අනුන්ගේ කතා තමන්ගේ කියන අසහනය

Jun 1, 2011
7
3
0
අනුන්ගේ කතා තමන්ගේ කියන අසහනය

මේක මගේ බ්ලොග් ඒකෙ. මම දාපු අන්තිම පොස්ට් එක. මේක ඔයාලත් දැක්කනම් හොදයි කියල හිතුන. මොකද කිව්වොත් මම මේ පොස්ට් එකෙන් කියන්නෙත් එල කිරි ඒකෙ ඉන්න කෙනෙක් ගැන නිසා..

මෙන්න පොස්ට් එක..


අනේ මන්ද ඇයි මෙහෙම වෙන්නේ කියල. අසහන කාරයෝ ගැන මුලින් ලියන කොට මේක මම දුර දිග ගෙනියන්න හිතුවේ නෑ. ඒත් මට මේක නම් නොලියම බෑ.


මේ සමාජයේ නොයෙකුත් ආකාරයේ අසහන කාරයෝ ඉන්නවා. මෝඩ කමට හරි නුගත් කමට හරි ඔය වගේ වැඩක් කරොත් අපිට පිටිපස්සෙන් හිනාවෙලා නිකං ඉන්න පුළුවන්.


හැබැයි මම අද කියන්න යන්නේ එහෙම වැඩක් නෙමේ. හොදට සිහි බුද්දිය තියන අපි අතරේම ඉන්න "කොම්පියුටර් ඩයල්" කියල හිතන් ඉන්න අය කරන අසහනකාර වැඩක් තම අද කියන්නේ.


මේ අසහනය තමා අනුන්ගේ දේවල්, කොටින්ම අනුන්ගේ පොස්ට් තමන්ගේ කියල පොස්ට් කරලා නම දිනාගන්න අසහනය.






උබල ඔක්කොම දන්නවා මගේ ITN පබළු කතාව හරිම දුර්ලබ පට්ට සිද්දියක් කියල. ඒකට මට ගොඩක් හොද කොමෙන්ට් ලැබුන. හිට්ස් තුත් පට්ට. ඔය හිට්ස් ආව සෝසස් බලනකොට මට


"http://www.elakiri.com/forum/showthread.php?t=1137835"


මෙන්න මේ පොස්ට් එක ලැබුනේ. මගේ පොස්ට් එක එහෙම පිටින්ම කොපි-පේස්ට් කරලා උගේ එකක් වගේ දාල. කොටින්ම කිව්වොත් නමවත් වෙනස් කරලා නෑ. නමුත් මම පොස්ට් එක පටන් ගන්න කලින් පොඩි විස්තරයක් දාල තියනවනේ බ්ලොග් එක ගැන. වැඩේ කියන්නේ ඒ කෑල්ල කොපි වෙලා නෑ. මොකද එක දැම්මොත් මේක උගේ එකක් නෙමේ කියල මාට්ටු වෙනවනේ.


එල කිරි කියන්නේ මම ගොඩක් ගරු කරන පට්ට සිරා කොල්ලෝ ගොඩක් ඉන්න සිරා සයිට් එකක්. එකෙ ඉන්න මේ වගේ උන් නිසා සයිට් එකත් චා වෙනවා.



අපරාදේ කියන්න බෑ පොස්ට් එකේ යටම දකුණු පැත්තේ කොනේ පොස්ට් එකේ අකුරුවලින් බාගයක් සයිස් එකට "උපුටා ගැනීම:" කියල මගේ බ්ලොග් එක දාල ජාමේ බේරගන්න. (උපුටා ගැනීමක් නම් අනිත් ඔක්කොම තිබිල මගේ බොල්ග් ඒක ගැන තිබුන කෑල්ල විතරක් මිස් උනේ කොහොමද දන්නේ නෑ) හැබැයි ඒක පේන්නේ හොදටම බලපු අයට විතරයි. හරියට බලපු අය 14 දෙනෙක් ඔය ලින්ක් ඒක හරහා මගේ පොස්ට් එකට ඇවිල්ල තියනවා. නැත්නම් මට ඕක අහුවෙන්නේ නෑ.







පොස්ට් එකට කට්ටිය කොමෙන්ට් දාල තියෙන්නෙත් ඌට උන සිද්දියක් විදියට හිතාගෙන. වැඩේ කියන්නේ ඌ ඒ එකක් පොස්ට් එකක්වත් නිවැරදි නොකරන්න පරිස්සම් වෙලා තියෙනවා. හැබයි එක කොල්ලෙක් ඔරිගිනල් සෝස් ඒක දාන්න කිව්වම නම් වීරයා වගේ තමන් ඒක දාල තියනවා කියල ලොකු අකුරින් කොමෙන්ට් කරලා අර කොල්ලට බොරු චෝදනවකුත් කරලා....


