තනි මනුස්සයෙක් විදියට අරන් බැලුවොත් අනුර හොඳයි. සජිත්ට නාමල්ට වඩා උගත්කමක්, වැදගත් කමක්, විනයක් තියෙනවා. රටේ සාමාන්‍ය මිනිස්සු ගැන රනිල්ට වඩා හැඟීමක් තියෙනවා. හොරෙක් නෙවෙයි
කවුරුහරි අනුරට මැජික් බලයක් දීලා කිව්වොත් කැමති දෙයක් කරන්න කියලා මිනිහා ඒකෙන් රටට හොඳ දෙයකුත් කරයි.
හැබැයි දැන් ලාංකාවේ ජනාධිපති විදියට කවුරු ආවත් ඒ මිනිහාට තනියෙන් වැඩ කරන්න බෑ. රට හදන ෆැන්ටසි පැත්තකින් තියලා බලේ තියාගන්න එක අංක 1 කරගෙන වැඩ කරන්න වෙනවා. එකක් පාක්ෂිකයොන්ව සතුටින් තියන්න ඕනි, අනිත් එක තමන්ට උඩින් ඉන්න අයව සතුටින් තියන්න ඕනි. ඔය දෙක නොකර පැවැත්මක් නෑ.
අනුරට පාක්ෂිකයො තුන් වර්ගයක් ඉන්නවා.
එකක් die hard ජෙප්පො. මුන් තමයි original 3%. ඔතනින් බහුතරයක් අන්තගාමි, කඩකප්පල්කාරි මානසික ලෙඩ්ඩු ටිකක්. උන්ගෙ role model තමයි ලාල්කාන්ත
දෙවනි වර්ගෙ මාලිමාව කියලා rebrand කරගෙන පරණ හණමිටි අදහස් ටිකක් අතැරලා දේශපාලනයට ඇවිත් ඉන්න සෙට් එක. සාපේක්ෂව හොඳයි. පොහොට්ටුවෙ වියත්මග වගේ තමයි.
තුන්වෙනි වර්ගෙ තමයි ගෝඨාගෙ 69 ලක්ෂෙන් රැල්ලට ගහගෙන ගිය බොයිලර් ජෙප්පෝ / ජෙබයියෝ. ඔතනින් ටිකක් පාවෙන ඡන්ද කියලා හැමදාම මෝඩකමට රැවටෙන සෙට් එකක්. අනිත් ටික තමයි නියම අවස්ථාවාදි සෙට් එක. මුන් දැන් යන යන තැන මාලිමාව promote කරලා දිනපු ගමන් බලේයි සල්ලියි තියෙන තැන්වලට රිංගලා වැඩේ දෙනවා පුරුදු විදියටම. මුන්ට පක්ෂ ප්‍රතිපත්ති අදාලම නෑ, දිනන පැත්තට හෝයියා කියලා සෙට් වෙලා වැඩේ දෙනවා.
අනුරට control එක තියෙන්නෙ ඔතනින් දෙවනි වර්ගෙ විතරයි. දින්නොත් බලාගන්න පුලුවන් ඡන්දෙ දුන්න අන්ත් සෙට් එක්ක හොරකම දූෂණය නවත්තන හැටි
