මෙතන මගෙත් වැරදි තියෙනවා බං. දේශපාලනේ නිසා මරාගෙන තේරුමක් නැහැ. ඒත් එකට ඉඳලා බෙල්ල කපන්න හදද්දි නම් රිදෙනවා බං සෑහෙන්න. මේකේ සමහරු දන්නවා බං මූ ගැන අහලා මට පී එම් දාපු උන්ට මම දීපු රිප්ලයි. ඒ හැම එකාටම කිව්වේ ගයාන් ෆේක් වලින් එන එකෙක් නෙමෙයි, දේශපාලනේ ඇරුනම පුද්ගලයෙක් හැටියට හොඳ එකෙක් කියලා. ඒක මම හැමෝටම කිව්වා පෙරේදා වෙනකන්ම බං. දිල්වාලේ කියන එකා දාන ත්රෙඩ් බලපන්. ඒවලට හුරේ දාලා මේවලට ෆේක් ෆේක් ගාගෙන එද්දි, එකෙක් අරින්න බලාගෙන එද්දි සද්ද නැතුව ඉඳලා සෙට් වෙලා ගේමට එද්දි කළකිරෙන්නේ නැද්ද බං? උඹලට මේ ත්රෙඩ් එක නිසා කරදරයක් හිරිහැරයක් උනා නම් සමාවෙයන් මචං. මේකේ ගොඩක් උන් බලපන් රන්ල්ට පොනිල් කියලා කතා කරන්නේ. මිනිහෙක්ට කතා කරන්න දන්නේ නැටි උන් ඉන්නේ බං ගොඩක්ම. චන්ද්රිකාට වේ#. අපි මහින්දට මොකක් හරි කිව්වම එහෙම උන්ටම තමයි තද වෙන්නේ. මිනිහෙක් තව මිනිහෙක්ට ගරුකරන්න ඉගෙන ගන්නකන් ඒ මිනිහට ගරුත්වයක් ලබා ගන්න බෑ මචං. රනිල් උනත් නායකයෙක්. ඔන්න ඕක තමයි දැන් කිරියේ තත්වේ.
හපෝ එහෙම කරදරයක් නෑ බන්..
ගයාන්/උඹ අතර හිතවත්කම කොහොම ගියාද කියන්න උඹලා මනේ දන්නේ. මන් ගයාන් ගැන කිවුවේ මගෙත් එක්ක තිබ්බ හිතවත් කම අනුව.
මන් උඹ කියන එක බැහැර කරන්නේ නෑ. පොරගේ උඹ ඔය කියන අඩුපාඩු මම පහුගිය කාලේ reply වල දැක්කා නේ.
රනිල් ට පොනිල් කියන එවුන්ට මහින්දට මැදමුලනේ පොන්නයා කිවුවම ඩේඟා නටනවා.

ඒක ඉතින් හැටි බන් ඒක උඹට නවත්තන්න බෑ. විශේෂයෙන්ම මහින්දට කඩේ යන එවුන්ගේ.
දිල්වාලේ කියන්නේ බන් කිසි තාර්කික බුද්ධියක් නැති හරකෙක් නේ. ඌ කියන ඒවා මේකේ කවුද බන් ගණන් ගන්නේ? අඩුගානේ මහින්දට චන්දෙ දුන්නු එවුන්වත් reply කරනවා ද නෑ නේ? කඩේ යන 2-3ක් විතරයි.
උන් එක්ක කියවගන්න ගිහින් කේන්ති ගියාට පස්සේ දාන පොස්ට් වලින් අන්තිමට උඹ වැටෙන්නෙත් උන්ගේ උන්ගේ level එකටමනේ?
දැන් මම දැක්කා loriyak,gasa84 , උඹ හැමෝම පහුගිය කාලේ කරුණු එක්ක, හොඳ තර්ක එක්ක සංවාද කරනවා එළකිරියේ දේශපාලනය ගැන හොඳ දැනුමක් තියන මිනිස්සු එක්ක.
දැන් බලපන් උඹලා මේ ඊයේ පෙරේදා ඉඳලා දාන threads වල හැටි? දිල්වාලේ, toiya දාන ඒවාට වඩා ලොකු වෙනසක් තියනවා ද?
දැන් බලපන්, එළකිරියේ හොඳ දේශපන්ලනික දැනුමක් තියන, reputed members ලා කීයෙන් කීයද ඒවාට ඇවිල්ලා කතා කරලා තියෙන්නේ? (මං එහෙම එකෙක් වුනේ නෑ කවදාවත්. මන් ගැන නෙවේ මේ කියන්නේ අනිත් එවුන්)
කෝ අර චන්දෙට කලින් හිටපු කතා කල මිනිස්සු?
සමහර විට බලපු ගමන් 2 page එකට යන්නෙත් නෑ යනවා යන්න.
දැන් මේ thread එකත් උඹ දැමිය යුතු එකක් නෙවේ නේ?
දැන් උඹලගෙයි උන්ගෙයි වෙනස?
මට වුනත් ඇවිල්ලා කියවන්න හිතෙන්නේ නෑ බන් මෙහෙම එකක.
අනිත් එවුන්ටත් එහෙම ඇති.
ආතල් එකක් ගන්නවා නම් oky ආතල් ගනින්. ආතල් ගන්නවා නම් සිරා වලි දාගන්න එපා

තර්ක කරනවා නම් අදාළ මිනිස්සු එක්ක කරපන්. උන්ගේ මට්ටමට වැටෙන්න එපා.
