අනුරකුමාර-දිවයින ඇත්ත සිද්ධිය...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අනුරකුමාර-දිවයින ඇත්ත සිද්ධිය...

    "දිවයින හරිද ..?
    අනුර හරිද..?
    මහින්ද වැරදිද..?
    රනිල් බබාද ..?.."
    (කියවීමට පෙර පාට කන්නාඩි ගලවා ඉවත්කරන්න.. )

    දිවයින යනු එදා මෙදා තුල ජාතිකත්වය නියෝජනය කරන එකම පුවත්පත කිවොත් නිවැරදිය....(වෙන ඒවා තියෙනවා නම් උදාහරණ සහිතව කියන්න)

    දිවයිනේ පුවත් ගැන වඩාත්ම හිසරදය අද ඇත්තේ රනිල් ප්‍රමුක ආණ්ඩුවටය... මන්දයත් එදා මෙන්ම අදද 'දිවයින' බෙදුම්වාදයට එරෙහිව හඩ නගන බැවිනි...බෙදුම්වාදී අරමුණු කරා ගමන්කරන රනිල්ලාට 'දිවයින' නයාට අදුකොල මෙන්ය...

    අනුර සම්බන්ධව පලකල පුවතක් ඇත්ත උවද, බොරු උවද ජ.වී.පෙ එවැනි පුවතක් පලකල සැනින් ජ.වී.පෙ 'දිවයින' ට හොදින් නෙලන බව රනිල් හොදින් දනී.....

    මේක පස්සේ ඉන්නේ මහින්දද...?

    මහින්දට එරෙහිව ඇති කටකතාවලට (අනුරම කියනා පරිදිම ඔහු එල්ල කල ලම්බෝ, හෙලිකොප්ටර්,අරලිය කුමන්ත්‍රණය,රතුපස්වල,තාජුඩීන්,එකල ජවිපෙ නිල පුවත්පත පල කල දෙණියායේ රාජපක්ෂ මාලිගය,දළදා මැදුර ඉදිරිපිට නිරුවත් රැඟුම්,අධිවේගී මාර්ගයේ කිලෝමිටරයටකට ගිය වියදම,එය අඟල් ගණනටද හරවා ඉලක්කම් කියූ අනුර කුමාර,චීන පෝට් සිටි වැනි චෝදනාද ඇතුළුව) සෙමින් උවද ස්ථිරසාර ලෙස පිලිතුරුබදිමින් සිටින මොහොතක ආණ්ඩුබලය නොමැති අවස්තාවක මෙවැනි දෙයක් කිරීමට තරම් විකාරයක් ඔහුට නැත...

    මන්ද එවැනි දෙයක් පත්තු උවහොත් යන්නේ ඔහුගේ සායම බැවිනි........එහෙයින් මෙම සිද්ධියට මහින්දගේ හෝ දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින කිසිවෙකුගේ සම්බන්ධයක් ඇතැයි කීම පිළිගැනීමට නොහැක.......

    තවද තජුදින් සිද්ධිය පිළබදව රාජපක්ෂ පවුලට චෝදනාමුකයෙන් ලියු පුවත් සහ විශේෂාංග කිහිපක්ම දිවයිනේ පළවුණි....මහින්දලාට 'දිවයින'ට බලපෑම කල හැකිනම් එම ලිපිද පලනොකරවාගන්නට පුළුවන් වියයුතුය..බොදු බල සේනාවට එරෙහිව දිවයින් නිරතුරුවම මෙන් පෙනී සිටියේය.මහින්දගේ සමීපතම ගෝලයෙකු වූ අමරේට එලව එලවා ගැහුවේ දිවයිනය.

    ජ.වී.පෙ. කියන්නේ කුමක්ද..?

    ඔවුන් කියන්නේ මෙම සිද්ධියට නඩු මගින් උත්තර සෙවීමට අවු.10ක් වත් ගතවන බැවින් ජනතාව අතරට ගොස් 'දිවියින'ට එරෙහිව හඩ නගන බවයි...
    'කුමාර්' ගුණරත්නම්ගේ(ජවිපෙට අනුව නින්දිත වැරදිකරු) නඩුව අසා, වැරදිකරු කොට හිරේට යැවීමට මාස 8ක් වත් ගත නොවිය...විමල්ගේ පාස්පෝර්ට් සිද්ධියට අදාළ නඩුව පුදුමාකාර ඉක්මනකින් විභාගවන බව තතු දන්නෝ දනිති...
    එහෙව් ආණ්ඩු බලයක් ඇති ජ.වී.පෙට, 'දිවයින' සම්බන්ධව ක්‍රියාකිරීමට අවුරුදු 10ක් ගතවන බව කීම තුල ඇත්තේ මෙම සිද්ධිය දඩමීමා කරගෙන වැඩෙමින් ඇති මහින්දගේ ජනබල දුර්වල කිරීමට රනිල් ප්‍රමුක ආණ්ඩුවේ ඇති උවමනාව මෙන්ම කවුරු මොනවා කිවත් නට්ටටම බංකොලොත් වී සිටින ජ.වී.පෙට ලග එන චන්දයේදී ගිලිහී තිබෙන පාවෙන චන්ද නැවත ආකර්ෂණය කරගැනීමට විය හැක.....

    එසේ නැතිනම් අර මාධ්‍ය සාකච්චාව අතරතුර '' අපි දේශපාලනයට ආවේ මැරෙන්න බලාගෙන..'' වගේ රන්ජන් (ගොන්ජා) ටෝක්ස් දීමට අවැසි නැත...

    එහෙයින් ඉහත විශ්ලේෂණය ඔස්සේ පැහැදිලිවෙන කරුණු වන්නේ..;
    1. එක්කෝ පුවතේ බහුතරය හෝ සුළුතරයේ ඇත්තක් ඇත...
    2. එසේ නොමැතිනම්, රටේ VAT ප්‍රශනය ,අදටත් සිදුවන මහා බැංකු මංකොල්ලය, ජයටම යන බෙදුම්වාදී වැඩපිළිවෙල, කෝ ලැම්බෝගිනි අහුඋනාද..? වැනි කාරණා යටපත්කිරීමට ජෙප්පෝ (අනුර, විජිත, නලින්ද, හදුන්නෙත්ති) සහ රනිල් දැනුවත්වම සිදුකල ක්‍රියාවකි....

    ඉහත කාරනා දෙකෙන් කුමක් ඇත්ත උවද නැවතත් හෙළිවන්නේ අලි-රතු අලි එකතුව ද..?

    මෙම සිදුවීමේ අනාගතය...?

    පහුගිය කාලවලදී රටේ ජනතාව "ජවිපේ" ගැන සීග්‍රයෙන් විශ්වාසය තහවුරු කරගනිමින් තිබින.

    විමල්, කුමාර්, සෝමවංශ කියන මුල් පුරුක් තුනම ජවිපෙන් ගැලවුනත් ඔවුන් ජවිපෙ විවේචනය කලේ නැත.

    විවේචනය කලේ පක්ෂය අගාධයට ගෙන යන අනුර කුමාර දිසානායකවය.

    මහ ජනයාද ජවිපෙට ආදරය කලේය.. නමුත් අනුර කුමාර කියන සාධකය, ඔවුන්ට තිත්ත වී තිබෙන නිසා ජවිපේ දිහා නිකමටවත් බලන්නේ නැත. ජවිපේ මතය පාවා දෙන්න අනුර ගැසූ ඩීල් පිළිබඳ කුසු කුසු යන්නේ අද ඊයෙක නෙවේ...

    "ජවිපෙන් අනුර පැන්නිය යුතුය" යන ස්ථාවරය පක්ෂයේ ඉහල මණ්ඩලය අර ගන්නේ අනුර අයර්ලන්තයේ සිටිනා විටය. පොතේ හැටියට අනිත් පක්ෂ එවිට චූන් විය යුතුය..

    නමුත් දේශපාලනිකව ගේම් ගසන අප වගේ රටක, අනුර ජවිපෙන් අයින් වීම අනෙක් පක්ෂ වලට කිසිදු වාසියක් අත් කර දෙන්නේ නැත. ලාල්කාන්ත වැනි ජන හිතවාදී නායකයෙක් හරහා ජනතාව ජවිපේ වටා හිට ගන්නට ඇති අවස්ථාව වැඩි බව ඕනෑම දේශපාලකයෙකුට තේරුම් යන කරුණකි..

    ශීතකරණයේ කුණු මාලු කෑල්ල අයින් කරන්න ඔන්න මෙන්න තියෙද්දී මෙකී ලිපිය මගින් එම දොර තවත් කාලෙකට වසනු ලැබිණි. මෙම ලිපිය පිළිබඳව ජවිපේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු අනුර ඉවත් කිරීම තව සෑහෙන කලකට ඈතට ගියේය.

    "දිවයිනෙහි" පල වූ ලිපිය, අති විශිෂ්ඨ දේශපාලන ගේම් එකක් ලෙස මම දකින්නේ එබැවිනි.

    කවුද මේක කලේ...?

    මෙය කරන්නට තරම් කපටි මොල, මට අනුව නම් තිබෙන්නේ දෙකකි.

    එකක් රනිල් වික්‍රමසිංහගේය..

    ආණ්ඩුව පිළිබඳ කල කිරෙන සිත් හැරෙන්නේ ජවිපේ පැත්තට යැයි සිතා මෙය ලස්සනට රවුම් කිරීම ඔහුට ඉතා හොඳට පුරුදු කරුණකි.

    අනෙකා අනුර කුමාර දිසානායකය..

    තමන්ට ඇදෙන්න ගිය ලොතරැයිය හීරෙන්නේ නැතිව පුවරුවේ තියන්නට ඔහු මෙය සැලසුම් කරන්නට ඇති බවකුත් හිතේ..

    කෙසේ වුවද, අනුර කුමාර, සිරිකොතේ වැසිකිලිය, රනිල් අනුර ඩීල්, අනුරගේ අයර්ලන්ත ගමන, ඩොලර් කුට්ටි වැනි තවත් වදන් රාශියක් සමඟ ජවිපේ තව දුරටත් හෙමින් පහලට බසිනු ඇති.
    :yes::yes::yes::yes::yes:

    • Like
    Reactions: EUMA175

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    විවේචනය කලේ පක්ෂය අගාධයට ගෙන යන අනුර කුමාර දිසානායකවය.

    JVP ekata maara love ekakne ban munta tiyenne :lol:
    Habai somawansa uncle inna kaaale indan chanda nam naha JVP ekata :P JVP ekata chande dana ewuntath wada SLFP eke ewunta pakshaya gana duka hithila tiyenne
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අනුරට චන්ද 66 000යි නේද
    කෑගහපු හැටියටනං හොඳටම මදි

    Manapa ganna oni nam ara wimal ayya wage champika ayya wage UPFA ekata hari UNP ekata hari plug wenna tibba :lol: eyala taniyama pakshayen illuwanam lowet kanawa. Ehema baladdi JVP eke seat 4 gatta kiyanne loku deyak. eth itin seat 15k 20k wath tibbot thamai honda
     
    waligamaya

    Well-known member
  • විවේචනය කලේ පක්ෂය අගාධයට ගෙන යන අනුර කුමාර දිසානායකවය.

    JVP ekata maara love ekakne ban munta tiyenne :lol:
    Habai somawansa uncle inna kaaale indan chanda nam naha JVP ekata :P JVP ekata chande dana ewuntath wada SLFP eke ewunta pakshaya gana duka hithila tiyenne

    :yes::yes::yes::lol::lol::lol::lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Manapa ganna oni nam ara wimal ayya wage champika ayya wage UPFA ekata hari UNP ekata hari plug wenna tibba :lol: eyala taniyama pakshayen illuwanam lowet kanawa. Ehema baladdi JVP eke seat 4 gatta kiyanne loku deyak. eth itin seat 15k 20k wath tibbot thamai honda

    thaniyen illala seat 16k thibba pakshene ban ada mehema wela thiyenne
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    13124694_1115287418535609_4645806969496822176_n.jpg
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mokakda wela thiyenne ketiyen kiyapankoo mama paththara balanne naha fb eketh naha machoo diwaina anurata monawada liyala thiyenne ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    thaniyen illala seat 16k thibba pakshene ban ada mehema wela thiyenne

    e machan 2001 awurudde mita awurudu 51kata kalin, ehema baluwot 2010 150 ganak seat gahapu UPFA eka paradune kudu wenna :lol:

    Ehema baluwot paradinna aragena tiyenne Somawansa inna kalene, dan pora inna kaath ekkada :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    දිවයින යනු එදා මෙදා තුල ජාතිකත්වය නියෝජනය කරන එකම පුවත්පත කිවොත් නිවැරදිය....

    pff.jpg

    මෙතනින් එහාට කියෙව්වෙ නැහැ.:cool:

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    උපාලි ගොඩනැගූ ව්‍යාපාරික අධිරාජ්‍යය උපාලි පවා කිසිසේත් නොසිතූ ආකාරයට ඔහුගේ සේවකයෙකු අතට පත් වූ ආකාරය බොහෝ ලාංකිකයන් නොදනී. අප මේ ඉදිරිපත් කරන්නේ අප රට තුළ සිදු වූ බිහිසුණු, රහසිගත ව්‍යාපාරික කුමන්ත‍්‍රණයක එක්තරා පැතිකඩකි.​

    13161189_10207630899225198_982335566_o-800x445.jpg

    ශ‍්‍රී ලංකාව ඇය සතු විවිධ දායාදයන් නිසා අතීතයේ සිටම ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් වූ රටකි. ශ‍්‍රී ලංකාව සතු ස්වභාවික සම්පත්ද, දර්ශනීය ස්වභාවික පරිසරයද අතීතයේ විසූ ජනයාගේ කාරුණික ආගන්තුක සත්කාරයද ඊට හේතු විය. එසේ නන්අගයන්ගෙන් බැබළුණු ශ‍්‍රී ලංකාව ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුළින් ලොව ඉදිරියේ අගයකිරීමකට ලක්කරන ලද්දේ නැසී ගිය ප‍්‍රකට ව්‍යාපාරික උපාලි විජේවර්ධන මහතා විසිනි.

    ලංකාවේ ප‍්‍රමුඛම කෝටිපතියා වූ ඔහු තම ව්‍යාපාරික ක්ෂේත‍්‍රය එක් සීමාවක් ඔස්සේ නොයා විවිධාංගීකරණයට ලක් කළේය. එයද අපේ රටේ ව්‍යාපාරිකයන්ට නව අත්දැකීමක් විය. ඉතාලියේ ෆියට් කොම්පැණියෙන් තාක්ෂණය උකහාගත් උපාලි විජේවර්ධන ලංකාව තුළ උපාලි ෆියට් මෝටර්රථ නිශ්පාදනය ඇරඹීය. උපාලිගේ මෙම කාර්මික තාක්ෂණ ක‍්‍රියාවලියට ඔහුගේ ඥාතී රේ විජේවර්ධනද උදව් කරන ලදී. රේ විජේවර්ධනද විශිෂ්ඨ ශ‍්‍රී ලාංකිකයෙකි. ලොව ප‍්‍රථමවරට අත්ට‍්‍රැක්ටරය නිෂ්පාදනය කළේ රේ විජේවර්ධන විසිනි. ශ‍්‍රී ලංකාවේ අභාග්‍යයට රේ විජේවර්ධන විසින් අත්ට‍්‍රැක්ටරය සඳහා ලබා ගන්නා ලද පේටන්ට් බලපත‍්‍රය ජපානයට විකිනීමට සිදු විය. ඊට හේතුව වූයේ රේ විජේවර්ධනගේ තාක්ෂණය භාවිතා කොට අත්ට‍්‍රැක්ටර් නිපදවීමට ලංකාව තුළ රාජ්‍ය අනුග‍්‍රහය නොලැබීමයි. එහි ඛේදජනකම තත්වය වූයේ උපාලි සහ රේ දෙදෙනාගේම ලඟම ඥාතියා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගෙන් ඒ සඳහා කිසිදු සහයක් නොලැබීමත්ය.

    ජේ.ආර්.ගේ සිහිනය වූයේ ආනයන ආර්ථිකයක් මිසක් නිෂ්පාදන ආර්ථිකයක් නොවේය. උපාලිගේ මෝටර් රථ නෂ්පාදන ව්‍යාපාරය යුනික් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය, කැන්ඩොස් චොක්ලට් නිශ්පාදනය සහ දිවයින පුවත්පත ඇරඹීම දක්වා දිගුවිය. මෙසේ උපාලි ගොඩනැගූ ව්‍යාපාරික අධිරාජ්‍යය උපාලි පවා කිසිසේත් නොසිතූ ආකාරයට ඔහුගේ සේවකයෙකු අතට පත් වූ ආකාරය බොහෝ ලාංකිකයන් නොදනී. අප මේ ඉදිරිපත් කරන්නේ අප රට තුළ සිදු වූ බිහිසුණු, රහසිගත ව්‍යාපාරික කුමන්ත‍්‍රණයක එක්තරා පැතිකඩකි.

    නිමල් වෙල්ගම, උපාලි විජේවර්ධනගේ සුවච කීකරු සේවකයෙක් විය. උපාලි විදේශ සිංචාර සඳහා යද්දී ලංකාවේ ව්‍යාපාරය බලාගත්තේ නිමල් වෙල්ගම විසිනි. උපාලි විජේවර්ධනගේ බිරිඳ වූයේ ලක්මිනී රත්වත්තේ විජේවර්ධනය. ඇය සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සොහොයුරු වූ සීවලී රත්වත්තේගේ දියණියයි. නිමල් වෙල්ගම විසින් වැඩි හොඳට උපාලි දිවයිනේ නොමැති අවස්ථාවලදී උපාලිගේ බිරිඳද රැකබලා ගැනීමට උත්සුක විය. තරුණ කාලයේ සිට අසම්මත ලිංගික හැසිරීමක් ප‍්‍රධර්ශනය කළ නිමල් වෙල්ගම කාන්තාවක් සමග දීග කෑ හැකි අයෙකු නොවේ. නමුත් උපාලිගේ දේපළ දෙස ඇස ගසා සිටි නිමල් වෙල්ගම තාවකාලිකව තම අසම්මත ලිංගිකත්වය සම්මත ලිංගිකත්වය දක්වා මාරු කරන ලදී. 1983 පෙබරවාරි මස 13 දින උපාලි විජේවර්ධන මහතා තම කාර්යමණ්ඩලයේ හයදෙනෙකු සමග සිය පුද්ගලික ලියර් ජෙට් යානයෙන් මැලේසියාවේ සිට ශ‍්‍රී ලංකාව බලා එද්දී අතුරුදහන් විය. මෙම අතුරුදහන් වීම ලාංකීය සමාජය තුළ මහත් කැළඹිල්ලක් ඇති කළ අතර උපාලිගේ සාර්ථක ව්‍යාපාරික ගමන හා මෙම අතුරුදහන්වීම අතර සම්බන්ධයක් ඇති බවට බොහෝදෙනා සැක කළහ. අදටත් මෙම අතුරුදහන්වීම පිටුපස සිටින්නේ කවුරුන්දැයි හෙළි වී නොමැත.

    උපාලිගේ අතුරුදහන් වීමෙන් පසු ඉතා කෙටි කළකදී නිමල් වෙල්ගම සහ ලක්මිනී විජේවර්ධන අතර විවාහය සිදු විය. ලක්මිනී රත්වත්තේ විජේවර්ධන එතැන් සිට ලක්මිනී වෙල්ගම විය. උපාලිගේ සේවකයා වූ නිමල් වෙල්ගම උපාලිගේ අනුප‍්‍රාප්තිකයා විය. නිමල් වෙල්ගම සහ ලක්මිනී එකතු වී උපාලිගේ වත්කම් පිළිබඳ ලේඛණයක් සකස් කළ අතර ඒ සඳහා ලක්මිනීගේ පියා වූ සීවලි රත්වත්තේ මහතාද දායක විය. තිදෙනාගේම සැලසුම වූයේ උපාලි සතු සියළු දේපළ තමන් සන්තක කරගැනීමයි. නමුත් නොසිතූ ලෙස ඔවුන් ඉදිරියේ බරපතල ගැටළුවක් මතු විය. එනම් උපාලි ජීවතුන් අතර සිටියදී ඔහු සතු සමහර ව්‍යාපාරවල අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස උපාලිගේ සහෝදරියන් දෙදෙනා නම්කොට තිබීමය. උපාලිගේ සහෝදිරියන් වූ අනෝජා විජේසුන්දර සහ කල්යානි ආටිගල උපාලිගේ දේපළවල, ඒ වනවිටත් සම සහකරුවන් වී තිබුණි. ව්‍යාපාරික ඥානයක් නොතිබූ ලක්මිනී වෙල්ගම මේ පිළිබඳව කලින් දැන සිටියේ නැත. නමුත් නොපසුබට වූ නිමල්, ලක්මිනී, සීවලී ත‍්‍රිත්වය උපාලිගේ දේපළවල තම අයිතිය ඉල්ලා 1988.4.21 දින දිසා අධිකරණයේ නඩු පවරණ ලදී. විත්තිකරුවන් වූයේ උපාලිගේ සහෝදරියන් දෙදෙනාය. දිගුකළක් තිස්සේ විභාගවූ මෙම නඩුවේ තීරණය 1997.11.28 දින ලබා දුන්නේය. නඩු තීන්දුව අනුව ලක්මිනී රත්වත්තේ ඉදිරිපත් කළ උපාලිගේ දේපළ පිළිබඳ අයිතිය දිස්ත‍්‍රික් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කොට තිබුණි. උපාලිගේ සහෝදරියන්ගේ දේපළ අයිතිය තහවුරු විය. මෙම නඩු තීන්දුවෙන් ඉමහත් කැලඹිල්ලට හා ආතතියට පත් නිමල් වෙල්ගම දැන් කුමක් කරන්නේදැයි කල්පනා කරමින් කාලය ගත කරනවිට ඔහුට ලංකාවේ සුප‍්‍රකට අධිකරණ චෞරයෙකු වූ එවකට අභායාචනාධිකරණයේ සභාපති වූ සරත් එන්ද සිල්වා හමුවිය. අවස්ථා ගනනාවකදී නිමල් වෙල්ගම විසින් සරත් එන්ද සිල්වා හමු වී උපාලිගේ දේපළ ප‍්‍රශ්නය සඳහා විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එහිදී නිමල් වෙල්ගමගේ ඉල්ලීමට කන් දුන් සරත් එන්ද සිල්වා දිස්ත‍්‍රික් අධිකරණ තීරණයට එරෙහිව අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කරන ලෙස නිමල් වෙල්ගමට උපදෙස් දෙන ලදී.

    එම උපදෙස්වලට අනුව ලක්මිනී වෙල්ගම විසින් අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කරන ලදී. එම නඩුවේ විනිස්චයකාරයන් වූයේ සරත් එන්ද සිල්වා, ශිරානි බන්ඩාරනායක සහ නිහාල් ජයසිංහ යන විනිසුරුවරයන්ය. නිමල් වෙල්ගමගේ සැලැස්මට අනුව නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ට අයත් විය. නඩුවේ තීන්දුව 1999 ජනවාරි 11 දින ලබාදෙන ලදී. එම තීරණය අනුව දිස්ත‍්‍රික් අධිකරණයේ තීන්දුව නිශ්ප‍්‍රභ කොට තිබූ අතර උපාලිගේ දේපළවල හිමිකම උපාලිගේ සහෝදරියන්ගෙන් ඉවත්කොට ලක්මිනී වෙල්ගමට ලබාදෙන ලදී. නමුත් නඩුතීන්දුවේද අර්බුදයක් මතුවිය.

    ඊට හේතුව නඩුවේ විනිශ්චය කරුවන් තිදෙනා දෙකට එක ලෙස බෙදුණ තීන්දුවක් ඉදිරිපත්කිරීමය. පිටු විස්සක වාර්තාවකින් සරත් එන්ද සිල්වා විනිශ්චයකාරයා ලක්මිනී වෙල්ගමට පක්ෂව තම තීන්දුව ඉදිරිපත් කළ අතර නිහාල් ජයසිංහ වින්ශ්චයකාරයාද ඊට එකඟවිය. නමුත් ශිරාණි බණ්ඩාරනායක විනිසුරුවරිය පිටු 16ක වාර්තාවක් ඉදිරිපත්කරමින් ලක්මිනී වෙල්ගමගේ ඇපෑල ප‍්‍රතික්ෂේප කොට දිස්ත‍්‍රික් අධිකරණ නියෝගය බලාත්මක කරන ලදී. සරත් එන්ද සිල්වා සහ ශිරාණි බණ්ඩාරනායක ගැටුමේ මූලාරම්භයද මෙය වූ අතර සරත් එන්ද සිල්වා තමා සතු සභාපති බලයෙන් නිහාල් ජයසිංහ විනිසුරුවරයා යට කොට නිමල් වෙල්ගමට අවශ්‍ය තීන්දුව ලබා දෙන ලදී.

