සිරාවටම අහන්නේ. දැන් තියෙන ආණ්ඩුවයි සජියලවයි නං පෙන්නන්න බැහැ. හැබැයි අනුරයි ජේවීපී එකයි බලයට ආවොත් රට ගොඩ දාන්නේ කොහොමද? විශේෂයෙන් දැන් තියෙන ආර්ථික අර්බුදය? මුන්ටත් හරිහමන් ප්ලෑන් එකක් තියෙනවා කියලා පෙන්නේ නැහැ. රජයේ සේවයට වැඩිපුර අනවශ්‍ය විදියට සෙනග අරගෙන යුනියන් නඩත්තු කරන එකට මුන් පක්ෂයි නේ. අකාර්යක්ෂම ආයතන වහලා දාන්නෙත් නැහැ මුන්. අනවශ්‍ය උන්ට සහනාධාර දෙන එක නවත්තන්නෙත් නැහැ. ඉතින් රජයේ මුදල් ඉතුරු කරන්නේ කොහොමද මුන් ආවොත්? හොරකම නං අඩු වෙයි. හැබැයි රජයේ සේවකයෝන්ට දෙන පඩි, ආයතන වල පාඩුව එක්ක බලනකොට 225 ට දෙන සැප නොගිනිය හැකි මට්ටමක්. ඒකාලේ ඉඳන් ආදායමට වැඩිය වියදම වැඩි හින්දනේ රටට මේ වගේ කෙල වුනේ.
ජේවීපී එක ආවොත් ආදායම් වැඩි කරලා වියදන් අඩු කරන හරි සැලැස්මක් ඉලක්කම් එක්ක ඉදිරිපත් කරලා තියෙනවද?
නිකන් ඔලුවේ අමාරුවට කෝට්ටේ මාරු කරනවා වගේ වැඩක් වෙයි කියල හිතෙන්නේ යහපාලානේ එපා වෙලා ගෝටා ගෙනාව වගේ .
නෑ. උන් කියන්නේ පෞද්ගලික අංශයේ රස්සාවල් වලට වැඩියෙන් දීමනා දීලා ඒවයේ ආකර්ෂණය වැඩි කරල, රජයේ රස්සා පස්සේ යන එක අඩු කරන්න. ඒ කියන්නේ උන් පිලිගෙන ඉවරයි රජයේ පිං පඩි ගන්න උන් රටට බරක් කියලා
Short-term & long-term plan have. % given but no figures yet
මුන්ට සිස්ටම් එකම මාරු කරන්න ඹිනෙලු. මුං ඒකට උත්සහයක් ගනී. කරගන්ඩ පුළුවන් උනොත් හොදයි. ඕක කරන්න පුළුවන් වෙන්නෙත් මුන්ටම විතරයි.
ලාල්කාන්ත ගේ අලුත් ඉන්ටවියු බලපන්. හොඳයි