අනේ අපේ ක්‍රිකට්!
මට මේක ලියන්න හිතුනේ මම පුරාජේරු කියෝලා අපේ අය පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකානුවන් විසින් ඉණිමකින්ම පරාද කරපු නිසා. (ඒ ලිපිය බලන්න).
ඒ 1996 කාලේ අපේ කණ්ඩායම ඉහලින්ම වැජඹුන කාලේ බලන බලන ක්‍රිකට් තරගයේ විචාරකයෝ ඒ ඒ රටවල ක්‍රීඩකයන්ව අපේ අයට සංසන්දනය කරන්න උත්සාහා කරනවා. ක්‍රීඩා කරන තරඟ 75%ක් පමණ ලංකාව ජයග්‍රහණය කරවා ඒ දවස් වල. අර්ජුන, අරවින්ද, ජයසූරිය, මහේල, සංගක්කාර වෙනවකම්ම මේ ප්‍රතිශතය ආසන්නව අඩු වැඩි වෙවී අප ලෝක කුසලාන අවසානය තරග කරා එනවා. 1999 ඇර.
2011 දී අනුශූරයන් වෙන ශ්‍රී ලංකාවේ පිලට මාස ගාණක පෙබරවාරි සිට ක්‍රමයෙන් වැටුප් අහිමි වෙනවා. මාසයෙන් මාසය. 2011 ලෝක ශූරතා තරගාවලියක් සමව හෙබවූ ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සතයක් වත් ඉතුරු කරගන්නට සමත් වෙන්නේ නෑ.
යෝජිත හම්බන්තොට හා මහනුවර ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකිරීමට එක් ක්‍රීඩාංගනයක් සඳහා ඇස්තමේන්තුගත මුදල වූයේ රුපියල් කෝටි 120කි නමුත් අවසානයේ නිසි ප්‍රමිතියකින් තොරව නිම කල නිසා මාසයක් වැනි සුලුකාලයකදී නිම කිරීමට සිදුවූ අතර ඒ සඳහා එක් ක්‍රීඩාංගනයක් සඳහා නැවත සකස් කිරීමේ මුදල මුල් මුදල මෙන් දෙගුණයක් හෝ ආසන්න මුදලක් වැය වූ බව සදහන් විය.
ඉදිකල මුලු ක්‍රීඩාංගන 3ටම එසේ වු බවද වාර්තාවිය.
ඉන්දියාව ප්රමුඛව ලංකාවේ හා බංගලාදේශය සහයෝගයෙන් ලෝක කුසලාන ක්‍රකට් මංගල්‍ය ඇරඹින. අපේ ක්‍රීඩකයන්ද එකිනෙක රටවල් පරදවමින් අවසානයේ ඉන්දියාවේ තිබෙන අවසන් තරගයට සුදුසුකම් ලබා එයින් අනුශූරයන් ලෙස කිරුල ලබාගත්තේය..
ශ්‍රී ලංකාවේ පැවති තරගවල ප්‍රවේශපත්‍ර එකක් රුපියල් 50 මිල කෙරුණු ඒවා පාලක මණ්ඩලයේ පස්ස දොරෙන් පිටවී එකක් රුපියල් 1500 ගණනේ, පාලක මණ්ඩලයට නිකුත් කල හැකි ව තිබූ ටිකට් වලින් 70%ක්ම විකිණුන බවත් එසේ කල සමහරුන් ද මාධ්‍ය මගින් අනාවරණය කලේය.
ඔක්තොබර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ පකිස්තාන් සංචාරයේ අමිහිරි අත්දැකීම් සමග ප්‍රවීන ක්‍රකට් ලේඛක ටිම් මේ අනාවරණය කර සිටියේ ශ්‍රී ලංකාපිලේ ක්‍රීඩකයන්ට පෙබරවාරි මාසයේ සිට වැටුප් ගෙවා නොමැති බවකි. එතුවක් ශ්‍රී ලංකා මාධ්‍යයටද කිසිදු හෝඩුවාවක් නොතිබු එය අනාවරණය කිරීමත් සමගම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයද මේ වැටුප් ප්‍රශ්නයට මැදහත් විය.
