අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    දැන් කාලේ තරම් ගැජමැටික්ස් නොතිබ්බ කාලේ අපිට සතුටින් සෙල්ලම් කරන්න තිබුණ එක එක අරුමෝසම් සෙල්ලම් බඩු අද තියෙන සංකීර්ණ දේවල් එක්ක බලද්දි නම් පට්ට සූපින් වගේ පේනවා. ඒත් ඒවායෙන් සෙල්ලම් කරලා ගත්තු සතුට රියැලිටි ෂෝ බලන පැංචෙක් ලබන සතුටට වඩා දාහෙන් සම්පතයි. අද වෙළඳපොළේ මේ සමහරක් දේවල් දකින්නත් නැති තරම්. බලන්න මතකද කියලා.



    බ්‍රික් ගේම්ස්​

    90s Popular Toys in SriLanka


    දැන් කාලේ පොඩ්ඩෝ ගේම් ගහන්නේ ස්මාට් ෆෝන් වලින්නේ. ඒත් ඒ දවස්වල අපේ ස්මාට් ගැජට් එක වුණේ මෙන්න මේක. එක එක පාටවලින් තිබුණා. ගේම් සීයක් වගෙත් තිබුණා. බ්‍රික් ගේම් කියලා කිව්වේ හැම ගේම් එකක්ම නිර්මාණය කරලා තිබුණ ඝනක ආකෘතිය නිසයි.



    සමබර කුරුල්ලා​

    90s Popular Toys in SriLanka


    මේකෙන් සෙල්ලම් කරන්න පටන් ගත්තට ඕවා මුල්ම කාලේ ගෙවල්වලට ආවේ සැරසිල්ලක් විදියට. කුරුලු ආකෘතියක් තියනවා. ඒ කුරුල්ලාගේ හොට මොකක් හරි පෘෂ්ඨයක තිබ්බම සමබරතාව තියාගෙන කුරුල්ලා පියාඹනවා වගේ දකින්න පුළුවන්. එක එක කුරුලු වර්ග ඒ දවස්වල හිටියා. ගෙවල්වල වීදුරු කැබිනට් අස්සේ ලස්සනට පේන්න තිබුණ කුරුල්ලෝ නම් හිටියේ ත්‍රිකෝණාකාර කුළුනකට හොට තියාගෙන.



    ඇටබෝල තුවක්කුව​

    90s Popular Toys in SriLanka


    සෙල්ලම් තුවක්කු සංස්කෘතියේ මුල් කාලේ පොඩ්ඩෝ අතර සෑහෙන ජනප්‍රිය වුණ ඇටබෝල තුවක්කුවල බුලට් එකකට අහු වුණා කියන්නේ මරණාසන්න අත්දැකීමක්. ලොකු පීඩනයකින් එළියට විසිවෙන හින්දා ඇඟක වැදුණම වෙඩි තිබ්බ එකාගේ දෙමාපිය නෑදෑ පිරිවරම මතක් වෙන තරමට රිදෙනවා. අහුවෙන ඕනි දෙයක් කටේ දාගන්න පුංචිම දරුවෝ එක්ක නම් මේ වැඩේ අමාරු වුණා.



    කැප් රෝල් පිස්තෝල​

    90s Popular Toys in SriLanka


    ඇට බෝල තුවක්කුව එන්න කලින් අපි අතර ෆේමස් වෙලා තිබ්බ භාණ්ඩෙ තමයි කැප් රෝල් හෙවත් කාටිස් පිස්තෝලෙ. මේකට වෙඩි බෙහෙත් පුරෝපු පුංචි බුබුලු සහිත රෝලක් එනවා පිස්තෝලෙට ඇතුළු කරන්න. වෙඩි තිබ්බම වෙඩි බෙහෙත් ගඳයි, වෙඩි සද්දෙයි එක්ක නියම ෆීල් එකක් තමයි එන්නෙ. රුපියල් විස්සට වගේ ලාබෙට මේ කැප් රෝල් පිස්තෝලයක් ගන්න පුළුවන්කම තිබ්බා. රුපියල් තිස් හතලිස් ගාණක් වෙද්දි නියම අශ්ව හිස සහිත මිටක් තිබ්බ ලස්සන පිස්තෝලෙකුත් තිබ්බා. තුවක්කුවට කැප් රෝල් වෙඩි බෙහෙත් ගන්න ළඟ කඩේට යන්න වුණ ඒ කාලෙ තමයි කාලෙ.



    ටීවී ගේම්​

    90s Popular Toys in SriLanka


    ටීවී ගේම් කියලා අපේ රටේ ප්‍රසිද්ධියට පත් වුණේ අටෝරාසියක් වෙච්චි ආකේඩ් ගේම් තමයි. එක එක මාදිලිවලින් මේවා ඇවිත් තිබුණා. සුපර් මාරියෝ එහෙම ජනප්‍රිය වුණේ නින්‍ටෙන්ඩෝ ආකේඩ් ගේම් පද්ධතියෙන්. අද වගේ ප්ලේ ස්ටේෂන් අරක මේක නැතත් කොන්සෝල් දෙකකින් පුංචි ගේමක් යාළුවෙක් එක්ක එකතු වෙලා ගහපු, සතුට පිරුණු මතකයක් තියනවා. සුපර් මාරියෝ, ටෑන්ක්ස්, ඩොන්කි කොන්ග්, කොන්ට්‍රා වගේ නානාප්‍රකාර ගේම් තිබුණා. හැබැයි කැසට් පීස් එකක් වගේ තිබුණ අයිටම්වල ගහලා තිබ්බා 9999 in 1 වගේ කෙබර.



