අනේ උදව් කරන්නකො

Nuwan_Sameera

Member
Mar 4, 2014
34
0
0
අනේ උදව් කරන්නකො

ඔයාලා කාටහරි මට උපදෙසක් දෙන්න පුළුවන් නම් ගොඩක් පින් සිද්ධ වෙනවා.. මං හුඟක් අසරණ වෙලා ඉන්නෙ.. මේකයි මගේ කතාව..

මම හුඟක් සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය පවුලක කොල්ලෙක්. මම රැකියාව කරන ආයතනයට මීට මාස තුනකට විතර කලින් අලුතින් ගෑනු ළමයෙක් ආවා. එයා මට වඩා ටිකක් උසස් පෝස්ට් එකක් කරන්නෙ. ඒ ගෑණු ළමයා මට වඩා අවුරුද්දක් වැඩිමල්. මුලින් මුලින් මම එයාට අක්කෙ කියලා කිව්වෙ. එයත් මට මල්ලි කියලා කතා කලේ. දවසක් එයාගෙ ෆෝන් එකේ ඉන්ටර්නෙට් හදලා දෙන්න කියලා මට කිව්වා. ඉතිං මං හදලා දුන්නා. මං ඔය අතරෙදි ඇහුවා අක්කා ෆේස්බුක් ඉන්නවද කියලා. එයා ඔව් කිව්වා. එයත් මගෙන් ඇහුවා මල්ලිත් ඉන්නවද කියලා. මමත් ඔව් කියලා එයාගෙ ෆෝන් එකෙන්ම මට රික්වෙස්ට් එකක් දාගත්තා.

ඉතිං අපි එදා ඉඳන් රෑට රෑට මූණු පොතෙන් චැට් කරන්න ගත්තා. අපි එන්න එන්නම ළං වුණා. ඇත්තම කිව්වොත් මට එයා නැතුව ඉන්න බැරි වුණා. අර අක්කා, මල්ලි කතාව නැත්තටම නැතිවෙලා ගියා. මම එයාට අක්කා කිව්වෙත් නෑ. එයා මට මල්ලි කියලා කතා කලෙත් නෑ.

පස්සෙ මං එයාගෙන් ෆෝන් නම්බර් එකත් ඉල්ලගත්තා. ඒත් මං එයාට මැසේජ් එකක්වත්, කෝල් එකක්වත් දුන්නෙ නැහැ. මට බයක් දැනිච්ච නිසා.

අපි ආදරය ගැන තමා වැඩියෙන් කතා කලේ. ඒ අක්කට ඇත්තම කිව්වොත් පිරිමි පාර්ශවය ගැන ලොකු කලකිරීමකින් ඉන්නෙ. මීට කලින් එයාට පෙම් සබඳතා දෙකක් තිබිලා තියෙනවා. ඒත් ඒ දෙකම දැන් නැහැ. යම් යම් ප්‍රශ්න නිසා ඒ දෙකම එයාට නැතිවෙලා ගිහින්. මං ගැන කිව්වොත් පාසල් යන කාලෙදි මටත් පෙම්වතියක් හිටියා. ඒත් පහු කාලෙකදි මගේ දුප්පත්කම නිසා එයා මාව දාලා ගියා. එතනින් එහා මම ආදරය ගැන හිතුවෙ නැහැ. ඒකට හේතුව වුනේ මගේ දුප්පත්කම තමා. ආදරයයි මුදලුයි අතරෙ ලොකු පරතරයක් තියෙනවා කියලා කවුරු කොහොම කිව්වත් මුදල් නැති තැන ආදරයකුත් නැහැ. අහල ඇතිනේ කතාවක් අඟහිඟකම් ආපු දවසට ආදරය පෑල දොරින් පලා යනවා කියලා. ඒ කතාව මං හුඟක් විශ්වාස කලා.

දැන් මේ අක්කට ගෙදරින් යෝජිත විවාහයක් ගෙනත්ලු තියෙන්නෙ. ඒත් එයා ඒ කොල්ලට වැඩි කැමැත්තක් නෑ වගේ. එයා ගැන ඇහුවත් කලකිරීමෙන් වගේතමා කතා කරන්නෙ. එයා මේ අක්කට හිටපු ගමන් කෝල් කරනවලු. ඒත් වැඩි දෙයක් කතා කරන්නෙ නෑලු. කෑවද, බිව්වද, කොහොමද වගේ පුංචි පුංචි දේවල් තමාලු කතා කරන්නෙ. දවසක් දෙකක් වගේ එයත් එක්ක ඇවිදින්න ගිහින් තියෙනවලු.. එච්චරම තමා.. මං ඇහුවා ඉතිං ඔයා අකමැති කෙනෙක් එක්ක විවාහ වෙන්න හදන්නෙ ඇයි කියලා. එයා කියන්නෙ දැන් එන දේකට මූණ දෙනවා කියලා. මං හිතන්නෙ ඒකට විශේෂ හේතුව වෙන්න ඇත්තෙ අර කලින් තිබුණ පෙම්සබඳතා දෙක. එයා ඒකෙන් කොල්ලො ගැන හුඟක් කලකිරිලා වගෙයි ඉන්නෙ.

කොහොම හරි එන්න එන්නම මට එයාව නැතිව බැරි වුණා. මට හිතෙන විදියට එයාටත් එහෙමම වෙන්න ඇති. මොකද එයා මාත් එක්ක මූනු පොතේ චැට් කරන විලාසයෙන් මට ඒක හැඟුනා. අපි වැඩියක්ම කතා කලේ ආදරය ගැන. මං නිතරම උත්සාහ කලේ එයාට ලංවෙන්න තමා. ඇත්තම කිව්වොත් මං එයාට ආදරය කරනවා. මං කියන දේවල් වලින් එයාට හැඟෙන්න ඇති ඒක. නිසදැස් පවා මං යවනවා එයාට. මගේ ආදරය එයාට හැඟෙන විදියට.

පස්සෙ මං එයාගෙන් ෆෝන් නම්බර් එකත් ඉල්ලගත්තා. ඒත් මං එයාට මැසේජ් එකක්වත්, කෝල් එකක්වත් දුන්නෙ නෑ. මට පුංචි බයක් වගේ දැනුණ නිසා. ගහෙන් ගෙඩි එන්න වගේ එයාට ලංවෙන්න බැහැනේ.

හැබැයි ඉතිං අපි ඊයෙ (2) මූනු පොතේ චැට් කරන්න ගත්තා රෑ අටේ විතර ඉඳන් පාන්දර හතර විතර වෙනකන්. වෙලාව ගියා දැනුනෙම නෑ. ඒ වෙලාවෙදි මට හොඳින්ම තේරුම් ගියා එයා මට ආදරේ කරනවා කියලා. එයා කියන දේවල් වලින්. එයාට මාව නොදැක ඉන්න බැරිලු. මටත් එහෙමයි. මට ඊයෙ ඕන නම් එයාට ආදරේ ප්‍රකාශ කරන්න තිබුණා. ඒත් මං එහෙම කලේ නෑ.

මට විශේෂ දෙයක් කියන්න අමතක වුණා. අපි මූණු පොතේ මොන තරම් ලංවෙලා වගේ චැට් කලත්, එයා මට මොන තරම් ලඟින් වගේ චැට් කලත් හැබෑ ජිවිතයෙදි ඒක හාත්පසින්ම වෙනස්. මොකද එයා මාත් එක්ක එහෙම චැට් කලේ නෑ වගේ තමා හැසිරෙන්නෙ. මට ඒක ලොකුම ප්‍රශ්නයක්. ඊයෙ මං එයාට ආදරේ ප්‍රකාශ නොකරන්න ලොකුම හේතුව වුණෙත් ඒක.

ඒත් මං අද කාර්යාලයට ගියාම මට එයාට ආදරේ ප්‍රකාශ කරන්න ඕන වුනා. ඒත් මං අසරණයි. මට ඒක කියාගන්න බෑ. මං වරුවක් දාලා ගෙදර ආවා. ඒ එනකොටත් එයා ඇහුවා ඇයි යන්නෙ කියලා. මං කිව්වා ඇඟට අමාරුයි කියලා. කොහොම හරි මං එයාගෙ ෆෝන් එකට රීලෝඩ් එකකුත් දැම්මා රුපියල් පන්සීයක. දාලා මං එයාට මැසේජ් එකක් යැව්වා. “මං ඔයාට ආදරෙයි.. මං අද ඔයා ගාවට ඇවිත් ඒක කියන්න හුඟක් උත්සාහ කලා. ඒත් මට ඒක ගියාගන්න බැරි වුණා. ඒකයි මෙහෙම මැසේජ් එකක් දාලා කිව්වෙ ” කියලා.

එයාගෙ මුල්ම රිප්ලයි එක වුනේ “මම අක්කා කෙනෙක්” කියලා. මං කිව්වා “ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. අනේ මං ඔයාට හුඟක් ආදරෙයි.. මට ඔයාව ඕන.. මට ඔයා නැතුව ඉන්න බැහැ” කියලා. පස්සෙ එයා කිව්වා ඔෆිස් ඇරුනම කෝල් එකක් දෙන්නම් කියලා.

ඔන්න එයා කෝල් කලා. අනේ ඒ ගැන කිසිම කතාවක් නෑ. විකාර වගයක් කියවලා නිකන් හිටියා. මටත් ආයෙම ඒ ගැන කියන්න හිතුනෙ නෑ. මං කිව්වා අනිවාර්යෙන්ම අද ෆේස්බුක් එන්න කියලා. හා කිව්වා. ඉතිං එයා රෑ අටට විතර වෙනද වගේම ෆේස්බුක් ආවා.

ඒ වෙලාවෙදි මං එයාට ආයෙම කිව්වා ආදරෙයි කියලා. එයාගෙ රිප්ලයි එක මං හිතුවට වඩා සතුටු හිතෙන එකක් වුනා. එයා කිව්වා මාත් ඔයාට ආදරෙයි කියලා. ඒත්..... ඒ අස්සෙ එයා කියනවා මට ඔයාට ආදරේ කරන්න බැරි දෙයක් තියෙනවා. මට ඔයාව ගොඩක් දුර එක්කගෙන ගිහින් මේ දේවල් කියන්න බෑ කියලා. මං ඇහුවා මොකක්ද කියලා. ඒ කිව්වෙත් නෑ.. කොහොම හරි අඬලා අඬලා මං ඒ දේ අහගත්තා. එයා කලින් ආදරේ කරපු කෙනත් එක්ක එයා ලිංගිකව එකතුවෙලා. ඒ නිසා එයාට මට ආදරේ කරන්න බැරිලු.

ඇත්තටම මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔය කිසිම තේරුමකට නැති ලේ පැල්ලමකට මගේ ආදරේ නැති කරන්න බැහැ. මං කිව්වා ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ගැන ඔයා පොඩ්ඩක්වත් හිතන්න එපා. ඔයා ඔහොම නෙමෙයි ළමයෙකුත් එක්ක මං ගාවට ආවත් මං ඔයාව බාරගන්නවා කිව්වා. ඒක මං කිව්වෙ හදවතින්ම තමා. බොරුවට එයාව රවටන්න, සනසන්න නෙමෙයි.

ඔන්න ඒපාර එයා කියනවා. ඒත් මං ඔයාට අයිති නෑලු. එයා තාම වෙන කෙනෙක්ගෙලු. මං ඇහුවා ඒ කවුද කියලා.. අර යෝජිත විවාහයෙ කොල්ලා. එච්චරයි මට එයා එක්ක කතා කරන්න පුළුවන් වුනේ. අද එයාගෙ ඔලුව රිදෙනවා කියලා කලින් යන්න ගියා.

ඔය කතාව මං බොහොම කෙටියෙන් කිව්වෙ.. ඒ වගේම හුඟක් කලබලයෙන්.. නොතේරුන තැනක් තියෙනවා නම් අහන්න.. ඉතිං මං මොකද දෙයියනේ කරන්නෙ.. මං එයාට ආදරෙයි.. මට එයා නැතුව ජීවත් වෙන්න බෑ.. කවුරු හරි කියන්නකො මං මොනාද කරන්න ඕන කියලා.. මං එයාට ආදරය කරන එක වරදක්ද.. අනේ මට උදව් කරන්න..


 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උබ කැමති නම්, උබට ගැලපෙනවා දිගට කරගන යන්න පුළුවන් කියලා හිතෙනවා නම් හිතේ තියාගෙන ඉන්නේ නැතුව කෙලින්ම අහලා දාන්න. එතකොට බෑ කිව්වත් ප්‍රශ්නයක් නැහැ.
    උබ අහන්නේ නැතුව හිතෙන්,facebook වලින් විතරක් love කරලා ඒකි වෙන එකක් බැන්දොත් උබට කවදාවත් අහන්න තියා ඒකිගේ හිතේ උබ ගැන මොනවා තිබුණද කියලා දැන ගන්නත් බැරි වෙනවා. අනික උබට ඒක ලොකු දුකක් වෙයි.. සාරියක් හොයන තරමට දුකක් වෙන්නත් පුළුවන්.
    මට තේරෙන විදිහට අවුරුද්දක් කියන්නේ එච්චර කේස් එකක් නෙවෙයි. උබ කෙලින්ම හිතේ තියෙන දේ අහපන්...
     
    Last edited:

    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    උබ කැමති නම්, උබට ගැලපෙනවා දිගට කරගන යන්න පුළුවන් කියලා හිතෙනවා නම් හිතේ තියාගෙන ඉන්නේ නැතුව කෙලින්ම අහලා දාන්න. එතකොට බෑ කිව්වත් ප්‍රශ්නයක් නැහැ.
    උබ අහන්නේ නැතුව හිතෙන්,facebook වලින් විතරක් love කරලා ඒකි වෙන එකක් බැන්දොත් උබට කවදාවත් අහන්න තියා ඒකිගේ හිතේ උබ ගැන මොනවා තිබුණද කියලා දැන ගන්නත් බැරි වෙනවා. අනික උබට ඒක ලොකු දුකක් වෙයි.. සාරියක් හොයන තරමට දුකක් වෙන්නත් පුළුවන්.
    මට තේරෙන විදිහට අවුරුද්දක් කියන්නේ එච්චර කේස් එකක් නෙවෙයි. උබ කෙලින්ම හිතේ තියෙන දේ අහපන්...

    ප්‍රතිචාරයට ස්තුතියි යාලුවා.
    මම එයාට මගේ හිතේ තිබුණ ආදරය ප්‍රකාශ කලා.
    ෆෝන් එකෙන් තමා කිව්වෙ (SMS මාර්ගයෙන්)
    සිද්ධිය මම උඩින් ලියලා ඇති.
    ඊට පස්සෙ තමා කලබැගෑනියක් වුනේ..

    මම එයාට ඇත්තටම ආදරෙයි.
    එයත් මට ආදරෙයි කියලා මං දන්නවා. ඒත් අර යෝජිත විවාහය තමා හරහට ඉන්නෙ. එයා ඒ කොල්ලට කැමතිත් නෑ. ඒත් එයා කියන්නෙ එයා ඒ කොල්ලට අයිතිලු.

    මුලින්ම එයා අර මුලින්ම හිටපු පෙම්වතා එක්ක ලිංගිකව එකතුවෙච්ච එක ගැන කිව්වා. ඒක අහගත්තෙ බොහොම අමාරුවෙන් මං. නොකියා ඉන්නයි උත්සාහ කලේ. ඒක මට කොහෙත්ම ප්‍රශ්නයක් නෙමේ කිව්වම තමා කිව්වෙ එයා අයිති වෙන කෙනෙක්ට කියලා.

    ඒත් මං ආයෙම ඇහුවා ඔයා මට ආදරේද කියලා.. ඔව් කියනවා............. :(

    මට හිතාගන්න බෑ මොකද කරන්නෙ කියලා. හෙට උදේම මම එයාව දකිනවා වැඩට ගියාම. කිසිම වැඩක් කරන්න හිත දෙන්නෑ. එයා ගාවට යන්නත් බෑ. යාලුවො සැක කරනවා. ඒක එයාට අවුලක් වෙයි කියලා මට බයයි. අලුත ආපු කෙනෙක් නිසා. :(
     
    May 25, 2012
    94
    8
    0
    අපෙන් අහලා වැඩක් තියද බන් ඕවා? උබ හිතලා තීරනයක් ගනින්. එකෙක් ඇන්නා කියලා කෙල්ලෙක් කියන්නෙ නම් ඉතින් 4ක් 5ක් ඇන්නම තමා. අනික සමාජෙ ඉස්සරහ උඹව නොදන්න ගානට ඉන්නෙ ඒකිට ඕන ලවක් නෙමේ ෂොට් එකක්
     

    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    ⌈‡—KSR—‡⌉;16347761 said:
    අපෙන් අහලා වැඩක් තියද බන් ඕවා? උබ හිතලා තීරනයක් ගනින්. එකෙක් ඇන්නා කියලා කෙල්ලෙක් කියන්නෙ නම් ඉතින් 4ක් 5ක් ඇන්නම තමා. අනික සමාජෙ ඉස්සරහ උඹව නොදන්න ගානට ඉන්නෙ ඒකිට ඕන ලවක් නෙමේ ෂොට් එකක්

    උඹලගෙන් ඇහුවෙ මට අහන්න කෙනෙක් නැති නිසා සහෝ......... :(
    මට එයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න අවශ්‍යය නැහැ බං.
    මං එයාට ආදරෙයි. :(
     
    May 25, 2012
    94
    8
    0
    උඹලගෙන් ඇහුවෙ මට අහන්න කෙනෙක් නැති නිසා සහෝ......... :(
    මට එයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න අවශ්‍යය නැහැ බං.
    මං එයාට ආදරෙයි. :(
    දැන් ඔය කෙල්ලට ඕන උබ්ව අත අරින්න. හොරෙන් ෆන් ගන්න ආස කෙල්ලො ලවට එන්නෙ නැහැ :(
     

    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    machan me kathaawama meeta kalinthawa ekek daalathibbane,
    මම දැම්මෙ නැහැ මචං.
    මේ අදයි සිද්ධිය උනේ.


    ⌈‡—KSR—‡⌉;16347826 said:
    දැන් ඔය කෙල්ලට ඕන උබ්ව අත අරින්න. හොරෙන් ෆන් ගන්න ආස කෙල්ලො ලවට එන්නෙ නැහැ :(
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක නෙමේ.
    එයා ෆේස්බුක් එකෙන් චැට් කරන්නෙ එක විදියක්.
    හැබැහින් දැක්කම නෝමල්.
    මුකුත් කතා කලේ නෑ වගේ ඉන්නෙ.
    හෙට මොනා වෙයිද දන්නෑ. :(

    අනික කියන කතාවෙ තේරුමක් නෑ සහෝ.
    මුලින් කන්‍යාපටලයක් අල්ලගත්තා.
    ඊට පස්සෙ අර යෝජිත විවාහ කොල්ලා.
    ඌට කැමතිත් නෑලු.
    ඒත් අයිති ඌටලු.
    මට ආදරේද ඇහුවමත් ඔවුලු.
    මැරෙන්න හිතෙනවා බං. :(
     

    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    repost ban, meka meeta kalin ekek dala thibba

    aluth kathawak liyapan

    කොල්ලෙක්ගෙ වේදනාව එක්ක විහිලු කරන්න එපා බං.
    උඹටත් කවදා හරි දුකක් වේදනාවක් දැනුන දාට ඒක තේරෙයි. :(


    TEREI KAL YAI HADUNA GATTOT OBA MA...... :dull:


    ubata hodainam echcharai bn
    ඉතිං මං එයාට ආදරෙයි බං.
    ඒත් එයා විකාර කියවනවනේ.
    මං මොනාද කරන්නෙ.
    හිතාගන්න බෑනෙ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කොල්ලෙක්ගෙ වේදනාව එක්ක විහිලු කරන්න එපා බං.
    උඹටත් කවදා හරි දුකක් වේදනාවක් දැනුන දාට ඒක තේරෙයි. :(



    ඉතිං මං එයාට ආදරෙයි බං.
    ඒත් එයා විකාර කියවනවනේ.
    මං මොනාද කරන්නෙ.
    හිතාගන්න බෑනෙ

    :lol::lol::lol: ekama kellada danne nha ban. oita kalinuth ekek me kathaawama daala thibba.

    umbatama meka unaa kiyanawanam, kellata fb eken nathuwa kelin kathaa karala ekigen uththarayak ganin, umbe adahasa kiyala ekita kal diyan uththara denna. eki kamathinam bandapan, akamathinam ekita ona huyannak karaganna deela umba ube paaduwe hitapan
     

    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    :lol::lol::lol: ekama kellada danne nha ban. oita kalinuth ekek me kathaawama daala thibba.

    umbatama meka unaa kiyanawanam, kellata fb eken nathuwa kelin kathaa karala ekigen uththarayak ganin, umbe adahasa kiyala ekita kal diyan uththara denna. eki kamathinam bandapan, akamathinam ekita ona huyannak karaganna deela umba ube paaduwe hitapan

    ඔෆිස් එක ඇතුලෙ එච්චර දෙයක් කරගන්න බෑ බං සහෝ.
    හතර වටේම එවුන් ඉන්නවනේ.
    උන් දැක්කොත් විනාසයි.
    බොස් ගෙ කනට වැටුනොත් කම්මුතුයි.
    අනේ මන්දා. මට එපා වෙලා බං ඉන්නෙ.
    පුදුම කරුමයක්.
    මට වැඩක් කරගන්නත් බෑ. :(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙන අතක් බලාගනිං කොලුවෝ:dull:...... ඕක කරගහල ඉදිරියේදී දුක් නොවිඳ ගැලපෙන තැනකින් පිලිවෙල කෙල්ලෙක් හොයාගනිං.:) ඕක කරගහනවනං මේ කමෙන්ට් එක සේව් කරල තියාගනිං. බැඳල අවුරුදු දෙක තුනකින් ඕනවෙයි:baffled:.
    Linda
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    hafoiiii
    dn eki ubata adare nm ubath ekita adare nm,ekita ekek anala ubata awlk nattan thawa mna kathada.ekita kiypn awlk na kln ewa uba ekka inna kiyala.mata nm therenne na me kale ubala mna karanna hadanawada kiyala
    habai mekai dn ubala denna marry karala passe kalekadi prasnyak unama oya anapu seen nm dnnna epa wade del wei
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    උබ හැගීම් වලට වහල් වෙලා ඉන්නේ හොදටම මන් නම් කියන්නේ ඕක කරන්න එපා පස්සට කරදර උනොත්. අනික තමන්ගේ අම්ම ඇරෙන්න ගනු කියන ජාතිය විස්වාස කරන්න එපා එක ජිවිතේ විනාසයට මුලක් වෙන්න පුළුවන්
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Mama nam kiyanne uba oka dammama amathaka karapan, Nathanm passata ubata ube jivithema mess ekak karaganna wenawa. Machan. Haghim walata yata wenna epa.

    Kamathi deyak ubata,