    නඩු තීන්දුවෙන් පසු දිවයින පුවත්පත් ආයතනය තමන් සතු වූ පසු නිමල් වෙල්ගම විසින් තම මාමාගේ උදව්වට ප‍්‍රති උපකාරයක් ලෙස සීවලී රත්වත්තේව දිවයින පුවත්පත් ආයතනයේ ප‍්‍රධානියා කරනු ලැබීය. උපාලිගේ දේපළ අයිතිකරගැනීමෙන් පසු නිමල් වෙල්ගමද රටේ සැළකිය යුතු චරිතයක් බවට පත් විය. සරත් එන්ද සිල්වාගේ දූෂිත උදව්වෙන් උපාලිගේ දේපළ ඩැහැගත් නිමල් වෙල්ගමගේ ලක්මිනී වෙල්ගම ගැන තිබූ රුචිකත්වය අඩුවන්නට විය. තම පැරණි රුචිකත්වය හඹා ගිය නිමල් වෙල්ගම එම ආසාවන් තමන් සතු වූ දිවයින පුවත්පත් ආයතනයෙන් සම්පූර්ණ කර ගන්නට විය. නිමල් වෙල්ගමට මනෝජ් අබේධීර මුණගැසෙන්නේ මෙහිදීය. නිමල් වෙල්ගමගේ අසම්තෘප්ත ආසාවන්ගේ සහකරුවෙක් වූ මනෝජ් අබේධීර දිවයින පුවත්පත් ආයතනය තුළ ඉහළට නගින්නේ එම පුද්ගලික සම්බන්ධයේ ආනුභාවයෙනි. මනෝජ් අබේධීරට විමල් වීරවංශ මුණගැසෙන්නේද මේ කාලයේ ය. විමල් විසින් ආරම්භ කළ මානෙල් මල් ව්‍යාපාරයේ අනුශාසකයෙකු වූ මනොජ් අබේධීර විමල්ගේ ජාතිවාදී දේශපාලන ගමණත් සමග සමපාතවන්නෙකුද විය. සුනිල් මාදවලාගෙන් හා දයාසේන ගුණසිංහලාගෙන් පසු ජාතිවාදී වූ දිවයිනට මෙම මනෝජ් අබේධීරගේ හා විමල් වීරවංශගේ සම්බන්ධය ගැටළුවක් නොවීය. මෙහිදී මනෝජ් අබේධීර හරහා විමල් වීරවංශ – නිමල් වෙල්ගම සුසංයෝගයද සෑදෙන ලදී. නිමල් වෙල්ගම හා විමල් වීරවංශ අතර දිගුකාලීන මිත‍්‍රත්වය ගොඩනැගෙන්නේ එසේය. විමල් වීරවංශට මිලමුදල් පවා ලබා දුන් නිමල් වෙල්ගම අතීතයේ එක්දිනෙක විමල්ට ගැලපෙන ජාතිකවාදී ඇඳුම්කට්ටල දුසිමක් විමල් වෙත එවනු ලැබීය.

    විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එකතු වූ පසුව නිමල් වෙල්ගමගේද කරල පැසෙන්නට වූ අතර මහින්ද රාජපක්ෂ මහතා විසින් ටෙලිකොම් සභාපති ධුරය ඔහුට පුදන ලදී. ටෙලිකොම් සභාපති ධුරයද මදි වූ නිමල් වෙල්ගම රජයේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂක ධුරයකටද පත් විය. විදේශයන් හි දේපළ ඇති අයෙකට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල අධ්‍යක්ෂක ධුරය දැරිය නොහැකි අතර නිමල් වෙල්ගම එම නීති නොසලකා කටයුතු කරන්නට විය. මහ බැංකුට අදාළ සියලු ප‍්‍රතිපත්තිමය තීරණ, කළමණාකරණ කටයුතු, මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සිදුවලට අදාළ තීරණ ගැනෙන්නේ මූල්‍ය මණ්ඩලය විසිනි. මේ කාලයේ නිමල් වෙල්ගම ටෙලිකොම් ආයතනය සහ මහ බැංකුවේ මුදල් කෝටි ගණනක් දිවයින පුවත්පත් ආයතනයට දැන්වීම් ලෙස හරවන ලදී. මේ පිළිබඳ අදටද නිසි පරීක්ෂණයක් සිදු වී නොමැත. උපාලි ආයතනයේ සාමාන්‍ය සේවකයෙකු වූ නිමල් වෙල්ගම තම කුමන්ත‍්‍රණ ඥානය හරහා රටේ බලගතුම පුද්ගලයෙකු බවට පත් විය. නිමල් වෙල්ගමගේ කරල පැසෙද්දී ඔහුගේ පුද්ගලික ජීවිතයේ සහකාර මනෝජ් අබේධීරගේද කරල පැසීම අරුමයක් නොවේ. නිමල් වෙල්ගමගේ උපදෙස් පරිදි මනෝජ් අබේධීර විසින් ජීටීඑච් ලංකා නම් සමාගම ලියාපදිංචිකර අබේධීරම එහි සභාපති ලෙස පත් විය. නිමල් වෙල්ගමගේ පාලන කාලය තුළ ටෙලිකොම් ආයතනය තුළ සිදු වූ දූෂිත මිලදීගැනීම් සියල්ල සිදු වූයේ මනෝජ් අබේධීරගේ සභාපතිත්වයෙන් යුතු ජීටීඑච් ලංකා සමාගම හරහාය. නිමල් වෙල්ගම ටෙලිකොම් සභාපති වී වසරක් තුළ ටෙලිකොම් ආයතනයේ ලාබභය 81‍%ක් දක්වා අඩු කරන්නට සමත් විය.

    මේ කාලයේම නිමල් වෙල්ගමගේ නැගීමට සාපේක්ෂව ඔහුගේ සොහොයුරු කුමාර වෙල්ගමද දේශපාලනය තුළ ප‍්‍රබලයෙකු විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රවාහන ඇමතිවරයා වූ කුමාර වෙල්ගම තමන් සල්ලාලයෙකු බව තමන් විසින්ම ප‍්‍රසිද්ධියේ පවසන අයෙකි. මහින්ද රාජපක්ෂගේ හදිසි ජනාධිපති තීරණයෙන් සහ අනතුරුව පරාජයෙන් පසුව මේ සියළු දෙනාගේ පාරාදීසයන් බිඳවැටුණි. විමල්, නිමල්, කුමාර, මනෝජ් යන දූෂත මිත‍්‍රත්ව හවුල වියරු වැටුනාක් මෙන් හැසිරෙන්නට විය. තම ස්වාමියා වූ මහින්ද වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට හා අහිමි වූ වරප‍්‍රසාද දිනා දීමට විමල් සහ කුමාර වෙල්ගම ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයන් බවට පත් වූ අතර නිමල් වෙල්ගම සහ මනෝජ් අබේධීර ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන අරමුණු වෙනුවෙන් දිවයින පුවත්පත් ආයතනය හසුරවන්නට විය.

    අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලකට අනුව කුමාර වෙල්ගම හිටපු ප‍්‍රවාහන අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් අතර 2016 පෙබරවාරි 16 දින රුපියල් ලක්ෂ 10ක පුද්ගලක ඇප දෙකක් හා රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහරින ලදී. ඔහුට තිබූ චෝදනාව වූයේ රුපියල් මිලියන 3.2ක් රෙගුලාසිවලින් බැහැරව ඔහුගේ ඥාතියෙකු වන ලංගම උප සභාපතිට ගෙවීමයි. මේ හැර කුමාර වෙල්ගමට එරෙහිව අශෝක් ලේලන්ඩ් බස් රථ 2200ක් මිලදීගැනීමේදී සිදු වූ රුපියල් මිලියන 2,860ක මුදල් වංචාවක් පිළිබඳව පරීක්ෂණද තවම අවසන්ව නොමැත. ඇමරිකානු ඩොලර් 40,000ක් වටිනා අශෝක් ලේලන්ඩ් බස් රථයක් ඇමරිකානු ඩොලර් 10,000ක කොමිස් මුදලක් තබාගෙන ඇමරිකානු ඩොලර් 50,000 බැගින් එක් බස්රථයක් මිලදී ගෙන ඇත. එම බස් රථ 2,200 මිලදී ගැනීමේදීද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන්නේ බස් රථ 1,500කයට. බස් රථ 700ක් කැබිනට් අනුමැතියෙන් තොරව මිලදී ගෙන ඇත.

    විමල් වීරවංශ මහතාගේ හොරපාස්පෝට් සිද්ධියට අදාළව නඩු පැවරීම සඳහා නීතිපති අනුමැතිය දින කිහිපයකට පෙර ලැබී තිබුණි. තම වරප‍්‍රසාධිත බලය සහ දූෂිත මුදල් සෙවීමේ මාර්ග උහිමි වූ විමල්, නිමල්, කුමාර, මනෝජ් හතර කට්ටුව තමන්ට මෙම ඉරණම අත්කළ පොදු සතුරා ලෙස අද තෝරාගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායක අනුර දිසානායක මහතා බව පෙනේ. ජලභීතිකා රෝගය වැළඳුණ පිස්සු සුනඛයන් ලෙස හැසිරෙන මෙම දූෂිතයන් දිවයින පුවත්පත හරහා තම සතුරන්ව සපා දැමීමට පටන්ගෙන ඇත. මෙම පිස්සු බල්ලන් බැද දැමීමට කාලයයි මේ.

