මේ අදහසට මම එකඟයි, හරය දන්නේ නැතිව, හොයන්නේ නැතිව කෙනෙක් ආගමක් තොර ගන්නවා කියන්නේ එක අන්ධ විශ්වාසයක්. ඉස්ලාමයේ මුලිකම දේ තම නුවනින් වටහාගැනීම සහ අන්ධ විශ්වාසය නැති කිරීම.
ගොඩක් non-muslims අහන ප්‍රශ්නයක් තම ඇයි දෙවියන්ට miracle කරලා පෙන්නන්න බැරි කියල, හේතුව මේකයි, බුද්ධියක් ලබා දී ඇති කෙනෙක්ට ප්රාතිහාර්ය ඕනෙ නෑ. ඔහුට ඇති තරම් කල්පනා කරන්න ඉඩ තියෙනවා, මුළු විශ්වයේ සිට ක්ෂුද්‍ර ජීවීන් වෙනකම් ඒ සිතීම සඳහා හුඟක් අවශ්‍ය කරුණු මනසට සපයනවා.
ඔබ කුරානයේ සරල translation එකක් අරන් කියෙව්වත් තේරෙයි මම කියන දේ. "පොළොවෙහි හා අහසෙහි, රැය හා දහවල යලි යලිත් පැමිණවීමෙන් අප සිතන්නන් (බුද්ධියෙන් විමසා බලන්නන්) හට පැහැදිල්ය් සාක්ෂි තබා තිබෙන්නෙමු". මේ වගේ වාක්‍ය විශාල ප්‍රමාණයක් අහස, පොලොව, පරිසරය, ජීවීන්, කළලය ආදී හුඟක් අපිට එදිනෙද සිතන්නට පුළුවන් ගොඩක් දේවල් ගැන එහි කතා වෙනවා. මෙහි අරමුණ මිනිසා බුද්ධියෙන් සිත සත්‍ය සොයා ගත යුතයි යන්න විනා miracle වලින් අදහන්න කියන එක නෙවෙයි.
මගේ අදහස zam zam වතුර miracleද නැද්ද යන්නට වැඩ මේකයි වැදගත් වන්නේ.