අනුන් බිඳ වූ පවක මහත

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
අනුන් බිඳ වූ පවක මහත

සිල්වත් වූ යහපත් පැවතුම් ඇති ඒ භික්‍ෂූන් දෙනම වහන්සේ ආවාසයත් පිණ්ඩපාතයත් පිළිබඳ ලෝභයෙන් මවිසින් කේළාම් බස් කියා බිඳවාපු ලූහ. ම විසින් කරන ලද්දේ ලාමක (පහත්) පාප කර්මයකි. මෙසේ සිත තුළ නිතර ඇති වූ මහත් විපිළිසර භාවය නිසා ශෝක ඇත්තේ ගිලන් වූයේ කෙටි කාලයකින්ම කලුරිය කොට අවිචිමහ නරකයෙහි උපන්නේ ය.

ඔබ අහසෙහි සිටින්නෙහි ය. දෙවියන් ගේ සිරුරට බඳු යහපත් වර්ණවත් සිරුරක් ඇත්තෙහි ය. එහෙත් දුගඳ හමන ඔබගේ මුඛය පණුවෝ සිදුරු කොට කති. මෙසේ වූ ඔබ පෙර කවර කර්මයක් කෙළෙහි ද?
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
“ දිබ්බං සුභං ධාරෙසි වණ්ණධාතුං
වෙහාසයං තිට්ඨසි අන්තලිකේ‍ඛ
මුඛඤච තෙ කිමයො පූතිගන්ධං
ඛාදන්ති කිං කම්මකාසි පුබ්බේති?”


මම පෙර දුෂ්ට වචනයෙන් යුත් වාග් ද්වාරයෙන් අසංවර වූ ශ්‍රමණවේශධාරී පවිටු මහණෙක් වීමි. මහණව බඹසර රැකි හෙයින් ශරීර වර්ණය ද කේළාම් කීමේ පවින් මුඛය දුගඳ ද විය. (පණුවන් ද සිදුරු කොට කති)


 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
“සමණො අහං පාපො දුට්ඨාවාචො
තපස්සිරූපො මුඛසා අසඤ්ඤතො
ලද්ධාව මෙ තපසා වණ්ණධාතු
මුඛඤච මෙ පෙසුනියනෙ පූති”



නාරද ස්වාමිනි, ඔබ විසින් මා සිරුර දක්නා ලදී. කාරුණික වූ දක්‍ෂ වූ බුද්ධාදී උත්තමයෝ යමක් දේශනා කළාහු නම් මම එයම ඔබවහන්සේට කියමි. කේළාම් නොකියන්න. බොරු නොකියන්න. එනිසාම ඔබ කැමැති කැමැති සැප විඳින දෙවියකු වන්නෙහි ය.
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
“තයිදං තයා නාරද සාමං දිට්ඨිං
අනුකම්පකා යෙ කුසලා වද්‍යෙුං
මා පෙසුනං මා ච මුසා අභාණී
යක්චෝ තුවං භොගිසි කාමකාමි” ති



භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක්තරා “පූතිමුඛ” (කුණු වූ කටක්) ප්‍රේතයකු අරභයා මේ දේශනය කළ සේක. රජගහ නුවරට පිඬු සිඟා වැඩි නාරද තෙරුන් වහන්සේ පිණ්ඩපාතයෙන් පසු බත් වේලේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සිට ඉහත වූ ප්‍රේතයා පිළිබඳ විස්තර (ඉහත ගාථා තුනේ සඳහන් පරිදි) සැළ කළහ. එවිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි අර්ථෝත්පත්ති ගෙනහැර පාමින් මෙසේ වදාළ සේක.
 