    වළලු සෙල්ලම​

    90s Popular Toys in SriLanka


    අතේ බඳින වළලු නෙවේ වතුරේ ඉන්න කට්ට කෛරාටික කරදරකාරී වළලු. වෝටර් ගේම් කියලා හඳුන්වපු මේ සෙල්ලම් බඩුව අදටත් ඉඳලා හිටලා බොහොම කලාතුරකින් දැකගන්න පුළුවන්කම තියෙනවා. කරන්න තියෙන්නේ කොන්සෝල් එකක වගේ තියන බොත්තම් දෙකකින් වතුරේ තියන වළලු වතුරේම තියන කනු දෙකකට දාන එක. හෙන කට්ටක් කන්න ඕනි. ඉවසීමත් අම්බානෙකට තියෙන්න ඕනි.



    හමුදා අනුරූ​

    90s Popular Toys in SriLanka


    දැන් දැන් ලංකාවෙත් ලෙගෝ ජනප්‍රියයි නොවැ. ඒක එන්න කලින් සීන් එකේ හිටියේ මේ හමුදා සෙට් එකයි බිල්ඩින්ග් බ්ලොක්ස් කෑලියි. තුවක්කු අතේ තියන් ඉන්න, වෙඩිතියන, බඩගාන, දුවන ප්ලාස්ටික්වලින් හදපු පුංචි හමුදා නිලධාරීන් ටිකක් ඒ කාලේ හැම බබාටම වගේ තිබ්බා. මේ හමුදා නිලධාරීන්ට වාහන එහෙමත් තිබ්බා. පැකට් එකක් සම්පූර්ණයෙන්ම ගත්තම වාහන, බංකර්, කූඩාරම් එක්කම හමුදාවේ නඩය ලැබුණා.



    මැජික් බෝඩ්​

    90s Popular Toys in SriLanka


    මේකත් වෙන ම ආතල් එකක්. පුංචි එක්සර්සයිස් පොතක් තරමේ ප්ලාස්ටික්වලින් හැදුණ බෝඩ් එකක් තියනවා. ඒක දැන් ඉස්කෝලවල තියෙන වයිට් බෝඩ් එකක් වගේ එකක්. මේකත් එක්කම අමුතු පැන්සලක් දෙනවා. බෝඩ් එකේ ලියලා ඒකේ යට තියන ගැජට් එකක් පොඩ්ඩක් එහාට මෙහාට කරාම ලිව්ව දේ මැකෙනවා මොනා හරි ලිව්වද කියලා හිතාගන්න බැරිවෙන විදියට.


    යෝ යෝ
    90s Popular Toys in SriLanka


    90 ගණන් වල මුල් භාගෙ තමයි ලංකාවට යෝ යෝ පිස්සුව තදටම ඇතිවුණේ. කොකා කෝලා, ෆැන්ටා සහ ස්ප්‍රයිට් වලට හම්බවුණ ලස්සනම යෝ යෝ වර්ග දෙකක් තිබ්බා මතකයි ඒ කාලෙ. එක යෝ යෝ වර්ගයක් ඇතුළෙන් ලයිට් එහෙම පත්තුවෙන්න ගතියට හදල තිබ්බා. යෝ යෝ වලින් දාන්න පුළුවන් එක එක සෙල්ලම් වර්ගත් අපි ප්‍රැක්ටිස් කළා අම්බානට.



    පින්තූර ටීවී​

    90s Popular Toys in SriLanka


    මේ සෙල්ලම් බඩුව මතක නම් අනිවාර්යයෙන් ඔයා මේ වෙද්දි තිස් ගණන් වලවත් පොරක් වෙන්න ඕනෙ. මතකද මේ ටීවී එක? පිටි පස්සෙන් සිදුරක් තිබ්බ මේ ටීවී එකේ ඒ සිදුරට ඇහැක් තියලා බැලුවම ලස්සන සීනරීස් තියන පින්තූර පේනවා. උඩ හෝ යට තිබ්බ බොත්තමක් එබුවම ඒ පින්තූරෙ මාරු වෙලා තවත් ලස්සන පින්තූරයක් එනවා. අයිෆල් කුළුණ, ටාජ් මහල වගේ ලස්සන දර්ශන දහයක් විතර තිබ්බ මේ ටීවී ටෝයි එක අනූ මුල් ගණන් වල ළමයෙක් ගාව අනිවා තිබ්බ භාණ්ඩයක්.



    ඔයාලත් දන්න ඒ කාලේ ඉඳන් එන සෙල්ලම් බඩු ගැනත් කියන්න
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඊටත් කලින් උණ බට තුවක්කුව. කඩදාසි පල්ප් හරි කිරිල්ල ඇට හරි
    මාවල් පොතයි, කාර්ඩ් ටිකයි. එක පැකට් එකක් රුපියල් 5යි. කාර්ඩ් එකතු කරන එක.....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,392
    1
    101,278
    113
    34
    Kalutara
    e kale TV game module ekak thiyenawa kiyanne pora thamay panthiye dial eka..dawasaka ugen oka illa gannawa kiyanne muta siyaluma dewak denna wenawa
    කොල්ලෙක් ගාව ගේම් බෝයි එකක් තිබ්බා. ඌ මට ඒක දුන්න සතියකට දෙකකට තියාගන්න. MIB තමා ගේම් එක තිබ්බෙ ගහන්න. පට්ටයි ඉතින් ඒ කාලෙ.