    - Thilak Priyantha

    http://www.colomboxnews.com/public/news/උපාලි-විජේවර්ධන-අතුරුදහන/
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කෙසේ වුවද, අනුර කුමාර, සිරිකොතේ වැසිකිලිය, රනිල් අනුර ඩීල්, අනුරගේ අයර්ලන්ත ගමන, ඩොලර් කුට්ටි වැනි තවත් වදන් රාශියක් සමඟ ජවිපේ තව දුරටත් හෙමින් පහලට බසිනු ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    JVP ekata maara love ekakne ban munta tiyenne :lol:
    Habai somawansa uncle inna kaaale indan chanda nam naha JVP ekata :P JVP ekata chande dana ewuntath wada SLFP eke ewunta pakshaya gana duka hithila tiyenne
    ඇ බන් ජවිපෙට පාර්ලිමේන්තු ආසන 39 දුන්නෙ slfp අය තමා නැතුව අනුර ගොට්ට අල්ලන unp කාරයො එහෙම නෙමේ.ඒක නිසා ජවිපෙ ගැන කතා කරන්ඩ අයිතිය slfp තියෙනව, උබල මොනවද බන් දන්න.එදා ආසන 39 දීල අනිත් පාර ආණ්ඩු බලේ අල්ලන්ඩ හිටපු පක්ශෙ කෑව ඔය අනුර නැතුව වෙන කවුරුවත් නෙමේ,උබල මොන්වද බන් දන්නෙ නොදැන කියවන්ඩ එපා.:no:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    අනුර දිසානායකගේ කිල්ලෝටය සහ අනුර සොලමන්ස්ගේ කිල්ලෝටය

    ජනතා විමුක්ති පෙරමුණේ බෙදීමක් සම්බන්ධයෙන් ඉරිදා දිවයින පුවත් පත තම ප්‍රධාන පුවත ලෙස පළකිරීමත් ඒ හා සම්බන්ධ විශේෂාංග පුවතක් පළ කිරීමත් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අවශ්‍ය ප්‍රමාණයට වඩා පරල වී තිබේ.

    ඊයේ එනම් 8 වන ඉරිදා ආන්දෝලනයට ලක්ව සිටි දේශපාලන මණ්ඩල සාමාජිකයන්ද සමගව මාධ්‍ය හමුවක් පැවැත්වූ ඔවුහු අද (09) දිනයේදී පුවත්පත් පැමිණිලි කොමිසමට ඒ ගැන පැමිණිල්ලක්ද ගොණු කළහ.

    ජවිපෙ කියනා තරම් එකී මාධ්‍ය වාර්තා මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කර තිබේද යන්න විමසා බැලිය යුතුය.

    එම ප්‍රධාන පුවතේ සඳහන්ව ඇත්තේ ජවිපෙ අභ්‍යන්තර බෙදීමක් ඇති බවයි. එය සම්පූර්ණ සත්‍යයකි. ජවිපෙ නායකයන් එය විසඳා ගැනීමෙන් පසු හෝ තාවකාලිකව සමනය කර ගැනීමෙන් පසු එවැන්නක් තිබුනේ නැතැයි කියා දිවයින පත්තරය පතුරු ගැසීම විකාරයකි. දෙවැන්න දිවයින පුවත් පතේ තිබූ විශේෂාංග පුවතයි. එය ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි නායකයා නිශ්චිතව ඉලක්ක කර නැත. නමුත් එහි ඇති කරුණු වලින් සියයට 60 ක් පමණ සත්‍යය. තමන්ට ඉලක්ක නොවූ තොප්පියක් ජවිපෙ තමන්ගේ යැයි කියා හිස මත රුවා ගත්තේ ඇයි?

    ජනතා විමුක්ති පෙරමුණ කැඩී බිඳී යනවා දැකීම මෙම ලියුම්කරුගේ ප්‍රාර්ථනය නොවූව ද එහි ඇති ජාගර දූෂණය සහ සියල්ල වසන් කර සුදනා සේ දිවි ගෙවීමේ ගෝත්‍රික සදාචාරය අප අනුමත නොකරමු.

    ජවිපෙ නායකයන්ගේ ඩීල් සම්බන්ධයෙන් එම පක්ෂය තුල විශාල සාකච්ඡාවක් සහ ප්‍රතිවිරෝධයක් සැමදාම තිබේ. අනුර දිසානායක පමණක් නොව ඊට කලින් නාමික නායක සෝමවංශ ගේ ඩීල් ද ඊටත් පෙර සිටි රෝහණ විජේවීර ගේ ඩීල් ද ජවිපෙ සාමාජිකයෝ ප්‍රශ්න කළහ. කරති. නමුත් ජවිපෙ තමන්ගේ දූෂන වසන් කිරීමේ ජාගර ගෝත්‍රික සදාචාරය විසින් සියල්ල යටපත් කරති. අතීතයේදී නම් ඒ පුද්ගලයන් ද්‍රෝහීන් සේ සලකා මරා දැමූහ. අද මරා දමන්නට නොහැකි නිසා වෙනත් ක්‍රියා මාර්ග ගනිති.

    ජවිපෙ අතීත නායක රෝහණ විජේවීර 1982 දී රුපියල් ලක්ෂ 7 ක ඩීල් එකක් වෙනුවෙන් කොළඹ වරායේ නවතා තිබූ ඉරාන නෞකාවක් ගිිනි තැබුවේය. කොන්ත්‍රාත් එක ඉටු කළ විජේවීරට මුදල් ගෙව්වේ ලංකාවේ ඉරාක තානාපති කාර්යාලය විසිනි. විජේවීර ඒ මුදල් ලබා ගත්තේ පක්ෂ කාර්යාලයකට මුල් ගල තබනවාය යන ව්‍යාජයක් තම පක්ෂයට පෙන්වමිනි. මුල් ගල තැබුනේ තමන්ගේ බිරිඳට අයත් මොරටුවේ ඉඩමකය. එතැන ඉදි කළ කාර්යාලයක් නැත. මේ රෝහණ විජේවීරගේ එක ඩීල් එකක් පමණි. (ඒ සම්බන්ධ සියලු සාක්කි අප සතුය. ඡායාරූපද සහිතය)

    සෝමවංශ අමරසිංහද එසේම ය. එජාප මහ ලේකම් සිරිසේන කුරේ ගේ මස්සිනා වූ සෝමවංශ අමරසිංහ කෙදිනකවත් සිරිසේන කුරේගේ දූෂන ඝාතන ගැන කතා නොකළා පමණක් නොව තම අක්කන්ඩියගේ ගනිකා නිවාස සම්බන්ධයෙන් මුව පියා ගෙන සිටියේ ය. අනෙකුත් ජවිපෙ නායකයන් මරු දකිද්දී තමන් පමණක් රටින් පලා ගියේ සිරිසේන කුරේ මස්සිනාගේ උදව් මත බව හෝ කෙදිනකවත් කීවේ නැත. ඒවා ගැන ජවිපෙ වර්තමාන නායකයන් හෝ සාමාජිකයන් හෝ බරපතල ලෙස ප්‍රශ්න කෙළේද නැත. ජවිපෙ නීත්‍යාණුකූල භාවයට ඒමට පෙර අතීතයේ ප්‍රශ්න කළ එම කණ්ඩායම ඝාතනය කරනු ලැබුවේය. ටිල්වින් සිල්වා ජවිපෙ ලේකම් ධූරයට සහජාත වෙන්නේ එකී ඝාතනයෙන් පසුව ය.

    අනුර දිසානායක ගේ නායකත්වයද එසේමය. සරත් ෆොන්සේකා පොදු අපේක්ෂක ලෙස තරඟ කළ 2010 ජනාධිපතිවරණයේදී මුදල් බාරව සිටියේ අනුර දිසානායක සහ මලික් සමරවික්‍රම ය. එම ජනාධිපතිවරණයේදී පුදුමාකාර තරමේ මුදලක් ජනතාව සහ ව්‍යාපාරිකයන් විසින් පරිත්‍යාග කෙළෝය. අවසාන කාලයේදී එය දරා ගැනීමට තරම් නොහැකි විය. පරිත්‍යාග කිරීමට පෝලිම් තිබූ අතර පරිත්‍යාග කළ නොහැකි වූවෝ තම කෝටි ගණන් මුදල් රැගෙන හැරී ගියහ. සරත් ෆොන්සේකා ද එම මුදල් තම බෑණාගේ අම්මාගේ ආච්චිගේ ආදීන්ගේ ගිණුම් වල පවා දමමින් සැඟවූ බව අද වන විට නොරහසකි. එකල දී රුපියල් මිලියන 40 ක් හෙවත් කෝටි 4 ක මුදලක් අනුර දිසානායකද ගසා කෑවේ ය. එම මුදල ඔහු පක්ෂයටවත් නොදන්වා තම හිතවතෙකු වූ විදේශීය මිතුරෙකුගේ නාවුක ව්‍යාපාරයකට යෙදැවූවේ ය. (මේ සම්බන්ධ පටි ගත කරන ලද සාක්කි අප සතුය)

    සෝමවංශ ජවිපෙන් වෙන්වූ පසු කරන ලද ප්‍රකාශ වල මේ ගැන ඔහු දන්නා බව ඉඟි කර තිබේ.

    මීට අමතරව අනුර දිසානායකට එරෙහිව ඝාතන චෝදනාවක් ද තිබේ. එය භීෂණ යුගයේදී පක්ෂ තීරණයන්ට එරෙහිව ගොසින් කරන ලද පුද්ගල බද්ධ ඝාතනයකි ( ඒ සම්බන්ධ සාක්ෂිද අප සතුය)

    අප විසින් අද මේ හෙලිකරන කරුණු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභා සහ දේශපාලන මණ්ඩල සාමාජිකයන්ට අලුත් කරුණු නොවේ. ඔවුන් මේවා ගැන අපටත් වඩා හොඳින් දනිති. ඔවුන් අද ප්‍රශ්න කරමින් සිටින්නේ එවා ය. ලාල්කාන්ත සහ සමරසිංහ වෘත්තීය සමිති සහ දූෂන විරෝධී සංවිධාන හරහා කරමින් සිටිනා ඩීල් ව්‍යාපාරයද ජවිපෙ පහල සාමාජිකත්වය ප්‍රශ්න කරති.

    එබැවින් ලංකාවේ දේශපාලන තලයේ අලුතින් ගොඩ නැගෙමින් එන යහජීවන සහ විවෘතවාදී දේශපාලන සංවාදය මත ජවිපෙ නායකත්වයන් දශක ගණනාවක් පුරා පැවැත ගෙන ආ ආවෘත භාවය, ප්‍රශ්න කිරීම දණ්ඩනයට ලක්වීමට කාරණයක් වීම ආදී ඒකාධිපති ප්‍රවනතාවයන් අද දෙදරා යමින් පවතී. ඉරිදා දිවයින පුවත් පතින් එළියට එන්නේ එහි කුහක කෑල්ලක් මිස යථාර්තය නොවේ.

    ඉරිදා දිවයින ජාතිවාදී ජඩමාධ්‍යයකි. ප්‍රශ්ණයක් නැත. එහි වත්මන් කර්තෘ මහින්ද රාජපක්ෂගේ හිටපු උපදේශකයෙකුද බව සත්‍යයකි. ඒවා ගැන ගැටලුවක් නැත. නමුත් ඔවුන් වාර්තා කළ කරුණු සහ වාර්තා කළ ආකරය ජවිපෙ වත්මන් නායකයා කියනා තරම් ‘පත්තර කාරයා‘ දං ගෙඩියට ගෙන යන්නට තරම් වේද? ජවිපෙ නායකත්වය දං ගෙඩියට ගෙන යන්න තරම් වේද? යන්න බුද්ධිමත් ජනතාව තම පරිකල්පනයට දමා කිරා මැන බැලිය යුතුය. කවුරු කවුරුත් දං ගෙඩියට කලින්, කී නොකී දෑ සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවකට මුහුණ දීම ජවිපෙ නායකයන්ට සේම දිවයින කෂ්ඨියටද වැදගත්ය.

    ජනවාරි 8 දා විප්ලවය විසින් ජයගත්තේ අනුර දිසානායකගේ හෝ අනුර සොලමන්ස්ගේ හෝ හුදු පුද්ගලික අයිතිවාසියක් නොව, ප්‍රශ්න කරන්නන්ගේ ආනන්තරීය ක්‍රියාකර්මයට තිබෙන අයිතියකි.

    - http://www.lankaenews.com/news/3952/si
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උපාලි ගොඩනැගූ ව්‍යාපාරික අධිරාජ්‍යය උපාලි පවා කිසිසේත් නොසිතූ ආකාරයට ඔහුගේ සේවකයෙකු අතට පත් වූ ආකාරය බොහෝ ලාංකිකයන් නොදනී. අප මේ ඉදිරිපත් කරන්නේ අප රට තුළ සිදු වූ බිහිසුණු, රහසිගත ව්‍යාපාරික කුමන්ත‍්‍රණයක එක්තරා පැතිකඩකි.​

    13161189_10207630899225198_982335566_o-800x445.jpg

    ශ‍්‍රී ලංකාව ඇය සතු විවිධ දායාදයන් නිසා අතීතයේ සිටම ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් වූ රටකි. ශ‍්‍රී ලංකාව සතු ස්වභාවික සම්පත්ද, දර්ශනීය ස්වභාවික පරිසරයද අතීතයේ විසූ ජනයාගේ කාරුණික ආගන්තුක සත්කාරයද ඊට හේතු විය. එසේ නන්අගයන්ගෙන් බැබළුණු ශ‍්‍රී ලංකාව ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුළින් ලොව ඉදිරියේ අගයකිරීමකට ලක්කරන ලද්දේ නැසී ගිය ප‍්‍රකට ව්‍යාපාරික උපාලි විජේවර්ධන මහතා විසිනි.

    ලංකාවේ ප‍්‍රමුඛම කෝටිපතියා වූ ඔහු තම ව්‍යාපාරික ක්ෂේත‍්‍රය එක් සීමාවක් ඔස්සේ නොයා විවිධාංගීකරණයට ලක් කළේය. එයද අපේ රටේ ව්‍යාපාරිකයන්ට නව අත්දැකීමක් විය. ඉතාලියේ ෆියට් කොම්පැණියෙන් තාක්ෂණය උකහාගත් උපාලි විජේවර්ධන ලංකාව තුළ උපාලි ෆියට් මෝටර්රථ නිශ්පාදනය ඇරඹීය. උපාලිගේ මෙම කාර්මික තාක්ෂණ ක‍්‍රියාවලියට ඔහුගේ ඥාතී රේ විජේවර්ධනද උදව් කරන ලදී. රේ විජේවර්ධනද විශිෂ්ඨ ශ‍්‍රී ලාංකිකයෙකි. ලොව ප‍්‍රථමවරට අත්ට‍්‍රැක්ටරය නිෂ්පාදනය කළේ රේ විජේවර්ධන විසිනි. ශ‍්‍රී ලංකාවේ අභාග්‍යයට රේ විජේවර්ධන විසින් අත්ට‍්‍රැක්ටරය සඳහා ලබා ගන්නා ලද පේටන්ට් බලපත‍්‍රය ජපානයට විකිනීමට සිදු විය. ඊට හේතුව වූයේ රේ විජේවර්ධනගේ තාක්ෂණය භාවිතා කොට අත්ට‍්‍රැක්ටර් නිපදවීමට ලංකාව තුළ රාජ්‍ය අනුග‍්‍රහය නොලැබීමයි. එහි ඛේදජනකම තත්වය වූයේ උපාලි සහ රේ දෙදෙනාගේම ලඟම ඥාතියා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගෙන් ඒ සඳහා කිසිදු සහයක් නොලැබීමත්ය.

    ජේ.ආර්.ගේ සිහිනය වූයේ ආනයන ආර්ථිකයක් මිසක් නිෂ්පාදන ආර්ථිකයක් නොවේය. උපාලිගේ මෝටර් රථ නෂ්පාදන ව්‍යාපාරය යුනික් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය, කැන්ඩොස් චොක්ලට් නිශ්පාදනය සහ දිවයින පුවත්පත ඇරඹීම දක්වා දිගුවිය. මෙසේ උපාලි ගොඩනැගූ ව්‍යාපාරික අධිරාජ්‍යය උපාලි පවා කිසිසේත් නොසිතූ ආකාරයට ඔහුගේ සේවකයෙකු අතට පත් වූ ආකාරය බොහෝ ලාංකිකයන් නොදනී. අප මේ ඉදිරිපත් කරන්නේ අප රට තුළ සිදු වූ බිහිසුණු, රහසිගත ව්‍යාපාරික කුමන්ත‍්‍රණයක එක්තරා පැතිකඩකි.