  • Like
Reactions: sudunone

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වූ කුල දරුවන් දෙදෙනෙකු එකම වෙහෙරක ශ්‍රමණ සාරුප්‍යයෙන් යුක්තව සමඟිව මහණ දම් පිරූහ. මොවුන් අතරට පැමිණි කේළම් කීමෙහි ඇලුණු වෙනත් භික්‍ෂුවක් පිළිසඳරයෙන් පසු තාවකාලිකව නවාතැන් ගත්හ. දෙවන දින එක්ව පිණ්ඩපාතයෙහි යෙදුණු තෙනම වහන්සේලා වෙත ගම්වාසීන් මහත් යටහත් පහත්ව සිටිමින් කලින් සූදානම් කර තිබූ රසවත් මිහිරි ආහාරපාන පූජා කළෝ ය. පන්සලට ආපසු වැඩිය ආගන්තුක භික්‍ෂුව මෙසේ සිතන්නට විය. මේ ගමේ මිනිස්සුද ඉතා ශ්‍රද්ධාවත් ය. පිණ්ඩපාතය ද ඉතා ප්‍රණීතය. ආවාසයන් ද සිහිල් සෙවණින් හා මිහිරි ජලයෙන් පෝෂිත ය. මෙහිම සුවසේ වසන්නට ඇත්නම් කෙතරම් වටී ද? යනුවෙනි. එසේම මේ භික්‍ෂුන් දෙනම සිටින්නේ නම් පහසු විහරණයක් මට කොයින් වේද? අතවැසිව විසීම පමණක් සිදුවිය හැක. එනිසා මේ තෙරණුවන් දෙදෙන ඔවුනොවුන් බිඳවා මෙහි නො වසන පරිදි කරන්නේ යැයි කල්පනා කළේ ය.


දිනක් මහස්ථවිරයන් වහන්සේ අනෙක් දෙනම වහන්සේලාට අවවාද අනුශාසනා කොට තමන් වහන්සේ වසන කුටියට පිවිසියහ. ටික වේලාවකට පසු මේ ආගන්තුක නවක භික්‍ෂුව මහ තෙරුන් වහන්සේගේ කුටිය වෙත එන්නේ මේ අවේලාවෙහි කුමක් සඳහා පැමිණියේ දැයි විමසන්නට විය. වැඳ අවසර ගත් මේ භික්‍ෂුව ස්වාමීනි, ඔබ වහන්සේට යමක් පැවසීමට ඇතැයි කීය. ‘ආයුෂ්මත්නි කියන්නැය’ යි ඉඩ හළහ. ස්වාමිනි, ඔබ වහන්සේගේ සහායක භික්‍ෂුව ඔබ හමුයෙහි මිතුරු වහන්සේ නමක් මෙන් පෙනී සිටියත් නැති තැන එසේ නොවේ. ස්වාමීන් වහන්සේගේ නුගුණම කියයි. කියන්න, කුමක් කීයේ දැයි විචාළහ. “මේ මහා ස්ථිවිරයෝ කපටියෙකි. කළ වරද සඟවන මායා ඇත්තෙකි. නැති ගුණ පෙන්වන මායා ඇත්තෙකි. කුහකවූවෙකි. වැරැදි දිවි පෙවෙත ඇත්තෙක් ආදී වශයෙන් නුගුණම කියන්නේ යැයි පැවසූහ.


පින්වත, එසේ නො කියන්න. ඒ භික්‍ෂුව මා පිළිබඳව කෙසේ වත් එසේ නො කියන්නේ ය. අපි දෙදෙනා ගිහි කාලයේ සිටම මිතුරෝ වෙමු. ඔහුගේ ස්වභාවය මම දනිමි. එසේම මහණ කමින් පසු ද ඔහු සුපේශලය. සංවර වූ සිල් ඇත්තේ යැයි කියන්නට විය. ස්වාමිනී, ඔබ වහන්සේ පිරිසුදු වූ යහපත් සිත් ඇති බැවින් මෙසේ සිතන්නේ ය. ඒ තෙරුන් සමඟ මගේ ද අහිතක් නැත. කුමක් නිසා ඔවුන් විසින් නො කියන ලද්දක් මම ඔබ වහන්සේට කියන්නට එම් ද? එය එසේම වේවා! කල්යාමෙන් හෝ ඔබ වහන්සේටම එය දැනගත හැකි යැයි පවසමින් වැඳ ඉවත්ව ගියේ ය.


සසුනෙහි අධිගමයක් නොලැබූ ඒ දෙනම වහන්සේලා ද කේළාම්කාරී භික්‍ෂුව ඉවත්ව ගිය පසු මහා ස්ථිවිරයන් වහන්සේ මෙසේ සිතන්නට වුහ. මේ භික්‍ෂුව මා වෙත කීවක් සැබෑ විය හැකි දැයි වශයෙන් විශ්වාසය මදක් ලිහිල්ව ගියේ ය. ඒ භික්‍ෂුව පළමුව මෙසේ මහ තෙරුන් බිඳුවා අනතුරුව අනෙක් භික්‍ෂුව ද එලෙසම බිඳවා ලීය. ඉක්බිති මේ තෙරුන් වහන්සේ දෙනම පසු දින එකිනෙකා කතා නැත්තේ පා සිවුරු ගෙන පිඬු සිඟා වැඩ තමන්ගේම කුටිවල සිට පිණ්ඩාහාර වළදා දෙවන දින පහන් වීමෙත් සමඟම ඔවුනොවුන් නොදන්වාම වෙනත් පහසු විහරණ සොයා ආරාමයෙන් පිටත්ව ගියෝ ය.
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
කේළාම් බස් කියූ භික්‍ෂුව පසු දින අවදිව බලන්නේ තමන්ගේ අභිමතාර්ථය ඉටු වූ බව දැන සතුටින්ම ගමට පිඬු පිණිස වැඩියහ.


ගමේ මිනිස්සු තනිව වඩින ඔහු දැක අනෙක් දෙනම වහන්සේලා ගැන විමසූහ. පින්වත්නි, පෙර දින රාත්‍රියෙහි ඔවුහු දබර ඇත්තෝ වූහ. ස්වාමිනි, දබර නො කරන්න. සමඟි වන්න. දබරය විනාශකාරීය. මතු භවයෙහි පවා විපාක දෙන්නක් ය. දුක් උපදවන්නේ ය. පෙර දබර කළෝ ද විනාශයට පත්වූහ යැයි ආදී වශයෙන් ම විසින් අවවාද කළේ මුත් එයද නො අසා පන්සලෙන් පිටත්ව කොහේ ගියාදැයි නො දනිමි’ යි කේළම් කියා බිඳ වූ භික්‍ෂුව කීහ. ඒ ඇසූ උපාසක ගම් ඇත්තෝ කියන්නෝ ඒ එසේ වෙත්වා, දබරකාරී භික්‍ෂූන් කැමැති තැනකට ගියේවා! ඔබ වහන්සේ අපට අනුකම්පා පිණිස මෙහි වැඩ වසත්වා! ආවාසය හැර නො යන්නයයි අයැද සිටියහ. හෙතෙම උපාසකයන්ගේ බස් පිළිගෙන ආවාසයෙහි වැඩ සිටින්නේ නොබෝ දිනකින්ම මෙසේ සිත් වීය. සිල්වත් වූ යහපත් පැවතුම් ඇති ඒ භික්‍ෂූන් දෙනම වහන්සේ ආවාසයත් පිණ්ඩපාතයත් පිළිබඳ ලෝභයෙන් ම විසින් කේළාම් බස් කියා බිඳවාපු ලූහ. ම විසින් කරන ලද්දේ ලාමක (පහත්) පාප කර්මයකි. මෙසේ සිත තුළ නිතර ඇති වූ මහත් විපිළිසර භාවය නිසා ශෝක ඇත්තෝ ගිලන් වූයේ කෙටි කාලයකින්ම කලුරිය කොට අවිචිමහ නරකයෙහි උපන්නේ ය. (මෙහි උපන් සත්ත්වයෝ බුර බුරා නගින ගිනිදැල්වලින් තද දුකින් අතරක් නැතිව පැසෙන්නේ ය. දිගින් පළලින්, උසින් සියක් සියක් යොදුන් පමණ වෙති. එහි එක් බිත්තියෙක් නව යොදුන් පමණ ඝනය. පොළොව සහ පියන ද එපමණ ඝනය. පිහිටීම් වශයෙන් සතරැස් ය. ගිනි දල්වන්නෝ ද මෙහි උපන් නිරි සතුන්මය. මිනිසුන්ගේ ආයු කාලය, දවසින් පටන් ගෙන පිළිවෙළින් නැගී ගොස්, අසංඛෙය්‍ය පැමිණ නැවත අසංඛ්‍යෙයෙහි සිට, පිරිහෙමින් අවුත් දස වසකට වැටේ. මේ දෙඅතර කාලය අන්තඞකල්පයකි.



