මම අවුරුදු 23ක කොල්ලෙක්. ගිය 12 වන සදුදා උදේ මම ඔය පොටෝ එක තියෙන ගස් වල අතු කපමින් සිටියා. ඒ වෙලාවෙ පොඩි ඩීමෝ බට්ටෙක් වගේ ලොරියක් ආවා. ඒක අපේ ගේ පැත්තට ගියේ මම හිතුවෙ අපේ ගෙදරට එනව කියල තාත්තා මොකට හරි එන්න කියල ඇති කියල. (පාරෙ අන්තිම ගේ අපේ ගේ)
ඊට පස්සේ ඒ පොඩි ලොරිය ඔය පොටෝ එකේ පෙන්නල තියෙන තැන නවත්වලා cake එකක් උස්සන් කෙල්ලෙක් ආවා. ඒක පැදගෙන ආපු එකා බැහැලා Video කළා ඒ කේක් එක අරගෙන යන එක) (මේ මෑතක ඉදන් අලුත් බිස්නස් එකක් කරගෙන ඉන්නේ අර Birthday වලට cake order දාලා ගෙදරටම ගෙනිහින් සප්ප්රයිස් කරන එක) (අන්න එහෙම දෙන්නෙක් ආවේ) උන් ඒ කේක් එක අරන් ගියේ අල්ලපු ගෙදරට. ඉතින් මම මගේ වැඩේ කරනගෙන ගියා. එතකොටම මගේ කලිසම පොඩ්ඩක් පල්ලෙහාට වැටුනා කපපු අත්තක් බිම ඉදල අදින්න ගිහින් ඒ අත්තෙ පැටලිලා. මම ඒක ටක්ගාලා හදාගෙන මගේ වැඩේ දිගටම කරගෙන ගියා. ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ මම Facebook එකේ දැක්කා ඒ කේක් එක ගෙනත් දෙන Video එක ගමේ අය Share කරල තියෙනවා. ඒක මම බැලුවහම අර මගේ කලිසම පල්ලෙහාට වැටුන සීන් එකත් ඒකෙ වීඩියෝ වෙලා තියෙනවා. මගේ මූනත් අදුරගන්න පුලුවන් මට්ටමට පේනවා.
මම ඊට පස්සේ ඒ පේජ් එකට ගිහින් උන්ගෙ දාලා තියෙන නම්බරේට කතා කරල විස්තරේ කියල වීඩියෝ එක අයින් කරන්න කිව්වා. උන් කියනව වීඩියෝ එක අයින් කරන්න බැරිලු. උන් වීඩියෝ කළේ පාරෙලු. මම කිව්වා ඔය පාර දීල තියෙන්නෙත් අපේ ඉඩමෙන්, උබල එදා ලොරිය නැවැත්තුවෙත් අපේ ඉඩමෙ, උබට මගේ වත්තෙ ඉන්න මාව වීඩියෝ කරන්න අවසර දුන්නේ උබේ බාප්පද කියල. ඌ ඊට පස්සේ කියනවා පාර කාපට් කරල තියෙන්නේ රජයෙන් නිසා ඒක පොදු දේපලක් ඕනි කෙනෙකුට ඒකෙ වීඩියෝ නෙවෙයි ඕනි දෙයක් කරන්න කරන්න පුළුවන් කියල. අපි පාරෙ ඉදන් වීඩියෝ කළේ උබේ වත්ත ඒකෙන් පෙනුනට අපි මොනව කරන්නද කියල. ඊට පස්සේ මම ආය බැන්නා ඌට (ඒ ටිකත් කියන්න ගියොත් දිග වැඩි වෙනෝ) ඉතින් කොහොම හරි ඌ වීඩියෝ එක අයින් කළේ නෑ. ගමේ හැම එකාම ඒක දැකලා පාරෙදි හම්බුනත් හිනාවෙවී මගෙන් අහනෝ ඒක.
මේකට මොකක්ද තියෙන නීතිය ? එහෙම පාරෙ ඉදන් අනුන්ගෙ වතු වල ඒවා වීඩියෝ කරන්න පුළුවන්ද ? ඒ වීඩියෝ එක අයින් කරවන්න මොකක්ද කරන්න ඕනි ? පොලිස් පැමිණිල්ලක් දාන්න පුලුවන්ද මේ වගේ දේවල් වලට ? නැත්නම් ලෝයර් කෙනෙක්ට කතා කරල අපහසු නඩු දානවා කියල අපහසයට රු. මිලියනයක් විතර වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් යනවන්න්ද ? කොහොම කළොත්ද හොද?