අනුරාධපුර වෛද්‍යවරිය පෙරෙට්ටුවට ඇවිත් නෑ

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනාගැනීමේ පෙරෙට්ටුව ඊයේ (17දා).

    පැවැත්වීමට නියමිතව තිබුණද එය මේ මස 24දා දක්වා කල්තැබීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

    ඊයේ (17දා) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙර‌ෙට්ටුව සඳහා පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම පෙරෙට්ටුව මෙලෙස යළි කල් දැමීමට හේතු විය.

    මේ අතර මෙම අපරාධය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු යුද හමුදා සෙබළා මේ මස 24 වැනි දින දක්වා යළි රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යළි ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.

    මේ අතර පැමිණිලිකාර වෛද්‍යවරිය එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කෙරිණි.

    මෙසේ යළි රිමාන්ඞ් භාරයට පත්කළේ ගල්නෑව නව නගරය, ඩී තුන, ඇළ පාර ලිපිනයේ පදිංචි නිලන්ත මදුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළකු මෙන්ම චීවරධාරියකි.

    ඊයේ (17දා) මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය පැවැසුවේ, හඳුනාගැනීමේ පෙරෙට්ටු සඳහා පෙනී සිටින ලෙසට පැමිණිලිකාර වෛද්‍යවරියට දැනුම්දී ඇතත් ඇය අද දින අධිකරණයේ පෙනී නොසිටි බවයි.

    ඒ අනුව ඊළඟ නඩු දිනයේදී පැමිණිලිකාර වෛද්‍යවරිය හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා සහභාගි කිරීමට පියවර ගන්නා බවද අධිකරණයට දැනුම්දුන් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද කීවේය.

    පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි නිශානි සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද සහ සැරයන් රංජිත් යන මහත්වරුන් පෙනී සිටියහ. හිටපු යුද හමුදා සෙබළා වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී සිටියේ නැත.

    අනුරාධපුර – උපාලි ආනන්ද

    Mawbima.lk
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    තව අහවල් හදුනාගැනීමක්ද ඌට ගහලා පොලු බස්සලා වරදකරු කරාම.

    @SLK_sri වගේ අසහනකාරි , පොලිස් හමුදා ඇරියස් තියන උන් සැකකරු ප්‍රසිද්ද කරාම , මේ හදුනාගැනීමේ පෙරෙට්ටුව නීතිවිරෝධී .
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    වෛද්‍යවරිය අද දිනයේත් හඳුනා ගැනීමේ පෙරට්ටුවට පැමිණ නැත. සැකකරු මාර්තු 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    - පුවතක් -
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    වෛද්‍යවරිය අද දිනයේත් හඳුනා ගැනීමේ පෙරට්ටුවට පැමිණ නැත. සැකකරු මාර්තු 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    හ්ම්ම්. ප්‍රස්නයක්, මෙහෙමත් නියෝගයක් දුන්නා නේද කලිං දවසෙ..

    "
    ඊයේ (17දා) මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය පැවැසුවේ, හඳුනාගැනීමේ පෙරෙට්ටු සඳහා පෙනී සිටින ලෙසට පැමිණිලිකාර වෛද්‍යවරියට දැනුම්දී ඇතත් ඇය අද දින අධිකරණයේ පෙනී නොසිටි බවයි.

    ඒ අනුව ඊළඟ නඩු දිනයේදී පැමිණිලිකාර වෛද්‍යවරිය හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා සහභාගි කිරීමට පියවර ගන්නා බවද අධිකරණයට දැනුම්දුන් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද කීවේය.

    "

    NEWS : 24.03.2025

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
    අදාළ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ එම සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා නියෝග කළ බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසීය.
    සැකකරු අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තිබුණ ද ඒ සඳහා සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය සහභාගී නොවීම හේතුවෙන් එම පෙරට්ටුව නොපැවැත්වූ බව සඳහන්ය.

    https://sinhala.adaderana.lk/news/208067

    Last edited:
    • Like
    Reactions: Bunji Kuraki

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තව අහවල් හදුනාගැනීමක්ද ඌට ගහලා පොලු බස්සලා වරදකරු කරාම.

    @SLK_sri වගේ අසහනකාරි , පොලිස් හමුදා ඇරියස් තියන උන් සැකකරු ප්‍රසිද්ද කරාම , මේ හදුනාගැනීමේ පෙරෙට්ටුව නීතිවිරෝධී .
    නීතිවිරෝධී wenne kohonada gon harako, නීතිye thiyana eka thamai karanne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    හඳුනාගැනීමේ සුරුට්ටුවක් කියන්නේ මොකද්ද බන් 🤔 අරූ දුෂණය කරන ගමන් සුරුට්ටු බීලද 😯
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,072
    4,720
    113
    Sri Lanka
    Muu waradikaraya wenna puluwan.

    Habai nikamata hithapan waradi ekekwa policiyen alluwoth uu hire inna oni thawa dawas 7k gaani awilla identify karanakan.
     
    • Sad
    Reactions: Bunji Kuraki

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෛද්‍යවරිය අද දිනයේත් හඳුනා ගැනීමේ පෙරට්ටුවට පැමිණ නැත. සැකකරු මාර්තු 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    - පුවතක් -
    දොස්තර එන්න ඕනත් නෑ නේද? සකකාරයා වෙනුවෙන් කවුරුත් පෙනී හිටින්නෙත් නෑ උගේ ගැන හොයන්න හිටපු සහෝදරියත් රිමාන්ඩ් ...

    නඩුකාරයට පොලිසිය කියන දේට ඔලුව වන්න තියෙන්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    වෛද්‍යවරිය අද දිනයේත් හඳුනා ගැනීමේ පෙරට්ටුවට පැමිණ නැත. සැකකරු මාර්තු 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    - පුවතක් -

    අරූ එක්ක තියෙන වෙන මලකට බොරු චෝදනා කරලා ඌව හිරේ යැව්වා වෙන්න බැරිද?
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    දොස්තර එන්න ඕනත් නෑ නේද? සකකාරයා වෙනුවෙන් කවුරුත් පෙනී හිටින්නෙත් නෑ උගේ ගැන හොයන්න හිටපු සහෝදරියත් රිමාන්ඩ් ...

    නඩුකාරයට පොලිසිය කියන දේට ඔලුව වන්න තියෙන්නෙ

    සාධාරණ හේතු නැතිව ආවේ නැත්නම් වරෙන්තු කරන්න පුළුවන්. ඊළඟ දවසේ ඒවි.
     
    • Like
    Reactions: topkollek

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    මන් දන්න විදිහට ස්ත්‍රී දූශන වලදී අගතියට පත් වුනු කාන්තාව උසාවියට එන්නම ඕනි කියලා එකක් නෑ. ඒක තව පැත්තකින් හිතුවොත් නැවත නැවත ඇයව මැරීමක්.
     
    • Haha
    Reactions: Platy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මන් දන්න විදිහට ස්ත්‍රී දූශන වලදී අගතියට පත් වුනු කාන්තාව උසාවියට එන්නම ඕනි කියලා එකක් නෑ. ඒක තව පැත්තකින් හිතුවොත් නැවත නැවත ඇයව මැරීමක්.

    :shocked:
    එතකොට කොල්ලව කොච්චර කාලයක් හිරේ දාලා තියන්න පුලුවන් ද?
    මාස තුන හතරකින් ගෑනි කිවුවොත් මූ නෙමෙයි කියලා :oo:
     
    • Like
    Reactions: Platy