එහෙම මිනිස්සුන්ව ඕන ඕන විදියට කාටවත් රස්සාවලින් එලියට ඇදල දාන්න බෑ. පුද්ගලික ආයතනයක ලොක්කෙකුටවත් එහෙම හිතුන හිතුන විදියට මිනිස්සු අස් කරන්න බෑ. විරුද්ද පක්ශවල දේශපාලකයොවත් ඔහොම කතාවක් කියනව මම නන් අහල නෑ
උඹල නොදැනුවත් වුනාට මට කරන්න දෙයක් නෑ . TV එකේ දේශපාලුවෝ කියන ඒව විතරක් බලල ලංකාවෙ උන, වෙන දේවල් ගැන ජජ් කරන්න බෑ ඉතින්.
මම කරන්නෙ ප්ලාන්ටේෂන් හින්ද සහ මගේ නෑදෑයෙක් General Manager වුන ඔහොම වුන ඒවට සම්බන්ධ ආයතනයක් ගැන මම ටිකක් කියන්නම්.
1976දි පටන් ගත්ත ජනවසම (කලින් උසවසම) සේවකයො බරගානක් 1996 දි ප්‍රතිසංස්කරණ කියල PD 10න් එලියට දැම්ම. එහෙම දාල හොරණෙ ඉන්න මෙලෝ දැණුමක් නැති එකසියගානකට රත්නසිරි වික්‍රමනායක ජොබ් දුන්න. අර වැඩ කරපු 700ය ගානක් ඕකට නඩු දැම්ම. නඩුව නිසා අලුතෙන් ආපු උන්ට අවුරුදු 3ක් විතර යනකම් සේවය ස්ථීර කරේනෑ. නඩු 3ක් තිබිල අර කලින් හිටපු සේවකයො ඒ නඩු දින්න. උසාවිය මේ අය 700ක් නැවත සේවයේ පිහිටුවන්න තීන්දුකරා(ඕන නම් මම නඩු අංකත් හොයල කියන්නම්).නමුත් මූල්‍ය තත්වය අවුල් කියල පස්සෙ මූල්‍ය තත්වය හොඳ වුනාම ඒ අයව සේවයේ පිහිටුවනව කියල කැබිනට් එකෙන් තීරණය කරල තමා ඕකෙ අර දේශපාලන පත්වීම් ගත්ත උංව ස්ථීර කරේ. හැබැයි අර මිනිස්සුන්ව ආයෙ සේවයට අන්තර් ග්‍රහනය කරේනෑ. ඕන තැනක ඕන කෙනෙක්ට මම challenge කරනව ඕක බොරුවක්නම් නඩු දාන්න කියල. ලංකාවේ වැඩිම ඉඩම් තියෙන ලොකුම වැවිලි සමාගමක් වෙන ජනවසම වගේ ඒව අදටත් පාඩු ලබන ආයතන වෙන්නෙ ඔය වගේ qualifications නෑති දේශපාලන හෙංචයියො ඒවගෙ වැඩ කරන එක. මට හම්බවෙලා තියෙනව ඉංග්‍රීසි කඳුලක් බැරි උසාවියේ චිට් එකක් පුරවන්න බැරි ජනවසම සුපිරින්ටන්ඩන්ල

.
ඔය වගේම තමා කුට්ටිරබර් සංස්ථාව, ශුගර් කෝපරේෂන් එක ඇල්කඩුව වැවිලි සමාගම හලාවත වැවිලි සමාගම යන ඒව. ඒකයි මම අදටත් කියන්නේ මේ රටට ශ්‍රීලනිපෙ තරම් ඩැමේජ් එකක් වෙන කවුරුවත් කරේ නෑ කියල.
උඹ නොදැන කමෙන්ට් කෙටුවට මට කරන්න දෙයක් නෑ. ඕව හොයල බලපං බිත්තර කට්ටෙන් එලියට වරෙං. හැම එකම විපක්ෂ දේශපාලුවෝ කියන්නෙ නෑ.