හරි වචනෙ හොරු(මිනීමරුවො දූෂකයො වැරදි කාරයෝ) නෙවෙයි, විරුද්ධවාදියො. විරුද්ධවාදියො හොරු(මිනීමරුවො දූෂකයො වැරදි කාරයෝ) වෙන්නත් පුළුවන් හොරු(මිනීමරුවො දූෂකයො වැරදි කාරයෝ) නොවෙන්නත් පුළුවන්.
2015 මෛත්රීයි රනිලුයි ඇවිල්ලා යන්තම් අටවගත්තු ආණ්ඩුවෙන්, නම් ලියාගන්න තරම් බැරි ලොකු ගොඩක් විරුද්ධවාදියො නීතිය ඉදිරියට ගෙනල්ලා දඩුවම් දීල හිරේ දානකොට ලොකු ජනතා විරෝධයක් ආවා. රජය බය උනා. ඒ නිසාම ඒ නීතිය ක්රියාත්මක වීම අඩාල උනා. හැමෝම සති දෙකෙන් එලියෙ.
2019 නන්දසේනයා 2/3 ශක්තිමත් ආණ්ඩුවක් හදලත්, විරුද්ධවාදියො කොච්චර හිටියත් ඇතුලට ගත්තෙ රාජිතයි පාටලියි විතරයි. මේ විරුද්ධවාදියො දෙන්නට නීතිය ඉදිරියට ගෙනල්ලා දඩුවම් දීල හිරේ දානකොට ලොකු ජනතා විරෝධයක් ආවේ නැතත්, උන් ඇතුලෙ තිබ්බෙ සති දෙකක් වගේ.
මේ අවස්ථා දෙකේදිම ජනතා විරෝධයක් ඇතා හෝ නැතා. නීතිය ක්රියාත්මක වීම කෙටි කාලෙකෙට සීමා වෙන්නෙ, ඒ පවතින රජයේ නායකයොන්ගෙ හිතේ තියෙන බයයි අවිනිශ්චිතතාවය නිසයි. හැමෝම දන්නවා උන් හැමදාම බලයෙ ඉන්නෙ නැති බව. හැමෝම දන්නවා ජනතාව කවද හරි අනිත්පැත්තට බලය දෙන බව. ඒ බය නිසාම තමයි නීතිය ක්රියාත්මක කරවන්නෙ නැත්තෙ. උන්ට ඕනේ බය කරල තියාගන්න.
අනුරලත් දන්නවා මේ කතන්දරේ. ලන්කාවේ චන්ද නැති කරලා ප්රජාතන්ත්රවාදය නැති කරොත් විරුද්ධවාදියොන්ට කිසි බයක් නැතුව දඩුවම් දෙන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනව නම්, විරුද්ධවාදියොන්ට(මිනීමරුවො දූෂකයො වැරදි කාරයෝ) දඬුවම් නොදෙන්නෙ අපි නිසාම තමයි. අපිට තියෙන සර්වජන චන්ද බලය නිසා.