අර්බුදයෙන් ගොඩ ඒමට රජය මහා භාන්ඩාගරයෙන් රුපියල් කෝටි 100 ලබා දීමට සූදානම් බව කඩින් කඩ විවිධ මාධ්‍ය වාර්තා කලද එය එසේ නොවීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වල සිදුවූ අක්‍රමිකතා යටපත් කිරීමටත් මේ වනතුරු රහස් පොලිසිට හෝ කිසිම පොලීසිටකට මෙහි වරද කරුවන් හෝ සාක්ෂි සොයා ගැනීමට නොහැකි වීමත් පුදුමයට කරුණකි... අවාසනාවන්ත තත්වයකි.
දැන් අර්බුදය හමුවේ අපේ ක්‍රීඩකයෝ මානසිකව ඇද වැටී ඇති බවට අපටද ජාත්‍යන්තරයටද නොරහසකි. එවන් වාතාවරණයක් හමුවේ දකුණු අප්‍රිකාවේ කෙප්ලර් වෙසලස් වැනි හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයන්ද ඔවුන්ගේ දෙවන පෙළක් අප සමග තරග කිරීමට හොදටම සෑහේ යැයි ප්‍රසිද්ධියේ පවසා අප ක්‍රීඩකයන්ගේ මානසික තත්වය තවත් පහතට ඇද දැමීමට ක්‍රියා කරමින් සිටී.
තවත් අතකට දැන් අපේ ජාතික කණ්ඩායම මානසිකව ඇද වැටිය හැකි පහත්ම තත්වයට ඇති බව අපට සිතිය හැක. නායක ඩිල්ශාන් ගේ පටන් ජේෂ්ඨ ක්‍රීඩනයන් ක්‍රීඩා කරන විලාසයත් එයින් ඔවුන්ගේ මානසික තත්වයත් අපට මැනගත හැකිවේ.
ජේෂ්ඨ ක්රීඩනයන්හට අනුග්රාහකයන් සිටින බැවින් තරගාවලි වලදී ඔවුන්ගේ වියදම් ගැන පෟද්ගලික මට්ටමින් යම් සහනයක් ලැබෙතැයි අනුමාන කල හැක.
ඒක් අලුතෙන් කණ්ඩායමට කැදවීම් ලැබෙන එකදු ක්රීඩකයෙකටවත් ඒ දීමනා හෝ වරප්‍රසාද නොලැබේ. එබැවින් ඔවුන් ඉතා දුෂ්කර තාවයන් මැද පුහුණුවීම් හා තරග වලට මුහුණදීමට සිදුවනු ඇත.
මෙම අර්බුදයට මැදිහත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් දීමනා ගෙවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැන් එකගත්වය පල කර ඇත. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මේ තත්වය භයානක ලෙස අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරෙහි බලපානු ඇත. මේ මානසික මට්ටම තව බොහෝ කාලයකට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හිස එසැවීමට නොදෙනු ඇත...
එහෙත් එක් ආශ්චර්යයක් අපට ඉතුරිව ඇත. එනම් 1996 ලෝක කුසලානය දිනු අරජුන රණතුංග ප්රමුඛ අරවින්ද, ජයසූරිය, කලුවිතාරණ, මහානාම, ගුරුසිංහ, හෂාන්, ධර්මසේන, චමින්ද වාස්, වික්‍රමසිංහ, මුරලි, පුෂ්පකුමාර, ඒ ජයග්‍රාහී කණ්ඩායම එලෙසින්ම අප වර්තමාන ක්‍රිකට් කණ්ඩාමයත් මේ දකුණු අප්‍රකානු තරගාවලියට එක්වී අප වර්තමාන ක්‍රිකට් පිලට දැනමුතුකම් හා අත්දැකීම් බෙදාහදා ගැනීමෙනි. වාද භේද දුරැලලා එසේ කිරීමට හැකිවූවොත් ක්ෂණික ප්‍රතිඵලයක් ගැනීමට මේ අර්බුදය විසදෙන අවස්ථාවේ අපට හැකි වනු නොඅනුමානයි...
එක් තාරගාවලියක් සඳහා මෙය අත්හදා බැලීමට අනුග්රාහකයකු මෙරටින් හෝ පිටරටකින් සොයාගැනීම අපහසු නොවනු නොඅනුමානය.
Source:-Click Here
මට මේක ලියන්න හිතුනේ මම පුරාජේරු කියෝලා අපේ අය පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකානුවන් විසින් ඉණිමකින්ම පරාද කරපු නිසා. (ඒ ලිපිය බලන්න).
2011 දී අනුශූරයන් වෙන ශ්‍රී ලංකාවේ පිලට මාස ගාණක පෙබරවාරි සිට ක්‍රමයෙන් වැටුප් අහිමි වෙනවා. මාසයෙන් මාසය. 2011 ලෝක ශූරතා තරගාවලියක් සමව හෙබවූ ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සතයක් වත් ඉතුරු කරගන්නට සමත් වෙන්නේ නෑ.
යෝජිත හම්බන්තොට හා මහනුවර ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකිරීමට එක් ක්‍රීඩාංගනයක් සඳහා ඇස්තමේන්තුගත මුදල වූයේ රුපියල් කෝටි 120කි නමුත් අවසානයේ නිසි ප්‍රමිතියකින් තොරව නිම කල නිසා මාසයක් වැනි සුලුකාලයකදී නිම කිරීමට සිදුවූ අතර ඒ සඳහා එක් ක්‍රීඩාංගනයක් සඳහා නැවත සකස් කිරීමේ මුදල මුල් මුදල මෙන් දෙගුණයක් හෝ ආසන්න මුදලක් වැය වූ බව සදහන් විය.
ඉදිකල මුලු ක්‍රීඩාංගන 3ටම එසේ වු බවද වාර්තාවිය.
ඉන්දියාව ප්රමුඛව ලංකාවේ හා බංගලාදේශය සහයෝගයෙන් ලෝක කුසලාන ක්‍රකට් මංගල්‍ය ඇරඹින. අපේ ක්‍රීඩකයන්ද එකිනෙක රටවල් පරදවමින් අවසානයේ ඉන්දියාවේ තිබෙන අවසන් තරගයට සුදුසුකම් ලබා එයින් අනුශූරයන් ලෙස කිරුල ලබාගත්තේය..
ශ්‍රී ලංකාවේ පැවති තරගවල ප්‍රවේශපත්‍ර එකක් රුපියල් 50 මිල කෙරුණු ඒවා පාලක මණ්ඩලයේ පස්ස දොරෙන් පිටවී එකක් රුපියල් 1500 ගණනේ, පාලක මණ්ඩලයට නිකුත් කල හැකි ව තිබූ ටිකට් වලින් 70%ක්ම විකිණුන බවත් එසේ කල සමහරුන් ද මාධ්‍ය මගින් අනාවරණය කලේය.
ඒ මේ මගඩි අස්සේ අවසන් වූ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අක්‍රමිකතා සෙවීමට විගණාකාධිපති මණ්ඩලය මැදහත් වූ බවත් වාර්තා විය. පරීක්ෂණ අතර තුර පාලක මණ්ඩලයේ ගිණුම් දත්ත තිබූ පරිඝනකයේ ද්‍රඪ තැටිය (hard disk)ය අතුරුදහන් විය. එතැනින් එහාට පරීක්ෂක කටයුතු ගැනවත් කිසිදු තොරතුරක් නොවීය.
ඔක්තොබර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ පකිස්තාන් සංචාරයේ අමිහිරි අත්දැකීම් සමග ප්‍රවීන ක්‍රකට් ලේඛක ටිම් මේ අනාවරණය කර සිටියේ ශ්‍රී ලංකාපිලේ ක්‍රීඩකයන්ට පෙබරවාරි මාසයේ සිට වැටුප් ගෙවා නොමැති බවකි. එතුවක් ශ්‍රී ලංකා මාධ්‍යයටද කිසිදු හෝඩුවාවක් නොතිබු එය අනාවරණය කිරීමත් සමගම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයද මේ වැටුප් ප්‍රශ්නයට මැදහත් විය.
අර්බුදයෙන් ගොඩ ඒමට රජය මහා භාන්ඩාගරයෙන් රුපියල් කෝටි 100 ලබා දීමට සූදානම් බව කඩින් කඩ විවිධ මාධ්‍ය වාර්තා කලද එය එසේ නොවීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වල සිදුවූ අක්‍රමිකතා යටපත් කිරීමටත් මේ වනතුරු රහස් පොලිසිට හෝ කිසිම පොලීසිටකට මෙහි වරද කරුවන් හෝ සාක්ෂි සොයා ගැනීමට නොහැකි වීමත් පුදුමයට කරුණකි... අවාසනාවන්ත තත්වයකි.
දැන් අර්බුදය හමුවේ අපේ ක්‍රීඩකයෝ මානසිකව ඇද වැටී ඇති බවට අපටද ජාත්‍යන්තරයටද නොරහසකි. එවන් වාතාවරණයක් හමුවේ දකුණු අප්‍රිකාවේ කෙප්ලර් වෙසලස් වැනි හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයන්ද ඔවුන්ගේ දෙවන පෙළක් අප සමග තරග කිරීමට හොදටම සෑහේ යැයි ප්‍රසිද්ධියේ පවසා අප ක්‍රීඩකයන්ගේ මානසික තත්වය තවත් පහතට ඇද දැමීමට ක්‍රියා කරමින් සිටී.
තවත් අතකට දැන් අපේ ජාතික කණ්ඩායම මානසිකව ඇද වැටිය හැකි පහත්ම තත්වයට ඇති බව අපට සිතිය හැක. නායක ඩිල්ශාන් ගේ පටන් ජේෂ්ඨ ක්‍රීඩනයන් ක්‍රීඩා කරන විලාසයත් එයින් ඔවුන්ගේ මානසික තත්වයත් අපට මැනගත හැකිවේ.
ජේෂ්ඨ ක්රීඩනයන්හට අනුග්රාහකයන් සිටින බැවින් තරගාවලි වලදී ඔවුන්ගේ වියදම් ගැන පෟද්ගලික මට්ටමින් යම් සහනයක් ලැබෙතැයි අනුමාන කල හැක.
ඒක් අලුතෙන් කණ්ඩායමට කැදවීම් ලැබෙන එකදු ක්රීඩකයෙකටවත් ඒ දීමනා හෝ වරප්‍රසාද නොලැබේ. එබැවින් ඔවුන් ඉතා දුෂ්කර තාවයන් මැද පුහුණුවීම් හා තරග වලට මුහුණදීමට සිදුවනු ඇත.
මෙම අර්බුදයට මැදිහත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් දීමනා ගෙවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැන් එකගත්වය පල කර ඇත. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මේ තත්වය භයානක ලෙස අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරෙහි බලපානු ඇත. මේ මානසික මට්ටම තව බොහෝ කාලයකට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හිස එසැවීමට නොදෙනු ඇත...
එහෙත් එක් ආශ්චර්යයක් අපට ඉතුරිව ඇත. එනම් 1996 ලෝක කුසලානය දිනු අරජුන රණතුංග ප්රමුඛ අරවින්ද, ජයසූරිය, කලුවිතාරණ, මහානාම, ගුරුසිංහ, හෂාන්, ධර්මසේන, චමින්ද වාස්, වික්‍රමසිංහ, මුරලි, පුෂ්පකුමාර, ඒ ජයග්‍රාහී කණ්ඩායම එලෙසින්ම අප වර්තමාන ක්‍රිකට් කණ්ඩාමයත් මේ දකුණු අප්‍රකානු තරගාවලියට එක්වී අප වර්තමාන ක්‍රිකට් පිලට දැනමුතුකම් හා අත්දැකීම් බෙදාහදා ගැනීමෙනි. වාද භේද දුරැලලා එසේ කිරීමට හැකිවූවොත් ක්ෂණික ප්‍රතිඵලයක් ගැනීමට මේ අර්බුදය විසදෙන අවස්ථාවේ අපට හැකි වනු නොඅනුමානයි...
එක් තාරගාවලියක් සඳහා මෙය අත්හදා බැලීමට අනුග්රාහකයකු මෙරටින් හෝ පිටරටකින් සොයාගැනීම අපහසු නොවනු නොඅනුමානය.
Source:-Click Here
ape cricket wala awasanayada manda ban. dukai. lankawe kridawata kiyala beluwth echcharai.