අවීචිමහ නරකයෙහි ආයු කාලය මෙවන් එක් අන්තඞකල්පයෙකි. මවුපියන් රහතන් වහන්සේ ගේ දිවි තොරකරන්නෝ, බුදුන්වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙන් ලේ සොලවූවෝ’ කේළාම් කියා සංඝ භේද කරන්නෝ, ආරාම, දාගැබ්, මහබෝ, පෙතිපිළිම ඈ නසන්නෝ මිථ්‍යාදෘෂ්ටි ගත්තෝ මේ අවීචිමහ නරකයෙහි උපදිති. දෙව්දත් තෙරුන් ද පාපකාරයකු වී දැන් තැවෙන්නේ මෙහි ය.


(අපාය විස්තර ධම්මපද අට්ඨකථාඞ යමක වග්ගය 17 ගාථාව ඇසුරෙනි)


අනෙක් තෙරුන් වහන්සේ දෙනම ජනපදයන් හි සැරිසරා යන්නේ එක් ආරාමයකදී කලෙකට පසු හමු වූහ. ඔවුනොවුන් සතුටු කතා ඇත්තේ ඒ කේළාම් කී භේදකාරී භික්‍ෂුව විසින් කීවා යැයි සඳහන් වූ අන්‍යොන්‍ය බස් පිළිබඳව ද විමසීම් කළහ. ඒවා හිස් බොරු බව දැනගෙන සමඟිව නැවැත පළමු ආරාමයටම වැඩම වූහ. උපාසකයෝ ඒ තෙරුන් වහන්සේ නැවැත චච්;මන් මහත් සතුටට පත්වූයේ සිව්පසයෙන් උපස්ථාන කළහ. තෙරුන් වහන්සේ ද පහසුවෙන් සිව්පසය ලැබීම නිසා සිත් එකඟ කොට ගෙන (මහත් සේ උපකාරයක් සේ සලකා) විදසුන් වඩා නොපමාව රහතන් වහන්සේ අතර තවත් රහතන් වහන්සේ දෙනමක් බවට පත්ව දක්‍ෂිණාවට ද සුදුස්සෝ වූහ. කේළාම් කී භික්‍ෂුව එක් බුද්ධාන්තරයක්ම අවිචිමහ නිරයෙහි පැසී අප බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි රජගහ නුවරට නුදුරින් මෙසේ ප්‍රේතයෙක්ව පණුවන් කන කුණු වූ ගඳින් යුත් කටක් ඇතිව උපන්හ. එහෙත් භික්‍ෂුත්වයෙන් බඹසර රැක්ක නිසා රන්වන් සිරුරක් ඇති විය. මේ දේශනය රැස්ව සිටි බොහෝ පිරිස්හට මහත්ඵල දායක විය.



(පෙතවත්ථු පාලි 1 – 3 “පූතිමුඛ ප්‍රේත වස්තුව“)
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
සිතුවත් බිය කරවන අරතරයේ
වැටුණොත් එක්සිය සතිසක් නිරයේ
බලවත් දුක් විඳීනෙය කරදරයේ
මඳකුත් පිනකට නැත අවසරයේ



සිතීමෙන් පවා මහත් බිය ඇති කරන එකසිය තිස්හයක් වූ නිරයේ වැටුණොත් බරපතල දුක් විඳින්නට සිදු වෙයි. එහි කුසලයක් කිරීමට ද මදක්වත් අවසරයක් නැත්තේ ය.


(ලෝවැඩ සඟරාව 09)


සටහන – බුද්ධ භාෂිත දේශනයක් වූ මෙම කතා වස්තුව ඉහත සඳහන් තැන්හි විස්තර වශයෙන් කියවා ගත හැක. සතර අපාය, මනුලොව හා සදිව්‍ය ලෝක වශයෙන් කාමාවචර ලෝක එකොළොසක් ද රූපාවචර බඹලොව සොළොසක් හා අරූපාවචර බ්‍රහ්මලෝක සතරක් වශයෙන් තිස් එක් ලෝකයක් මේ ඉර, සඳ ස්පර්ශ කොට පවත්නා වපසරිය තුළ පවත්නා බව දහමෙහි සඳහන්ව ඇත. එසේම බුද්ධාදි අටතැන සැකය දුරුකොට මෙම දහම දෙස බැලීමට ද අනුශාසනා කරනු ලැබේ. එකී අටතැන් වන්නේ – තථාගත බුදුරජාණන් වහන්සේ, දේශිත ධර්මය, සඟ රුවන, පරලොව, මරණින් මතු ලොව ඒ දෙලොවම, සිල් රැකීමේ අනුසස් (කර්මපල විශ්වාසය) හා හේතු ඵල ධර්මය (පටිච්චසමුප්පාදය) පිළි ගැනීමත් ය. එසේම තථාගතයන් වහන්සේගේ ධර්මය විමසීමට (මජ්ඣිම නිකාය 47 විමංසක සූත්‍රය) අවසර දී ඇත. ධර්මයේ ගුණ ගැන කීමේ දී “එහි පස්සකො” වශයෙන් ද ඒ අවසරය ලබා දී ඇත. තවද තුණුරුවන් ගුණ දැන පැහැදී ශ්‍රද්ධාවෙන් යුතුව බුදු දහම දෙස බලන්නකු හට සියලු සැක පහව යාම මේ දහමේ ඇති තවත් සුවිශේෂයකි. ඒ මුළාවෙන් තොර ප්‍රඥාවට මේ දහම නිවහනක් වීම ය. කරුණු මෙසේ හෙයින් අහසේ පාවෙන ප්‍රේතයෝ, රන්වන් දිලිසෙන සිරුර ඇති ප්‍රේතයෝ, ප්‍රේත ලෝකය, ප්‍රේත ලෝකයේ පවත්නා ආයුෂ හා විඳීන ජක් යන සියලු කාරණා ධර්මයෙහි හැසිරෙන ඔබට විශ්මයට හේතු නොවනු ඇත. එසේ විශ්මය දනවන්නේ නම් ඔබ තව තවත් ධර්මයට නැඹුරුවීම එම විශ්මය පහවීමට එකම මඟයි.


පවට භය වෙමු. පව් කිරීමට ලජ්ජා වෙමු.


ධර්මාවබෝධය තුළින් අපි නිවන් අවබෝධය ලබමු!
 

kingdewi

Well-known member
  • වටිනම වටින බුද්ධ දේශනාවක අරුමය අපට දුන්නාට සහෝදරීට බොහොම පිං..
    මේක අද කාලෙට වටිනව එදාටත් වඩා ( ඇත්තනේ බුදු දහම අකාලිකයි නේ )
    බුදු සරණයි!
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    වටිනම වටින බුද්ධ දේශනාවක අරුමය අපට දුන්නාට සහෝදරීට බොහොම පිං..
    මේක අද කාලෙට වටිනව එදාටත් වඩා ( ඇත්තනේ බුදු දහම අකාලිකයි නේ )
    බුදු සරණයි!

    sira machan:yes::yes:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :yes::yes::yes:නියමයි......... විවාද කරනවාට වඩා මෙහෙම බුදු බන පදයක් හමොටම කියවන්න දෙන එක ගොඩක් වටිනවා.......:yes::yes::yes: