අනුරාධපුර climate

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,059
    23,787
    113
    මෙහෙ කොළඹ අවට පට්ට රස්නෙ හින්ද නිකමට අනුරාධපුර weather එක බැලුව.

    කොළඹ 29 C
    අනුරාධපුර 26 C

    ඒ මදිවට දවල් වෙද්දි 31 C ට විතර පොඩ්ඩක් රස්නෙ වැඩි උනාට humidity 45%.
    කොළඹ 75%+

    රස්නෙයි කටුකයි කියන අනුරාධපුර පොළොන්නරුව climate එක හොඳයි කොළඹට වඩා.
    එහෙ ගියාමත් ඕක තේරෙනව ඇඟට හරි සෞම්‍යයි පොඩ්ඩක් රස්නෙ ගතියක් තිබ්බට. කොළඹ වගේ පෝරණු ෆීලින් එක නෑ.
    උඹලගෙ අත්දැකීම් කොහොමද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,509
    35,354
    113
    අනුරාධපුර පොලොන්නරු ගිහිං බලපං තිත්ත වෙයි.
    මට නම් ලංකාවේ පට්ටම දේශගුණයක් තියෙන්නේ කෑගල්ල, නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්ක වල
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,726
    26,127
    113
    කොළඹ ටවුමේ පට්ට ගඳ, ඒ නැතත් වෙනත් පාරක ඇවිද්දත් ගූ ගඳ එනවා. මම හිතන්නේ ගලි ලයින් open ඇති... කණුවලට. රස්නේ නම් අව්ලක් නැහැ, හම පිච්චෙන්නේ නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,059
    23,787
    113
    Colombo issara mehema na bn.. man kiyanne aurudu 10kata witara kalin.. Dan nan Inna ba eliyata wela.. karumayak
    Ow bn puduma rasnayak ekann

    අනුරාධපුර පොලොන්නරු ගිහිං බලපං තිත්ත වෙයි.
    මට නම් ලංකාවේ පට්ටම දේශගුණයක් තියෙන්නේ කෑගල්ල, නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්ක වල

    පොලොන්නරුවෙනම් ඉන්න බෑ ගිනි ගහන අපායක්
    උඹලට කොළඹ ඉන්න පුලුවන්ද. මටනන් පට්ටම රස්නයක් තියෙන්නෙ කොළඹ ත්.
    නුවරඑළිය පැති වලට යද්දි ප්‍රශ්නෙ හැමතිස්සෙම වගේ තෙත ගතියයි පරිසරය.

    ------ Post added on Jul 13, 2025 at 8:23 AM
     
    • Like
    Reactions: SLKolla2020

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    පොළොන්නරුවේ දේශගුණය දැන් වෙනස් වෙලා තියෙන්නේ කියලා ඩඩ්ලි සිරිසේන මහත්තයා දවසක් කිව්වා.

    ඒ වෙනස් වෙලා තියෙන්නේ ශුෂ්ක පරිසරයේ ඉදලා සෞම්‍ය පැත්තට.
    කර්කශ තත්වය අඩුයි කිව්වා.

    හේතුව තමයි කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි කරන ලද යෝධ ජලාශ, මොරගහකන්ද ජලාශය වගේ ඒවා ගේ බලපෑම.
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    342
    1,284
    93
    අනුරාධපුර පොළොන්නරුව රස්නේ තියෙන්නේ direct අවුවට expose උනොත් විතරයි. නැත්තන් හොඳ වැවකින් ඇළකින් නාලා කුඹුක් ගහක් යට chill එකේ ඉන්න තියෙනවනම් පට්ට සැපයි. හොඳට හුළං එහෙම හමනවා, වායු දූශනය අඩුයි,ශබ්ධ දූශනය අඩුයි, ඈත පේනවා... මමත් ආස නෑ කොළඹට. ජන ඝනත්වය වැඩි නිසා තමයි මේ හැම කරදරේම. වාහනේ පාරට දැම්මත් කුණුහරප කියවෙනවා, හුස්ම ගත්තත් විස, ඇස් දෙකටත් අමාරුයි, අහසක් දකින්නේ නෑ, පොළවක් පෑගෙන්නේ නෑ දැන් වයස නිසාද මන්දා මේ ජීවිතේ හරිම මහන්සියි.

    ළඟදීම වැවක් ළඟ කුඹුරු යායක මායිම්ව සුපිරි ගේ කෑල්ලක් ගහනවා හදිස්සියකට ගිහින් ඉන්න. ගෑනියි ළමයිනුයි තියලා ගිහින් සතියක් දෙකක් ඉඳලා එනවා. Starlink ගහගත්තම වැඩ කරන්නත් පුළුවන්, තවම පොට් එකක් හොයනවා මම උඹලට පෙන්නන්නම් හැදුවම. මම බීච්වලට ලොකු ආසාවක් නෑ නැත්තන් මුහුදට ආස එකෙක්ට පුල්මුඩේ සයිඩ් එකේ හරි මනාර් සයිඩ් එකේ හරි ලස්සන පොට් එකක ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන්. හැබැයි කැ..ම රස්නේ, අනික පට්ට දුරයි. කඳුකර පැති හොඳයි හැබැයි ඒවගේ හොඳ ඉඩමක් අරන් පට්ට ගේමක් ගහන්න ඕනේ නාය යන්නේ නැති ගේ කෑල්ලක් හදාගන්න.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    අනුරාධපුර වගේ වේලිච්ච පැතිවල වැඩිය ගිහින් නැති නිසා නෝට් නෑ. එ් පැතිවල වතුර තමයි ප්‍රශ්නෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,787
    113
    මෙහෙ කොළඹ අවට පට්ට රස්නෙ හින්ද නිකමට අනුරාධපුර weather එක බැලුව.

    කොළඹ 29 C
    අනුරාධපුර 26 C

    ඒ මදිවට දවල් වෙද්දි 31 C ට විතර පොඩ්ඩක් රස්නෙ වැඩි උනාට humidity 45%.
    කොළඹ 75%+

    රස්නෙයි කටුකයි කියන අනුරාධපුර පොළොන්නරුව climate එක හොඳයි කොළඹට වඩා.
    එහෙ ගියාමත් ඕක තේරෙනව ඇඟට හරි සෞම්‍යයි පොඩ්ඩක් රස්නෙ ගතියක් තිබ්බට. කොළඹ වගේ පෝරණු ෆීලින් එක නෑ.
    උඹලගෙ අත්දැකීම් කොහොමද?
    ගස් තියෙන නිසා වෙන්න ඇති, මම ආසයි කුරුනෑගලට එහා දඹුල්ල වගේ පැති වලට, පොඩි එකාගෙ school තිබ්බෙ නැත්තන් ඔය පැත්තට ගිහින් remote වැඩේ කරන් ඉන්න තිබ්බා ෆුල් සැපට :yes: :yes: