ?
    තේරුනාද ප්‍රශ්නෙ තියෙන්නෙ අයිස් ක්‍රීම් එකේ නෙවෙයි.. අපේ හිතේ බව
    ඔන්න ඕකයි හිත හෙවත් පංච උපාදානස්කන්ධයෙ අනිත්‍ය බව කියන්නෙ
    අනිත්‍ය = වෙනස් වීම
     
    • Like
    Reactions: Kumara456

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    වෙනස් වෙන්නත් තියෙන්න එපැයි

    වෙනස් නොවී තියෙන්න ඕන කියල නිතරම හිතන නිසා තමා මේ ඔක්කොම ගැටළු.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,864
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිත්‍යතාවය නොහොත් වෙනස්‌වන ස්‌වභාවය ඇතිව නැතිව යන ස්‌වභාවය කැඩෙන බිදෙන ස්‌වභාවය පලුදුවන ස්‌වභාවය නිත්‍ය නොවන ස්‌වභාවය වේ. එනම් ලොව නිත්‍යවූත්, ස්ථිරවූත් ජීවියෙක් හෝ වස්තුවක් නොමැති බවයි.

    උදා: ගෑනු ලමයෙක් ගැන හිතපන් පොඩිකාලෙ,තරුණ වයසෙ,මැදි වයසෙ,ආච්චි කෙනෙක් වෙලා අන්තිම කාලෙ රූපෙ කොහොමද වෙනස් වෙන්නෙ කියල..එකම කෙනාගෙ රූපෙ නිත්‍ය නොවන විදිය. :)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    චගු;22989589 said:
    මේ අහන්නෙ ධර්මය පැත්තෙන් ද ?
    එහෙම නම් අනිත්‍ය කියල කියන්නෙ හිතේ වෙනස් වීම.
    මෙහෙම හිතන්න.. අපි හොඳටම රස්නෙ දවසක අයිස්ක්‍රීම් එකක් කනවා
    දාඩිය දාගෙන ඇවිත් අයිස්ක්‍රීම් එකේ පලවෙනි හැන්ද කන්න ගත්ත ගමන් මාර සනීපයි
    දැන් දෙවෙනි අයිස්ක්‍රීම හැන්ද කනවා.. සනීපයි
    ඒත් පලවෙනි හැන්දත් දෙවෙනි හැන්දත් අතර රස දැනෙන විදියෙ (කික් එකේ ) වෙනසක් තියෙනවා නේද ?
    තුන්වෙනි හැන්දත් පලවෙනි හැන්දත් අතර රස වෙනස්
    පලවෙනි හැන්දත් අන්තිම හැන්දත් අතර රස වෙනස්.
    දැන් අපිට බලෙන් ම අයිස්ක්‍රීම් ටබ් එකම කවනවා.. රසක් දැනෙනවද.. එපා වෙනව ද ?
    කොහොමද මේ හැන්දෙන් හැන්ද රස වෙනස් උනේ ?
    එහෙම රස වෙනස් වෙන විදියට අයිස්ක්‍රීම් හදන්න පුලුවන් ද ?
    තේරුනාද ප්‍රශ්නෙ තියෙන්නෙ අයිස් ක්‍රීම් එකේ නෙවෙයි.. අපේ හිතේ බව
    ඔන්න ඕකයි හිත හෙවත් පංච උපාදානස්කන්ධයෙ අනිත්‍ය බව කියන්නෙ
    අනිත්‍ය = වෙනස් වීම

    මෙහෙම වුනොත්;
    අපි දුප්පත් වෙලා ඉන්න වෙලාවක කෙනෙක් සතයක් දෙනවා.

    රුපියලක් දෙනවා.
    වෙනස දුකයි.

    රුපියල් දාහක් දෙනවා.

    ලක්ෂයක් දෙනවා.
    වෙනස සැපයි නේද

    කෝටියක් දෙනවා.

    එපා වෙනවද?
    මෙතනදි ඔය අනිත්‍ය කොහොමද දැනෙන්නෙ?

    ඔබේ කාර් එක කුණාටු දවසක නිත්‍යව තිබියදි ඔබේ සතුරාගෙ කාර් එකට ගහක් කඩා වැටිලා අනිත්‍ය වුනොත් පට්ට නැද්ද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනිත්‍යතාවය නොහොත් වෙනස්‌වන ස්‌වභාවය ඇතිව නැතිව යන ස්‌වභාවය කැඩෙන බිදෙන ස්‌වභාවය පලුදුවන ස්‌වභාවය නිත්‍ය නොවන ස්‌වභාවය වේ. එනම් ලොව නිත්‍යවූත්, ස්ථිරවූත් ජීවියෙක් හෝ වස්තුවක් නොමැති බවයි.

    උදා: ගෑනු ලමයෙක් ගැන හිතපන් පොඩිකාලෙ,තරුණ වයසෙ,මැදි වයසෙ,ආච්චි කෙනෙක් වෙලා අන්තිම කාලෙ රූපෙ කොහොමද වෙනස් වෙන්නෙ කියල..එකම කෙනාගෙ රූපෙ නිත්‍ය නොවන විදිය. :)

    ඒ වුනාට නිත්‍ය වුනා කියලත් දුකේ අඩුවක් නැහැ මචෝ.

    හිතන්න පොඩි එකෙක් දිගටම ශරීර ප්‍රමාණය නිත්‍යව තියෙනව කියලා. එතකොට දෙමාපියන්ට එය සැපයක්ද?

    ඔබේ හතුරා ලෙඩ දුකක් නැතිව නිත්‍ය ශරීර සුවයකින් සිටීම ඔබට සුවයක්ද?

    අවුල තියෙන්නෙ නිත්‍ය අනිත්‍ය බවේ නෙවෙයි බ්‍රෝ..
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මෙහෙම වුනොත්;
    අපි දුප්පත් වෙලා ඉන්න වෙලාවක කෙනෙක් සතයක් දෙනවා.

    රුපියලක් දෙනවා.
    වෙනස දුකයි.

    රුපියල් දාහක් දෙනවා.

    ලක්ෂයක් දෙනවා.
    වෙනස සැපයි නේද

    කෝටියක් දෙනවා.

    එපා වෙනවද?
    මෙතනදි ඔය අනිත්‍ය කොහොමද දැනෙන්නෙ?

    ඔබේ කාර් එක කුණාටු දවසක නිත්‍යව තිබියදි ඔබේ සතුරාගෙ කාර් එකට ගහක් කඩා වැටිලා අනිත්‍ය වුනොත් පට්ට නැද්ද?

    මිලියනයෙන් අපේ හිත සැපයට පත් වෙනවද ? නැතිනම් මිලියන දෙකක් වෙත දුවනවද ?
    ඩොනල්ඩ් ටෘම්ප් බිලියනයර් කෙනෙක්.. ඊත් තාම සැප හොයන් දුවනවා නේද
    ඊකට හෙතුව තමයි මිලියනය සැපයි කිව්ව හිත වෙනස් වෙලා බිලියනය සැපයි කිව්වා.. බිලියනය සැපයි කිව්ව හිත අනිත්ය වෙලා ලූකෙම ජනාදිපති වෙන්න කිව්වා
    ඉතින් නිත්‍ය සැපක් තියේද
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,864
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ වුනාට නිත්‍ය වුනා කියලත් දුකේ අඩුවක් නැහැ මචෝ.

    හිතන්න පොඩි එකෙක් දිගටම ශරීර ප්‍රමාණය නිත්‍යව තියෙනව කියලා. එතකොට දෙමාපියන්ට එය සැපයක්ද?

    ඔබේ හතුරා ලෙඩ දුකක් නැතිව නිත්‍ය ශරීර සුවයකින් සිටීම ඔබට සුවයක්ද?

    අවුල තියෙන්නෙ නිත්‍ය අනිත්‍ය බවේ නෙවෙයි බ්‍රෝ..

    නිත්‍ය උනත් "දුක" කියන එක තමා ප්‍රශ්ණය,වයසට යන්නෙ නැත්නම්,ලෙඩ වෙන්නෙ නැත්නම්,මැරෙන්නෙ නැත්නම් ඒක සැපයක් හැබැයි අවට ලෝකෙ තියෙන දේ වලට තන්හාව,තරහාව ඇති වෙන නිසා හොර හතුරු බිය තමුන්ට නැති අනුන්ට ඇති දේවල් ගැන "සිත" ගැටෙනවනෙ..අමරණීය වෙලා හැමෝගෙම සැප එක සමාන උනොත්,දකින ලැබෙන දේවල් සමාන උනොත් ඒක නිත්‍ය සැපයක් වෙයි..සිතේ දුක නැතිකර ගැනීමේ ක්‍රමය තමා නිවන :)
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,196
    9,095
    113
    නිවන අනිත්‍ය ද නැද්ද..හැමදේම අනිත්‍ය නම් නිවනත් අනිත්‍ය වෙන්න ඕනේ නේද? හරියටම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද.නැත්නම් ඒ ගැන තියෙන තැනක් හරි තියෙනවද
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අනිත්‍ය කියන්නේ නිත්‍ය නෑ කියන එක. ඒ කියන්නේ අස්ථිර යන තේරුම. ආසන්න වශයෙන් වෙනස්වීම යන අර්ථයත් හරි.

    හැම මොහොතෙම වෙනස් වීම තියනවා. අපේ ශරීරය ගත්තොත් හැම මොහොතෙම එක්කෝ තරුණ වෙනවා, වයසට යනවා කෙස් නිය වැඩෙනවා, සම රුලි වැටෙනවා, මේ විධිහට වෙනස් වෙනවා. ස්ථිර නෑ. ඉපදුනොත් මැරෙනවා මැරුනොත් ඉපදෙනවා. ස්ථිරව පිහිටන්නේ නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,864
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නිවන අනිත්‍ය ද නැද්ද..හැමදේම අනිත්‍ය නම් නිවනත් අනිත්‍ය වෙන්න ඕනේ නේද? හරියටම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද.නැත්නම් ඒ ගැන තියෙන තැනක් හරි තියෙනවද

    නිවන කියන්නෙ නිත්‍ය දෙයක් හැබැයි ඒක විඳින කෙනෙක්,පුද්ගලයෙක් නෑ..රහත් වූ කෙනෙක්ට තමන්ගෙ අවසන් ඉපදීම,දුකේ අවසානය කියල සතු‍ටු වෙන්ඩ පුලුවන්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    චගු;22991309 said:
    මිලියනයෙන් අපේ හිත සැපයට පත් වෙනවද ? නැතිනම් මිලියන දෙකක් වෙත දුවනවද ?
    ඩොනල්ඩ් ටෘම්ප් බිලියනයර් කෙනෙක්.. ඊත් තාම සැප හොයන් දුවනවා නේද
    ඊකට හෙතුව තමයි මිලියනය සැපයි කිව්ව හිත වෙනස් වෙලා බිලියනය සැපයි කිව්වා.. බිලියනය සැපයි කිව්ව හිත අනිත්ය වෙලා ලූකෙම ජනාදිපති වෙන්න කිව්වා
    ඉතින් නිත්‍ය සැපක් තියේද

    ඔයා කියන දෙය ධර්මයට පටහැණියි බ්‍රෝ..

    තථාගතයන් වහන්සේ දේශණා කරනවා යදනිච්ඡං තං දුක්ඛං යනුවෙන්. යමක් අනිච්ඡ නම් දුකයි. එතකොට නිත්‍ය නම් සැප වෙන්න එපැයි.