“දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ දසදිශා ඒකාලෝක කරන ඕසධී තාරුකාවක් වගේ.
“නටන්නාවූ ඔබගේ අංග ප්‍රත්‍යංගයන්ගෙන් ඇසිය යුතුවූ යහපත්වූ දිව්‍යශබ්දයෝ සර්වප්‍රකාරයෙන් නික්මෙන්නේ ය.
“නටවන්නාවූ තොපගේ අවයව වලින් සර්වප්‍රකාරයෙන් යහපත් හොඳ සුවඳවත් දිව සුවඳ හමයි.
“කොන්ඩෙහි යම් පළඳනාවක්වේද කය සෙලවෙන කල්හි එය පඤ්චාංගික තූර්යයෙහි මෙන් ශබ්දය ඇසෙයි.
“වාතයෙන් සොලවනලද, වාතයෙන් විශේෂයෙන් කම්පා කරනලද මුදුන්මල්කඩක් වේද, එයින් පඤ්චාංගික තූර්යයන්හි මෙන් ශබ්දය ඇසෙයි.
“ ඔබගේ හිසෙහි පිවිතුරු සුවඳ ඇති යම් මල්මාලාවක් වේද, මඤ්ජුසක දිව්‍ය වෘක්ෂය මෙන් සියලු දිශාවෙහි සුවඳ හමයි.
කියන්න දෙව්දුව, මේ සා ආනුභාවසම්පන්න දිව්‍යමය වූ ආත්ම භාවයක් ලැබුවේ කුමන කර්මයක විපාකයක් හේතු කොට ගෙන ද?
ස්වාමීනී, මාගේ යෙහෙළි වූ විසාඛා තොමෝ සැවැත්නුවරැ සංඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ය. එහි පහන් වූ මම ඒ මහත් වූ ප්‍රාසාදය ද මට ප්‍රිය වූ බුද්ධප්‍රමුඛ සංඝයා උදෙසා කළ එබඳු මාහාධනපරිත්‍යාගය ද දැක පින් අනුමෝදන් වීමි.
මාගේ ඒ පිරිසිදු අනුමෝදනාවෙන් දැකුම්කලු අසිරිමත් මේ විමන ලබන ලදී. මාගේ පුණ්‍යර්ධියෙන් (ඒ විමන) අහසෙහි හාත්පස සොළොස් යොදුන් තැන් පැතිරැ පවතී.
කොටස් විසින් බෙදූ ප්‍රමාණවත් කරන ලද කුළුගෙවල් ඇති බබළන මාගේ නිවෙස්හු හාත්පස සියක් යොදුන් තැන් බබළති.
මෙහි මට දිවමසුන් සිටින නොකැළඹුණු පිරිසිදු දිය ඇති රන්වන් වැලි ඇතුරූ පොකුණු ද වෙති.
නොයෙක් පියුමෙන් වැසුණු හෙල පියුමෙන් හාත්පස පැතුරුණු මනරම් වූ පවනින් කම්පිත වූ පිරිසිඳු සුවඳ හමයි.
දඹ කොස් තල් පොල් වනයෝ ද රොපණය නොකළාවූ ම නොයෙක් වෘක්‍ෂයෝ ද නිවෙස් තුළ හටගත්තාහ.
තන්තුරු රැවින් හඬ නැගුණු දෙවඟනන් විසින් ඝෝෂිත වූ මා යමෙක් සිහිනෙන් දකින්නේ ද, ඒ මිනිස් තෙමේ ද ප්‍රීත වන්නේය.
මෙබඳු අසිරිමත් දැකුම්කලු වූ සියලු ලෙසින් පැහැපත් වූ විමානය මාගේ කුශලකර්මයෙන් උපන්නේ ය. එහෙයින් පින් කිරීම සුදුසු ය.
ඔබේ ඒ පිරිසිඳු අනුමෝදනාවෙන් ලත් විමන අසිරිමත් ය. දැකුම්කලු ය. යම් ඒ ස්ත්‍රියක් දන් දුන්නී ද, ඕ තොමෝ කොහි උපන්නී දැයි ඇය උපන් ගතිය කියව.
ස්වාමීනි, මගේ යහළු ස්ත්‍රිය යම් තැනැත්තියක් වීද ඇය සංඝයාට මහාවිහාරයක් කරවූවාය. සිව්සස් දහම් මනාව දත් ඇය දානයක් දී නිර්මාණරතී දෙවියන් අතර උපන්නාය.
ඇය ඒ සුනිම්මිත දෙවිඳුන්ගේ බිරිඳ වුවා ය. ඇයගේ කර්මවිපාකය නො සිතිය හැකි ය. ඇය කොහි උපන්නී දැ යි මේ යමක් විචාරහි ද, එය ඔබට මම ඇති සැටියෙන් පැවැසීමි.
එසේ හෙයින් වස්තු ඇත්තෝ සංඝයාට දන්දෙව්. අන්‍යයන්ද සමාදන් කරවව්. පැහැදුණ සිතින් ධර්මයද අසව්. අතිශයින් දුර්ලභවූ මිනිසත් බව ලද්දේ ද එහෙයිනි.
බ්‍රහ්මස්වර ඇති රන්වන් සමක් ඇති බුදුරජාණන් වහන්සේ යම් සුගතිගාමී මාර්ගයක් ශ්‍රේෂ්ඨ යයි වදාළසේක් ද, යමකු විෂයෙහි දක්ෂිණාව මහත්ඵල වන්නේ ද ඒ සංඝයා ට දන් දිය යුතුය..
බුද්ධාදී සත්පුරුෂයන් විසින් පසස්නාලද යම් ආය්‍යර් පුද්ගලයෝ වෙත් ද, ඔහු අටදෙනෙකි. යුගල වශයෙන් සතර දෙනෙකි. බුදුරදුන්ගේ ශ්‍රාවක වූ ඒ ආය්‍යර් පුද්ගලයෝ දක්ෂිණාවට සුදුස්සෝය.. උන්වහන්සේලා කෙරෙහි දෙනලද දානයෝ මහත්ඵල වෙති.
මාර්ගස්ථයෝ සිවුදෙනෙකි, ඵලස්ථයෝ සිවු දෙනෙකි, මේ සංඝයා තෙමේ ඍජු වූයේ ය. (ආය්‍යර් වූ) ප්‍රඥාශීලසමාධි ඇත්තේය .
යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය පින්පල කැමති ව දන් දෙන්නා වූ මිනිසුන්ට මහත්ඵල වේ ද,එබඳු ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක දෙන පින් කළ යුතුය
“මේ සංඝයා තෙමේ වනාහි ගුණයෙන් මහත් භාවයට ගියේය. ජලය දරණ සාගරය මෙන් මේ සංඝයා ගුණයෙන් අප්‍රමාණය. ලොවට නැණලු කරන්නා වූ මෙවන් ශ්‍රේෂ්ඨ වූ නරවීරශ්‍රාවකයෝ ම නිවන්මඟ දක්වති.
යම්කෙනෙක් සංඝයා උදෙසා දන්දෙත්ද, ඔවුන් විසින් මනාකොට දෙනලදී මනාකොට පුදන ලදී. සංඝයා කෙරෙහි පිහිටියා වූ ඒ දක්ෂිණාව මහත් ඵලයයි ලෝකය දත් බුදුන් විසින් වර්ණනා කරණ ලදී.
“යම්කෙනෙක් තමා කළ මෙබඳු දානාදී පින්කම් සිහිකරමින් ප්‍රීතියෙන් ලෝකයෙහි හැසිරෙත්ද මසුරු මල මුල් සහිතව හික්මවා, නින්දා රහිත වූ ස්වර්ගලෝකයෙහි උපත ලබන්නේ ය.