අනුරාධපුර අමානුෂික මිනිස් ඝාතනය

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
අනුරාධපුර අමානුෂික මිනිස් ඝාතනය

[FONT=&quot]අනුරාධපුර අමානුෂික මිනිස් ඝාතනය

අනුරාධපුරය යනු ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර ව පුජනීය නගරයකි. මේ ලෝක උරුම නගරයට කොටි ත්‍රස්තයන් ප්‍රහාරයක් එල්ල කර වසර 24 ක් සහ දින 04 ක් ගත වෙද්දී මහ කොටි නායක ෙවිලූපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් රුසක් ජිවිතක්ෂයට පත් කරමින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීමට රජයේ හමුදා සමත් විය. රුදුරු කොටියාගේ ඝාතන සංස්කෘතියට නැවතිමේ තිත තබා ඇත සිලාවතුරේ යුධ හමුදා ක`දවුරකට යන බව අගවමින් හමුදා වෙස් ගත් ත්‍රස්තයෝ පිරිසක් අහිංසක ගැමියෙකුගේ ට්‍රැක්ටරයකට ගොඩ වී මුල්ල කුලමට පැමිණියහ ඒ 1985 මැයි මස 12 වැනි දිනයේ දීය. රාත්‍රී ඇ`දිරි වැටෙද්දී මුල්ලි කුලම දේවස්ථානයේ ගත කරමින් ගම්වැසියන්ගේ ප්‍රණිත ආහාරයෙන් සප්පායම් වී සැපට නිදා ගත් මේ පිරිස පසුවදා හිමිදිරි උදෑසන ගම් වැසියන්ගේ මග පෙන්වීම ඇතිවම එලෙත්තෙයිකුලම් වෙත පැමිණියහ
පසුදා එනම් 14 වැනිදා උදෑසන ගම්මුන්ගෙන් අසා දැනගත් තොරතුරු අනුව පයින්ම පිටත් වු අතර මගදී වාහනයක් කොල්ල කා රියදුරා සහ මගින් දෙදෙනෙකු ද සමග ගමන් ආරම්භ කළහ. ඔවුන්ගේ අපේක්ෂාව වුයේ පුත්තලම හරහා අනුරාධපුරය වෙත පැමිණීමයි. මග දී මේ රියදුරා සහ මගීන් දෙදෙනා ද මරා දමා ඇත.
අනුරාධපුරයේ නව බස් නැවතුම වෙත ගිය හමුදා වෙස් ගත් කොටි ත්‍රස්තයෝ එහි සිටි සියළු දෙනාටම දිගට හරහට වෙඩි තබන්නට වුහ. සෑම දෙසටම වෙඩි තබද්දී බොහෝ දෙනෙක් දිව ගියහ. ඉදිරියට ආ වාහන නවතා එය තුලට අත් බෝම්බ දමා ගැසු ත්‍රස්තයන් කරන අතරතුර ශ්‍රී මහා බෝධිය දෙසට ගිය තවත් කණ්ඩායමක් එහි සිටි භික්ෂුන් වහන්සේලා සියලූ දෙනාටම වෙඩි තබන්නට විය.
මුළු ප්‍රදේශයම ලේ විලක් කළ ත්‍රස්තවාදීන් පැහැර ගත් බස් රථයකින් පගා යද්දී නොච්චියාගම ප්‍රදේෂයේ දීම පොලිස් මුර පොළකට ද පහර දී එක් අයෙකු මරා දමා තිබුණි. එතැන් සිට ඉදිරියට හමුවන සෑම දෙනෙකුටම වෙඩි තබමින් විල්පත්තු අභය භූමිය හරහා ගමන් ගත් මේ කොටි කණ්ඩායම විල්පත්තු අභය භූමියෙන් සිටි සේවකයෝ කාමරයක අ`ගුල දමා එහි තිබු වාහනයක් පැහැර ගෙන පලා ගියහ. මෙසේ යද්දී ඉදිරියට හමු වු මාර්ග කම්කරුවන් සියලූ දෙනාම මරා දමා ඔවුන්ගේ ට්‍රැක්ටරය පැහැර ගත් ත්‍රස්තවාදියෝ ඉහල අහසේ කැරකෙන හෙලිකොප්ටරයක් දැක අසල නිවසකට ඇතුළු වී එහි සිටි 04 දෙනෙකු මරා දැමුහ. මෙලෙස අනුරාධපුර ප්‍රහාරය එල්ල කළ කොටි කිහිප දෙනෙකුට තුවාල සිදු වී නිරුපද්‍රිතව පලා යද්දී අහිංසක නිරායුධ මිනිසුන් 234 දෙනෙකු මිය ගොස් තිබුණි. ඒ අතර භික්ෂුන් වහන්සේලා දස නමක් ද දස සිල් මාතාවන් 05 දෙනෙක් ද සිල් සමාදන් වු වු වැසියෝ 120 ක් ද වුහ

[/FONT]
 

jayashan1

Member
Oct 24, 2010
80
6
0
Kandy
Vikramabahu karunaratna kiyana mee harakata mewa pennanna one (oota pennalath madi diya karala powanna one) okage kathavak eeya ahanna labuna ane apoi mehemath sinahalayo:shocked::shocked:...
 