    නිමල් වෙල්ගම, උපාලි විජේවර්ධනගේ සුවච කීකරු සේවකයෙක් විය. උපාලි විදේශ සිංචාර සඳහා යද්දී ලංකාවේ ව්‍යාපාරය බලාගත්තේ නිමල් වෙල්ගම විසිනි. උපාලි විජේවර්ධනගේ බිරිඳ වූයේ ලක්මිනී රත්වත්තේ විජේවර්ධනය. ඇය සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සොහොයුරු වූ සීවලී රත්වත්තේගේ දියණියයි. නිමල් වෙල්ගම විසින් වැඩි හොඳට උපාලි දිවයිනේ නොමැති අවස්ථාවලදී උපාලිගේ බිරිඳද රැකබලා ගැනීමට උත්සුක විය. තරුණ කාලයේ සිට අසම්මත ලිංගික හැසිරීමක් ප‍්‍රධර්ශනය කළ නිමල් වෙල්ගම කාන්තාවක් සමග දීග කෑ හැකි අයෙකු නොවේ. නමුත් උපාලිගේ දේපළ දෙස ඇස ගසා සිටි නිමල් වෙල්ගම තාවකාලිකව තම අසම්මත ලිංගිකත්වය සම්මත ලිංගිකත්වය දක්වා මාරු කරන ලදී. 1983 පෙබරවාරි මස 13 දින උපාලි විජේවර්ධන මහතා තම කාර්යමණ්ඩලයේ හයදෙනෙකු සමග සිය පුද්ගලික ලියර් ජෙට් යානයෙන් මැලේසියාවේ සිට ශ‍්‍රී ලංකාව බලා එද්දී අතුරුදහන් විය. මෙම අතුරුදහන් වීම ලාංකීය සමාජය තුළ මහත් කැළඹිල්ලක් ඇති කළ අතර උපාලිගේ සාර්ථක ව්‍යාපාරික ගමන හා මෙම අතුරුදහන්වීම අතර සම්බන්ධයක් ඇති බවට බොහෝදෙනා සැක කළහ. අදටත් මෙම අතුරුදහන්වීම පිටුපස සිටින්නේ කවුරුන්දැයි හෙළි වී නොමැත.

    උපාලිගේ අතුරුදහන් වීමෙන් පසු ඉතා කෙටි කළකදී නිමල් වෙල්ගම සහ ලක්මිනී විජේවර්ධන අතර විවාහය සිදු විය. ලක්මිනී රත්වත්තේ විජේවර්ධන එතැන් සිට ලක්මිනී වෙල්ගම විය. උපාලිගේ සේවකයා වූ නිමල් වෙල්ගම උපාලිගේ අනුප‍්‍රාප්තිකයා විය. නිමල් වෙල්ගම සහ ලක්මිනී එකතු වී උපාලිගේ වත්කම් පිළිබඳ ලේඛණයක් සකස් කළ අතර ඒ සඳහා ලක්මිනීගේ පියා වූ සීවලි රත්වත්තේ මහතාද දායක විය. තිදෙනාගේම සැලසුම වූයේ උපාලි සතු සියළු දේපළ තමන් සන්තක කරගැනීමයි. නමුත් නොසිතූ ලෙස ඔවුන් ඉදිරියේ බරපතල ගැටළුවක් මතු විය. එනම් උපාලි ජීවතුන් අතර සිටියදී ඔහු සතු සමහර ව්‍යාපාරවල අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස උපාලිගේ සහෝදරියන් දෙදෙනා නම්කොට තිබීමය. උපාලිගේ සහෝදිරියන් වූ අනෝජා විජේසුන්දර සහ කල්යානි ආටිගල උපාලිගේ දේපළවල, ඒ වනවිටත් සම සහකරුවන් වී තිබුණි. ව්‍යාපාරික ඥානයක් නොතිබූ ලක්මිනී වෙල්ගම මේ පිළිබඳව කලින් දැන සිටියේ නැත. නමුත් නොපසුබට වූ නිමල්, ලක්මිනී, සීවලී ත‍්‍රිත්වය උපාලිගේ දේපළවල තම අයිතිය ඉල්ලා 1988.4.21 දින දිසා අධිකරණයේ නඩු පවරණ ලදී. විත්තිකරුවන් වූයේ උපාලිගේ සහෝදරියන් දෙදෙනාය. දිගුකළක් තිස්සේ විභාගවූ මෙම නඩුවේ තීරණය 1997.11.28 දින ලබා දුන්නේය. නඩු තීන්දුව අනුව ලක්මිනී රත්වත්තේ ඉදිරිපත් කළ උපාලිගේ දේපළ පිළිබඳ අයිතිය දිස්ත‍්‍රික් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කොට තිබුණි. උපාලිගේ සහෝදරියන්ගේ දේපළ අයිතිය තහවුරු විය. මෙම නඩු තීන්දුවෙන් ඉමහත් කැලඹිල්ලට හා ආතතියට පත් නිමල් වෙල්ගම දැන් කුමක් කරන්නේදැයි කල්පනා කරමින් කාලය ගත කරනවිට ඔහුට ලංකාවේ සුප‍්‍රකට අධිකරණ චෞරයෙකු වූ එවකට අභායාචනාධිකරණයේ සභාපති වූ සරත් එන්ද සිල්වා හමුවිය. අවස්ථා ගනනාවකදී නිමල් වෙල්ගම විසින් සරත් එන්ද සිල්වා හමු වී උපාලිගේ දේපළ ප‍්‍රශ්නය සඳහා විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එහිදී නිමල් වෙල්ගමගේ ඉල්ලීමට කන් දුන් සරත් එන්ද සිල්වා දිස්ත‍්‍රික් අධිකරණ තීරණයට එරෙහිව අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කරන ලෙස නිමල් වෙල්ගමට උපදෙස් දෙන ලදී.

    එම උපදෙස්වලට අනුව ලක්මිනී වෙල්ගම විසින් අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කරන ලදී. එම නඩුවේ විනිස්චයකාරයන් වූයේ සරත් එන්ද සිල්වා, ශිරානි බන්ඩාරනායක සහ නිහාල් ජයසිංහ යන විනිසුරුවරයන්ය. නිමල් වෙල්ගමගේ සැලැස්මට අනුව නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ට අයත් විය. නඩුවේ තීන්දුව 1999 ජනවාරි 11 දින ලබාදෙන ලදී. එම තීරණය අනුව දිස්ත‍්‍රික් අධිකරණයේ තීන්දුව නිශ්ප‍්‍රභ කොට තිබූ අතර උපාලිගේ දේපළවල හිමිකම උපාලිගේ සහෝදරියන්ගෙන් ඉවත්කොට ලක්මිනී වෙල්ගමට ලබාදෙන ලදී. නමුත් නඩුතීන්දුවේද අර්බුදයක් මතුවිය.

    ඊට හේතුව නඩුවේ විනිශ්චය කරුවන් තිදෙනා දෙකට එක ලෙස බෙදුණ තීන්දුවක් ඉදිරිපත්කිරීමය. පිටු විස්සක වාර්තාවකින් සරත් එන්ද සිල්වා විනිශ්චයකාරයා ලක්මිනී වෙල්ගමට පක්ෂව තම තීන්දුව ඉදිරිපත් කළ අතර නිහාල් ජයසිංහ වින්ශ්චයකාරයාද ඊට එකඟවිය. නමුත් ශිරාණි බණ්ඩාරනායක විනිසුරුවරිය පිටු 16ක වාර්තාවක් ඉදිරිපත්කරමින් ලක්මිනී වෙල්ගමගේ ඇපෑල ප‍්‍රතික්ෂේප කොට දිස්ත‍්‍රික් අධිකරණ නියෝගය බලාත්මක කරන ලදී. සරත් එන්ද සිල්වා සහ ශිරාණි බණ්ඩාරනායක ගැටුමේ මූලාරම්භයද මෙය වූ අතර සරත් එන්ද සිල්වා තමා සතු සභාපති බලයෙන් නිහාල් ජයසිංහ විනිසුරුවරයා යට කොට නිමල් වෙල්ගමට අවශ්‍ය තීන්දුව ලබා දෙන ලදී.

    නඩු තීන්දුවෙන් පසු දිවයින පුවත්පත් ආයතනය තමන් සතු වූ පසු නිමල් වෙල්ගම විසින් තම මාමාගේ උදව්වට ප‍්‍රති උපකාරයක් ලෙස සීවලී රත්වත්තේව දිවයින පුවත්පත් ආයතනයේ ප‍්‍රධානියා කරනු ලැබීය. උපාලිගේ දේපළ අයිතිකරගැනීමෙන් පසු නිමල් වෙල්ගමද රටේ සැළකිය යුතු චරිතයක් බවට පත් විය. සරත් එන්ද සිල්වාගේ දූෂිත උදව්වෙන් උපාලිගේ දේපළ ඩැහැගත් නිමල් වෙල්ගමගේ ලක්මිනී වෙල්ගම ගැන තිබූ රුචිකත්වය අඩුවන්නට විය. තම පැරණි රුචිකත්වය හඹා ගිය නිමල් වෙල්ගම එම ආසාවන් තමන් සතු වූ දිවයින පුවත්පත් ආයතනයෙන් සම්පූර්ණ කර ගන්නට විය. නිමල් වෙල්ගමට මනෝජ් අබේධීර මුණගැසෙන්නේ මෙහිදීය. නිමල් වෙල්ගමගේ අසම්තෘප්ත ආසාවන්ගේ සහකරුවෙක් වූ මනෝජ් අබේධීර දිවයින පුවත්පත් ආයතනය තුළ ඉහළට නගින්නේ එම පුද්ගලික සම්බන්ධයේ ආනුභාවයෙනි. මනෝජ් අබේධීරට විමල් වීරවංශ මුණගැසෙන්නේද මේ කාලයේ ය. විමල් විසින් ආරම්භ කළ මානෙල් මල් ව්‍යාපාරයේ අනුශාසකයෙකු වූ මනොජ් අබේධීර විමල්ගේ ජාතිවාදී දේශපාලන ගමණත් සමග සමපාතවන්නෙකුද විය. සුනිල් මාදවලාගෙන් හා දයාසේන ගුණසිංහලාගෙන් පසු ජාතිවාදී වූ දිවයිනට මෙම මනෝජ් අබේධීරගේ හා විමල් වීරවංශගේ සම්බන්ධය ගැටළුවක් නොවීය. මෙහිදී මනෝජ් අබේධීර හරහා විමල් වීරවංශ – නිමල් වෙල්ගම සුසංයෝගයද සෑදෙන ලදී. නිමල් වෙල්ගම හා විමල් වීරවංශ අතර දිගුකාලීන මිත‍්‍රත්වය ගොඩනැගෙන්නේ එසේය. විමල් වීරවංශට මිලමුදල් පවා ලබා දුන් නිමල් වෙල්ගම අතීතයේ එක්දිනෙක විමල්ට ගැලපෙන ජාතිකවාදී ඇඳුම්කට්ටල දුසිමක් විමල් වෙත එවනු ලැබීය.

    විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එකතු වූ පසුව නිමල් වෙල්ගමගේද කරල පැසෙන්නට වූ අතර මහින්ද රාජපක්ෂ මහතා විසින් ටෙලිකොම් සභාපති ධුරය ඔහුට පුදන ලදී. ටෙලිකොම් සභාපති ධුරයද මදි වූ නිමල් වෙල්ගම රජයේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂක ධුරයකටද පත් විය. විදේශයන් හි දේපළ ඇති අයෙකට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල අධ්‍යක්ෂක ධුරය දැරිය නොහැකි අතර නිමල් වෙල්ගම එම නීති නොසලකා කටයුතු කරන්නට විය. මහ බැංකුට අදාළ සියලු ප‍්‍රතිපත්තිමය තීරණ, කළමණාකරණ කටයුතු, මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සිදුවලට අදාළ තීරණ ගැනෙන්නේ මූල්‍ය මණ්ඩලය විසිනි. මේ කාලයේ නිමල් වෙල්ගම ටෙලිකොම් ආයතනය සහ මහ බැංකුවේ මුදල් කෝටි ගණනක් දිවයින පුවත්පත් ආයතනයට දැන්වීම් ලෙස හරවන ලදී. මේ පිළිබඳ අදටද නිසි පරීක්ෂණයක් සිදු වී නොමැත. උපාලි ආයතනයේ සාමාන්‍ය සේවකයෙකු වූ නිමල් වෙල්ගම තම කුමන්ත‍්‍රණ ඥානය හරහා රටේ බලගතුම පුද්ගලයෙකු බවට පත් විය. නිමල් වෙල්ගමගේ කරල පැසෙද්දී ඔහුගේ පුද්ගලික ජීවිතයේ සහකාර මනෝජ් අබේධීරගේද කරල පැසීම අරුමයක් නොවේ. නිමල් වෙල්ගමගේ උපදෙස් පරිදි මනෝජ් අබේධීර විසින් ජීටීඑච් ලංකා නම් සමාගම ලියාපදිංචිකර අබේධීරම එහි සභාපති ලෙස පත් විය. නිමල් වෙල්ගමගේ පාලන කාලය තුළ ටෙලිකොම් ආයතනය තුළ සිදු වූ දූෂිත මිලදීගැනීම් සියල්ල සිදු වූයේ මනෝජ් අබේධීරගේ සභාපතිත්වයෙන් යුතු ජීටීඑච් ලංකා සමාගම හරහාය. නිමල් වෙල්ගම ටෙලිකොම් සභාපති වී වසරක් තුළ ටෙලිකොම් ආයතනයේ ලාබභය 81‍%ක් දක්වා අඩු කරන්නට සමත් විය.

    මේ කාලයේම නිමල් වෙල්ගමගේ නැගීමට සාපේක්ෂව ඔහුගේ සොහොයුරු කුමාර වෙල්ගමද දේශපාලනය තුළ ප‍්‍රබලයෙකු විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රවාහන ඇමතිවරයා වූ කුමාර වෙල්ගම තමන් සල්ලාලයෙකු බව තමන් විසින්ම ප‍්‍රසිද්ධියේ පවසන අයෙකි. මහින්ද රාජපක්ෂගේ හදිසි ජනාධිපති තීරණයෙන් සහ අනතුරුව පරාජයෙන් පසුව මේ සියළු දෙනාගේ පාරාදීසයන් බිඳවැටුණි. විමල්, නිමල්, කුමාර, මනෝජ් යන දූෂත මිත‍්‍රත්ව හවුල වියරු වැටුනාක් මෙන් හැසිරෙන්නට විය. තම ස්වාමියා වූ මහින්ද වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට හා අහිමි වූ වරප‍්‍රසාද දිනා දීමට විමල් සහ කුමාර වෙල්ගම ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයන් බවට පත් වූ අතර නිමල් වෙල්ගම සහ මනෝජ් අබේධීර ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන අරමුණු වෙනුවෙන් දිවයින පුවත්පත් ආයතනය හසුරවන්නට විය.

    අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලකට අනුව කුමාර වෙල්ගම හිටපු ප‍්‍රවාහන අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් අතර 2016 පෙබරවාරි 16 දින රුපියල් ලක්ෂ 10ක පුද්ගලක ඇප දෙකක් හා රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහරින ලදී. ඔහුට තිබූ චෝදනාව වූයේ රුපියල් මිලියන 3.2ක් රෙගුලාසිවලින් බැහැරව ඔහුගේ ඥාතියෙකු වන ලංගම උප සභාපතිට ගෙවීමයි. මේ හැර කුමාර වෙල්ගමට එරෙහිව අශෝක් ලේලන්ඩ් බස් රථ 2200ක් මිලදීගැනීමේදී සිදු වූ රුපියල් මිලියන 2,860ක මුදල් වංචාවක් පිළිබඳව පරීක්ෂණද තවම අවසන්ව නොමැත. ඇමරිකානු ඩොලර් 40,000ක් වටිනා අශෝක් ලේලන්ඩ් බස් රථයක් ඇමරිකානු ඩොලර් 10,000ක කොමිස් මුදලක් තබාගෙන ඇමරිකානු ඩොලර් 50,000 බැගින් එක් බස්රථයක් මිලදී ගෙන ඇත. එම බස් රථ 2,200 මිලදී ගැනීමේදීද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන්නේ බස් රථ 1,500කයට. බස් රථ 700ක් කැබිනට් අනුමැතියෙන් තොරව මිලදී ගෙන ඇත.

    විමල් වීරවංශ මහතාගේ හොරපාස්පෝට් සිද්ධියට අදාළව නඩු පැවරීම සඳහා නීතිපති අනුමැතිය දින කිහිපයකට පෙර ලැබී තිබුණි. තම වරප‍්‍රසාධිත බලය සහ දූෂිත මුදල් සෙවීමේ මාර්ග උහිමි වූ විමල්, නිමල්, කුමාර, මනෝජ් හතර කට්ටුව තමන්ට මෙම ඉරණම අත්කළ පොදු සතුරා ලෙස අද තෝරාගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායක අනුර දිසානායක මහතා බව පෙනේ. ජලභීතිකා රෝගය වැළඳුණ පිස්සු සුනඛයන් ලෙස හැසිරෙන මෙම දූෂිතයන් දිවයින පුවත්පත හරහා තම සතුරන්ව සපා දැමීමට පටන්ගෙන ඇත. මෙම පිස්සු බල්ලන් බැද දැමීමට කාලයයි මේ.

    - Thilak Priyantha

    http://www.colomboxnews.com/public/news/උපාලි-විජේවර්ධන-අතුරුදහන/

    Monaa unath upali kiyanne me rate hitiya niyama bullet ekak.
    Welgamaya winaasa kala upali group eka. Sewakainta wath oke hariyata salakanne naa. Godak ewun wena wena newspaper walata panagatta. Eetapasse ea newspaper wala ehema upali eke lokko set ekage Nam gam anik paththa harola hena wisthara daala thibba patikiriya okkoma daala unge.
    Welgamaya okkoma newspapers tika e palathe ewa Salli deela gaththa paththare yanna kalin ude pandarama.
    Upali hitiyanan kohomath oya wage dekai panahe wada karana
    Newspapers political walata kade yana eka ithin godk samanyay ETH welgamaya hena chora dial eka.
    Upali nathi unain passe boruwata Dane denawa Dan
     
    Last edited: