මචන්ලා,
දන්න කෙනෙක් "අනිත්‍ය" කියන එක හරියටම විස්තර කරල දෙනවද?
(වෙනස් වෙනවා කියන එකද? විනාශ/ඉවර වෙනවා කියන එකද)

වෙනස් වෙන්නත් තියෙන්න එපැයි

චගු;22989589 said:මේ අහන්නෙ ධර්මය පැත්තෙන් ද ?
එහෙම නම් අනිත්‍ය කියල කියන්නෙ හිතේ වෙනස් වීම.
මෙහෙම හිතන්න.. අපි හොඳටම රස්නෙ දවසක අයිස්ක්‍රීම් එකක් කනවා
දාඩිය දාගෙන ඇවිත් අයිස්ක්‍රීම් එකේ පලවෙනි හැන්ද කන්න ගත්ත ගමන් මාර සනීපයි
දැන් දෙවෙනි අයිස්ක්‍රීම හැන්ද කනවා.. සනීපයි
ඒත් පලවෙනි හැන්දත් දෙවෙනි හැන්දත් අතර රස දැනෙන විදියෙ (කික් එකේ ) වෙනසක් තියෙනවා නේද ?
තුන්වෙනි හැන්දත් පලවෙනි හැන්දත් අතර රස වෙනස්
පලවෙනි හැන්දත් අන්තිම හැන්දත් අතර රස වෙනස්.
දැන් අපිට බලෙන් ම අයිස්ක්‍රීම් ටබ් එකම කවනවා.. රසක් දැනෙනවද.. එපා වෙනව ද ?
කොහොමද මේ හැන්දෙන් හැන්ද රස වෙනස් උනේ ?
එහෙම රස වෙනස් වෙන විදියට අයිස්ක්‍රීම් හදන්න පුලුවන් ද ?
තේරුනාද ප්‍රශ්නෙ තියෙන්නෙ අයිස් ක්‍රීම් එකේ නෙවෙයි.. අපේ හිතේ බව
ඔන්න ඕකයි හිත හෙවත් පංච උපාදානස්කන්ධයෙ අනිත්‍ය බව කියන්නෙ
අනිත්‍ය = වෙනස් වීම
අනිත්‍යතාවය නොහොත් වෙනස්වන ස්වභාවය ඇතිව නැතිව යන ස්වභාවය කැඩෙන බිදෙන ස්වභාවය පලුදුවන ස්වභාවය නිත්‍ය නොවන ස්වභාවය වේ. එනම් ලොව නිත්‍යවූත්, ස්ථිරවූත් ජීවියෙක් හෝ වස්තුවක් නොමැති බවයි.
උදා: ගෑනු ලමයෙක් ගැන හිතපන් පොඩිකාලෙ,තරුණ වයසෙ,මැදි වයසෙ,ආච්චි කෙනෙක් වෙලා අන්තිම කාලෙ රූපෙ කොහොමද වෙනස් වෙන්නෙ කියල..එකම කෙනාගෙ රූපෙ නිත්‍ය නොවන විදිය.![]()
මෙහෙම වුනොත්;
අපි දුප්පත් වෙලා ඉන්න වෙලාවක කෙනෙක් සතයක් දෙනවා.
රුපියලක් දෙනවා.
වෙනස දුකයි.
රුපියල් දාහක් දෙනවා.
ලක්ෂයක් දෙනවා.
වෙනස සැපයි නේද
කෝටියක් දෙනවා.
එපා වෙනවද?
මෙතනදි ඔය අනිත්‍ය කොහොමද දැනෙන්නෙ?
ඔබේ කාර් එක කුණාටු දවසක නිත්යව තිබියදි ඔබේ සතුරාගෙ කාර් එකට ගහක් කඩා වැටිලා අනිත්‍ය වුනොත් පට්ට නැද්ද?
ඒ වුනාට නිත්‍ය වුනා කියලත් දුකේ අඩුවක් නැහැ මචෝ.
හිතන්න පොඩි එකෙක් දිගටම ශරීර ප්‍රමාණය නිත්යව තියෙනව කියලා. එතකොට දෙමාපියන්ට එය සැපයක්ද?
ඔබේ හතුරා ලෙඩ දුකක් නැතිව නිත්‍ය ශරීර සුවයකින් සිටීම ඔබට සුවයක්ද?
අවුල තියෙන්නෙ නිත්‍ය අනිත්‍ය බවේ නෙවෙයි බ්‍රෝ..

නිවන අනිත්‍ය ද නැද්ද..හැමදේම අනිත්‍ය නම් නිවනත් අනිත්‍ය වෙන්න ඕනේ නේද? හරියටම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද.නැත්නම් ඒ ගැන තියෙන තැනක් හරි තියෙනවද
චගු;22991309 said:මිලියනයෙන් අපේ හිත සැපයට පත් වෙනවද ? නැතිනම් මිලියන දෙකක් වෙත දුවනවද ?
ඩොනල්ඩ් ටෘම්ප් බිලියනයර් කෙනෙක්.. ඊත් තාම සැප හොයන් දුවනවා නේද
ඊකට හෙතුව තමයි මිලියනය සැපයි කිව්ව හිත වෙනස් වෙලා බිලියනය සැපයි කිව්වා.. බිලියනය සැපයි කිව්ව හිත අනිත්‍ය වෙලා ලූකෙම ජනාදිපති වෙන්න කිව්වා
ඉතින් නිත්‍ය සැපක් තියේද