අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

reddit

Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    Patta.. ara steam boat ekath daapan. Putu Putu gaala yanne pahana paththu kalaama. Adoo ewa dan nedda bn.


    Dhoom eke eka haduwada ubaa.. ❤❤❤
    ------ Post added on Sep 26, 2021 at 1:38 PM
    dhoom eka hadala ne mcn, e kale chords net eke nehene, casio podi keyboard ekak tibba, eken notations hadala liyala tamai haduwe.

    මට ෆෝන් එකක් නැති කාලෙ එකෙක්ගෙ ෆෝන් එකේ ඔහොම රින්ග්ටෝන් එකක් තිබිලා මට ඒකට ආස හිතිලා, ඒක කොලේක ලියං ඉඳලා ෆෝන් එකක් ගත්තට පස්සෙ ඒකෙ කොම්පෝසර් එකෙන් ආපහු ටයිප් කරගත්තා
    mulinma apu godak phone wala hadapuwa transfer karanna behe neda, punchi rata idan genapu mokakhari nokia model ekak tibba eken puluwan transfer karanna, dan method nam mathaka ne bn. :D
    ------ Post added on Sep 26, 2021 at 3:08 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    dhoom eka hadala ne mcn, e kale chords net eke nehene, casio podi keyboard ekak tibba, eken notations hadala liyala tamai haduwe.


    mulinma apu godak phone wala hadapuwa transfer karanna behe neda, punchi rata idan genapu mokakhari nokia model ekak tibba eken puluwan transfer karanna, dan method nam mathaka ne bn. :D
    ------ Post added on Sep 26, 2021 at 3:08 PM
    පස්සෙ ආපු ෆෝන් වල SMS එකක් විදියට යවන්න පුලුවන්
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    602
    93
    කැටපෝලේ,
    කාටිස් තුවක්කුව,
    උණබට කිරිල්ල තුවක්කුව (දුමක් වගෙත් යනව බොලව්)
    මහත රබර්බෑන්ඩ් කඩදාසි බුලට්,
    Super hero පොත්,
    ඩෙස්ක් එක උඩ තියන් fight කරන modify කරපු (ඇණ බස්සල) පෑන්,
    Season කරපු ටෙනිස් බෝල (සම්බෝල කැඩිල්ලට කදිමයි)
    සර්කස් මිනිහා
    තට්ට බෝනික්කා
    චීන ලාබ die cast model වාහන (detail හරිම අඩු licensed product නෙමේ)
    බැටරි දාලා නූලකින් වහලේ එල්ලුවම වටේ කැරකෙන Jet
    ආමි / කවුබෝයි සෙට් (figures)
    රබර් හරි ප්ලාස්ටික් හරි රෝද 4ක් තිබුණොත් චැසි බොඩි ගහල හදන වාහන (කාඩ්බෝඩ් / ලී වලින්)

    හම්ම‌ෝ ඉතින්! :rolleyes:
     
    1632651161514.png
     

    Hackstor

    Junior member
  • Sep 17, 2021
    33
    78
    18
    ඒ අතීතයට ආයේ යන්න තිබ්බ නම් කියලා හිතෙනවා මචංලා. ඔවා ඉල්ලලා දෙමවුපියන්ට කරදර කරපු හැටි. ඒකට දැන් උන් ඉලලන්නේ කෙලින්ම 50000 වැඩි ඒවා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මහත රබර්බෑන්ඩ් කඩදාසි බුලට්,


    හම්ම‌ෝ ඉතින්! :rolleyes:
    මේකෙන් නම් සෑහෙන්න වැඩ අරන් තියෙනවා... ආයේ ඇට්ලස් පෑන් බටේට මුන් ඇට දාලා විදිනවා.

    තව කඩදාසියක් ත්‍රිකෝනේ හැඩේට නවලා ඇගිල්ලෙන් ගහන සෙල්ලමක් මතකයි නම නම් මතක නෑ.... :love2: :love2:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ටිවී ගේම්ස්
    බ්‍රික් ගේම්ස්
    සරුංගල්
    ඉටි පන්දම් බෝට්ටු
    කුරුම්බැට්ටි මැශිම
    පත්තර කොළ කාක්කො
    ටීක් බෝල
    කාර්ඩ් සෙල්ලම්
    සෙගා ගේම්ස්
    මිනික්ලිප් ගේම්ස්
    නොකියා නයා ගේම්

    famous games
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මේ තුන නම් කවදාවත් අමතක වෙන්නේ නැ



    බ්‍රික් ගේම්ස්​

    90s Popular Toys in SriLanka


    දැන් කාලේ පොඩ්ඩෝ ගේම් ගහන්නේ ස්මාට් ෆෝන් වලින්නේ. ඒත් ඒ දවස්වල අපේ ස්මාට් ගැජට් එක වුණේ මෙන්න මේක. එක එක පාටවලින් තිබුණා. ගේම් සීයක් වගෙත් තිබුණා. බ්‍රික් ගේම් කියලා කිව්වේ හැම ගේම් එකක්ම නිර්මාණය කරලා තිබුණ ඝනක ආකෘතිය නිසයි.




    ඇටබෝල තුවක්කුව​

    90s Popular Toys in SriLanka


    සෙල්ලම් තුවක්කු සංස්කෘතියේ මුල් කාලේ පොඩ්ඩෝ අතර සෑහෙන ජනප්‍රිය වුණ ඇටබෝල තුවක්කුවල බුලට් එකකට අහු වුණා කියන්නේ මරණාසන්න අත්දැකීමක්. ලොකු පීඩනයකින් එළියට විසිවෙන හින්දා ඇඟක වැදුණම වෙඩි තිබ්බ එකාගේ දෙමාපිය නෑදෑ පිරිවරම මතක් වෙන තරමට රිදෙනවා. අහුවෙන ඕනි දෙයක් කටේ දාගන්න පුංචිම දරුවෝ එක්ක නම් මේ වැඩේ අමාරු වුණා.



    කැප් රෝල් පිස්තෝල​

    90s Popular Toys in SriLanka


    ඇට බෝල තුවක්කුව එන්න කලින් අපි අතර ෆේමස් වෙලා තිබ්බ භාණ්ඩෙ තමයි කැප් රෝල් හෙවත් කාටිස් පිස්තෝලෙ. මේකට වෙඩි බෙහෙත් පුරෝපු පුංචි බුබුලු සහිත රෝලක් එනවා පිස්තෝලෙට ඇතුළු කරන්න. වෙඩි තිබ්බම වෙඩි බෙහෙත් ගඳයි, වෙඩි සද්දෙයි එක්ක නියම ෆීල් එකක් තමයි එන්නෙ. රුපියල් විස්සට වගේ ලාබෙට මේ කැප් රෝල් පිස්තෝලයක් ගන්න පුළුවන්කම තිබ්බා. රුපියල් තිස් හතලිස් ගාණක් වෙද්දි නියම අශ්ව හිස සහිත මිටක් තිබ්බ ලස්සන පිස්තෝලෙකුත් තිබ්බා. තුවක්කුවට කැප් රෝල් වෙඩි බෙහෙත් ගන්න ළඟ කඩේට යන්න වුණ ඒ කාලෙ තමයි කාලෙ.



    මේ තුන නම් කවදාවත් අමතක වෙන්නේ නැ.අනිත් පිස්සුව තමයි රෙස්ලින් ඩේ කාර්ඩ්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,838
    113
    Gampaha
    රබර් පටියෙන් විදින කඩදාසි රොකට්

    ලන්ච් ශීට් පැරිශුට්

    අහස්කූර ගැටගහල බිම දිගේ යවන සෙල්ලං කාර්

    චීන පටස්

    පොළවෙ ගහල පුපුරවන ගෑස් ලයිටර්

    පෑන් තුඩට ගිණිකූරෙ වෙඩිබේත් පුරවල හදන බුලට්

    රබර්පටියෙන් විදින වයර් බුලට්, කඩදාසි බුලට්, ගල් සියඹල ඇට

    නූලෙ ගැටගහල යවන බත් කූරො, තුත්තිරි රා පොවල වලියට දාන කඩි දිමි ෆයිට්. (පවුකාර වැඩ)