අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;14021603 said:
    එතකොට මොනාද ඔයා කතෝලික ආගමේ දැක්ක වැරදි තැන්? :eek:
    මගේම පුංචි ගොඩක් දුප්පත්, ගොඩක් ප්‍රශ්න. පල්ලි ගිහින් ගිහින් හැම ඉරිදටම ඒවා දෙවියන්ට කියනවා දැන් අවුරුදු ගානක් තිස්සේ. ඒත් දෙවියෝ ගණන් ගන්නෙවත් නැහැනේ:eek:. මම මුකුත් ඉල්ලන්නේ නැහැ. එත් මට නම් ගොඩක් දේවල් දීල:shocked:. එයාල මැරුණම සදාතනික ජීවනය දෙනවලු. ජිවත් වෙලා ඉන්න ටිකේ මුකුත් දෙන්නේ නැති දෙවියෝ මරුනහම සදාතනික ජීවනය දෙයි කියල කොහොම හිතන්නද..:eek:.
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා යාළුවා. මිනිසා ස්වාභාවයෙන් වරදට පෙළඹෙන සුළුයි. ඇයි දෙවියන් මිනිසාව ඒ විදියට මැව්වේ?

    මගේ තේරුම් ගැනීම අනුව මිනිසාට මේ weaknesses ඔක්කොම දීල තිබෙන්නේ ඔහුට දීල තියෙන බුද්දියෙන් නිසි ප්‍රයෝජනය ලබා ගන්න. මෙච්චර උසස් සිතීමේ ශක්තියක් කෙනෙක්ට ලබා දීල එයින් ප්රෝයෝජනයක් ලබාගන්න පුළුවන් තරම් දේවල් ඔහු වටා හා ඔහු තුල මවා එමගින් ඔහුගේ තීරණ වලට වගකීම ඔහු මතට දී තිබෙනවා. වරදට පෙළඹෙන සුළු සිත හරි මගට ගන්න උත්සාහය මුස්ලිම් කෙනෙක් නොකඩවා කල යුතු දෙයක්. එය සාර්ථකව කිරීමෙන් ඔහුට යම් වෙදගත් දෙයක් තම වගකීම අරගෙන කරපු ආත්ම තෘප්තිය ලැබෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේම පුංචි ගොඩක් දුප්පත්, ගොඩක් ප්‍රශ්න. පල්ලි ගිහින් ගිහින් හැම ඉරිදටම ඒවා දෙවියන්ට කියනවා දැන් අවුරුදු ගානක් තිස්සේ. ඒත් දෙවියෝ ගණන් ගන්නෙවත් නැහැනේ:eek:. මම මුකුත් ඉල්ලන්නේ නැහැ. එත් මට නම් ගොඩක් දේවල් දීල:shocked:. එයාල මැරුණම සදාතනික ජීවනය දෙනවලු. ජිවත් වෙලා ඉන්න ටිකේ මුකුත් දෙන්නේ නැති දෙවියෝ මරුනහම සදාතනික ජීවනය දෙයි කියල කොහොම හිතන්නද..:eek:.

    එතකොට ඔයා නිවන් මාර්ගය සත්‍යයි කියන්නෙ ඔයා මොනවා හරි මාර්පල අවබෝධ කරගගෙන තියනවද? :eek:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;14021717 said:
    එතකොට ඔයා නිවන් මාර්ගය සත්‍යයි කියන්නෙ ඔයා මොනවා හරි මාර්පල අවබෝධ කරගගෙන තියනවද? :eek:
    මට, මගේ නෑදෑයන්ට, මගේ යාලුවන්ට, මේ රටේ ලෝකේ මම අහල තියෙන හැම ප්‍රශ්නයකටම හේතුව හොයල බලද්දී ඒ හැම එකක්ම ඇති වෙලා තියෙන්නේ එක්කෝ ලෝභය, නැතිනම් මෝහය, නැතිනම් ද්වේශය මුල් කරගෙන. බුදු හාමුදුරුවෝ කිව්වේ නිවන කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ නැති දෙයක් කියල. හිතල බැලුවම ඇත්ත තමයි. ලෝභ, ද්වේශ, මෝහ නැති තැන මේ ප්‍රශ්න එකක්වත් ඇති වෙන්නේ නැහැනේ. ඉතින් මම විශ්වාස කරනවා ලෝභ,ද්වේශ,මෝහ නැති කලහම සිතට ඔය කියනව වගේ සැනසීමක් නිවීමක් ලැබේවි කියල.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මගේ තේරුම් ගැනීම අනුව මිනිසාට මේ weaknesses ඔක්කොම දීල තිබෙන්නේ ඔහුට දීල තියෙන බුද්දියෙන් නිසි ප්‍රයෝජනය ලබා ගන්න. මෙච්චර උසස් සිතීමේ ශක්තියක් කෙනෙක්ට ලබා දීල එයින් ප්රෝයෝජනයක් ලබාගන්න පුළුවන් තරම් දේවල් ඔහු වටා හා ඔහු තුල මවා එමගින් ඔහුගේ තීරණ වලට වගකීම ඔහු මතට දී තිබෙනවා. වරදට පෙළඹෙන සුළු සිත හරි මගට ගන්න උත්සාහය මුස්ලිම් කෙනෙක් නොකඩවා කල යුතු දෙයක්. එය සාර්ථකව කිරීමෙන් ඔහුට යම් වෙදගත් දෙයක් තම වගකීම අරගෙන කරපු ආත්ම තෘප්තිය ලැබෙනවා.
    දෙවියන් නේ මිනිසාව වරදට පෙළඹෙන විදියට නිර්මාණය කලේ. ඉතින් ඇයි එහෙනම් දෙවියන් නැවතත් ඒ කරන වැරදි වලට මිනිසාට දඬුවම් දෙන්නේ. ඒක සාධාරණයි ද?
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    මගේම පුංචි ගොඩක් දුප්පත්, ගොඩක් ප්‍රශ්න. පල්ලි ගිහින් ගිහින් හැම ඉරිදටම ඒවා දෙවියන්ට කියනවා දැන් අවුරුදු ගානක් තිස්සේ. ඒත් දෙවියෝ ගණන් ගන්නෙවත් නැහැනේ:eek:. මම මුකුත් ඉල්ලන්නේ නැහැ. එත් මට නම් ගොඩක් දේවල් දීල:shocked:. එයාල මැරුණම සදාතනික ජීවනය දෙනවලු. ජිවත් වෙලා ඉන්න ටිකේ මුකුත් දෙන්නේ නැති දෙවියෝ මරුනහම සදාතනික ජීවනය දෙයි කියල කොහොම හිතන්නද..:eek:.

    ඉතින් යාළුවා මිනිහෙක් වැඳපු ගමන් පොහොසත් උනොත්, නැත්තම් ප්‍රශ්න නැති උනොත් විතරද ඒ ආගම හරි කියල ඔය පිළිගන්නේ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉතින් යාළුවා මිනිහෙක් වැඳපු ගමන් පොහොසත් උනොත්, නැත්තම් ප්‍රශ්න නැති උනොත් විතරද ඒ ආගම හරි කියල ඔය පිළිගන්නේ?
    අනිවාර්යයෙන් දේව වාදී ආගමක එහෙම දෙයක් වෙනවා නම් මම ඒ ආගම පිලිගන්නවා. මොකද දෙවියන්ට සියල්ල කල හැකි නම් මිනිස්සු විදින වේදනා දිහා දෙවියන් ඔහේ බලන් ඉන්න එක සාධාරණ නැහැ.
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    දෙවියන් නේ මිනිසාව වරදට පෙළඹෙන විදියට නිර්මාණය කලේ. ඉතින් ඇයි එහෙනම් දෙවියන් නැවතත් ඒ කරන වැරදි වලට මිනිසාට දඬුවම් දෙන්නේ. ඒක සාධාරණයි ද?

    ඔයා ඔය හේතුව නිසා දෙවියන් නැහැ කියල විශ්වාස කරන්නේ?
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    බොරලුගොඩ මහතා;14021015 said:
    පසු කාලේක මේ ඉබ්‍රාහිම් කියන නබිතුමය් එයාගේ පුතා ඉස්මයිල් කියන මෙයය් එකතුවෙලා තමය් අපෙ මක්කම හදන්නේ..:yes:

    නබිතුමය් එයාගේ පුතා ඉස්මයිල් කියන මෙයය් එකතුවෙලා තමය් :yes: මක්කම aluth vediya kara misak e denna ekathu vela sampurnayenma heduve naha....hadala thibichcha eka aluth vediya kara..:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට, මගේ නෑදෑයන්ට, මගේ යාලුවන්ට, මේ රටේ ලෝකේ මම අහල තියෙන හැම ප්‍රශ්නයකටම හේතුව හොයල බලද්දී ඒ හැම එකක්ම ඇති වෙලා තියෙන්නේ එක්කෝ ලෝභය, නැතිනම් මෝහය, නැතිනම් ද්වේශය මුල් කරගෙන. බුදු හාමුදුරුවෝ කිව්වේ නිවන කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ නැති දෙයක් කියල. හිතල බැලුවම ඇත්ත තමයි. ලෝභ, ද්වේශ, මෝහ නැති තැන මේ ප්‍රශ්න එකක්වත් ඇති වෙන්නේ නැහැනේ. ඉතින් මම විශ්වාස කරනවා ලෝභ,ද්වේශ,මෝහ නැති කලහම සිතට ඔය කියනව වගේ සැනසීමක් නිවීමක් ලැබේවි කියල.

    :D නිවන කරා යන මාර්ගය බුදුන් දෙසපු මාරගයම කියලා ඔයාට විශ්වාසයක් ඇතිවුනේ කොහොමද?

    ඔයා කිවුවා ඔයා ඉල්ලපු දේවල් දෙවියො දුන්නෙ නෑ කියලා.
    ඒ නිසා ඔයා දෙවියන්ව ප්‍රතික්ෂේප කලා.

    ඉතිං ඔයා මාර්ගපලයක් වත් අවබෝධ කරගන්නෙ නැතුව කොහොමද කියන්නෙ බුදු හාමුදුරුවෝ දේශනා කරපු නිවනට යන මාර්ගය සත්‍යයි කියලා? :eek:
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;14021861 said:
    :D නිවන කරා යන මාර්ගය වුදුන් දෙසපු මාරගයම කියලා ඔයාට විශ්වාසයක් ඇතිවුනේ කොහොමද?

    ඔයා කිවුවා ඔයා ඉල්ලපු දේවල් දෙවියො දුන්නෙ නෑ කියලා.
    ඒ නිසා ඔයා දෙවියන්ව ප්‍රතික්ෂේප කලා.

    ඉතිං ඔයා මාර්ගපලයක් වත් අවබෝධ කරගන්නෙ නැතුව කොහොමද කියන්නෙ බුදු හාමුදුරුවෝ දේශනා කරපු නිවනට යන මාර්ගය සත්‍යයි කියලා? :eek:
    මෙහෙමයි අහස කළු උනහම, ගොරවනකොට අපිට හිතන්න පුළුවන් තව ටිකකින් වහිවී කියල. ඒ වගේම බුදු දහමේ තියන තියරි වලින් අපේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනකොට මට හිතෙනවා නිවන කියන්නේ සත්‍යක් කියලා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙහෙමයි අහස කළු උනහම, ගොරවනකොට අපිට හිතන්න පුළුවන් තව ටිකකින් වහිවී කියල. ඒ වගේම බුදු දහමේ තියන තියරි වලින් අපේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනකොට මට හිතෙනවා නිවන කියන්නේ සත්‍යක් කියලා.

    :lol: අන්ධ විශ්වාසයක්?
    අහස කලු වුනාට තව ටිකකින් වහින්නත් පුලුවන් ඒ වගේම ඒ වැහි වළාකුලු හුළඟට ගහගෙන ගිහිං ආයෙත් ඉර පායන්නත් පුලුවන්.
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    ඒක නිසාම නෙමෙයි. මගේ ප්‍රශ්නෙට පිළිතුරක් ඕනේ මට:frown:

    නැහැ, මට තේරෙන්නේ නැහැ කොහොමද කෙනෙක්ට මෙච්චර සරලව මෙහෙම නිගමනයකට එන්න පුළුවන් කියල.

    ඔබේ දන්නා ආගම දෙකෙන් එකක් කියනවා දෙවියන් වහන්සේ මේ ලෝකය, ඔබ, අනෙකුත් සියලු දේවල් මවල තියෙනවා, ඒවාට ක්‍රියා කිරීමට විධි ඇති කර තිබෙනවා. ඔබට මේ දේවල් බලල තීරණය කරන්න උසස් බුද්ධියක් ලබා දී තිබෙනවා. ඒ වගේම හැමෝවම සමානව මවා නැහැ, එක එක මිනිසුන්ට වෙනස් weaknesses න strengths දී තිබෙනවා කියල.

    මේ ඔක්කොම බලල ඔයා කියනවා නැහැ හැමෝම එකම විදිහට, මුදල්, සම්පත්, කරදර නැති ජීවිත දීල තිබ්බොත් ඔයාට මේවා ඔක්කොම විශ්වාස කරන්න පුළුවන් කියල. එතකොට බුද්දියක්, සිතන්න දෙයක්, හෝ කිසිම අවශ්‍යතාවයක් නැති සත්තු වගේ අපි ඉඳල මැරිලා යා යුතයි? එකද ඔයාගේ අදහස?
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;14021922 said:
    :lol: අන්ධ විශ්වාසයක්?
    අහස කලු වුනාට තව ටිකකින් වහින්නත් පුලුවන් ඒ වගේම ඒ වැහි වළාකුලු හුළඟට ගහගෙන ගිහිං ආයෙත් ඉර පායන්නත් පුලුවන්.
    මම උදාහරණයක් ගත්තේ සහෝ.. බුදු දහම ගැන ප්‍රශ්න තියනවා නම් අහන්න. මම බුදු දහම ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. එත් දන්නා තරමින් මට පිළිතුරු දෙන්න පුළුවන්. එත් දේව වාදී ආගම් වල සමහර ප්‍රශ්න වලට පිළිතුරු නැහැ..
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    මම උදාහරණයක් ගත්තේ සහෝ.. බුදු දහම ගැන ප්‍රශ්න තියනවා නම් අහන්න. මම බුදු දහම ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. එත් දන්නා තරමින් මට පිළිතුරු දෙන්න පුළුවන්. එත් දේව වාදී ආගම් වල සමහර ප්‍රශ්න වලට පිළිතුරු නැහැ..

    AIDS කියන රෝගය සුව කරන්න පුලුවන්ද? කියන ප්‍රශ්නයටත් තාම පිළිතුරු නැහැ. ඒ නිසා ඔයා mediacal science බොරු කියල කියනවද?:confused:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැහැ, මට තේරෙන්නේ නැහැ කොහොමද කෙනෙක්ට මෙච්චර සරලව මෙහෙම නිගමනයකට එන්න පුළුවන් කියල.

    ඔබේ දන්නා ආගම දෙකෙන් එකක් කියනවා දෙවියන් වහන්සේ මේ ලෝකය, ඔබ, අනෙකුත් සියලු දේවල් මවල තියෙනවා, ඒවාට ක්‍රියා කිරීමට විධි ඇති කර තිබෙනවා. ඔබට මේ දේවල් බලල තීරණය කරන්න උසස් බුද්ධියක් ලබා දී තිබෙනවා. ඒ වගේම හැමෝවම සමානව මවා නැහැ, එක එක මිනිසුන්ට වෙනස් weaknesses න strengths දී තිබෙනවා කියල.

    මේ ඔක්කොම බලල ඔයා කියනවා නැහැ හැමෝම එකම විදිහට, මුදල්, සම්පත්, කරදර නැති ජීවිත දීල තිබ්බොත් ඔයාට මේවා ඔක්කොම විශ්වාස කරන්න පුළුවන් කියල. එතකොට බුද්දියක්, සිතන්න දෙයක්, හෝ කිසිම අවශ්‍යතාවයක් නැති සත්තු වගේ අපි ඉඳල මැරිලා යා යුතයි? එකද ඔයාගේ අදහස?
    නැහැ හැමෝටම එක විදියටම ඕනේ නැහැ. මම කියන්නේ දෙවියන් සිටිනවා නම් මිනිසුන් සතුටින් ජිවත් වෙලා මිය යා යුතුයි. මේ ලෝකේ මිට වඩා සුන්දර විය යුතුයි. ලෝකයේ දවසකට කන්න නැතිව මිනිසුන් 20,000ක් පමණ මිය යනවා. ඇයි දෙවියන් එහෙම කරන්නේ? එයාල සත්තුන් ට අන්ත විදියටනේ මැරෙන්නේ. ඒවා වෙන්නේ දෙවියන්ගේ කැමැත්තටනේ. මේ ලෝකේ යුද්ධ ඇතිවෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නේ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම උදාහරණයක් ගත්තේ සහෝ.. බුදු දහම ගැන ප්‍රශ්න තියනවා නම් අහන්න. මම බුදු දහම ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. එත් දන්නා තරමින් මට පිළිතුරු දෙන්න පුළුවන්. එත් දේව වාදී ආගම් වල සමහර ප්‍රශ්න වලට පිළිතුරු නැහැ..

    බුදු දහම ගැන ප්‍රශ්න නෑ.
    ක්‍රිස්තියානි ආගම ගැන පොඩි ගැටලු ටිකක් තියනවා. උත්තර දෙන්න පුලුවන්ද?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    AIDS කියන රෝගය සුව කරන්න පුලුවන්ද? කියන ප්‍රශ්නයටත් තාම පිළිතුරු නැහැ. ඒ නිසා ඔයා mediacal science බොරු කියල කියනවද?:confused:
    medical science විද්යත්මකයි. මෙතෙක් සොයා ගත් දේ නිවැරදියි. අහසට පොලව වගේ දේවල් දෙකක් ඔබ මේ සසදන්න හදන්නේ:shocked:.