මට නම් අව්ලක් නෑ, ඌ මගේ පොස්ට් එකෙන් පොර උනාට. මට ඇත්තට සතුටුයි. මොකද මගේ පොස්ට් ඒක ඇත්තටම හොදයි කියල මට තේරෙනවා, වෙන එකෙක් ඒක කොපි කිරීමෙන්.


මම නම් කියන්නේ වෙන කෙනෙක්ගේ හොද පොස්ට් එකක් දැක්කොත් ඒක තමන්ගේ සයිට් වල දැම්මට කමක් නෑ. නමුත් පැහැදිලිව, හොදට පේන්න ඔරිජිනල් ලියපු කෙනාව සහ, ඒ ලින්ක් ඒක දාන්න ඕනේ. ඒක මම ඕන තරම් රංග අයිය, මාරයා වගේ අයගේ බ්ලොග් වල දැකල තියනව. ඒක තම නියම මහත්මා ගතිය.


මට අන්තිමට කියන්න තියෙන්නේ.... අනේ මෙහෙමත් අසහන කාරයෝ කියල තමා.......


මේ ගැන පොඩි කොමෙන්ට් එකක් පහලින් දාන්න අමතක කරන්න එපා.

 
Last edited:

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
අනේ මන්ද බන්? කොහොමත් පිස්සු ඩයල් එකෙක් දෙන්නෙක්වත් එලකිරියට ඉන්න ඕනනේ.
එත් ඔයවගේ දෙකේ පන්තියේ වැඩනම් මටත් දිරවන්නේ නැ මචෝ.
උබ ඕවට තරහගන්නේ නැතුව ඉදපන්.
වෙන මොනවා කොරන්නද???
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අල්ලලා දාපං මලේ...මගේ ජෝක්, දන්ත සෞඛ්‍ය ගැන දාපු ත්‍රෙඩ් ගෙඩි පිටින් ගන්නේ.......කමක් නැහැ බං...කවුරුහරි දැනුවත් වෙනවා කියල හිත හදා ගනින්.....!!!!!!:lol:
     
    Jun 1, 2011
    7
    3
    0
    macho mamat meke link eka demma 2011-05-30http://www.elakiri.com/forum/showthread.php?t=1137354, hebei uben tikak late unath awasara gaththa

    im andrew

    උබ දැම්මේ ලින්ක් එකනේ බං. උබට ඒක උන කිව්වේ නෑනේ. වැඩේ කියන්නේ මු කියන විදියට මේක වෙලා තියෙන්නේ ඌටනේ..

    අනේද කියන්නේ... ලොල්.
     
    Jun 1, 2011
    7
    3
    0
    අල්ලලා දාපං මලේ...මගේ ජෝක්, දන්ත සෞඛ්‍ය ගැන දාපු ත්‍රෙඩ් ගෙඩි පිටින් ගන්නේ.......කමක් නැහැ බං...කවුරුහරි දැනුවත් වෙනවා කියල හිත හදා ගනින්.....!!!!!!:lol:


    අනිවා.. අනිවා.. හිකි හිකි...:lol::lol::lol::lol::lol::lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මාත් ඔය ලින්ක් එකෙන් බ්ලොග් එකට ආවා
    එක නිසා තමයි මම අහුවෙ ඈත්තට උන සීන් එකක්ද කියලා
    උබේ කතාවනන් නියමයි මචන්.තව තවත් හොද නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියල පතනවා


    මොනවා උනත් පොර උපුටා ගත්තා කියලා පොඩියට හරිදාලා තිබ්බා.එහම හරි තිබ්බ එක හොදයි කියලා උබට හිතෙන්න නෑද්ද.


     
    Jun 1, 2011
    7
    3
    0
    මාත් ඔය ලින්ක් එකෙන් බ්ලොග් එකට ආවා
    එක නිසා තමයි මම අහුවෙ ඈත්තට උන සීන් එකක්ද කියලා
    උබේ කතාවනන් නියමයි මචන්.තව තවත් හොද නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියල පතනවා


    මොනවා උනත් පොර උපුටා ගත්තා කියලා පොඩියට හරිදාලා තිබ්බා.එහම හරි තිබ්බ එක හොදයි කියලා උබට හිතෙන්න නෑද්ද.




    මම ඔය පොස්ට් ඒක දැක්කම මට එච්චර අව්ලක් ගියේ නෑ. නමුත් කොමෙන්ට් කියවනකොට අනිත් උන් මේක ඌට උන දෙයක් විදියට කොමෙන්ට් කරනකොට.
    "මචංලා මේක උනේ මට නෙමේ යට ලින්ක් ඒක දාල තියන එකාට" කියල රිප්ලයි එකක්වත් මු දාල නෑ කියල මම දැක්කම මගෙත් ලේ රත් උනා..
    පස්සේ උබට පොර ටෝක් එකකුත් දීලා මු රිප්ලයි කරලා තියනවා දැක්කම ලිමිට් ඒක පැන්න...:growl::growl::growl::growl: