ඔය ශ්‍රී මහ බෝධියෙ ඉඳන් රුවන්වැලිසෑයට යන පාර දෙපැත්තෙ සෑහෙන පරණ නටඹුන් තොගයක් තියෙනවා. දවසකින් කවර් කරන්න බැරි තරම්. මටත් ඔය සෙනඟ ගොඩේ ගිහින් පොරකකා වඳින එක අප්පිරියයි.මම නම් කරන්නෙ ඒ නටඹුන් බලන එක. සන්නිපාත ශාලාව, දාන ශාලාව, රෝහල් සංකීරණය එහෙම රුවන්වැලිසෑයට ලඟමයි තියෙන්නෙ. දාන ශාලාවෙ ගලෙන් කරපු බත් ඔරුවක් තියෙනව අඩි තිහක් විතර දිග. හැම තැනම විස්තර ලියපු බෝඩ් එකකුත් ගහල තියෙනව පුරාවිද්‍යා එකෙන්.රෝහල් සංකීර්ණය තියෙන්නෙ රුවන්වැලිසෑයට ඇතුල් වෙන ගේට් එකට හරි කෙලින්ම ඉස්සරහ. එතන ඉඳගෙන ඉන්නත් පුලුවන් හෙවනට වෙලා.
එහෙම නැත්තම් ජේතවනාරාමෙට පලයන්.බලු බල්ලෙක් නෑ නුගගස් හෙවනට වෙලා ඉඳගෙන ඉන්න පුලුවන්.
සමාධි පිළිමෙ තියෙන පැත්තත් නිදහස්. හැබැයි පෝයට සෙනඟ ඉඳී. මට නම් සමාධි පිළිමෙ දිහා දවසක් උනත් බලන් ඉන්න පුලුවන් පැත්තකට වෙලා.