අනේ සාදු අලි ටික (Sri lankan Elephants)

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    අනේ සාදු අලි ටික (Sri lankan Elephants)

    ඔය මගුල් ලියන්න එපා ඕයි...අපේ සාසනේ නැති වෙනවා...ලෝකෙම මේ ආගම රැකිලා තියෙන්නෙ අපේ රටේ.. ඒකත් බොලාම එකතුවෙලා කාබාසිනියා කරලා දාපාල්ල වැරදිම හොයලා...
    ඔව් ඒක හෙම තමයි...මේකෙන් බොදු සංස්කෘතියට පහර වදීවි... බොදු ජනතාවටගේ සිත් රිදේවි... නමුත් තුං ලෝකෙ සතුන්ට සෙත සලසන්න තියෙන ආගමට මුවා වෙලා සත්තුන්ට හිංසා කරන එක වැරදියි...


    පන්නිපිටිය පැත්තෙ දෙව්රම් වෙහෙර කියලා එකක් තියෙනවා...ඒකෙ අලියෙක් ඉන්නවා..උෟ හෙන අහේනියෙන් තමයි ඉන්නෙ..උන්ට කන්න බොන්න නෑ වගේ කියලා දැක්ක ගමන් පේනවා... නමුත් හාමුදුරුවො කියන්නෙ නම් කන්නෙ බොන්න වැඩියෙනුත් එක්ක ලැබෙනවා කියලා..
    මේ හාමුදුරුවො බණ කියනකොට උපාසකම්මලා අඩනවා...උපාසක දරුවො වැලපෙනවා..අනේ ඒ තරං අඩෝවැඩි බණක් මේ ආත්මෙට අහලා නැ කියාල උපාසකම්මලා දොත් මුදු න් තියලා වඳීනවා...ඒත් සුමංගල හාමුදුරුවනේ ඔබවහන්සේ අලියාට සලකන විදිය නම් හරිම කුජීතයි...ඔබ වහන්සේ භික්ෂුවක් විදියට සිල් රකිනවා ඇති. නමුත් ඔබ වහන්සේගේ භාරකාරාත්වය යටතේ ඉන්න සතෙක් විඳින දුක දැක්කම අපිට ඇඩෙනවා...බට් ඔබවහන්සේ ගේ බයිලා අදෝනා අහලා නම් මට ඇඩෙන්නේ නෑ...


    අන්‍යාගමිකයෝ ඔබ වහන්සේලාගේ දුක් සින් අහලා අඩනවා ඇති...තාලෙට කියෙන බණ පද වලට වසග වෙනවාත් ඇති.. නමුත් මේ අලියෙක් වගේ ඇහැට පේන ලොකු සතෙක් ට කරන හිංසාව දැකලා ඔබ වහන්සේලාට පුකෙනුත් හිනා වෙනව ඇති ඒ අය..


    මේ සත්තුන්ට ලොකු වියදමක් දරන්න ඕන නඩත්තුවට..කෑම බීම නෑවීම ආදිය දේවල් එක්ක අලියෙක් නඩත්තු කරනවා කියෙන්නෙ ලේසි දෙයක් නෙමෙයි. අලියෙක්ගෙන් පෙරහැර කාලවලදි දේවාල විහාර වලට දීලා ලොකු ගානක් ගන්න පුලුවනි. නමුත් හැමදාම පෙරහැරවල් නැති එක අලි අයිතිකාරයින්ට ගැටලුවක්. තේජස පිට අලියා පයින් ගියාට අලියට පොල් අතුකෑල්ලක්, කෙහෙල් බඩයක් ලැබුනාට ඒ පෙරහැර ට යන කුලිය අලියා අයිති පිංවත් ස්වාමින් වහන්සේට හෝ ඒ අලි අයිතිකාර පිංවත් උපාසක මහත්තයාට යනවා. අනේ එතකොට මේ අලියාගෙන් ලැබුන සල්ලි නෙව කියලා ඒ සල්ලි වලිං අලියාට කොරන සෙතක් නං මං දැකලා නෑ..


    හැමෝටම අලිත් නෑ අලි පර්මිට් ගන්නත් බෑ. ඒකට වරං තියෙන්න ඕනි...දේව වරං කාරියෙ නමෙයි පොලිටිකල් වරං ආදිය තියෙන්න ඕනි..අලියෙක් ගේ අයිතිකාරයෙක් වෙන්න නම්..


    මේ පන්නිපිටියෙ දෙව්රම් වෙහෙර අලියා හැමදාම නාවන්න එක්කරං යනවා.. එක දවසක් මේ අලියා නාවන්න එක්කරං ගිහින් ගොව්වා පොඩියක් වහං වෙලා කසිප්පු බොන්න. මෙන්න අලියා පස්සෙන් පහු තනියම පාර පුරා කරක් ගහන්න ගත්තලු. එතකොට අලියා නැතුව ඕන්න අලිගොව්වා අලියා හොයනවාලු... දිහාව බලලා අලියා හොයාගන්න යන කොට අලිගොව්වා ලග හෙන්ඩුව තිබිලා නැහැ...බීමත නිසා අලි ගොව්වාට හෙන්ඩුව අමතක වෙලා. ආයෙම දුවලා ගිහින් හෙන්ඩුව හොයාගෙන ඇවිල්ලා අලියාව ගෙනියලා තියෙනවා..


    මේ අලි කියන සත්තු හරිම ක්‍රියාකාරි ජාතියක්. උන්ට දවසට කිලෝමීටර ගානක් ඇවිදින්න කියන්න ඕනි...නටන්න දූවිලි නාන්න ඇල් වතුර නාන්න ආදිය අලින් විසින් ස්වභාවයෙන්ම කරන්න ඕනි.. පුංච් දුවේ පුතේ ඔය අය කූුඩුවක දාල ඉන් පස්සෙ මොන තරං ආහාර කැමති ජාති ගෙනත් දුන්නත් වැඩක් තියෙද? නෑනෙ..ආන්න ඒ වගේ තමයි අපේ හාමුදුරු ගොල්ලයි නිලමෙ ගොල්ලයි ගැටගහං ඉන්න අලි ගැන කියන්න තියෙන්නෙ..


    මේ අලි හැමෝටම එක්තරා කාලයකදී ලිංගික උත්තේජනයන් ඇතිවෙනවා. ලිංගික වශයෙන් අධි සක්‍රිය එම කාලයේදී අලියාගේ කන්වලින් සහ වෙනත් විවර වලින් ස්‍රාවයන් වැගිරීම් සිදු වෙනවා. මේ කාලයේදී අලින්ට තරහා යනවා වැඩියි. හීලා අලි ඇතිකරන අය මේ කාලයේදී කරන්නෙ අලියා තදින් යකඩ දම් වැල් වලින් හෝ විසාල කඹ වලින් ගැටගහලා තියෙන එක. අලින් මේ මද කිබෙන කාලයට බොහොම දරුනු නිසා අලින් තදින් ගස්වලට ගැට ගසනවා. මේ කාලෙදි අලි පැනලා යන්න ලොකු උත්සාහ දරනවා.. මොන සතා වුනත් කොටින්ම මනු සතා වුනත් ලිංගික උත්තේජන ඇතිවුනාම වැඩකරන්නෙ වෙනමම විදියකට නෙව. ආන්න ඒ වගේ ඒ සතා තමුං බැඳලා තියෙන යදම් එක්ක ලනු එක්ක ඔට්ටුවෙලා කකුල් තුවාල කරගන්නවා. ඉතිං තුවාල කකුලක තුවාලෙට උඩින් ආයෙම දම්වැල් සහ ලනු වැදෙනකොට මොන තරං අපි ගැන ශ්‍රද්ධාවක් ඒ සතුන්ට ඇතිවෙනවාද කියලා පොඩියක් හිතලා බලාන්ට වටිනවා.


    නුවර පෙරහැරේ වගේම දැන් ගොඩ පෙරහැරවල් වල අලින්ට ලොකු ඇදුං ආයිත්තං අන්දලා ඒ මදිවට ඒ ඇදුං වල පාට ලයිට් පත්තුවෙන්න ජෙනියකුත් බඩ යටින් බඳිනවා. අහො ්අලියට හදිස්සියට හුලිජ්ජ බරක් හැදුනොත් ඒකත් දාගන්න විදියක් නැහැ අර ජෙනි මෝලක් බඩ යටින් යන නිසා.. (හුලිජ්ජ බර- මුත්‍රා බරට ග්‍රාම්‍ය අසම්භාව්‍ය ව්‍යවාහාරය) . ඉස්සර අපේ ගමේ පෙරහැරක් තිබුනා. ඒකටත් අලි ගෙනියනවා. නමුත් අලියාට අන්දවන්න අපේ ගමේ අයට සල්ලි තිබුනෙ නෑ.. කන්ද දිහා කොට අදින අලියා එදාට අලි පනික්කියාට කියලා පෙරහැරේ ගෙනියනවා. ඌට නං තියෙන්නෙ නැටුං කන්ඩායම් ඒක්ක යන එක විතරයි.. කිසිම අවහිරයක් නෑ. අපි ඒ දවස්වල කෙහෙල් ගෙඩි තියං කිතුල් අතු තියං පාර අයිනෙ බලං ඉන්නවා අලියා එනකල්.. ඒ හෙලුවැලි අලියයි උඩ ධාතු කරඩුව තියන්න බැහැ. ඒක එක්කො කාරුහරි ඔලුව උඩ තියං යනවා නැත්තං පොඩි ටැට්ටරේක හරි පොඩි කැන්ටර් එකක හරි තියලා හාමුදුරුවො ඒක වටේ පිරිත් කිය කිය යනවා..


    මහ ලොකු තේජවන්ත කමක් ගන්න අලින්ට දුක් දීලා අපේ සම්බුදු රජානන් වහන්සේ නමදින එක මට නං පේන්නෙ වැරදි දෙයක් විදියට...බොහොම ලස්සනට සරසපු වාහනේක ගෙනිච්චාම මදිද? එතකොට කාටවත් හිරිහැර නැහැනෙ.. සමහර විට සිංහල සංස්කෘතිය ගැන එච්චර දන්නෙ නැති නිසා...ජාති ආලය අඩු නිසා මේ වගේ දේවල් හිතෙනවාත් ඇති. අලියා නැත්තං පෙරහැරත් වැඩක් නෑ කියන මට්ටමට සමහරු ටෝක්ස්ෙ දෙනවා පෙරහැර කාලෙට... ඒ ටෝක්ස් වල වචනයක් රුපියල් විස්සක් තිහක් වටිනවා නෙව...ඕවාට ඉතිං මේ කට කහනවාට මිනිස්සු යන්නෙ නැහැ...කොහේ හරි කැම්පස් එකක ලොකු ගිරවෙක් රෙන්ට් එකට ගන්නවා චැනල් එකකින්..ඉතිං අර ගිරවා තමුං දැකපු පොත් වල පරණ දේවල් වල තියෙන වරුනා ටික්ත් මික්ස් කරලා ඩී ජේ එක ගාන්ට ටියුන් කරලා වොයිස් එජැස් කරලා වෙලාවට ගැලපෙන්න කතාව දෙනවා ශ්‍රද්ධාවට ඇස්ටි හැලෙන්න. අනේ සාදු කියවෙනවා ඒවා අහලා ඉදලා...


    අලින්ට වද දෙන එක නවත්තලා සංදර්ශනවලට අවශ්‍යම තැන්වලට අලි තුන් හතර දෙනෙක් තියාගෙන අනික් උන්ට ගැලපෙන විදියට නිදහසේ අලි කෑල්ලක් බලාගෙන අලි පැටියෙක්ගෙ හුරතල් බලාගෙන ඉන්න දෙනවානං ඒක අර පෙරහැරේ දක්කන් යන එකාට සාදු කියනවාට වඩා පිං කියලයි මගේ නම් අදහස.. වෙන්නෙ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුමන්ගල හාමුදුරුවෝ බොරුව බන් කරන්නේ. ගමේ වුන් හෙන ගේම පන්සල එක්ක. ගමේ ඉඩම් බලෙන් අල්ල්ගෙන. බොරුවට මල් උයන වගේ පන්සල හදලා. ඔය පන්සල හදපු සල්ලි වලින් නිවාස යෝජනා ක්‍රමයක් කරන්න පුලුවන්, මේ හාමුදුරුවො හෙන ගේමක් දුන්නා සෝම හාමුදුරුවන්ට අපහාස කරන්න. එය හරි ගියේ නැහැ. බොරුවට නමට කීර්තියට, ප්‍රශන්ශාවට, ලෝබ කමෙන් ජනතාව මුලා කරනවා. මෙයා දක්ශ කතිකයෙක්. හැගිම් බරව බන දේශනා කරන්න පුලුවන්. එකෙන් තමයි මිනිස්සු රැවටෙන්නෙ, අනික මෙයාටානිවාර්යෙන් ශබ්ද විකාශන යන්ත්‍ර ඔනි බන කියන්න. එවා එයාගෙම වෙන්නත් ඕනි, සල්ලිත් ගන්නවා ඒවට. මෙයාල චීවරය දාගත්ත හොරු.

    ඇත්ත හාමුදුරුවරු ඉන්න්වා බන් තමන්ගේ පින්ඩපාතෙත් අසරනයෙක්ට දීලා කුසගින්නේ ඉන්න, සොම හමුදුරුවෝ, දිබුලාගල හාමුදුරුවෝ, ඒවගෙ සැබෑ බුද්ද පුත්‍රයන් වහන්සේලා තමයි.

    නැතුව සැප මාලිගා වල ඉදන්, මිනිස්සුන්ට අපාය පෙන්න පෙන්න සන්නාසිකම් කරන කොලොන්නවේ සුමන්ගලලා, උඩුවෙ දම්මලෝකලා, පිටිදූවේ සිරිදම්මලා, පදනන්ගල දම්මදේවලා නෙමේ