අනේ මට නං බෑ

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,636
    1,487
    113
    වයබ පාලාතේ
    ප්‍රේමපාල, මැටිල්ඩා සමඟ මල්වත්තට ගියේ එක් එක් අයගේ විමසුම් ඇස් වලින් බේරී තම පෙම්වතිය සමඟ නිදහසේ පෙම් සුව විඳිනු රිසියෙනි.

    ඔවුහු රුක් ගොමුවක් මැද තනා තිබූ බංකුවක් මත වාඩි වූහ. එහි හිඳ වට පිට බැලූ ප්‍රේමපාල ඉදිරිපස මහා ගසෙක, පහළ අත්තක වාඩි වී පෙම් කෙළින වඳුරු ජෝඩුවකි.

    වඳුරු ජෝඩුව වෙත රැඳුණු ඇස් වහා තමාට තුරුළු වී සිටි මැටිල්ඩා වෙත යොමු කළ ප්‍රේමපාල ඇයගේ නිකටින් අල්ලා මුහුණ තමා දෙසට හරවා ගනිමින් මෙසේ කීවේය.

    “මැටිල්ඩා, අපි දෙන්නත් අන්න අර වඳුරු ජෝඩුව වගෙ ආදරෙන් තුරුල්වෙලා හැමදාම ඉමු රත්තරන්.”

    මැටිල්ඩා ප්‍රේමපාල වෙතින් මඳක් බැහැරව මුහුණ ඇඹුල් කර ගනිමින් මෙසේ පිළිතුරු දුන්නා ය.

    “අනේ ප්‍රේමපාල, මම නං ගස් නඟින්ඩ දන්නේ නෑ
    .:lol::lol: