අඳගොවි පණත

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මම දන්න විදිහට අඳගොවියට 100% අයිතියක් තියෙනව කුඹුර වගා කරන්න. අස්වැන්නෙන් කොටසක් ඉඩම් හිමියට දෙන්න ඕනෙ.
    ඒ කියන්නේ අයිතිකරු කැමති උනත් අකමැති උනත් ඒ ගොවියට වගා කරන්න පුලුවන්ද

    වසර කිහිපයක් එක දිගට එ ගොවියම කරොත් එයාට ඒක අයිති වෙන කතාව ඇත්තද

    ------ Post added on Mar 24, 2021 at 8:12 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,617
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නේ අයිතිකරු කැමති උනත් අකමැති උනත් ඒ ගොවියට වගා කරන්න පුලුවන්ද

    වසර කිහිපයක් එක දිගට එ ගොවියම කරොත් එයාට ඒක අයිති වෙන කතාව ඇත්තද

    ------ Post added on Mar 24, 2021 at 8:12 PM
    අඳ කුඹුරක වගා කරන්න අයිතිය තියෙන්නෙ අඳ ගොවියට විතරයි. ඉඩම් අයිතිකාරයට බැහැ. ඉඩම් අයිතිකාරයට ඕනෙ නම් පුලුවන් බිත්තර වී, බෙහෙත්, පොහොර සල්ලිවලට අරන් දෙන්න. එතකොට අස්වැන්නෙන් 50% වගෙ ඉඩම් අයිතිකාරයට ලැබෙනව. නැත්නම් 1/6 ක් හෝ 1/3ක් අස්වැන්න ලැබෙනව.

    අවුරුදු කීපයක් කුඹුරක වගා කරල, ඒ පලාතෙ ගොවිජන කොමසාරිස්ගාව එහෙම වගා කරනව කියල සහතිකයක් ගන්න ඕනෙ. එහෙම අවුරුදු කීපයක සහතික එකතුකරල අඳ අයිතිය ඉල්ලන්න පුලුවන්.

    මගෙ නෑයෙක් ඉන්නව අවුරුදු 25ක් විතර අඳ ගොවියට විරුද්ධව නඩු කියපු එකෙක්.

    තමන් මිලට ගන්න ඉඩමක අඳ අයිතියක් තියෙනවද බලන්න ඕනෙ නම් ගොවිජනසේවා කොමසාරිස් හම්බවෙන්න.
    ------ Post added on Mar 24, 2021 at 8:49 PM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අඳ ගොවි පණත නෙවෙයිනේ මචං දැන් තියෙන්නේ ගොවිජන සංවර්ධන පණත.
    එහෙම වගා කරන ඉඩමක් අඳ ගොවියාට අයිති වෙන්නේ නැහැ. නමුත් හිමිකරු ඒ ඉඩම විකුණනවානම් ඉස්සෙල්ලම අඳ ගොවියාට offer එකක් දෙන්න ඕන.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    අද ගොවියට අයිතියක් යන්නෙ නෑ. ඉඩම විකුනනව නම් අද ගොවිය දැනුවත් කරන්ඩ ඕනෙ මුලින්.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    අපේ සීයාගේ කුඹුරක් තිබ්බා කාලාන්තරයක් තිස්සේ වෙන එකෙක් වගා කර කර. කොවිඩ් කාලේ මට හිතුන ඕක වගා කරන්න. කුඹුර නියරවල් බැදලා හදවනකොට මෙන්න අර කලින් කරපු එකා ඇවිත් අහනවා "කාගෙන් අහලද කුඹුර කරන්න ගත්තේ කියල?? ". මම කිව්වා මගේ කුඹුර කරන්න එක එකාගෙන් අහන්නේ ඕන නෑ කියල (මු ලෝඩ් වගේ නැතුව මනුස්සකමට කතා කරානම් මම එහෙම කියන්නේ නෑ). මු ගිහින් කෘෂිකර්මේ එවුන්, අර ගොවිජන එකේ එවුන් අරන් ආව කතා කරන්න. උන් හැම එකාම වැනි වැනි අරුට කුඹුර කරන්න දෙන්න ගගා බක් බක් ගෑවා. මම කිව්වා මේ කුඹුර මට අයිති වෙන්නේ. මම සහනාධාර පොහොරවත්, තොපේ උපදෙස් වත් ගන්නේ නැතුව වගා කරන්නේ. මට ඔප්පු එක්ක අයිති කුඹුර මම කරනවා උබල සේරම එකතු වෙලා කැමති දෙයක් කරපල්ලා කියල. උන් අකුලන් ගියා ගියාමයි අද වෙනතුරු ආවේ නෑ. දැන් දෙවැනි කන්නෙත් ගොයම් කපල ගෙට ගත්තා. :lol::lol::lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    අඳ කුඹුරක වගා කරන්න අයිතිය තියෙන්නෙ අඳ ගොවියට විතරයි. ඉඩම් අයිතිකාරයට බැහැ. ඉඩම් අයිතිකාරයට ඕනෙ නම් පුලුවන් බිත්තර වී, බෙහෙත්, පොහොර සල්ලිවලට අරන් දෙන්න. එතකොට අස්වැන්නෙන් 50% වගෙ ඉඩම් අයිතිකාරයට ලැබෙනව. නැත්නම් 1/6 ක් හෝ 1/3ක් අස්වැන්න ලැබෙනව.

    අවුරුදු කීපයක් කුඹුරක වගා කරල, ඒ පලාතෙ ගොවිජන කොමසාරිස්ගාව එහෙම වගා කරනව කියල සහතිකයක් ගන්න ඕනෙ. එහෙම අවුරුදු කීපයක සහතික එකතුකරල අඳ අයිතිය ඉල්ලන්න පුලුවන්.

    මගෙ නෑයෙක් ඉන්නව අවුරුදු 25ක් විතර අඳ ගොවියට විරුද්ධව නඩු කියපු එකෙක්.

    තමන් මිලට ගන්න ඉඩමක අඳ අයිතියක් තියෙනවද බලන්න ඕනෙ නම් ගොවිජනසේවා කොමසාරිස් හම්බවෙන්න.
    ------ Post added on Mar 24, 2021 at 8:49 PM

    අඳ ගොවි පණත නෙවෙයිනේ මචං දැන් තියෙන්නේ ගොවිජන සංවර්ධන පණත.
    එහෙම වගා කරන ඉඩමක් අඳ ගොවියාට අයිති වෙන්නේ නැහැ. නමුත් හිමිකරු ඒ ඉඩම විකුණනවානම් ඉස්සෙල්ලම අඳ ගොවියාට offer එකක් දෙන්න ඕන.

    අද ගොවියට අයිතියක් යන්නෙ නෑ. ඉඩම විකුනනව නම් අද ගොවිය දැනුවත් කරන්ඩ ඕනෙ මුලින්.

    Thanks okkotama
     
    • Like
    Reactions: fallend

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අඳ ගොවි පණත නෙවෙයිනේ මචං දැන් තියෙන්නේ ගොවිජන සංවර්ධන පණත.
    එහෙම වගා කරන ඉඩමක් අඳ ගොවියාට අයිති වෙන්නේ නැහැ. නමුත් හිමිකරු ඒ ඉඩම විකුණනවානම් ඉස්සෙල්ලම අඳ ගොවියාට offer එකක් දෙන්න ඕන.

    this dan isara thibba eka na thamai. :yes: :yes: :yes: