අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    බෞද්ධ නාමයෙන් පෙනී සිටිමින් මෙවැනි දෙයක් ලිවීම කනගාටුවට කරුණක්. මෙවැනි දේවල් දැක්කම අන්‍ය ආගමික අය භෞතික දේවල් හොයා ගත්ත පුද්ගලයින් කල්ප ගණනක් දුක් විද මුළු මහත් සසර දුකට පිහිට වූ සම්මා සම්බුදුරජානන්වහන්සේට සමාන කරමින් හෑල්ලු කිරීම පුදුමයක් නෙමෙයි. :)

    තේරිලා නැහැ..:lol:
    මම එතකොට සමාන කරේ අයිසෙක් නිවුටන්වයි බුදුන් වහන්සේවයි ඈ....හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන කෙනෙක්:lol:
     
    Last edited:

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    තේරිලා නැහැ..:lol:
    මම එතකොට සමාන කරේ අයිසෙක් නිවුටන්වයි බුදුන් වහන්සේවයි ඈ....හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන කෙනෙක්:lol:
    :yes::yes::lol:
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මුකුත් නොදන්නා විදිහට ප්‍රශ්න අහල තිබුනට මෙවැනි ත්‍රෙඩ් ගැන දෙසැරයක් කවුරු කවුරුත් හිතුවොත් හොදයි. මෙයාට ඕන වුනේ බුදුන් වහන්සේ ලෝකේ මැව්වේ නැහැ කියල කියන ගමන් මවපු අල්ලා කියල කෙනෙක් ඉන්නවා නේද කියල ඕගොල්ලන්ට ඒත්තු ගැන්වීමටද කියල හිතන්න ඕන :)

    බුදුන් වහන්සේ කියන්නේ මේ ලොකේ හදපු කෙනාවත් බිහි කරපු කෙනා නෙවෙයි. එතුමා මේ ලෝකේ පාලනය කරන කෙනාත් නෙවෙයි.බුදු කෙනෙක් කියන්නේ එක් අයෙකුට (මෙතනට එන්න ඔනි හොඳම වචනය මොකක්ද කියලා ආපේ අනෙක් සහෝදරයන්ගෙන් ඌණ පුරණයක් අවශ්‍යයි ) නෙවෙයි මනුෂ්‍යා කියන්නේ එතුමන්ගේ නිර්මාණයකුත් නෙවෙයි. ගෞතම කියන්නේ අන්තිමට මෙලොව පහල වෙච්ච බුදුවරයාණන්ගේ නම විතරයි

    (උදාහරණයක් ලෙස ගුරුත්වාකර්ෂණය යනු අයිසෙක්‍ නිවුටන් නිපදවු දෙයක් නොව ලොව ඇති ඒ සංකල්පය තේරුම් ගෙන එය අන් අයටත් තේරුම් ගත හැකිවන පරිදි විස්තර කල තැනැත්තා වේ.අන්න ඒ වගේමයි බුදුන් වහන්සේ )

    ඔබලා විස්වාස කරන විදියට අල්ලාහ් දෙවියන් මේ ලෝකේ මැව්වා නේද....ඒ කියන්නේ මේ පෘථිවිය ගැනද නැත්තං මේ විශ්වය ගැනමද...?

     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මටත් තියෙනවා ඉස්ලාම් ආගම ගැන පොඩි ගැටලු කිහිපයක්...ඒකටත් උත්තර මම මුස්ලිම් ‍සහෝදරයන්ගෙන් බලාපොරොත්තු වෙනවා...

    1. ඔබලා විස්වාස කරන විදියට අල්ලාහ් දෙවියන් මේ ලෝකේ මැව්වා නේද....ඒ කියන්නේ මේ පෘථිවිය ගැනද නැත්තං මේ විශ්වය ගැනමද...?
    2.අල්ලාහි දෙවියන් ඉන්නේ කොහෝද....වෙනම විමානයක් තියෙනවද.. එහෙම නැත්තං ඉන්නේ කොහේද එතුමා...
    3.අල්ලාහ් දෙවියන් මේ ලෝකේ/විශ්වය මැව්වා නම් වර්තමාන විද්‍යාව ඔබලා ප්‍රතික්ෂේප කරනවාද..?
    ඒ කියන්නේ බිග් බෑන්ග් තියරිය ‍ වගේ දේවල්.....විශ්වයේ නිර්මාණය පිළිබඳ විද්‍යාත්මක මතය වගේ දේවල්....

    4.පරිණාම වාදය ඔබලා විශ්වාස කරනවාද....
    5.ඒ වගේමයි නුතන තාරකා විද්‍යාව ඔබලා ප්‍රතික්ෂේප කරනවාද..? විශ්වය ගවේෂණය අල්ලහ් දෙවියන්ව සැක කිරීමක් නේද..?
    6.එසේනම් මුස්ලිම් ජාතිකයන් උසස්පෙළට විද්‍යා විශය හදාරණ ‍එක අල්ලාහ් දෙවියන්ට විරුද්ධ නැත්තේ ඇයි..? මන්ද යත් ඒ තුල ඉහත කී කරුණු සත්‍ය යැයි ඉිගෙන් ගන්නා නිසා....
    7.ඔබලා පුනර්භවය විශ්වාස කරනවාද...? මරණින් පසු සිදු වන්නේ කුමක්ද...?





    6.එසේනම් මුස්ලිම් ජාතිකයන් උසස්පෙළට විද්‍යා විශය හදාරණ ‍එක අල්ලාහ් දෙවියන්ට විරුද්ධ නැත්තේ ඇයි..? මන්ද යත් ඒ තුල ඉහත කී කරුණු සත්‍ය යැයි ඉිගෙන් ගන්නා නිසා....





    ප්‍රශ්නේ අහන කෙනාම උත්තර දුන්නේ ඇයි?



    එසේනම් මුස්ලිම් ජාතිකයන් උසස්පෙළට විද්‍යා විශය හදාරණ ‍එක අල්ලාහ් දෙවියන්ට විරුද්ධ නැත්තේ ඇයි..?

    මන්ද යත් ඒ තුල ඉහත කී කරුණු සත්‍ය යැයි ඉිගෙන් ගන්නා නිසා (උත්තරේ කොටසක් දීල තියෙනවා)
    :)
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ප්‍රශ්නේ අහන කෙනාම උත්තර දුන්නේ ඇයි?:)

    මුද්‍රණ දෝෂයක්ද මන්ද
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මේක ඔබ අහපු නිසා කෙටියෙන් පිළිතුරක් දෙන්නම්, සම්පුර්ණ history එක විස්තර කරන්න ගියොත් off-topic යයි.
    පළමුව ජෙරුසලෙම කියන්නේ දේවවාදී ආගම 3 ම වැදගත් තැනක්, නමුත් එකේ එක් ආගමකට අසාධාරණයක් නොවී ආගම අදහන්න නිදහස තිබෙන කොයි කාලේ වත් ප්‍රශ්නයක් ඇති උනේ නැහැ. ප්‍රශ්න ඇති උනේ එක ආගමක් අනිත් අයව එලවන්න, ආගම හරියට practice කරන්න ඉඩ දුන්නේ නැති වෙලාවලයි, පිටතින් ආපු අය එය අල්ලා ගත් වෙලවල්යි. රෝමානුවන් දේශපාලන වාසියට ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම කරලා (jesus ව කුරුසයේ ඇන ගසා මැරුවේ ඔවුන්මයි) ජෙරුසලම අල්ලාගෙන එකේ ක්‍රිස්තියානි වැදගත් තැන් ප්‍රතිසන්ක්ස්කරණය කරලා අනිත් ආගම් (judaism, islam) වල අයට නිදහස හිර කිරීම නිසා තමා මුස්ලිම් වරුන්ට එහි බලය ගන්න හේතු උනේ, නමුත් මෙහිදී කිසිම ලේ වැගිරීමක් උනේ නැහැ. මම පිලිගන්නවා බෞද්ධ පසුබිමකින් සිතන කෙනෙක්ගේ මෙහෙම අවස්ථාවක පිළිතුර වෙන්නේ, ඇයි නිකන් අයිනකට වෙලා ඉන්නේ නැත්තේ, එතකොට ප්‍රශ්න නැනේ කියල. ඒගැන අපිට අවශ්‍ය නම් ඉදිරියට discuss කරන්න පුළුවන්
    :).

    හරි .. ඔබ තුමාලට අගමැ කරගන්න නිදහස දුන්නේ නැති නිසා ඔබල එක අල්ලගත්ත කියමුකෝ , ඔබ තුමා හිතනවා එහෙම ආගමක් ඇදහීමේ නිදහස සහ ආගමික කටයුතු කරගැනීමේ නිදහස තිබිය යුතුයි කියල , එත් මුස්ලිම් බහුතරය වූ විටෙක එම අවස්ථාව අන් ආගමිකයන්ට අහිමි වෙන්නේ ඇයි ? උද හරණයක් ලෙස සකිර් නික් මේ වීඩියෝවේ කියනවා මුල්සිම් බහුතර රටක වෙන ආගමක කෙනෙකුට තමන්ට ඕනිම ආගමක් ඇදහීමේ නිදහස තියනවලු , නමුත් බයිබලය හෝ ඒ ආගමික පොතක් , හෝ ඔහුට අවශ්‍ය පිළිමයක් හෝ කිසිම දෙයක් රැගෙන යාම තහනම්ලු ,

    http://www.youtube.com/watch?v=plyS8sIUjmQ

    ඉතින් අන් ආගම ඔබේට කුරානය ගෙන ඒමට හෝ පල්ලි ඉදි කිරීමට හෝ ඉඩ දිය යුතුයි , ආගමක් ඇදහීමේ නිදහස දිය යුතුයි , කියල අන් අයගෙන් සිදුවන අසදරණයට එරෙහිව සටන් කරන ඔබල ... තමන්ගේ රටකදී ආගමේ වාක්‍ය උපයෝගී කරගෙන අන් ආගම වලට වැට බදින්නේ ඇයි ?
    කුරානය ගෙන යාමට හෝ මුස්ලිම් පිරිසට තමන්ගේ ආගමික කටයුතු කරගැනීමට ඉඩ නොදුන්නා රටක් කියන්න පුලුවන්ද ?
    එතුමා උත්තර දෙන විදිහට තමන්ගේ ආගමට අනුව වෙන ආගමක් එක්ක එකට ය යුතු නැති බව කියනවනම් , වෙන කිසිම ආගමක් සමග තවත් ආගමක් එකට ඇදහිය යුතු බව කියා නැති බවත් , ඒ ආගම ඔබේ අගම ඇදහීමට ඒ ආගම රටවලදී ඉඩ දෙන්නේ මානුෂිය හේතුන් මට නිසා බවත් කියන්න ඕනි (ඇත්තෙන්ම බයිබලයක් පොතක් පතක් ගෙන එන්නේ මුස්ලිම් අයට ඉගැන් වීමට නොවේ , ඒ අයගේ පව්ද්ගලික බාවිතයට) , එසේ මානුෂිය හේතුන් මට ඉඩ දීම වැරදිය , ආගමේ කියන දෙයම කල යුතු බව කියනවනම් අන් ආගම වලත් තමුන්ගේ අගම සමග වෙන කිසි ආගමක් අදහන්න එපා කියල තියන නිසා කුරානය ගෙන එම පල්ලි ඉදි කිරීම තහනම් කරීම වැනි කටයුතු කලොත් එක වැරදිය කියා සටන් කල යුතුද ? ජෙරුසේලමෙහි සිදු උන දෙයත් මේ වගේ දෙයක්ද ?

    Just ask bro...aint no harm in it.
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0

    මතුපිටින් බලල ත්‍රෙඩ් එක නිකන් බම්ප් කරන්නේ නැතිව මේ ප්‍රශ්නෙට උත්තර දෙනකන් ඉන්න


    ප්‍රශ්නේ අහන කෙනාම උත්තර දුන්නේ ඇයි?:)

    මුද්‍රණ දෝෂයක්ද මන්ද
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඔබ මීට අමතරව අහල තියෙන ප්‍රශ්න මම පිළිතුරු දෙන්න ලේසි වෙන්න 2 කට බෙදන්නම්. එකක් දඬුවම් කිරීම් අනෙක ඇඳුම්.

    1.දඬුවම්:

    ඔක්කොම කියනවා ඉස්ලාමයේ දඬුවම් ක්‍රමය 7 වන සියවසේ දැන් මිනිසුන් දියුණුයි එනිසා ඒවා අදට apply වෙන්නේ නැහැ කියල. එහෙම මිනිස්සු දියුණුයි නම් ඇයි ලෝකයේ හැම රටකම වරදට දඬුවම් දීමේ ක්‍රමයක් පවතින්නේ? ඔයාගේ අදහස අනුව දඬුවම් කිරීම සහ මුලින්ම නැති කල යුත්යිද? එහෙම නැහැ නමුත් බැරෑරුම් දඬුවම් නැති කල යුතුයි කියන අදහසේ ඔබ ඉන්නවා නම්, මම ඊයේ ලංකාවේ සිදුවෙච්ච නඩු තීන්දුවක් පහත quote කරලා තියෙනවා, වරදකරුට දිය යුතු හරි දඬුවම කුමක්ද කියල කරුණ කරලා කියන්න.mema නඩු තීන්දුවට ඔයාගේ (හෝ ඔයාගේ විශ්වාසයේ ලබා දී ඇති) විසන්දුමත් දැනගන්න මට කැමත්යි.[/SIZE]



    මොන වගේ පරිසරයක වරදකරුවන්ට දඬුවම් කල යුතුද , සමාජ වටපිටාව කුමක්ද, බලපෑ සාධක මොනවද, එසේනම් එයට ගැලපෙන දඬුවම කුමක්ද යන්න ඉස්ලාමයේ අදහස අපිට සාකච්චා කරන්න පුළුවන්. ඉස්ලාමයේ මරණ දඬුවම, හොරකමට දඬුවම වගේ දේවල් ඔයාටම දැනගන්න පුළුවන් google කරලා බැලුවොත්, ඒවා ගැන ඇත්තටම දැනගන්න ඕනෑ අයට ඕනේ තරම් resouces තියෙනවා net eke, ඒ වගේම බොරුවට මඩ ගහන්න හදපු sites උත් තියෙනවා, අවශ්‍යතාවය තියෙන එක්කෙනාට ඒ දෙක වෙන් කරලා හොයා ගන්න පුළුවන්.


    දඩුවම් දීම වැරදිය කියනවා නෙවෙයි මචන් ! එත් සමහර දඩුවම් ගැනයි මම මේ කියන්නේ ...අගමැ අ ත ඇරියට මරන්න ඕනිද කියල වගේ ප්‍රස්නයක් තියනවනේ , අනික ආගමකට අපහස කලත් මරන්න ඕනිද ? ඒ මිනිසෙක් තමුන්ගේ අදහස ප්‍රකාශ කිරීමක් , එසේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් තිබිය යුතු නැද්ද ? තමන් දරන මතයට විරුද්ද අදහසක් දරන එක මරන්න තරම් වරදක්ද ?
    බොරුවට අපහස කිරීම වැරද්දක් , එක සමාජ නීතියක් එකට ඉඩ දෙන්න බහ නමුත් එකට හිරේ දැමම , වන්දියක් වගේ දඩුවම් තියනවා , අගමැ අත්හැරීම මොන හෙතුව්කට් කලත් , මොන විදිහට කලත් එකට මරන්න තියන මානුෂිය අයිතිය මොකක්ද ? අගමැ තමුන්ගේ විස්වාසයක් විතරයි නේද ? හදිස්සියෙවත් ලෝකය මවල තිබුනේ දෙවියෝ නෙවෙයිනම් , දිවිය ලෝකයක් නැත්තම් අපායක් නැත්තම් මේ ජීවිතය කියන එක ලැබෙන එකම අවස්ථාවනම් , බහුතරයගේ විස්වාසය දේශ සහගත ලෙස හෝ කොයි විදිහට ඇත හරියට මරණ මිනිසෙක්ගේ ජිවිතය අපහු දෙන්න පුලුවන්ද ?
    තවත් තැනක් වෙන්නේ බඩ ගින්නට හොරකම් කරන ළමයෙක්ගේ ත කපල වගේ ගැන හිතල බලන්න , .... මරණිය දඩුවම පවා දිය හැකි සහ සදරණිය කරණය කල හැකි අවස්ථා ඇත , නමුත් සමහර වැරදි වලට දෙන දඩුවම් ගැන දඩුවම් දිය හැකි සිමාව ගැන ප්‍රශ්නයක් තියනවා නේද යාලු ?
    එහෙම නැහැ කියල ඔය කියන නිසා මම තවත් හොයා බලන්නම් මේක ගැන ලින්ක් එකක් දෙන්න පුලුවන්නම් දීපන් මචන්

    2.ඇඳුම්



    මිනිහෙක්ගේ එළියෙන් පෙනෙන දෙයින් ඔහුව මනින්න බහ ඇත්ත, නමුත් සිතන්න ඔයාගේ ආගමේ පුජකවරයෙක් ඇඳුම් අඳින්නේ නැතිව ඇවිත් අනිත් අයට මාව judge කරන්න එපා මම කියන දේ විතරක් අහන්න කිව්වොත් සමාජය ඔහුගේ වචන පිළිගනීද? එනිසා ඇඳුමින් සමාජය ගරුත්වය තීරණය කරන එකයි යථාර්තය. යථාර්තට අවශ්‍ය ජීවන රටාවක් තමා ඉස්ලාමය කියා දී තිබෙන්නේ. අනික අඳින විදිහ හරි නම් පුජා භුමි, සමාජයේ පිළිගත් ස්ථාන වල පමණක් එය වෙනස් කල යුත්තේ ඇයි? පුජා භුමි, සමාජයේ පිළිගත් ස්ථාන වල ඉන්නේ අනිත් තැන්වලට නොයන මින්සුන්ද? පුජා භුමි, පිළිගත් ස්ථාන ස්ථාන කියන්නේ සමාජයම නොවේද?
    කෙනෙක් ඇඳිය යුතු දෙය ගැන කතා කිරීමට මිනිසුන්ට කිසිම අයිතියක් නැත කියන මෙම නුතන, ප්‍රජාතන්ත්‍රවාදී සමජයම මුස්ලිම් ගැහැනුන්ගේ අඳින විදිහ වෙනස් කිරීමට මෙතරම් වලිකෑම සිනහව උපදවන කරුණක් නොවේද?. ඔබගෙන් මම ඇහුවොත් මුස්ලිම් කෙනෙක්ගේ ඇඳුම ඔබට බලපාන්නේ කොහොමද කියල..ඔබේ පිළිතුර කුමක්ද? එයින් ඔබට කරදරක් වෙනවද?
    ඉහත ඔබගේ ප්‍රකාශයෙන් මට පැන නැගෙන අනිත් ප්‍රශ්නය නම්, "සම්පුරණයෙන් වසා නොගෙන, විනීතව අදින්නට" ශරීරයේ කොයි ප්‍රදේශ ආවරණය විය යුතුද? කෙනෙක් යට ඇඳුම් පමණක් ඇඳගෙන ඇවිත් හා තවත් කෙනෙක් සිවුරක් හැඳගෙන ඇවිත් දෙන්නම ඔබට කිව්වොත් මම සම්පුරණයෙන් වසා නොගෙන, විනීතව ඇඳගෙන ඉන්නේ කියා කාවද ඔබ හරියි කියල පිළිගන්නේ?

    මගේ අදහස නම් මෙම කරුණු ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්නන්ට අවශ්‍ය අයට හේතු කරගෙන ඇති නමුත්, ජාතීන් අතර සමගිය නැති වීමට කිසිසේත් බලපාන්නේ නැති කරුණු බවයි. මොකද වෙනස් ජාතීන් අතර වෙනස් ඇඳුම් පැලඳුම්, ජීවන ක්‍රම, ප්‍රශ්නයකට වෙනස් විසඳුම් අනිවාර්යෙන් තිබෙ. නැත්නම් එතන වෙනස් ජාතින් නැත.




    sorry couldn't reply sooner, was busy at work :)
    [/QUOTE]

    සිරාවට මචන් අපහු උබට තේරුනේ මම කියන එක නෙවෙයි වගේ , මචන් ලංකාව හෝ ඇමෙරිකාව හෝ වෙන කිසිම රටක මුස්ලිම් කෙනෙක්ගේ ඇදුම කාටවත් ප්‍රස්නයක් නෙවෙයි කව්රුත් එහෙම අදින්න එපා කියන්නේ නැහැ තමුන්ට කැමතිනම් එහෙම අදින්න , අව්ලක් නැහැ , පොඩි පොඩි අව්ල් වෙන අවස්ථා තියනවා , උද හරණයක් විදිහට ආරක්ෂක හේතුන් මත බැංකුවකට ඇතුල් වීමේදී , කමුදල් යන්ත්‍රයක් බාවිතයේදී , ආරක්ෂකත ස්ථානයකට ඇතුල් වීමේදී සම්පුරණයෙන් වසාගෙන සිටින කෙනෙක් ඇතුල් වීමේදී එතන ප්‍රස්නයක් එනවා , ඒ ඇරෙන්න , ඉස්ලාම් ඇරෙන්න ලෝකේ මොන රටකවත් මිනිස්සු අදින අඩුම මොන වගේ විය යුතු බවට මිනිස්සු තීරණය කරන්න යන්නේ නැහැ , එත් මුස්ලිම් රටක මුස්ලිම් නොවන කෙනෙක් අදින්න ගියාම ,කොච්චර විනීතව ඇන්දත් තමුන්ගේ ආගමේ කියන විදියට ඇරෙන්න අදින්න වෙන මිනිහෙක්ටවත් ඉඩක් නැහැනේ ,
    මචන් ඇමෙරිකාවේ උනත් ගැනු බිකිනි ඇදගෙන වැඩට යන්නේ නැහැ, , එහෙම කරන්න ගියොත් සමාජයෙන් කොන් වෙනවා , අදාල තැනට ගැලපෙන විනීතව අඩිය යුතුයි කියන එක සමාජ රීතියක් , ඒ රීතින් මත තමන්ට කැමති ඇදුමක් අදින්න නිදහස මිනිස්සුන්ට තිබිය යුතුයි නේද ? මුස්ලිම් කියල වෙනසක් නැහැ මම කතා කරන්නේ මනුස්ස ජතියෙටම එහෙම තියෙන්න ඕනි නේද කියල ,,
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    අද කාලේ හඳ පෙන්නන අය ගැන දෙසැරයක් හිතන්න වෙලා තියෙනවා. මොකද හඳ පෙන්නල අපේ අවධානය ඒ පැත්තට යොමු කරලා පිටිපස්සෙන් පිහියෙන් අනින අයනේ අද ඉන්නේ. අනෙක ඒ වගේ අයයි ඒ අයට පන්දන් අල්ලන අයයි භයානකයි මුහුණට මුහුණ සටන් කරන අයට වඩා :)



    ප්‍රශ්නේ අහන කෙනාම උත්තර දුන්නේ ඇයි?



    එසේනම් මුස්ලිම් ජාතිකයන් උසස්පෙළට විද්‍යා විශය හදාරණ ‍එක අල්ලාහ් දෙවියන්ට විරුද්ධ නැත්තේ ඇයි..?

    මන්ද යත් ඒ තුල ඉහත කී කරුණු සත්‍ය යැයි ඉිගෙන් ගන්නා නිසා
    (උත්තරේ කොටසක් දීල තියෙනවා)
    :)


    මේ ප්‍රශ්නේ දැක්කත් නොදැක්ක වගේ ත්‍රෙඩ් එක බම්ප් කරල ඇත්ත වහන්න සමහරු උත්සහ කිරීම බරපතල ප්‍රශ්නයක්:)
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ප්‍රශ්නේ අහන කෙනාම උත්තර දුන්නේ ඇයි?:)

    මුද්‍රණ දෝෂයක්ද මන්ද
    අනේ මන්ද ඔයාගේ තේරුම් ගැනීමේ හැකියාව නම් අන්තිමයි. ඒ තියෙන්නේ ප්‍රශ්නෙට පිළිතුරක් නෙමෙයි. ප්‍රශ්නය ඇසීමේ අරමුණ පැහැදිලි කිරීමක්. ආයේ හොඳට කියවල බලන්න.
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මන්ද යත් ඒ තුල ඉහත කී කරුණු සත්‍ය යැයි ඉිගෙන් ගන්නා නිසා....


    ඉහත කරුණු ලෙස මොහු දක්වන්නේ කුමක්ද යන්න පැහැදිලි කළා නම් තමයි හොදයි. ඒ කියන්නේ මැවුම්වාදයද නැතිනම් විද්‍යාත්මක කරුණුද යන්න.
    :)

    ගොඩක් මුස්ලිම් අය හිතන් ඉන්නේ
    බිග් බෑන්ග් තියරිය වගේ විද්‍යානුකූල කරුණු ඒගොල්ලන්ගේ කුරානේ තිබුන කියල. පල්ලෙහා තියෙන ත්‍රෙඩ් වගේ දේවල් ඕන තරම් අපි දැකල තියෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=97741

    ඒ වගේ අය මේ ත්‍රෙඩ් එක බම්ප් කලේ විද්‍යාවෙන් ඒ ගොල්ලන්ගේ මත සත්‍ය බව ඔප්පු වෙන බව කියා ඇතැයි සිතාගෙනද යන්න සිතා බැලිය යුතුය. බුදු දහමේ පොඩි හොදක් ගැන කියවෙන ත්‍රෙඩ් එකක් හරි මැවුම්වාදයට එරෙහි ත්‍රෙඩ් එකක් හරි බම්ප් කරන්නේ නැති siraj ල වගේ අයත් මේක බම්ප් කරලා තියෙනවා. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒක නොතේරෙන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ:)
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    සහෝදරයා කර්මය කියන්නේ දකින්න පුලුවන් දෙයක්වත අල්ලන්න පුලුවන් දෙයකවත් නෙවෙයි...ඒක ශක්ති විශේෂයක්...විශ්වය පුරා පැතිරුණු ප්‍රබල ශක්ති විශේෂයක්....ඒත් මිනිසා තුල බලපැවැත්වෙන එකම දේ කර්මය නෙවෙයි...තව නියාම ධර්ම 4ක් බලපානවා. ඒ ගැන විස්තර බින්ගෝ සහෝදරයා කියලා තියෙනවා නේද...

    බුද්ධ දර්ශනය අනුව මේ ලෝකේ කවුරුවත් මැවු දෙයක් නෙවෙයි...බුදුන් වහන්සේ නිර්මාණවාදය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා...කිසිම තැනක මේ විශ්වයේ නිර්මාණය ගැන එතුමා කියලා නැහැ.ඒත් මිනිසාගේ පරිනාමය පිළිබඳව ඒක්තරා සුත්‍රයක (අග්ගඤ්ඤ සූත්‍රය) දේශනා කරලා තියෙනවා....ඒ බුදුන් වහන්සේගෙන් ඔනේම වෙලාවක ඔනෙම දෙයක් ගැන අහන්න පුලුවන්.කිසිම තහංචියක් නැහැ.ඉතිං මේ ලෝකේ ආරම්භ වුනේ කොහොමද කියලා ඒ කාලේ හිටිය අයටත් ප්‍රශ්න ඇති වුනා....දවසක් කෙනෙක් ගිහින් ඇහුවා මේ ලෝකේ ආරම්භ වුනේ කොහොමද...කවදද...කවුද මැව්වේ....වගේ ප්‍රශ්න ...ඒත එතුමා නිස්සද්දව හිටියා..එතුම මේ වගේ ප්‍රශ්න වලට කිව්වේ අව්‍යකෘත ප්‍රශ්න කියලා....ඒ කියන්නේ උත්තර දුන්නට සාමානය මනසකට තේරුම් ගන්න බැරි..උත්තර දුන්නත් ඊට පස්සේ ඒ වගේම ප්‍රශ්න ගණනාවත් හිතේ ඇතිවන (විශ්වයේ සම්භවය මෙහෙමයි කිව්වහම ඇයි එහෙම වුනේ..අරහෙම වෙන්නේ නැතුව වගේ දේවල්)....ඒ දැන ගන්න දේවල් වර්ථමානයේ ජීවත් වෙන්න කොහෙත්ම අදාල නැති ප්‍රශ්න....ඒව්වට උත්තර දුනේනේ නැහැ එතුමා....
    අනික විශ්වයේ සම්භවය පිළිබඳ කිසිම ආගමක/ දර්ශයනක උගන්වලත් නැහැනේ.....එහෙම කියලා තියෙන දේවලුත් අසම්පුර්ණයිනේ....නිකමට හිතලා බලන්න දෙවිකෙනෙක් ලෝකේ මැව්ව නම්....
    *ඒ දෙවියො බිහි වුනේ කෙහොමද...කවුරු හරි මැව්වද..?
    *මැව්වේ නැත්තං නිකම්ම එතුමා බිහි වුනාද...(එතුමා නිකම්ම බිහි වුනා නම් මැවුම්වාදයත් එතනින්ම ප්‍රතික්ෂෙප වෙනවනේ)
    *මැව්ව නම් එතුමාව මව්වේ කවුද..එතකොට ඒ මවපු කෙනාව මව්වේ කවුද...
    *දෙවියන්ව කොහොම මැවුනත් මේ විශ්වය මවන්න කලින් ඒතුමා හිටියේ කොහෙද...ඒ කියන්නේ ඒතුමාට ඉන්නත් තැනක් අවකාශයක් තියෙන්නත් එපැයි නේද...එතකොට ඒ අවකාශය එතුමාට කලින් බිහිවෙන්න ඔනිනේ..නැත්තං එතන මැවෙන්නේ කොහොමද ඉඩක් නැතුව....
    *එතකොට ඒ අවකාශය මැව්වේ කවුද....
    මෙහෙම අනන්නතය වෙනකම් ප්‍රශ් න අහන්න පුලුවන් මට....කිසිම ආගමක/දර්ශනයක මේකට උත්තර නැහැ....බුදුන් වහනසේත් මේක ගැන අහනකොට කිව්වේ මේක දැන ගත්තට වැඩක් තියෙද අපට කියලා.....දැන් ගන්න මෙච්චර දේවල් තියෙන්දි එදිනෙදා ප්‍රශන වලට උත්තර හොයා ගන්නේ නැතිව මේක ගැන දැන ගත්තත් ඇති ඵලේ මොකක්ද නිසා .අනික ඒ ගැන කිව්වත් සාමාන්‍ය මනසකට ඒක තේරුම් ගන්න පුලුවන්ද...(උදාහරණයක් විදියට සාමාන්‍ය කෙනෙකුට ක්වොන්ටම් වාදය ගැන තේරුම් කරන්න ගියොත් ප්‍රතිඵලයක් තියෙද..?) අන්න ඒකයි බුදුන් එදා මේ ප්‍රශ්න වලට උත්තර නොදුන්නේ...ඒත් අනිත් ආගම් ශාස්තෘවරුන් මේ ගැන කියන්නේ මෙනවද..? ඔබට කර්මය ක්‍රියාත්මක වෙන ආකාරය මම තව දුරටත් පැහැදිලි කරන්නම්....(නොදන්නා හෙයින් ..දැන ගැනීම සඳහා)



    මේක දැක්කේ පස්සෙනේ. ගොඩක් හොදයි. මේ ගැන මුලින් දැම්ම නම් කීයටවත් සිරාජ් ල බම්ප් කරන්නේ නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක තේරුම් ගන්න කියල තමයි අපි කියන්නේ:)


    Religious section පැත්තේ ආව අරාබියේ ඉදල කෙනෙක්. එය කෙලින්ම ප්‍රශ්න කරලා තිබුන බුදුන් වහන්සේ කියන්නේ මනුස්සයෙක්, ඒ වගේම අයින්ස්ටයිනුත් තමන් විසින්ම දෙයක් සොයා ගත් මනුස්සයෙක්
    . ඉතින් මෙයා අහනවා බුදුන්ට වදින්න පුළුවන් නම් ඇයි අයින්ස්ටයින් ට වදින්නේ නැත්තේ කියල . ඒ ත්‍රෙඩ් එකට ආපු කෙනෙක් තමයි මේ ත්‍රෙඩ් එක ගැන දාල තිබුනේ . ඒ නිසයි අපි කියන්නේ ත්‍රෙඩ් එක පටන් ගන්න තැන තියෙන උදාහරණෙන් වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන් කියල. :)
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    පෙර කී අරාබි ජාතිකයා මෙන් සිතන අයට

    බුදුන් වහන්සේ දෙවි කෙනෙක් නොවන බව සැබෑය. නමුත් බුදු වීමට පෙර ජීවිතයේ දෙවිවරු අතර සිටි දෙවි කෙනෙකි. අනෙක් දෙවි වරුන්ගේ ආරාධනා මත සම්මා සම්බුද්ධත්වය ලැබීමට මනුස්ස ලෝකයට පැමිණි කෙනෙකි. බුද්ධත්වය දෙවි කෙනෙක්මෙන් සිටියදී උත්සහ නොකිරීමට හේතුව ගැන දෙවරක් සිතා බැලිය යුතුය.:)

    අනෙක ඉවරයක් නැති භෞතික ලෝකයේ ප්‍රශ්න වලින් කිහිපයකට උත්තර ටිකක් සොයා ගත් කෙනෙක්ට වඩා සියළු දුකට හේතුව හා එයින් මිදීමේ එකම මාර්ගය සොයා ගෙන දේශනා කිරීමේ වෙනසක් තියෙන බව තේරුම් ගත යුතුය.




    බුද්ධත්වයට පත් වුවා යනු චතුරාර්ය සත්‍ය අබබෝධ කිරීමය. එනම්,

    • දුක
    • දුකට හේතුව
    • දුක නැති කිරීම
    • දුක නැති කිරීමේ මාර්ගය
    යන ආර්ය සත්‍ය සතර අවබෝධයෙනි. පහත සදහන් කුමන අයුරකින් හෝ

    අපට යම් දිනක මේ කියන දුක අත්විදින්නට සිදුවනු ඇත. එම සත්‍ය ගැන


    යම්කිසි අවබෝධයක් ලැබීම අපහසු නැත. එසේ නොවන්නේ යයි යමෙක්


    සිතන්නේ නම් ඔහුට ඉන් වන්නේ අයහපතකි.




    ජාති දුක


    එනම් ඉපදීමයි. ජාති දුක විවිධ දුක් වලට මූල හේතුව වේ. එසේ ඇති වන දුක් නම්,

    දුක්ඛ දුක්ඛය


    අමිහිරි අත්දැකීම් නිසා සාමාන්‍යයෙන් ඇතිවන කායික මානසික වේදනා

    විපරිණාම දුක්ඛය


    කායික මානසික සුවය නැති වී යාමෙන් ඇතිවන වේදන

    සංඛාර දුක්ඛය


    සංස්ඛාර ධර්මයන්ගේ ඇති වීම නැති වීම නිසා ඇතිවන වේදනා

    පටිච්ඡින්න දුක්ඛය


    අත පය කැඩීම්, බිඳීම්, තුවාල වීම් ආදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන දුක

    පරියාය දුක්ඛය



    ජාති,ජරා ,ව්‍යාධි(ලෙඩ දුක්) ආදී විවිධ ලෙසසින් ඇති වන දුක

    නිප්පරියාය දුක්ඛය


    දුක්ඛ දුක්ඛ මෙයින් අදහස් කෙරේ

    මෙබඳු දුක් වලට පෘතග්ජන සත්වයෝ මුහුණ දෙති.

      • ගර්භා වක්‍රාන්ති මූලික දුක්ඛ-මව් කුස තුළ අත් පා හකුළුවා ගෙන ගත කිරීමට සිඳුවීම.
      • ගර්භ පරිහරණ මූලික දුක්ඛ -මවගේ කෑම බීම ගමන් බිමන් ආදී සෑම අවස්ථාවකදීම කුස තුළ සිටියදී පීඩා විඳීමට සිදු වීම.
      • ගර්භ විපත්ති මූලික දුක්ඛ- ඇතැම් විට බිහිවන අවස්ථාවේදී වෙදුන් විසින් සැත්කම් ආදිය කිරීම නිසා ඇති වන දුක
      • විජායන මූලික දුක්ඛ- පර්‍වතයකින් හෙළනු ලැබූවකු මෙන් හිස යටිකුරුව බිහිවන විට ඇති වන දුක
      • වහීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ-අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුකට නොදෙවෙනි දුකක් උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇත් වීම
      • ආත්මෝපක්‍රම දුක්ඛ- ජීවත් වන අතරතුර ලෝභාදී අකුසල ධර්ම නිසා ඇති වන දුක
      • පරෝපක්‍රම දුක්ඛ- අන්‍යයන් විසින් තැලීම්, කැපීම්, බැනීම් ආදිය නිසා ඇති වන දුක

    • . ජරා දුක -පංච ඉන්ද්‍රියන් දිරාපත් වීම නිසා ඇති වන දුක
    උදා- ඇස් නොප කන් නොඇසීම



    • .මරණ දුක- ක්ෂණික මරණ හා සම්මුති මරණ
      • ආයුක්ඛය
      • කම්මක්ඛය
      • උපච්ඡේදන
    යනුවෙන් මරණය සිවු වැදෑරුම් වේ.

    • සෝක දුක- තමන් සතු සම්පත් නැති වීම අඹුදරුවන් මිය යාම ආදිය නිසා ඇති වන දුක
    • පරිදේව දුක- හඬාවැලපීම් නිසා ඇති වන දුක
    • දුක්ඛ දුක්ඛ -ශාරීරික හා මානසික වේදනා තුන් දොස් කිපීම වැනි හේතු නිසා ඇති වන දුක
    • දෝමනස්ස දුක්ඛ- සිතෙහි හට ගන්නා දුක, දරුවන් අකීකරු වීම්, බිරිඳ දුසිරිතෙහි යෙදීම ආදිය නිසා ඇති වන දුක
    • උපායාස දුක- හිතවත් ඥාතීන්ගේ මියැදීම නිසා ඇති වන දුක
    • අප්‍රිය සම්ප්‍රයෝග දුක- අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් මූණ ගැසීම නිසා ඇති වන දුක
    • ප්‍රිය විප්‍රයෝග දුක - ආශා කළ පුද්ගලයන් හා වස්තූන්ගෙන් වෙන් වීම නිසා ඇති වන දුක
    • කැමති දේ නොලැබී‍මේ දුක - සිතන පතන අයුරින් ඒවා ඉටු නොවීම
    • පඤ්ච උපාදානස්කන්ධ දුක - රූප වේදනාදී පඤ්ච උපාදානස්කන්ධ නිසාම ජාති ජරා මරණාදී දුක් හට ගනී. ස්කන්ධ පහම එහෙයින් දුක් වේ
    http://si.wikipedia.org/wiki/%E0%B6%A0%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA_%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA#.E0.B6.AF.E0.B7.94.E0.B6.9A.E0.B7.8A.E0.B6.9B_.E0.B7.83.E0.B6.AD.E0.B7.8A.E2.80.8D.E0.B6.BA.E0.B6.BA

    මෙම දුකට හේතුව තණ්හාවයි. එය අපට තේරෙන විදිහට සරලව ලියන්නට
    උත්සහ කරන්නෙමු. යම්කිසිවක් තේරුම් ගැනීමට හැකි කුඩා දරුවා මෙන්ම
    වැඩිහිටි අයද තමන්ගේ කය හා සිත මගේ යයි සලකා දැඩි ලෙස අල්ලාගෙන ජීවත් වෙති. ඉන්පසු තම රූපයට මෙන්ම තමා සතු සියලු දේට මගේ යයි ගෙන
    ජීවත් වෙති. ඒවා ආරක්ෂා කිරීමට වෙහෙසී වෙනස් වෙනකොට හෝ නැතිවෙන විට දුක් වෙති. තවද තමා ලබා ගැනීමට කැමති වෙනත් දේවල් වලටද ආසා කර
    ඒවා නොලැබෙන විටද දුක් වේ. මෙම සියලු දුක් වලට මූලික වන්නේ සිත හා කය මම ලෙස අල්ලා ගැනීම නොහොත් උපාදානයයි. වාතය හා හිරු
    එළිය උපකාර ඇතිව ආහාරයෙන් හා ජලයෙන් සකස් වුන මේ ශරීරය මගේ ලෙස ගන්නේ මෙහි යථා ස්වරූපය නොපෙනෙන නිසාය. කටට ගත් ආහාර ටිකක්
    නැවත එලියට ආ විට වමනය ලෙස පිළිකුල් කරනා අප එම වමනෙන් සකස් වුන දෙයට ඇලුම් කරයි. විද්‍යාව ඉගෙන ගන්නා අය මෙම ශරීර මෙන්ම අනෙකුත්
    භෞතික දේවලුත් නිතර වෙනස් වෙන කුඩා අංශු වලින් සකස් වුන බව ඉගෙන ගනියි. මේවා මම මගේ කියා අල්ලා ගත නොහැක. සාමාන්‍ය කෙනෙකුට එම යතාර්ථය දැන ගැනීමට ලැබෙන්නේ අන්වීක්ෂ වැනි උපකරණ ආධාර ඇතිවය. නමුත් සම්මා සම්බුද්ධත්වය ලබන බුදු රජානන්වහන්සේලා මේවා ගැන දේශනා කරන්නා භාවනාවෙන් ලැබූ චිත්ත ඒකාග්‍රතාව පාවිච්චි කර ලබා ගන්නා බුද්ධ ඥානයෙනි. එලෙස අවබෝධ කර ගෙන දේශනා කල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනා කෙනෙක්ට අන්වීක්ෂයක උපකාරයක් නොමැතිව පෙර කී යතාර්ථය අවබෝධ කල හැක. එම මාර්ගයේ ගමන් කිරීමට චතුරාර්ය සත්‍ය ගැන යම්කිසි අවබෝධයක් තිබිය යුතුය.

    ඉහත කී මාර්ගය ගැන සරලව ලියනවා නම්


    සීල

    සමාධි
    ප්‍රඥා

    චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීමට කය සංවර විය යුතුය. එය සීලය ලෙස හැදින්වේ.
    ප්‍රඥාවේ හා හිතේ උදව්වක් නැතිව එය සිදු නොවේ. එහෙමෙහේ දුවන කුඩා දරුවෙකුට කිසිවක් තේරුම් කර දිය නොහැක. එක තැන වාඩි වීමට තරම් සංවර වූ විට ටිකක් කියා දිය හැක. නමුත් ඔහු හිතෙන් දුර යන්නේ නම් කියා දීමෙන් පලක් නැත. සීලයෙන් කරන්නේ සමාධියට යාමට අවශ්‍ය සංවරකම පුහුණු වීමයි. ඉන්පසු චිත්ත එකාග්‍රතාවයට උත්සහ කල හැක. කාචයක් භාවිතා කර හිරු එළිය එකතු කල විට වියලි කොළ රොඩු ගිනි දැල්වීමට ශක්තිය ලැබෙන්නා සේ චිත්තඑකාග්‍රතාවයෙන් අසාමාන්‍ය බලයක් මිනිස් සිතට ලැබේ. අන් අයට නොපෙනෙන දේවල් දැකීමෙන් ඇතිවෙන අත්දැකීම් ප්‍රඥාව වර්ධනයට ඉවහල් වේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1485304
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    සම්මා සම්බුද්ධත්වයට පත් වීම ලෙහෙසි දෙයක් යයි ඇතැම් අයගේ මතයක් තිබේ. පෙර කී අරාබි ජාතිකයාගේ බොළද තර්ක වලින් එය ඔප්පු වේ. නමුත් බුද්ධත්වයට පත් වීමට පහත පාරමිතා දහය තුන් ආකාරයකින් සම්පූර්ණ කල යුතුය . එනම්,

    1. තමන් සතු භෞතික වස්තූන් කැප කර පුරුදු කල යුතුය
    2. තමන්ගේ ශරීරයේ කොටස් කැප කර පුරුදු කල යුතුය
    3. තමන්ගේ ජීවිතය පරිත්‍යාග කර පුරුදු කල යුතුය.

    මෙලෙස පාරමිතා සම්පූර්ණ කිරීමට මහා බෝසත්වරයෙක්ට කල්ප ගණන් දුක් විදීමට සිදු වේ. කල්පයක් යනු ඉලක්කන් වලින් මෙතකැයි කිව හැකි සංඛ්‍යාවක් නොවේ. තේරෙන වචන වලින් කියනවා නම් අවුරුදු
    මිලියනයේ ඒවා මිලියනයකට වඩා වැඩි විය හැක :)

    අවුරුදු ගණනින් සංඛ්‍යාත්මකව කිව නොහැකි තරම් දිගු කාලයකි. මේ පිළිබඳව තථාගතයන් වහන්සේ වදාළ උපමාවක් නම්, "දිග, පළල සහ උස යොදුන බැගින් වූ සිදුරු නැති ඝණ පර්වතයක් වසර සියයකට වරක් කසී සළුවකින් පිරිමදින කල, ඒ පර්වතය ගෙවී ගියත් කල්පය අවසන් නොවේ"
    යනුවෙනි.
    http://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA

    දස පාරමිතා

    1. දානය

    2. සීල
    3. නෙක්ඛම්ම
    4. ප්‍රඥා
    5. වීර්ය
    6. ඛන්ති
    7. සච්ච
    8. අධිට්ඨාන
    9. මෙත්තා
    10.උපේක්ඛා


    මෙලෙස මේ දේ කැප කලේ නැතයි කියා කීමට නොහැකි සියලු දේ කැප කර අප්‍රමාණ කාලයක් දුක් විද පෙරුම් පුරන්නේ තමන්ගේ විමුක්තියටද? බුද්ධත්වය පැතීම පටන් ගන්නේ රහත් වී දුකින් මිදීමට පින ඇති කෙනෙක්මලු. තමන්ට ගොඩ යන්න පුළුවන් කම තිබියදී මේසා දුකක් විද ලබන උත්තරීතර සම්මා සම්බුද්ධත්වය එක ජීවිතයකදී කල කැප කිරීමක ප්‍රතිඵලයක් නොව. මේ විදිහට පාරමිතා පුරන තව අය නොයෙක් කාල වලදී මනුස්ස ලෝක වලට එන්නේ අවශ්‍ය කුසලතා පුරුදු කිරීමටය. නමුත් ඔවුන් කිසිවිටක බුදු වෙන්න කලින් බුද්ධත්වයට සම වන්න සිතන්නේ නැත . සම්මා සම්බුදුරජානන්වහන්සේ නමක් යනු අසම සම සීලයකින් යුතු, අසමසම සමාධියකින් යුතු, අසම සම ප්‍රඥාවකින් යුතු උත්තරීතර රත්නයකි. අසම සම කරුණාවකින් යුතු බුදුන් වහන්සේට බුදු කෙනෙක්ට පමණක් පා හැකි ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ අසමසම හැකියාවක් තිබුනද උන්වහන්සේ ඒවාට මුල් තැන දුන්නේ නැත. භාග්‍යවත් සම්මා සම්බුදුරජානන්වහන්සේගේ දෙපා නැමද අප වන්දනා කරන්නේ පහත ගුණ සිහි කරය :)


    1. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ, සියළු රාග, ද්වේශ, මෝහ දුරු කල සේක. සියළු අකුසල ධර්මයන් ප්‍රහානය කල සේක. සියළු කුසල ධර්මයන් උපදවා ගත් සේක. සියළු කෙළෙසුන් කරෙන් නිදහස් වී වදාළ සේක. රහසින්වත් පව් නොකල සේක. සියළු පාපයන්ගෙන් මිදුන සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා , ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක.

    2. බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගුරු උපදේශ නැතිවම පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කල සේක. සම්මා සම්බුද්ධ වන සේක.

    3. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ සියලු විද්‍යාවන් උපදවා, ඒ සියළු විද්‍යවන්ට අනුවම නුවණින් හැසිරුන සේක. විජ්ජාචරන වන සේක.

    4. බුදුරජාණන්වහන්සේ සුන්දර නිවන් මග සොයා සුන්දර අමා මහා නිවනට වැඩම කල සේක. බුදුරජාණන්වහන්සේ අවබෝධ කොට වදාල ඒ ආර්ය අශ්ඨාංගික මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාව ඒ කාන්තයෙන්ම සුන්දරයි. බුදුරජාණන්වහන්සේ සුගත වන සේක.

    5. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ සියළු බ්‍රහ්ම ලෝකද, සියළු දිව්‍ය ලෝකද, මේ මිනිස් ලෝකයද, සතර අපාය, නිරය ආදී වූ සියළු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කල සේක. මේ සියලු ලෝක වලින් නිදහස් වී වදාල සේක. ලෝකවිදූ වන සේක.

    6. බුදුරජාණන්වහන්සේ දමනය කිරීමට නොහැකි වූ සියලු දෙවියන්වද, සියලු බ්‍රහ්මයන්වද, සියලු මිනිසුන්වද, සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් ද, ආදේශනා ප්‍රාතිහාර්යයෙන්ද, අනුශාසනා ප්‍රාතිහාර්යයෙන්ද, මහා කරුණාවෙන් යුතුවම දමනය කල සේක. අනුත්තරෝපුරිසදම්ම සාරථී වන සේක. අනුත්තරෝපුරිසදම්ම සාරථී වන සේක.

    7. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ දෙව්ලොව දෙවියන්ගේද, මනු ලොව මිනිසුන්ගේද, එකම ශාස්තෲන් වහන්සේ වන සේක. සත්ථා දේව මනුස්සානං වන සේක.

    8. බුදුරජාණන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අන් අයටත් අවබෝධ කර ගැනීම පිණිස ඉතා සුන්දර ලෙස, ඉතා පැහැදිලි ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි අර්ථ සහිතව දහම දෙසූ සේක. බුද්ධ වන සේක.

    9. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ අනන්ත වූ සීලයෙන්ද, අනන්ත වූ සමාධියෙන්ද, අනන්ත වූ ප්‍රඥාවෙන්ද අනන්ත වූ වීරියකින්ද, අනන්ත වූ සිහිනුවණින්ද, අනන්ත වූ විමුක්තියෙන්ද, අනන්තවූ විමුක්තිඥාන දර්ශනයෙන්ද, දසබල ඥානයෙන්ද, විශාරද ඥානයෙන්ද, මහා කරුණා සමාපත්තියෙන්ද සමන්විත වන සේක. බුදුරජාණන්වහන්සේ මේ සියලු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍යවන්ත වන සේක. භගවා වන සේක.

    ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පළමුව ද, දෙවනුව ද, තෙවනුව ද මාගේ නමස්කාරය වේවා…!
    http://www.dhammavoice.lk/sinhala/articles/June 2012/nawa_arahadi_budu_guna.php
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිංහල භාෂාව දන්නේ නැතැයි කියමින් පැමිණි අරාබි ජාතිකයෙක්ව මෙම ත්‍රෙඩ් එකට එක්කන් ආව එක ගැන මුකුත් කියන්නේ නැහැ. හැබැයි සිංහල නොදන්නා බව කියන්නා කෙනෙක්ට ප්‍රශ්න ටිකවත් තේරෙන්නේ නැති විය යුතු නේද? ඉතින් උත්තර ටික විතරක් පෙන්නා බලාපොරොත්තු වන්නේ කුමක්ද? කරුණාකර දුර දිග බලා කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. :)

    :lol:

    ඔක්කොටම ඉස්සෙල්ලා ත්‍රෙඩ් එක මුල ඉඳලා කියවන්න.
    මෙතන අපි ඉංග්‍රීසියෙන් අහපු ප්‍රශ්න සමහරකටත් උත්තර ලැබිලා නෑ.

    ;)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පැටියා;14066138 said:
    :lol:

    ඔක්කොටම ඉස්සෙල්ලා ත්‍රෙඩ් එක මුල ඉඳලා කියවන්න.
    මෙතන අපි ඉංග්‍රීසියෙන් අහපු ප්‍රශ්න සමහරකටත් උත්තර ලැබිලා නෑ.

    ;)


    මන් මෙච්චර දවස් උඹේ කිසිම දෙකට උත්තර දුන්න කෙනෙක් නෙවෙයි...මෙතනත් ඒකට සුදුසු තැනක් නොව්නත් මේක කියන්න ඕන.
    අද වෙනතුරු මේකේ මුස්ලිම් වරුන්ට සහ උන්ගේ ආගමට බනින ත්‍රෙඩ් යනකොට ඔබතුමාට බොහෝම වේදනාවක් දැනෙනවා කියල අපි දන්නවා..ඒවාට කතා කරන සහෝදරයන්ටත් බොහෝම හෑල්ලුවෙන් නේ කතා කරන්නෙත්..
    බුදු දහමට නිගරු දේ ,බුදු දහම ගැන දාන ත්‍රෙඩ් එකකට කවදාවත් ඔබතුමා එන්නේ නැත්තේ ඇයි?.බුදු දහම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බය ඇයි?...ඔය මුල් බැහැගෙන ඉන්න මතවාද සහ විද්‍යාත්මක හේතු නිසාද ?..
    නැත්තම් වෙනම හේතුවක්ද..????

    කොහොම උනත් කමක් නෑ..දිගටම මුස්ලිම් වරුන් වෙනුවෙන් පෙනී ඉන්න...
    ඔබට ජය..!!!
     
    • Like
    Reactions: Survivor.
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මන් මෙච්චර දවස් උඹේ කිසිම දෙකට උත්තර දුන්න කෙනෙක් නෙවෙයි...මෙතනත් ඒකට සුදුසු තැනක් නොව්නත් මේක කියන්න ඕන.
    අද වෙනතුරු මේකේ මුස්ලිම් වරුන්ට සහ උන්ගේ ආගමට බනින ත්‍රෙඩ් යනකොට ඔබතුමාට බොහෝම වේදනාවක් දැනෙනවා කියල අපි දන්නවා..ඒවාට කතා කරන සහෝදරයන්ටත් බොහෝම හෑල්ලුවෙන් නේ කතා කරන්නෙත්..
    බුදු දහමට නිගරු දේ ,බුදු දහම ගැන දාන ත්‍රෙඩ් එකකට කවදාවත් ඔබතුමා එන්නේ නැත්තේ ඇයි?.බුදු දහම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බය ඇයි?...ඔය මුල් බැහැගෙන ඉන්න මතවාද සහ විද්‍යාත්මක හේතු නිසාද ?..
    නැත්තම් වෙනම හේතුවක්ද..????

    කොහොම උනත් කමක් නෑ..දිගටම මුස්ලිම් වරුන් වෙනුවෙන් පෙනී ඉන්න...
    ඔබට ජය..!!!

    මම මුස්ලිම් අය වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ.
    මුල ඉඳලා ත්‍රෙඩ් එක කියවපං මම අහලා තියන ප්‍රශ්නත් පුලුවන් නම් තේරුම් ගනිං.
    මම කිවුවෙ මම මුස්ලිම් ආගම ගැන අහපු ප්‍රශ්න වලට පිලිතුරු මෙතන ඉන්න/හිටපු අය දුන්නෙ නෑ කියලා. ඒකයි අපි අරාබි ඩයල් එකක් ගෙන්නලා ඒ ප්‍රශ්න වලට උත්තර ඇහුවෙ. ඌ ගොංපාට් දාපු නිසා ඒක හරි ගියෙත් නෑ.

    පාට කණ්නාඩි දාලා බලන්න එපා බං. රට ජාතිය රැක ගන්නවනං මොලේ පාවිච්චි කරපං. රැල්ලට මොරාල් අප් කරං පිස්සො වගේ හැසිරෙන්න ඕනෙ නෑ මම හිතන්නෙ.

    මගෙ මතය අනික් ආගම් වලට අපහාස කරන්න එපා කියලා. අපහාසයෙන් මේ ප්‍රශ්න වලට පිලිතුරු හොයන්න බෑ කියලා මොලයක් තියන ඕනෙ එකෙක්ට තේරෙන්න ඕනෙ.
    :D

    අපි අනික් ආගම් වලට අපහාස කරනවනම් අපේ ආගමට අනික් අය අපහාස කරන එක ඉබේම වෙන දෙයක්. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. ඕකයි මම කියන්නෙ අනික් ආගම් වලට අපහාස කරන්න එපා කියලා.

    මම මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන එක නැවැත්තුවෙත් උඹලා වගේ එවුං නිසා. ටැග් ටික බලලා, උඩිං පල්ලෙන් කියවලා මේකා මුස්ලිම්, මේකා බෞද්ධ කියන්න එපා බං.

    කැතයි නේද ඒක? ;)
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    පැටියා;14066288 said:
    මම මුස්ලිම් අය වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ.
    මුල ඉඳලා ත්‍රෙඩ් එක කියවපං මම අහලා තියන ප්‍රශ්නත් පුලුවන් නම් තේරුම් ගනිං.
    මම කිවුවෙ මම මුස්ලිම් ආගම ගැන අහපු ප්‍රශ්න වලට පිලිතුරු මෙතන ඉන්න/හිටපු අය දුන්නෙ නෑ කියලා. ඒකයි අපි අරාබි ඩයල් එකක් ගෙන්නලා ඒ ප්‍රශ්න වලට උත්තර ඇහුවෙ. ඌ ගොංපාට් දාපු නිසා ඒක හරි ගියෙත් නෑ.

    පාට කණ්නාඩි දාලා බලන්න එපා බං. රට ජාතිය රැක ගන්නවනං මොලේ පාවිච්චි කරපං. රැල්ලට මොරාල් අප් කරං පිස්සො වගේ හැසිරෙන්න ඕනෙ නෑ මම හිතන්නෙ.

    මගෙ මතය අනික් ආගම් වලට අපහාස කරන්න එපා කියලා. අපහාසයෙන් මේ ප්‍රශ්න වලට පිලිතුරු හොයන්න බෑ කියලා මොලයක් තියන ඕනෙ එකෙක්ට තේරෙන්න ඕනෙ.
    :D

    අපි අනික් ආගම් වලට අපහාස කරනවනම් අපේ ආගමට අනික් අය අපහාස කරන එක ඉබේම වෙන දෙයක්. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. ඕකයි මම කියන්නෙ අනික් ආගම් වලට අපහාස කරන්න එපා කියලා.

    මම මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන එක නැවැත්තුවෙත් උඹලා වගේ එවුං නිසා. ටැග් ටික බලලා, උඩිං පල්ලෙන් කියවලා මේකා මුස්ලිම්, මේකා බෞද්ධ කියන්න එපා බං.

    කැතයි නේද ඒක? ;)

    අනේ මන්ද බන් මද්‍යස්ථ මතයක ඉන්න ගියාම කියන්නේ මේ දවස් වල සර්ව ආගමික පුට්ටු කාරයෝ කියලනේ , එක්කෝ සිංහල උන්ගේ පැත්ත අරන් මුස්ලිම් උන් සම්පුර්න වැරදියි උන් චාටර් ජාතියක් කියන්න ඕනි නැත්තම් මුස්ලිම් උන්ගේ පැත්ත අරන් මෙහම ප්‍රසන මුකුත් නැහැ ,මේක නිකන් මේ ජතිවදේ අව්ස්සන්න එක සෙට් එකක් කරන වැඩක් කියල උන්ට බනින්න ඕනි , ඔය දෙකටම නැතුව උබලගේත් මෙහෙම කෙස් එකක් තියනවා මුන්ගේත් මෙහෙම කෙස් එකක් තියනවා කියල කතා කරන්න ගියොත් දෙපැත්තෙන්ම කෙලව ගන්න වෙනවා , දෙපැත්තේම උන් හිතන විදිහට දෙපැත්තේම උන් හරිලු, ,ඉතින් කොහොමද බන් මේවා ගැන කත කරන්නේ !සර්ව ආගමික පුට්ටු කරයෝලුනේ ඉතින්