මැස්සෙක් ගිය උඩ
නන්දසේන හෑවයින් පස්සෙ අනුරගෙ පක්ෂෙට රටෙ මිනිස්සු වැඩිපුර එකතුවෙලා කියන එක ඇත්ත. හැබැයි අන්තිමට තිබුණ ඡන්දෙන් 3.8% තිබුණ පක්ෂෙක නායකයෙක් විදියට ඔච්චර ඔලුව උදුම්මගන්න එක විහිලුවක්. ඡන්දයක් තිබ්බොත් දිලිත්ගෙ පක්ෂෙට ඡන්ද 10,000 ක් ගන්න බැරිවෙයි. හැබැයි නමට හරි දැන් පක්ෂ නායකයෙක්නෙ. අනික විවාදෙකින් හම්බවෙන්නෙ මොනවාද මොනවා බේරගන්නවාද කියලා තීරණය කරන්නෙ ඒක අහන මිනිස්සුනෙ. අනුරගෙ එක point එකක් හරි, දිලිත්ට දේශපාලන වේදිකාවක් හදලා දෙන්න අනුර විවාදයක් කරන්න ඕනි නෑ.
හැබැයි අනුර කංචනත් එක්ක විවාදෙකුත් මගඇරියානෙ. කැබිනට් ඇමති කෙනෙක්, අනුර වගේ දෙගුණයක් ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් එක්ක වාද කරන්නත් බැරි තරම් උත්තරීතර තනතුරක් තියෙන කෙනෙක් නෙවෙයිනෙ අනුර. තවම නිකන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විතරයි, විපක්ෂ නායකවත් නෙවෙයි. ඔහොම ගිහින් වැරදිලාවත් ජනාධිපති වුණොත් පොඩි රටවල නායකයෝ එක්ක එහෙම කතා කරන එකක් නෑ, "මාලදිවයින කියන්නෙ මොකද්ද, මට අභියෝගයක් තියෙන්නෙ ඇමරිකාවෙන්. ඇමරිකාවෙන් එන්න කිව්වොත් යනවා" කියයි.
පාර්ලිමේන්තුව ඇතුලෙ අනුර ඇඟිලිවලින් ඉස්සිලා කට උල් කරලා ෆයිල් පෙන්නලා හොරකම් වංචාවල් ගැන වාද කරනවානෙ, හැබැයි එළියෙදි විවාදෙකට යන්න බයයි. මොකද එළියෙ කියන ඒවා ඔප්පු කරගන්න බැරිවුණාම පාර්ලිමේන්තුව ඇතුලෙ වගේ බේරෙන්න බෑනෙ. පාලු ගෙවල්වල වලන් බිඳින පොරක් විතරයි අනුරත්
දැන් මගෙන් අහන්න එපා රනිල් හාමු හොඳද පුතාණෝ හොඳද මයිනා හොඳද දිලිත් හොඳද කියලා. ඔය එකෙක්වත් හොඳ නෑ. මොකද ඔය ඔක්කොටම ඕනි බලේ මිසක් රටට හොඳක් කරන්න නෙවෙයි.
අවුලක් නෑ මේ පාර මාලිමාවට 