මෙන්න වැඩක් බෑන් වෙයි කියලාදෝ මන්දා මෙයා මේ කමෙන්ට් ටික මකාලා දාලා ඒත් QUOTE කරපුවා යවන්න බෑනේ :baffled::P ඇඩ්මින් අයින් කළා නම් ඒක වෙනම දෙයක් :D:yes:

******

ත්‍රෙඩ් එකේ මාතෘකාව - අනුරාධපුර අමානුෂික මිනිස් ඝාතනය

අන්තර්ගතය - 1985 අනුරාධපුරයේ කොටි ප්‍රහාරය පිළිබදව කෙටි වාර්තාවකි මෙයට කිසිදු දේශපාලනිකමය මතයක්වත් අන්තර්ගතකොට නැත හුදෙක්ම වාර්තාවක් පමණි

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මෙම ලිපියට කිසිදු දේශපාලනිකමය මතයක් එකතු කර නැත ඇත්තේ 1985 අනුරාධපුරයේ කොටි ප්‍රහාරය පිළිබදව කෙටි වාර්තාවකි දත් කිඹුලා විසින් මෙයට අදහස් පල කළේ
"අපේ ම සමහර බූරුවන්ට මේව මතක නැති එක තමා තියන පුශ්නෙ..........!!!!!!"
කියාය ඉන්පසු එයට කොහේදෝ සිට පහත් වූ පෝස්ට් 10 ක්වත් ගසා නොමැති නවකයෙකුගෙන් ලැබුන අපහාසාත්මක වූද පටු දේශපාලනිකමය අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා වූද රිප්ලයි ගැනයි මේ පැහැදිලි කිරීම

නවකයෙකුගේ තුල දැකීමට නොලැබෙන අන්දමේ මනා වූ පලපුරුද්දක්, හුරුවක් පෙන්නුම් කරන මොහු ත්‍රෙඩ් ඔෆ්ටොපික් කරමින් කුරිරු කොටින්ගේ සිංහලයන් අරභයා කළ මිලේඡ පහරදීම් යලි මතකයට ගෙනෙනු පිණිස පල කළ කිසිදු දේශපාලනයක් නොගෑවුන මෙම සාමකාමී වැදගත් ත්‍රෙඩ් එක තුලට පටු දේශපාලන අරමුණු ඈදාගෙන ගැටීම්වලට මගපාදා ගනී

මොහුගේ දේශපාලනිකමය මතය පසෙකට දමමු මේ කමෙන්ටුව මාතෘකාවට කිසිදු අදාලත්වයක් නොමැත මොහුගේ මේ කමෙන්ටුව නොවන්නට මෙම ලිපිය හරවත්ව ඉදිරියට ගෙනයන්නට හැකියාව තිබූ බව ඕනෑ අයෙකුට පෙනීයයි පළමු කමෙන්ට් 10වත් ගැසීමට පෙර මොහු ජේෂ්ඨ සාමාජිකයන් අමතා තිබෙන ආකාරයෙනුත් කමෙන්ටු ලියා ඇති ආකාරයෙනුත් පහත්වූ වාග් විලාශයක් ප්‍රකට කරයි එය කියවන්නා තුල ඇති කරන හැගීම් කෙබදුවිය හැකිද ? එමෙන්ම මොහුදැනට දමා ඇති කමෙන්ටු පරික්ෂා කළවිට මා හට පෙනීගියේ මොහු මීට පෙර දමා ඇති කමෙන්ටු අනුවද අනුව හරි හැටි අදාල කමෙන්ට් එකක්, ගැටීම් ඇති නොකර දැමීමට ඇති නොහැකියාවය නොහැකියාවටත් වඩා මොහුගේ අවශ්‍යතාවයද එයමවේ මොහුගේ කමෙන්ටු සියල්ලම පාහේ අදාලත්වයක් නොමැති අපහාසාත්මක එමෙන්ම ගැටුම් ඇති කරන ඒවාය

පටු දේශපාලනික අරමුණු මත මෙවන් ලිපියක්වත් පලවීම නොරුස්සන්නෙක් වූ මොහු ත්‍රෙඩ්එක මාතෘකාවෙන් බැහැරට ඇදගෙන යන්නේ වෙහෙස වී මෙම ලිපිය මෙහි පළ කළ ත්‍රෙඩ් ownerට මහත් අසාධාරණයක් කරමිනි එමෙන්ම සාමාජිකයන් අතර ගැටීම් ඇතිවීමද මෙමගින් සිදුවෙයි

මොහුගේ පටු දේශපාලනිකමය මතය ගතහොත්
ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුර දරන්නාට හැම තැනින්ම මිනීමැරුම් නඩු වැටෙන බව තමන්ම කියාගන්නේ මහත් උජාරුවෙන්ය අපට රාජපක්ෂ යන පුද්ගලයාගෙන් වැඩක් නැත ඔහු දරණ තනතුර පමණකි වැදගත් වන්නේ ඔහු දරාගෙන සිටින්නේ ලංකාවේ ජනාධිපති තනතුරය පටු දේශපාලන අරමුණු ඇති පරාජිතයින්ට බලයට ඒමට රටට හෙණ හත ගැහුවත් කම් නැත මේ නඩු වැටෙන්නේ හුදෙක් එක් පුද්ගලයෙක්ට පමණක් නොව මුළු ශ්‍රී ලංකාවම අරබයා බව හොද හැටි දත් ඔවුහු පටු දේශපාලන අරමුණු නිසාම බලකාමයෙන් ඒ බව අමතක කරති මොවුන්ගේ ප්‍රාර්ථනයද තව තවත් නඩු වැටී ශ්‍රී ලංකාවේ ජනාධිපති මරු මුවට යැවීමට හැකිවී හෝ තමන්ට බලයට ඒමට හැකිවේවා යන්නය

අවසාන වශයෙන් මට කියන්නට ඇත්තේ මෙපමණකි වෙබ් අඩවියෙන් එළියට දොක්කන ලද තවත් කුක්කුරයෙකුගේ නැවත ආගමණය පිළිඹද අද්මිනිස්ත්‍රාසිකරුවන් අවධියෙන් සිටිය යුතු බවය නැවතත් මොවුන්ට රෙප් පවර් සහිත ව්‍යාජ එකවුන්ට් තනාගැනීමට ඉඩ හැරියොත් සිදුවන්නේ කුහක ලෙස සාමාජිකයන්ට උනුන්ගේ නම් දමමින් -රෙප් අගයන් ලබාදී කොටාගැනීම් ඇති කළ යුගය යලි ඇති වීමකි

 
Last edited:
  • Like
Reactions: maxxaa

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෝඩයෙක් වගේ කියවන්න එපා. ඕවා මිනිසුන්ට මතකයි.එයාට ඒවා ජත්‍යන්තරයේ බේරෙන්න පොයින්ට්ස් නෙවෙයි. දැන් රජාට ලෝකේ හැමතනින්ම මිනිමරු නඩු එකපිට එක වැටෙනවා. එතකොට මොන රටකටවත් යන්න බෑ.

    මෝඩයා ‍වගේ කියවන එකා මේක බලන අය තීරණය කරල ඇති දැනටම..........ත්‍රෙඩ් ස්ටාටර් එක ත්‍රස්තවාදියො කරපු සංහාරයක්..........මෙයා ගේ මෙතන ටොපික් එක රජා......මෙතන රජෙක් ගැන කවුද කියල තියෙන්නේ.........යන්නේ කෙහෙද මල්ලේ පොල් කතා දාල තමන් ගේ දේශපාලන අදබාල භාවය පෙන්නන්නේ නැතුව ඉන්න.....!!!
     

    thilinasan

    Member
    Jun 24, 2010
    284
    5
    0
    Kingston
    මේවා මේ රටේ අයට පෙන්නුවාට, බටහිර රටවලට ඕවාගෙන් වැඩක් නෑ.කොටි කියන්නේ කැ* බල්ලෝ කියලා පිටරටවල් දන්නවා.ඒකනේ උන්ව ත්‍රස්තවාදින් කියලා වරෙන්තු හිටන් තියෙන්නේ.ඒ වුනාට ලංකාව කියන්නේ මානවවාදි ශිලාචාර රටක් කියල තිබුන ප්‍රතිරුපය රාජපක්ෂගේ බලකාමය නිසා, බලු වැඩ නිසා නැති වුනා.ලොක්කා කොහොමත් ජත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.ඒකෙන් එයාට ගැලවිමක් නෑ.

    Aniwa
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මේවා මේ රටේ අයට පෙන්නුවාට, බටහිර රටවලට ඕවාගෙන් වැඩක් නෑ.කොටි කියන්නේ කැ* බල්ලෝ කියලා පිටරටවල් දන්නවා.ඒකනේ උන්ව ත්‍රස්තවාදින් කියලා වරෙන්තු හිටන් තියෙන්නේ.ඒ වුනාට ලංකාව කියන්නේ මානවවාදි ශිලාචාර රටක් කියල තිබුන ප්‍රතිරුපය රාජපක්ෂගේ බලකාමය නිසා, බලු වැඩ නිසා නැති වුනා.ලොක්කා කොහොමත් ජත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.ඒකෙන් එයාට ගැලවිමක් නෑ.

    එතකොට අර පෙන්නන විඩියෝ වල තියෙන ඒවයි රාජපක්ශගේ බල කාමෙයි අතර සම්බන්දේ ඔය අයියා පොඩ්ඩක් පෑහෑදිලිකරන්නකෝ;)
     

    Doomed

    Banned
    Mar 13, 2011
    62
    9
    0
    ඇයි මේ පරණ දේවල් හාරලා අපේ සිංහල දෙමල සමගිය නැති කරන්නේ. පිට රට ඉන්න දෙමල හැතිකරේට ඕනී සරණාගතයො විදිහට ඉන්න සාධාරණ හේතුන්.ඒකයි මේ ප්‍රශ්න ඇති කරන්නේ.දැන් කොටි ඉවරයි.ඒක නිසා දැන්වත් අපි ලංකාවේ ඉන්න දෙමල ජනතාවට හොඳට සලකලා ඒ අයව අපේ සහෝදරයන් වගේ බලාගමු.මේ වගේ කුනු අපි අවුස්සන්න හොඳ නෑ.පිටරවල් ඒව ඇවිස්සුවාට අපි කුපිත වෙන්න හොඳ නෑ.අපි නෑහුනා වගේ ඉමු.
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මෝඩයෙක් වගේ කියවන්න එපා. ඕවා මිනිසුන්ට මතකයි.එයාට ඒවා ජත්‍යන්තරයේ බේරෙන්න පොයින්ට්ස් නෙවෙයි. දැන් රජාට ලෝකේ හැමතනින්ම මිනිමරු නඩු එකපිට එක වැටෙනවා. එතකොට මොන රටකටවත් යන්න බෑ.

    කවුද මෝඩයෙක් වගේ කියවන්නෙ,dath kibulada,ඔබද?
    රාජාට ලෝකෙ මිනි මරුම් නඩු වැටිල තියෙන්නෙ ගොන් හරක් නිසා තමයි.
    මූ මෙතන thread එක දාල පෙන්නුවෙ කොටින්ගෙ සක්කිලි වැඩ ගැන,එ වුනාට ඔබ හදන්නෙ කල දුටු කල වල ඉහගන්න
    අවස්තාවාදියෙක් වෙන්නෙපා සහෝදරය,රට ගැන හිතන ඔන වෙලාවෙ එක එක වෙස් පෙරලගෙන ඇවිල්ල රට අගාදෙට ගෙනියන්නෙපා,
    උබ ඉන්නෙත් මම ඉන්නෙත් මෙ එකම රටේ,අපි ඉන්නකන් මෙ එකෙක්ටවත් මෙකෙ මොකෙක්වත් යුද අදිකරන නෙමෙයි
    කොහාටවත් ගෙනියන්න හම්බවෙන්නැ සහෝදරය,
    dath kibula කියපු කතාව හරි,
    මෙ හැම දෙයක්ම රට වෙනුවෙන්!



     

    Mozilla

    Well-known member
  • ඇයි මේ පරණ දේවල් හාරලා අපේ සිංහල දෙමල සමගිය නැති කරන්නේ. පිට රට ඉන්න දෙමල හැතිකරේට ඕනී සරණාගතයො විදිහට ඉන්න සාධාරණ හේතුන්.ඒකයි මේ ප්‍රශ්න ඇති කරන්නේ.දැන් කොටි ඉවරයි.ඒක නිසා දැන්වත් අපි ලංකාවේ ඉන්න දෙමල ජනතාවට හොඳට සලකලා ඒ අයව අපේ සහෝදරයන් වගේ බලාගමු.මේ වගේ කුනු අපි අවුස්සන්න හොඳ නෑ.පිටරවල් ඒව ඇවිස්සුවාට අපි කුපිත වෙන්න හොඳ නෑ.අපි නෑහුනා වගේ ඉමු.

    එතකොට මචං යුද්දේ වෙනුවෙන් මැරුණ මිනිස්සු.හමුදාවේ කට්ටිය උබ දකින්නේ කුණු විදිහයද?අද අපි මේ විදිහට ජීවත් වෙන්නේ ඒ මිනිස්සුට පිං සිද්ද වෙන්න.මුල අමතක කරන්න එපා මචං.මගේ පන්තියේ,එකට කාපු එක මට නැති උනා මේ බල්ලෝ නිසා. පිටරටවත් වල උන් අවුස්සනේ උන්ට අපෙන් උනාය කියන දේවල්..ගොඩක් දේවල් බොරුනේ?අපි නෑහුනා වගේ හිටියොත් අපිට ඇරලා යනකම් හොයා ගන්න වෙන්නේ නැ.එකත් මතක තියාගනින් මචං.:yes: